පාඨකයන්ගෙන් ප්‍රශ්න
වෙනත් අයගෙන් ආරක්ෂා වෙන්න ක්‍රිස්තියානියෙක් පිස්තෝලයක්, රයිෆලයක් වගේ ගිනිඅවියක් ළඟ තියාගන්න එක සුදුසුද?
අනතුරුවලින් ආරක්ෂා වෙන්න ක්‍රිස්තියානියෙක් පියවර ගන්නේ බයිබලේ තියෙන මඟ පෙන්වීම්වලට එකඟවයි. ඒ මඟ පෙන්වීම්වලින් පැහැදිලි වෙන්නේ ආරක්ෂාව වෙනුවෙන් පිස්තෝලයක්, රයිෆලයක් නැත්නම් වෙනත් ඕනෑම ගිනිඅවියක් ළඟ තියාගන්න එක වැරදියි කියලා. මේ කාරණා ගැන හිතන්න.
ජීවිත දෙවිට වටිනවා. “ජීවිතයේ උල්පත” යෙහෝවා දෙවි. (ගීතා. 36:9) ඒ නිසා ක්‍රිස්තියානියෙක් තමන්ගේ ජීවිතේ, දේපළ ආරක්ෂා කරගන්න පියවර ගද්දී අනිත් අයගේ ජීවිතවලට හානියක් නොවන විදිහට ඒක කරන්න ඕනේ. තව කෙනෙකුගේ ජීවිතේට අනතුරක් වුණොත් ඒ ජීවිතේ වෙනුවෙන් දෙවිට වග කියන්න ඕනේ.—ද්වි. 22:8; ගීතා. 51:14.
කෙනෙක් තමන්ගේ ආරක්ෂාවට මොන ආයුධය පාවිච්චි කළත් ඒකෙන් තව කෙනෙකුගේ ජීවිතේට අනතුරක් වෙන්න පුළුවන්. ඒත් තුවක්කුවක් ළඟ තියාගන්න එකෙන් ඝාතනයක් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.a අපරාධකරුවෙක් කොහොමත් ඉන්නේ කලබලෙන්. ඒ වගේ කෙනෙක් අපේ අතේ තුවක්කුවක් තියෙනවා දැක්කොත් තත්වය තවත් භයානක වෙයි.
මිය යන්න කලින් රාත්‍රියේ නියෝජිතයන්ට කඩුවක් ළඟ තියාගන්න කියලා යේසුස් කිව්වේ ඒ අයගේ ආරක්ෂාව සඳහා පාවිච්චි කරන්න නෙමෙයි. (ලූක් 22:36, 38) යේසුස් ඒ දේ කිව්වේ ආයුධ ගත්ත මැර පිරිසකට මුහුණ දෙන්න එයාලට සිද්ධ වුණත් දරුණු විදිහට හැසිරෙන එක සුදුසු නැහැ කියන පාඩම කියලා දෙන්නයි. (ලූක් 22:52) පේතෘස් කඩුවෙන් උත්තම පූජකයාගේ සේවකයාගේ කන කැපුවාම යේසුස් පේතෘස්ට කිව්වේ මෙහෙමයි. “ඔබේ කඩුව තිබුණ තැනට ආපසු දමාගන්න.” ඊටපස්සේ මේ ප්‍රතිපත්තිය යේසුස් සඳහන් කළා. “කඩු ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසිනවා.”—මතෙ. 26:51, 52.
මීකා 4:3 කියලා තියෙන විදිහට දෙවිගේ සෙනඟ “තමුන්ගේ කඩුවලින් නගුල්ද හෙල්ලවලින් දෑකැතිද සාදාගන්නවා.” දෙවිගේ සෙනඟ සාමකාමී සෙනඟක්. ‘කාටවත් නපුරට නපුර නොකරන්න. මිනිසුන් සමඟ සමාදානයෙන් ඉන්න’ කියලා දෙවි පාවුල් මාර්ගයෙන් දුන්න උපදෙසට එයාලා කීකරු වෙනවා. (රෝම 12:17, 18) පාවුල්ටත් ‘මංකොල්ලකාරයන්ගෙන්’ ආපු පීඩා ඇතුළු තවත් හුඟක් අනතුරුවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒත් එයා තමන්ගේ ආරක්ෂාව ගැන හිතලා බයිබල් ප්‍රතිපත්ති කඩ කළේ නැහැ. (2 කොරි. 11:26) එයා දෙවි ගැන විශ්වාසය තිබ්බා. දෙවිගේ මඟ පෙන්වීම් ‘යුද්ධායුධවලට වඩා බලවත්’ කියලා එයා දැනගෙන හිටියා.—දේශ. 9:18.
ක්‍රිස්තියානීන්ට දේපළවලට වඩා ජීවිතේ වටිනවා. “කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න බැහැ” කියලා අපි දන්නවා. (ලූක් 12:15) තුවක්කුවක් අතැති හොරෙක්ට සන්සුන්ව කතා කරලත් තත්වය වෙනස් වෙන්නේ නැත්නම් අපි යේසුස් දුන්න මේ උපදෙස අදාළ කරගන්නවා. “දුෂ්ට අයට විරුද්ධව කිසිම දෙයක් නොකරන්න.” ඒ කියන්නේ එයාට ඕනෙ දේ ගන්න අපි ඉඩ දෙනවා කියන එකයි. (මතෙ. 5:39, 40; ලූක් 6:29)b අපරාධකරුවන්ගේ ගොදුරක් නොවෙන විදිහට අපි වැඩ කරනවා නම් ඒක තමයි හොඳම දේ. ‘අපි සතු දේවල්’ ප්‍රදර්ශනය කරන්න එපා කියලා බයිබලේ දීලා තියෙන උපදෙසට කීකරු වෙනවා නම් අපි එයාලගේ ඉලක්කයක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. (1 යොහ. 2:16) අසල්වැසියන් දන්නවා නම් අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්, අපි සාමකාමී අය කියලා ඒකත් අපිට ආරක්ෂාවක්.—හිතෝ. 18:10.
ක්‍රිස්තියානීන් අනිත් අයගේ හෘදය සාක්ෂිය ගැන සැලකිලිමත්. (රෝම 14:21) අනිත් අයගෙන් වෙන්න පුළුවන් අනතුරුවලින් ආරක්ෂා වෙන අරමුණින් සහෝදරයෙක් තුවක්කුවක් ළඟ තියාගෙන ඉන්නවා කියලා දැනගත්තාම ඒක සභාවේ සමහරුන්ගේ විශ්වාසයට හානියක් වෙන්න පුළුවන්. තුවක්කුවක් ළඟ තියාගන්න නීතියෙන් අවසර තිබුණත් අපි සහෝදරයන්ට ආදරේ නිසා එයාලගේ විශ්වාසයට හානි වෙන දෙයක් කරන්නේ නැහැ.—1 කොරි. 10:32, 33; 13:4, 5.
ක්‍රිස්තියානීන්ට ඕනෙ හොඳ ආදර්ශයක් වෙන්න. (2 කොරි. 4:2; 1 පේතෘ. 5:2, 3) අනිත් අයගෙන් ආරක්ෂා වෙන අරමුණින් ක්‍රිස්තියානියෙක් තුවක්කුවක් ළඟ තියාගන්නවා නම් වැඩිමහල්ලන් බයිබලෙන් එයාට අවශ්‍ය උපදෙස් දෙයි. ඒත් එයා ඒක තියාගන්න තීරණය කරනවා නම් එයාව ආදර්ශවත් කෙනෙක් හැටියට සලකන්නේ නැහැ. ඒ නිසා එයාට සභාවේ වගකීම්, විශේෂ පැවරුම් ලැබෙන්නේ නැහැ. තුවක්කුවක් ළඟ තියාගන්න සිද්ධ වෙන රස්සාවක් කරන කෙනෙක්ටත් ඒ ප්‍රතිපත්තිය අදාළයි. කරන්න පුළුවන් හොඳම දේ රස්සාව වෙනස් කරන එකයි.c
තමන්ව, පවුලේ අයව, දේපළ ආරක්ෂා කරගන්නේ කොහොමද, කරන්නේ මොන රැකියාවද කියන තීරණ ගන්න ඕනෙ ඒ ඒ පුද්ගලයාමයි. ඒත් ඒ තීරණ ගන්න ඕනෙ බයිබලේ තියෙන මඟ පෙන්වීම්වලට එකඟවයි. දෙවි ඒ මඟ පෙන්වීම් දීලා තියෙන්නේ අපිට ආදරේ නිසයි. ඒක තේරුම් අරන් ඉන්න, දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියෙන කෙනෙක් වෙන අයගෙන් ආරක්ෂා වෙන අරමුණින් තුවක්කුවක් ළඟ තියාගන්නේ නැහැ. එයාලා දන්නවා දෙවිව විශ්වාස කරලා වැඩ කරනවා නම් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නවා නම් සැබෑ ආරක්ෂාව හැමදාටම අද්දකින්න පුළුවන් කියලා.—ගීතා. 97:10; හිතෝ. 1:33; 2:6, 7.
a කෑමට අවශ්‍ය සතුන් දඩයම් කරන්න, වනසතුන්ගෙන් ආරක්ෂා වෙන්න ක්‍රිස්තියානියෙක් තුවක්කුවක් (රයිෆලයක් හෝ පතරොම් තුවක්කුවක්) ළඟ තියාගන්න තීරණය කරන්න ඉඩ තියෙනවා. ඒත් ඒක පාවිච්චි නොකරන වෙලාවලදී උණ්ඩ අයින් කරලා, ඒක කොටස්වලට වෙන් කරලා ආරක්ෂිත තැනක තියන්න ඕනේ. තුවක්කුවක් ළඟ තියාගන්න එක නීතියෙන් තහනම් කරලා තියෙනවා නම් නැත්නම් ඒ ගැන රජයෙන් යම් තහංචි දාලා තියෙනවා නම් ක්‍රිස්තියානියෙක් ඒ නීතිවලට කීකරු වෙනවා.—රෝම 13:1.
b අතවරයකින් බේරෙන්න කරන්න පුළුවන් දේවල් ගැන දැනගන්න 2003 පෙබරවාරි 1 ‘මුරටැඹ’ කලාපයේ 30-31 පි. සහ ‘යොවුන් සිතේ ගැටලු’ 1වන පොතේ 228-230 පි. බලන්න.
c තවත් තොරතුරු දැනගන්න 2005 නොවැම්බර් 1 ‘මුරටැඹ’ කලාපයේ 31 පි. සහ 1984 පෙබරවාරි 1 ‘මුරටැඹ’ කලාපයේ 19-20 පි. බලන්න.