“කුඩා රැළ, භය නොවෙල්ලා”
“කුඩා රැළ, භය නොවෙල්ලා; මක්නිසාද නුඹලාට රාජ්‍යය දෙන්ට නුඹලාගේ පියාණන්වහන්සේ ප්‍රසන්නව සිටිනසේක.”—ලූක් 12:32.
1. “කුඩා රැළ, භය නොවෙල්ලා” යනුවෙන් යේසුස්වහන්සේ පැවසූ වදන්වල පදනම කුමක් වීද?
“[දෙවියන්වහන්සේගේ] රාජ්‍යය දිගටම සොයන්න.” (ලූක් 12:31, NW) යේසුස්වහන්සේ මෙම වචන සිය ගෝලයන්ට පැවසූ විට, උන්වහන්සේගේ දවසේ පටන් අපගේ දවස දක්වා, ක්‍රිස්තියානීන්ගේ සිතිවිලි මෙහෙයවා ඇති ප්‍රතිපත්තියක් ප්‍රකාශ කළසේක. දෙවියන්වහන්සේගේ රාජ්‍යය අපගේ ජීවිතවල පළමු තැන ගත යුතුය. (මතෙව් 6:33) කෙසේවෙතත්, ලූක්ගේ වාර්තාවේ, යේසුස්වහන්සේ, ක්‍රිස්තියානීන්ගෙන් යුත් විශේෂ කණ්ඩායමකට සිත්ලගන්නා දිරිගැන්වෙන වචන කථා කළසේක. උන්වහන්සේ මෙසේ පැවසූසේක: “කුඩා රැළ, භය නොවෙල්ලා, මක්නිසාද නුඹලාට රාජ්‍යය දෙන්ට නුඹලාගේ පියාණන්වහන්සේ ප්‍රසන්නව සිටිනසේක.” (ලූක් 12:32) තම සමීප ගෝලයන්හට ඉදිරියේදී ඉතා කටුක කාලවලට මුහුණ දෙන්ට සිදුවන බව මාහැඟි එඬේරාණන් වශයෙන්, යේසුස්වහන්සේ දැන සිටිසේක. එහෙත්, ඔවුන් දෙවියන්වහන්සේගේ රාජ්‍යය සොයමින් සිටියා නම්, ඔවුන්ට භයවීමට කිසිදු හේතුවක් තිබුණේ නැත. මේ අනුව, යේසුස්වහන්සේගේ අවවාදය රළු නියෝගයක් වූයේ නැත. ඒ වෙනුවට, එය නිසැකකම හා ධෛර්යය වැඩූ ප්‍රේමනීය පොරොන්දුවක් විය.
2. කුඩා රැළ සෑදෙන්නේ කාගෙන්ද, තවද ඔවුන් විශේෂයෙන් වරප්‍රසාද ලැබ සිටින්නේ මන්ද?
2 යේසුස්වහන්සේ තම ගෝලයන්ට කථා කරමින් සිටි අතර, ඔවුන්ව හැඳින්වූයේ “කුඩා රැළ[ක්]” වශයෙනි. උන්වහන්සේ කථා කරමින් සිටියේද, යෙහෝවඃවහන්සේ ‘රාජ්‍යය දෙන්ට යන’ අයහටයි. පසුකාලවලදී යේසුස්වහන්සේව පිළිගනු ඇති මහත් සමූහය හා සසඳන කල, මෙම කණ්ඩායම ඇත්තෙන්ම සංඛ්‍යාවෙන් ස්වල්පදෙනෙකු විය. චමත්කාරජනක අනාගතයක රාජකීය සේවයක් සඳහා ඔවුන්ව විශේෂයෙන් තෝරාගත් බැවින්, ඔවුන්ව අනර්ඝ පුද්ගලයන් ලෙසටද සලකනු ලැබිණි. ඔවුන්ගේ පියාණන් වන ශ්‍රේෂ්ඨ එඬේරාණන් වන්නාවූ යෙහෝවඃවහන්සේ, කුඩා රැළව කැඳවා තිබෙන්නේ, ක්‍රිස්තුස්වහන්සේගේ මෙසියානු රාජ්‍යය සම්බන්ධයෙන් ඔවුන් විසින් ස්වර්ගික උරුමයක් ලබාගැනීම සඳහාය.
කුඩා රැළ
3. යොහන් දුටුවේ කුඩා රැළ පිළිබඳ කිනම් මහිමාන්විත දර්ශනයද?
3 එසේනම්, මෙවැනි පුදුමාකාර අපේක්ෂාවක් සහිත කුඩා රැළ සෑදෙන්නේ කාගෙන්ද? ශුද්ධාත්මය සමඟින් අභිෂේක ලබන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන්ගෙන්ය. (ක්‍රියා 2:1-4) තම අත්වල හොරණෑ සහිත ස්වර්ගික ගීතිකාකරුවන් මෙන් ඔවුන්ව දකිමින්, ප්‍රේරිත යොහන් මෙසේ ලීවේය: “බැටළුපැටවාණන්ද උන්වහන්සේ සමඟ එක්ලක්ෂ සතළිස් සාරදහස් දෙනෙක්ද සියොන් කන්දේ සිටිනවා දුටිමි, උන්වහන්සේගේ නාමයද උන්වහන්සේගේ පියාණන්ගේ නාමයද ඔවුන්ගේ නළල්වල ලියා තිබුණේය. ස්ත්‍රීන්ගෙන් කිලුටු නුවූවෝ මොව්හුය; මක්නිසාද මොව්හු බ්‍රහ්මචාරීහුය. බැටළුපැටවාණන් යන යන තැනට උන්වහන්සේ අනුවයන්නෝ මොව්හුය. මොව්හු දෙවියන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් නාඹුල් ඵල වන පිණිස මනුෂ්‍යයන් අතරෙන් මිලේටගන්නාලද්දෝය. ඔවුන්ගේ මුඛයේ බොරුවක් සම්බ නොවීය. ඔව්හු නොකැලැල්ව සිටිති.”—එළිදරව් 14:1, 4, 5.
4. අදදින පොළොව මත කුඩා රැළට තිබෙන තත්ත්වය කුමක්ද?
4 පොදු යුගයේ 33 පෙන්තකොස්තයේ පටන්, මෙම අභිෂේක ලත්, ආත්මයෙන් ජනිත වූ අය ක්‍රිස්තුස්වහන්සේගේ තානාපතියන් මෙන් පොළොව මත සේවය කර ඇත්තාහ. (2 කොරින්ති 5:20) අදදින, විශ්වාස වූ නුවණ ඇති දාසයා ලෙස එකට සේවය කරමින් තවමත් ඉතිරිව සිටින්නේ ඔවුන්ගේ ඉතිරි කොටසක් පමණි. (මතෙව් 24:45; එළිදරව් 12:16ආ) විශේෂයෙන් 1935 වසරේ සිට, දැන් මිලියන ගණනක්ව සිටින්නාවූ, භූමික බලාපොරොත්තුවක් සහිත ‘වෙනත් බැටළුවන්ට’ අයත් ක්‍රිස්තියානීහු ඔවුන් හා සම්බන්ධ වී සිටිති. මුළු පොළොවේ ශුභාරංචිය දේශනා කිරීමෙහිලා මෙම අය සහය වෙති.—යොහන් 10:16.
5. කුඩා රැළේ ඉතිරි අයගේ ආකල්පය කුමක්ද, තවද ඔවුන්ට භයවීමට අවශ්‍ය නැත්තේ මන්ද?
5 තවමත් පොළොව මත සිටින මෙම කුඩා රැළේ ඉතිරි අයගේ ආකල්පය කුමක්ද? තමන් ‘සොලවන්ට බැරි රාජ්‍යයක්’ ලබාගැනීමට සිටින බව දන්නා ඔවුහු, දේව භය සහ ගරුබියෙන් යුතුව තම පරිශුද්ධ සේවය පිරිනමති. (හෙබ්‍රෙව් 12:28) අප්‍රමාණ ප්‍රීතියකට හේතුවන, මිල කළ නොහැකි වරප්‍රසාදයක් තමන්ට තිබෙන බව ඔවුහු නිහතමානීව වටහාගනිති. යේසුස්වහන්සේ රාජ්‍යය ගැන කථා කළ විට, යොමු දැක්වූ “ඉතා අනර්ඝවූ එක මුතු ඇටයක්” ඔවුන්ට සම්බවී තිබේ. (මතෙව් 13:46) මහත් පීඩාව එළඹෙනවාත් සමඟම, දෙවියන්වහන්සේගේ අභිෂේක ලත් අය නිර්භීතව නැගී සිටිති. “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] මහත්වූ තේජවත්වූ ඒ දවස” අතරතුරේදී මිනිස්වර්ගයාගේ ලෝකය මත කුමන දේ පැමිණීමට තිබුණත්, ඔවුන්ට අනාගතය පිළිබඳව අස්ථාන බියක් නොමැත. (ක්‍රියා 2:19-21) කුමට ඔවුන් බියවිය යුතුද?
සංඛ්‍යාවන් අඩුවෙයි
6, 7. (අ) අදදින පොළොව මත සිටින කුඩා රැළේ අයගේ සංඛ්‍යාව ඉතා කුඩා වී ඇත්තේ මන්ද? (ආ) සෑම පුද්ගලයෙකුම තමාට තිබෙන බලාපොරොත්තුව දෙස බැලිය යුත්තේ කෙසේද?
6 මෑත වර්ෂවලදී, පොළොව මත තවමත් සිටින කුඩා රැළේ සංඛ්‍යාව ඉතා කුඩා වී තිබේ. මෙය 1994 සිහිකිරීමේ උත්සවයේ වාර්තාවෙන් පෙනී ගියේය. යෙහෝවඃවහන්සේගේ ජනයාගේ සභාවන් 75,000ක පමණ, සංකේතවලට පංගුකාරයන් වීම මගින් ඉතිරි අයගේ සාමාජිකයන් බවට කියා සිටියේ 8,617ක් පමණි. (මතෙව් 26:26-30) මීට වෙනස්ව, පැමිණ සිටි මුළු සංඛ්‍යාව 1,22,88,917ක් විය. මෙය අපේක්ෂා කිරීමට තිබෙන බව අභිෂේක ලත් ක්‍රිස්තියානීහු දනිති. යෙහෝවඃවහන්සේ කුඩා රැළ සාදන සංඛ්‍යාව වන, 1,44,000 සීමා කොට ස්ථාපිත කර තිබෙන අතර, උන්වහන්සේ පො.යු. 33 සිට එය එක්රැස් කරමින් සිටිනසේක. මෙම සංඛ්‍යාව සම්පූර්ණ වීමට ආසන්න වෙමින් තිබූ විට, කුඩා රැළේ කැඳවීම නිමාවකට පත්වෙමින් තිබීම තර්කානුකූල වන අතර, මෙම විශේෂ ආශීර්වාද ලත් අයගේ සාමාන්‍ය එක්රැස් කිරීම 1935දී නිමාවූ බවට සාක්ෂි තිබේ. කෙසේවෙතත්, අන්තිම කාලයේ වෙනත් බැටළුවන්, “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක්” බවට වර්ධනය වනු ඇති බව පුරෝකථනය විණි. වර්ෂ 1935 සිට යෙහෝවඃවහන්සේ විසින් සාමාන්‍යයෙන් එක්රැස් කරනු ලබමින් සිටින්නේ මෙම මහත් සමූහයේ අය වී ඇති අතර, ඔවුන්ගේ බලාපොරොත්තුව වනුයේ පාරාදීස පොළොවක් මත සදාකල් ජීවත්වීමය.—එළිදරව් 7:9; 14:15, 16; ගීතාවලිය 37:29.
7 තවමත් පොළොව මත සිටින කුඩා රැළෙන් වැඩිදෙනෙක් දැන් ඔවුන්ගේ වයස අවුරුදු 70 ගණන්වල, 80 ගණන්වල හෝ 90 ගණන්වල ජීවත්වෙති. ස්වල්පදෙනෙකු තම ජීවිතයේ 100වන වසර පසුකර තිබේ. තම වයස කුමක් වුවත්, ස්වර්ගික නැවත නැගිටීමක් තුළින්, තමන් අවසානයේදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ එක්සත්වන බවත්, උන්වහන්සේගේ තේජාන්විත රාජ්‍යය තුළ පාලනය කරනු ඇති බවත්, මේ සියල්ලෝ දනිති. මහත් සමූහයට අයත් අය ක්‍රිස්තු රජාණන්ගේ යටත් වැසියන් වනු ඇත. යෙහෝවඃවහන්සේ තමන්ට ප්‍රේමකරන්නන් උදෙසා ගබඩා කර ඇති දේ කෙරෙහි සෑම කෙනෙකුම සතුටු වේවා. කුමන බලාපොරොත්තුව තබාගත යුතුදැයි තේරීමට අපට අයිතියක් නැත. එය තීරණය කරන්නේ යෙහෝවඃවහන්සේය. තම බලාපොරොත්තුව ස්වර්ගීය රාජ්‍යයේ හෝ වේවා, නැතහොත් එම රාජ්‍යය යටතේ පාරාදීස පොළොවක් මත වේවා, කණ්ඩායම් දෙකටම සන්තෝෂවත් අනාගතයක් සඳහා තම බලාපොරොත්තුව කෙරෙහි සතුටු විය හැක.—යොහන් 6:44, 65; එපීස 1:17, 18, 19ආ.
8. එක්ලක්ෂ හතළිස් හාරදහස්දෙනාගේ මුද්‍රා කරනු ලැබීම කොතරම් දුරකට ගොස් තිබේද, තවද එය සම්පූර්ණ වූ විට කුමක් සිදුවේවිද?
8 සංඛ්‍යාවෙන් 1,44,000ක් වන කුඩා රැළෙන්, “දෙවියන්වහන්සේගේ ඉශ්රායෙල්” සෑදෙන අතර, දෙවියන්වහන්සේගේ අරමුණ තුළ මාංසික ඉශ්රායෙල් වෙනුවට තෝරාගෙන ඇත්තේ ඔවුන්වයි. (ගලාති 6:16) එමනිසා, ඉතිරි කොටස සමන්විත වන්නේ, මේ පොළොව මත තවමත් සිටින, එම ආත්මික ජාතියේ ඉතිරි අයගෙන්ය. එවැනි ඉතිරි අය, යෙහෝවඃවහන්සේගේ අවසාන අනුමැතිය සඳහා මුද්‍රා කරනු ලබමින් සිටිති. ප්‍රේරිත යොහන් දර්ශනයක් තුළ, මෙම සිදුවීම දුටු අතර, ඔහු මෙසේ වාර්තා කළේය: “තවත් දේවදූතයෙක් ජීවමාන දෙවියන්වහන්සේගේ මුද්‍රාව රැගෙන, නැගෙනහිර දිසාවෙන් නගිනවා දුටිමි. ඔහුද ගොඩටත් මුහුදටත් අනතුරුකරන්ට බලය ලත් දේවදූතයන් සතරදෙනාට මහත් ශබ්දයකින් හඬගසා: අපේ දෙවියන් වහන්සේගේ මෙහෙකරුවන්ගේ නළල්වල මුද්‍රා තබන තුරු, ගොඩටවත් මුහුදටවත් ගස්වලටවත් අනතුරු නොකරල්ලායයි කීය. තවද මුද්‍රාකරනු ලැබූවන්ගේ ගණන ඇසීමි, [ආත්මික] ඉශ්රායෙල් පුත්‍රයන්ගේ සියලු ගෝත්‍රවලින් මුද්‍රාකරනු ලැබූ අය එක්ලක්ෂ සතළිස් සාරදහසක්ය.” (එළිදරව් 7:2-4) මෙම ආත්මික ඉශ්‍රායෙල්ගේ මුද්‍රා කිරීමේ වැඩය නිමවීමට ආසන්නව තිබෙන බැවින්, කුතුහලය දනවනසුලු සිදුවීම් ඉතා ඉක්මනින් සිදුවීමට නියමිතය. එක් දෙයක් නම්, සතරදිග සුළංවල විනාශය පොළොව මත මුදාහරිනු ලබන විට, “මහත් පීඩාව” ඉතා ආසන්න විය යුතුය.—එළිදරව් 7:14.
9. වැඩිවෙමින් සිටින මහත් සමූහය දෙස කුඩා රැළ බලන්නේ කෙසේද?
9 දැනටමත් එකතු කරනු ලැබ ඇති මහත් සමූහය, සංඛ්‍යාවෙන් මිලියන ගණනක් වී තිබේ. මෙය ඉතිරි කොටසේ අයගේ හදවත් කොතරම් උණුසුම් කරයිද! පොළොව මත තවමත් සිටින කුඩා රැළේ සංඛ්‍යාව නොකඩවා අඩුවෙමින් තිබුණත්, පුළුල් වෙමින් තිබෙන දෙවියන්වහන්සේගේ භූමික සංවිධානයේ, වගකීම්ගැනීම සම්බන්ධව මහත් සමූහයට අයත්, එමෙන්ම සුදුසුකම් ලත් පුරුෂයන්ව ඔවුන් විසින් පුහුණු කොට සූදානම් කර තිබේ. (යෙසායා 61:5) යේසුස්වහන්සේ ඇඟවූවාක් මෙන්, මහත් පීඩාවෙන් බේරී ජීවත්වන්නන් සිටිනු ඇත.—මතෙව් 24:22.
“භය නොවෙල්ලා”
10. (අ) දෙවියන්වහන්සේගේ ජනයා මත කිනම් ප්‍රහාරයක් පැමිණීමට නියමිතව තිබේද, තවද එය කුමකට මඟපාදයිද? (ආ) අප සෑම කෙනෙකුගෙන්ම කිනම් ප්‍රශ්න අසනු ලැබේද?
10 සාතන්ව හා ඔහුගේ භූතයන්ව පොළොවේ සීමාන්තයන් දක්වා පහතට හෙළා තිබේ. ඔහු සහ ඔහුගේ කල්ලිය, යෙහෝවඃවහන්සේගේ ජනයාට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම පිණිස මෙහෙයවනු ලබමින් සිටිත්. බයිබලයේ පුරෝකථනය කර ඇති මෙම ප්‍රහාරය, මාගොග්හි ගොග්ගේ ප්‍රහාරය වශයෙන් විස්තර කොට තිබේ. යක්ෂයා විශේෂයෙන්ම තම ප්‍රහාරය එල්ල කිරීමට බලා සිටින්නේ කා මතටද? ඒ, “පොළොවේ මැද ස්ථානයෙහි” සාමකාමීව වසන්නාවූ, දෙවියන්වහන්සේගේ ආත්මික ඉශ්රායෙලය හෙවත්, කුඩා රැළේ අන්තිම සාමාජිකයන් මතට නොවේද? (එසකියෙල් 18:1-12) එසේය, නමුත් සාතන්ගේ ප්‍රහාරයට යෙහෝවඃදෙවියන්වහන්සේගේ චමත්කාරජනක ප්‍රතිචාරය කෙබඳු එකක් වේද කියා, ඇදහිලිවන්ත අභිෂේක ලත් ඉතිරි කොටස, තම පක්ෂපාත සහයකයන් වන වෙනත් බැටළුවන් සමඟින් දකිනවා ඇත. ස්වකීය සෙනඟ ආරක්ෂා කිරීමෙහිලා උන් වහන්සේ මැදිහත්වනසේක, මෙය “යෙහෝවඃවහන්සේගේ මහත්වූ භයානකවූ දවස” ආරම්භ වීමට හේතුවනවා ඇත. (යෝවෙල් 2:31, NW) යෙහෝවඃ වහන්සේ විසින් කරන්ට යන මෙම මැදිහත්වීම ගැන අනතුරු අඟවමින්, අදදින, විශ්වාසවන්ත නුවණ ඇති දාසයා අතිවැදගත්, ජීවිත ගළවන සේවයක් ඉටු කරමින් සිටී. (මලාකී 4:5; 1 තිමෝති 4:16) යෙහෝවඃවහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරමින්, ඔබ ක්‍රියාශීලී ලෙස, එම සේවයට සහයෝගය දෙමින් සිටින්නෙහිද? නිර්භීත රාජ්‍යය ප්‍රකාශකයෙකු වශයෙන් දිගටම ධෛර්යසම්පන්නව එසේ කරන්ට යන්නෙහිද?
11. අදදින ධෛර්යසම්පන්න ආකල්පයක් අතිශයින් වැදගත් වන්නේ මන්ද?
11 වත්මත් ලෝක තත්ත්වය සැලකිල්ලටගත් කල, යේසුස්වහන්සේ කුඩා රැළ අමතා කථා කළ වචනවලට ඔවුන් අවනත වීම මොනතරම් කාලෝචිතද! එනම්, “කුඩා රැළ, භය නොවෙල්ලා” යනුයි. යෙහෝවඃවහන්සේගේ අරමුණට එකඟව, දැන් සිදුවෙමින් තිබෙන දේවල් සම්බන්ධව ගත් කල, එවැනි ධෛර්යසම්පන්න ආකල්පයක් ඇතුව සිටීම අත්‍යවශ්‍යය. පුද්ගලයන් වශයෙන්, කුඩා රැළේ එක් එක් සාමාජිකයා, අවසානය දක්වා විඳදරාගැනීමේ අවශ්‍යතාව වටහාගනී. (ලූක් 21:19) කුඩා රැළේ ස්වාමියා සහ අයිතිකරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, සිය භූමික ජීවිතයේ අවසානය දක්වාම ඇදහිලිවන්තව විඳදරාගත්තාක් මෙන්, කුඩා රැළේ සෑම කෙනෙකුම විඳදරාගෙන ඇදහිලිවන්තබව ඔප්පු කළ යුතුය.—හෙබ්‍රෙව් 12:1, 2.
12. යේසුස්වහන්සේ මෙන්, පාවුල්, භය නොවන ලෙසට අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට අවවාද කළේ කෙසේද?
12 අභිෂේක ලත් සියල්ලන්, ප්‍රේරිත පාවුල්ට තිබුණාවූ ආකල්පය ඇතිව සිටිය යුතුය. භය නොවෙල්ලා කියා යේසුස්වහන්සේ දුන් අවවාදයට එකඟව, නැවත නැගිටීම පිළිබඳ අභිෂේක ලත් ප්‍රසිද්ධ ප්‍රකාශකයෙකු වශයෙන් ප්‍රේරිත පාවුල් කී දේ සැලකිල්ලටගන්න. පාවුල් මෙසේ ලීවේය: “මාගේ ශුභාරංචියේ ප්‍රකාරයට දාවිත්ගේ වංශයෙන් උපන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට සිටින බව සිහිකරපන්න. ඒ ශුභාරංචිය නිසා වරදකාරයෙකු මෙන් බැඳුම් යන දුක පවා විඳිමි; නුමුත් දෙවියන්වහන්සේගේ වචනය බැඳලා නැත. එබැවින් තෝරාගත් අයද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇත්තාවූ ගැළවීම සදාකාල තේජස සමග ලබන පිණිස, ඔවුන් නිසා සියල්ල ඉවසමි. මේක විශ්වාසවූ කීමක්ය: අපි උන්වහන්සේ සමග මැරුණෙමු නම් උන්වහන්සේ සමග ජීවත්වන්නෙමුව අපි ඉවසමු නම් [විඳදරාගනිමු නම්, NW] උන්වහන්සේ සමග රජකම්කරන්නෙමුව. අපි උන්වහන්සේ නාඳුනමුය කියමු නම්, උන්වහන්සේත්: නුඹලා නාඳුනමියි කියනසේක. අප අවිශ්වාසවුණත් උන්වහන්සේ විශ්වාසව සිටිනසේක. මක්නිසාද තමන්වහන්සේගේ වචනය බොරුකරන්ට උන්වහන්සේට බැරිය.”—2 තිමෝති 2:8-13.
13. කුඩා රැළේ සාමාජිකයෝ කිනම් විශ්වාසයන් ඒත්තුගෙන සිටිත්ද, තවද මෙය ඔවුන්ව පොලඹවන්නේ කුමක් කිරීමටද?
13 කුඩා රැළේ අභිෂේක ලත් සාමාජිකයන්ගේ ඉතිරි කොටස විසින් දෙවියන්වහන්සේගේ වචනයේ සඳහන් බලවත් පණිවුඩය දේශනා කරනු ලබනවාත් සමඟම ඔවුහු, ප්‍රේරිත පාවුල් මෙන්, විඳදරාගැනීමට කැමැත්තෙන් සිටිති. ඔවුන් මරණය දක්වා විශ්වාසවන්තව සිටියහොත් ඔවුන්ට ගැළවීම හා “ජීවනයේ ඔටුන්න” දෙන බවට වූ දිව්‍ය පොරොන්දු තුළ ඔවුන්ගේ නිසැක විශ්වාසයන් ගැඹුරින් මුල් බැසගෙන තිබේ. (එළිදරව් 2:10) ක්ෂණික නැවත නැගිටීමක් හා වෙනස්වීමක් අද්දැකීම මගින්, ක්‍රිස්තුස්වහන්සේ සමඟ එක්ව රජවරුන් ලෙස රජකම් කිරීමට ඔවුන්ව එක්සත් කරනු ලබනවා ඇත. ලෝකය ජයගත් අය වශයෙන් ඔවුන් විසින් අඛණ්ඩතාව රැකීම පිළිබඳව මොනතරම් ජයක්ද!—1 යොහන් 5:3, 4.
අද්විතීය බලාපොරොත්තුවක්
14, 15. කුඩා රැළේ නැවත නැගිටීමේ බලාපොරොත්තුව අද්විතීය වන්නේ කෙසේද?
14 කුඩා රැළ විසින් අද්දකින මෙම නැවත නැගිටීමේ බලාපොරොත්තුව අද්විතීය එකක් වේ. කිනම් ආකාරවලින්ද? එක් දෙයක් නම්, එය, ‘ධර්මිෂ්ඨයන්ගේ හා අධර්මිෂ්ඨයන්ගේ නැවත නැගිටීමට’ පෙර සිදුවීමයි. (ක්‍රියා 24:15) ඇත්තෙන්ම, අභිෂේක ලත් අයගේ නැවත නැගිටීම, වැදගත්කමේ එක්තරා පිළිවෙළකට වැටෙන අතර, එය, 1 කොරින්ති 15:20, 23හි මෙම වදන්වලින් පැහැදිලිව ස්ථාපිත කර තිබේ: “ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට සිටිනසේක්මය, උන්වහන්සේ සැතපී ඉන්නන්ගේ නාඹුල් ඵලයය. නුමුත් එක් එක් අය තම තමාගේම ක්‍රමයෙන්ය. ක්‍රිස්තුස්වහන්සේ නාඹුල් ඵලයය; ඉන්පසු, ක්‍රිස්තුස්වහන්සේගේ ඊමේදී[පැමිණ සිටීමේදී, NW], උන්වහන්සේ සන්තකවූවෝ (නැගිටින්නෝ) ය.” විශේෂයෙන් සැබෑ ස්වාමියාණන් 1918දී සිය මාළිගාවට විනිශ්චය සඳහා ආවායින් පසු, යේසුස්වහන්සේ විදහාපෙන්වූ ආකාරයේ විඳදරාගැනීම හා ඇදහිල්ල ඇතුව සිටීමෙන්, කුඩා රැළ තම භූමික ජීවිතය නිමා කරත්ම, තමුන්ට ගබඩා කර ඇති දේ කුමක්ද කියා දැන සිටිති.—මලාකී 3:1.
15 මෙම නැවත නැගිටීම අද්විතීය එකක් ලෙස සැලකීමට, පාවුල් තවත් අමතර හේතුවක් දෙයි. පළමුවන කොරින්ති 15:51-53හි වාර්තා වී ඇති පරිදි, ඔහු මෙසේ ලීවේය: “මෙන්න, නුඹලාට රහසක් කියමි. අපි සියල්ලෝම නොසැතපෙන්නෙමුව, නුමුත් අන්තිම හොරණෑව පිඹින කල මොහොතකින්, ඇසිපිය හෙළන ක්ෂණයකින්, අපි සියල්ලෝම වෙනස්කරනු ලබන්නෙමුව. . . . මක්නිසාද දිරන සුලුවූ මේක නොදිරන බවට පැමිණෙන්ට ඕනෑය, මරණීයවූ මේක අමරණභාවයට පැමිණෙන්ට ඕනෑය.” මෙම වචන අදාළ වන්නේ, ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණ සිටීම අතරතුරේදී මියයන කුඩා රැළේ අයටය. දීර්ඝ කාලපරිච්ඡේදයකට මරණ නින්දේ සිටීමට අවශ්‍ය නොවී, “මොහොතකින්, ඇසිපිය හෙළන ක්ෂණයකින්” ඔවුන්ව අමරණීයත්වයෙන් සරසනු ලැබේ.
16, 17. තම නැවත නැගිටීමේ බලාපොරොත්තුව සම්බන්ධයෙන්, අදදින අභිෂේක ලත් ක්‍රිස්තියානීන් විශේෂයෙන් ආශීර්වාද ලැබ සිටින්නේ කෙසේද?
16 මේ අනුව ලැබූ අවබෝධයට අනුව, එළිදරව් 14:12, 13හි ප්‍රේරිත යොහන්ගේ වචනවල අර්ථය වටහාගැනීමට අපට හැක. ඔහු මෙසේ ලීවේය: “මෙහි දෙවියන්වහන්සේගේ ආඥාද යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලද රක්ෂාකරන්නාවූ ශුද්ධවන්තයන්ගේ ඉවසීම [විඳදරාගැනීම, NW] ඇත්තේය. තවද: මෙතැන් පටන් ස්වාමීන්වහන්සේ තුළ නසින්නාවූ මළවුන් වාසනාවන්තයෝය කියා ලියාපන්නැයි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුණේය. එසේය, ඔව්හු තමුන්ගේ වෙහෙසීම්වලින් නිවාඩු ලබති; ඔවුන්ගේ ක්‍රියාද ඔවුන් කැටුව යන්නේයයි ආත්මයාණන්වහන්සේ කියනසේක [ආත්මය පවසයි, NW].”
17 කුඩා රැළේ ඉතිරි අය සඳහා ගබඩා කර ඇත්තේ මොනතරම් අද්විතීය විපාකයක්ද! ඔවුන්ගේ මරණින් පසු ක්ෂණිකවම ඔවුන්ගේ නැවත නැගිටීම පැමිණෙනු ඇත. ඔවුන් ස්වර්ගික විෂයේ තම පැවරුම් ලැබුවායින් පසු, ඔවුන් මොනතරම් අතිවිශේෂ වෙනසක් අද්දකින්ට යනවාද! දැනටමත් කුඩා රැළ, මෙයාකාරයෙන් මහිමතාවට ගෙනෙනු ලැබීම සහ ප්‍රධාන බයිබල් අනාවැකි මෙතරම් දුරට ඉටුවී තිබීම නිසා, කුඩා රැළේ ඉතිරි අන්තිම සාමාජිකයන්ට ‘භයවීමට’ කිසිදු හේතුවක් නැත. තවද ඔවුන්ගේ නිර්භීතකම මහත් සමූහයේ අයව දිරිගැන්වීමට දායක වන අතර, මේ පොළොව මෙතෙක් දැන නොසිටි, අර්බුදවල දරුණුතම අවස්ථාවේදී ගැළවීම බලාපොරොත්තුවෙන් ඔවුන්ද එවැනි නිර්භීත ආකල්පයක් වගා කළ යුතුය.
18, 19. (අ) අප ජීවත්වන කාලය හදිසි එකක් වී ඇත්තේ මන්ද? (ආ) අභිෂේක ලත් අය මෙන්ම, වෙනත් බැටළුවන්ද භය නොවිය යුත්තේ මන්ද?
18 කුඩා රැළේ ක්‍රියාකාරකම් නැවත සාකච්ඡා කර බැලීම, ඔවුන්ටත් මහත් සමූහයටත්, සැබෑ දෙවියන්වහන්සේ කෙරෙහි දිගටම භයවීමට හේතු කරවයි. උන්වහන්සේගේ විනිශ්චය පැය පැමිණ තිබේ, ඉතිරි වී ඇති හිතකර කාලය ඉතා වටී. ඇත්තෙන්ම, වෙනත් අයට ක්‍රියා කිරීමට තිබෙන කාලය සීමිතය. එනමුත්, දෙවියන්වහන්සේගේ අරමුණ අසාර්ථක වේය කියා අපේ පැත්තෙන් අපට භයක් නැත. එය ස්ථිර ලෙසම සාර්ථක වනු ඇත!
19 දැනටමත්, ස්වර්ගික හඬවල් මහහඬින් නද දෙනවා ඇසී තිබේ, ඒ මෙසේයි: “ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන්වහන්සේටද තමන් ක්‍රිස්තුස්වහන්සේටද වූයේය. උන්වහන්සේ සදාකාලේටම රජකම්කරනසේක.” (එළිදරව් 11:15) ස්ථිරවම, ශ්‍රේෂ්ඨතම එඬේරාණන් වන, යෙහෝවඃවහන්සේ, උන්වහන්සේගේ බැටළුවන් සියල්ලම, “ස්වකීය නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල මා ගෙනයනසේක.” (ගීතාවලිය 23:3) කුඩා රැළ කිසිම වැරදීමකින් තොරව, ඔවුන්ගේ ස්වර්ගික විපාකය කරා මඟ පෙන්වනු ලබමින් සිටිති. එමෙන්ම, වෙනත් බැටළුවන්ව, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ පාලනය යටතේ, දෙවියන්වහන්සේගේ මහිමවත් රාජ්‍යයේ භූමික විෂය තුළ, සදාකාල ජීවනය භුක්ති විඳීමට ආරක්ෂා සහිතව මහත් පීඩාව තුළින් ගළවනු ලබනවා ඇත. මෙබැවින්, යේසුස්වහන්සේගේ වචන අමතා තිබෙන්නේ කුඩා රැළට වුවත්, සහතික ලෙසම පොළොව මත සිටින දෙවියන්වහන්සේගේ සියලු සේවකයන්ට උන්වහන්සේගේ වචනවලට සවන්දීමට හේතු තිබේ, එනම්: “භය නොවෙල්ලා.”
ඔබට පැහැදිලි කළ හැකිද?
◻ කුඩා රැළේ ඉතිරි වී සිටින සංඛ්‍යාව අඩු විය යුතු බව අප අපේක්ෂා කළ යුත්තේ මන්ද?
◻ අදදින අභිෂේක ලත් ඉතිරි අයගේ තත්ත්වය කුමක්ද?
◻ මාගොග්හි ගොග්ගේ එළඹෙමින් තිබෙන ප්‍රහාරය කුමක් වුවත්, ක්‍රිස්තියානීන් භය නොවිය යුත්තේ මන්ද?
◻ විශේෂයෙන්ම අදදින 1,44,000දෙනාගේ නැවත නැගිටීමේ බලාපොරොත්තුව අද්විතීය වන්නේ මන්ද?