-
බයිබල් පොත් අංකය 38—සෙකරියා“මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා)
-
-
5 කෙසේවෙතත් පොත දේවානුභාවයෙන් ලියූ බවට තිබෙන ප්රබලතම සාක්ෂිය මෙසියස් වන ක්රිස්තුස් යේසුස් සම්බන්ධයෙන් එහි සඳහන් අනාවැකිවල ඉටුවීමෙන් දැනගත හැක. පහත සඳහන් ශුද්ධ ලියවිලි පාඨ සැසඳීමෙන් මෙය පැහැදිලි වේ. සෙකරියා 9:9 සමඟ මතෙව් 21:4, 5 සහ යොහන් 12:14-16ද; සෙකරියා 12:10 සමඟ යොහන් 19:34-37ද; සෙකරියා 13:7 සමඟ මතෙව් 26:31 සහ මාර්ක් 14:27. එමෙන්ම, සෙකරියා 8:16 සහ එපීස 4:25ද; සෙකරියා 3:2 සහ යූද් 9ද; සෙකරියා 14:5 සහ යූද් 14ද යන ශුද්ධ ලියවලි පාඨ අතරද සැලකිය යුතු සමානකම් තිබේ. දේවවචනයේ දක්නට තිබෙන එකඟතාව සැබවින්ම මවිතකරය!
-
-
බයිබල් පොත් අංකය 38—සෙකරියා“මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා)
-
-
25 මුල් ඡේදවල පෙන්වා දුන්නාක් මෙන් යේසුස් ‘යටහත්ව කොටළුදෙනෙකුගේ පැටියෙකු පිට නැඟී’ යන රජෙකු ලෙස යෙරුසලමට ඇතුල් වීමද, ‘රිදී තිහකට’ ඔහුව පාවා දීමද, ඒ අවස්ථාවේදී ඔහුගේ ගෝලයන්ගේ විසිර යෑම හා සොල්දාදුවා තමාගේ හෙල්ලයෙන් වධකණුවේදී ඔහුට අනිනු ලැබීමද යන සියල්ල ඉතා නිවැරදිව සෙකරියා පුරෝකථනය කළේය. (සෙක. 9:9; 11:12; 13:7; 12:10) යෙහෝවාගේ මාලිගාව ගොඩනඟන්නා “පැළෑටිය” වශයෙන්ද අනාවැකියේ හඳුන්වා තිබේ. මේ තැනැත්තා ‘යාකොබ්ගේ ගෘහයේ රජෙකු වශයෙන් සදාකාලයටම රජකම් කරන’ යේසුස් ක්රිස්තුස් බව යෙසායා 11:1-10; යෙරෙමියා 23:5; සහ ලූක් 1:32, 33 සැසඳීමෙන් පෙනී යයි. සෙකරියා මෙම “පැළෑටිය” විස්තර කරන්නේ ‘තම සිංහාසනයෙහි සිටින පූජකයෙක්’ ලෙසය. මෙම විස්තරය පාවුල්ගේ මෙම වදන් සමඟ එකඟ වේ. ‘යේසුස් මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට සදාකාලයටම උත්තම පූජකයෙක්ව’ සිට ‘මහෝත්තමයාණන්ගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳගත්තේය.’ (සෙක. 6:12, 13; හෙබ්රෙ. 6:20; 8:1) මෙසේ මෙම අනාවැකිය ස්වර්ගයේ දෙවිගේ දකුණු පැත්තේ සිටින උත්තම පූජකයා සහ රජු වශයෙන් ‘පැළෑටියට’ යොමු දක්වයි. ඒ අතරම සියල්ල කෙරෙහි පරමාධිපති පාලකයා වන්නේ යෙහෝවා බව එහි ප්රකාශ කරයි. “යෙහෝවා මුළු පොළොව කෙරෙහි රජව සිටිනවා ඇත. ඒ කාලයෙහි යෙහෝවා පමණක්ම දෙවිව සිටිනවා ඇත. ඔහුගේ නාමය පමණක්ම ඇති වන්නේය.”—සෙක. 14:9.
-