-
පුදුමාකාර වර්ධනයක්!2008 මුරටැඹ | ජූලි 15
-
-
මාළු දැල පිළිබඳ උපමාව
15, 16. (අ) දැල පිළිබඳ උපමාව කෙටියෙන් විස්තර කරන්න. (ආ) දැලෙන් නියෝජනය කරන්නේ කුමක්ද? එම උපමාවෙන් ඔහු අවධාරණය කළ කරුණ කුමක්ද?
15 යේසුස් පැවසූ මාළු දැල පිළිබඳ උපමාවට දැන් අවධානය දෙමු. “මුහුදට හෙළා සෑම වර්ගයකම මසුන් අසු කරගන්නා දැලකට ස්වර්ග රාජ්‍යය සමානය.” (මතෙ. 13:47) එයින් ඔහු වැදගත් කරුණක් අවධාරණය කළා. එනම් වඩා වැදගත් වන්නේ ක්‍රිස්තියානි සභාවට පැමිණීමම පමණක් නොවෙයි. ඒ වෙනුවට රැස්වීම්වලට පැමිණ, ඔවුන් ඉගෙනගන්නා දේවල්වලට අනුව ක්‍රියා කර යේසුස්ගේ අනුගාමිකයන් බවට පත්වීමයි.
16 මෙම විවිධ වර්ගයේ මසුන් අසු වූ දැලෙන් නියෝජනය කළේ දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය ප්‍රකාශ කිරීමේ කාර්යයයි. ඒ ගැන යේසුස් පැවසූ දේ බලන්න. “ඒ දැල පිරුණු විට, මසුන් අල්ලන්නෝ එය වෙරළට ඇද්දෝය. ඉන්පසු ඔවුහු ඉඳගෙන, හොඳ මාළුන් භාජනවලට එකතු කරගත් නමුත් නුසුදුසු මාළුන් අහකට විසි කළහ. සමාජ ක්රමයේ අවසාන කාල පරිච්ඡේදයේදීත් එසේම වන්නේය. දේවදූතයෝ නික්ම ඇවිත් ධර්මිෂ්ඨයන් අතරින් දුෂ්ටයන්ව වෙන් කර, ඔවුන්ව ගිනි උදුනට හෙළන්නෝය. එහිදී හැඬීමද දත්මිටි කෑමද වන්නේය.”—මතෙ. 13:48-50.
17. දැල පිළිබඳ උපමාවේ සඳහන් වෙන් කිරීම සිදු වන්නේ කුමන කාල පරිච්ඡේදයේදීද?
17 මෙම දැලේ මාළුන් වෙන් කිරීම ගැන කියද්දී ඉන් අදහස් කරන්නේ අවසන් විනිශ්චයේදී එළුවන්ගෙන් බැටළුවන් වෙන් කිරීමේ අවස්ථාවටද? නැහැ. (මතෙ. 25:31-33) එළුවන්ගෙන් බැටළුවන් වෙන් කිරීම සිදු වන්නේ මහත් පීඩාව අතරතුර යේසුස් තම අවසන් විනිශ්චය ක්‍රියාත්මක කිරීමට පටන්ගන්නා අවස්ථාවේදීයි. නමුත් දැල පිළිබඳ උපමාවේ සඳහන් වෙන් කිරීම සිදු වන්නේ මෙම දුෂ්ට “සමාජ ක්රමයේ අවසාන කාල පරිච්ඡේදය” අතරතුරයි.b අප දැන් ජීවත් වන්නේ එම කාලයේයි. මෙම සංකේතවත් මාළුන් වෙන් කිරීමේ කාර්යය අවසන් වන්නේ මහත් පීඩාවේ ආරම්භයත් සමඟයි. එය සිදු වන ආකාරය දැන් අපි සලකා බලමු.
18, 19. (අ) උපමාවේ සඳහන් ආකාරයට දැන් පවා යම් වෙන් කිරීමක් සිදු වන්නේ කෙසේද? (ආ) ක්‍රිස්තියානි සභාව සමඟ ඇසුරු කරමින් සිටින අය ගත යුතු වැදගත් පියවර කුමක්ද? (21වන පිටුවේ ඇති පාද සටහනද බලන්න.)
18 මනුෂ්‍යවර්ගයා නමැති මුහුදෙන් මිලියන ගණනක් මසුන් හෙවත් මිනිසුන් ක්‍රිස්තියානි සභාවට පැමිණෙමින් සිටිනවා. මේ අය අතරින් සමහරුන් යේසුස්ගේ මරණය සිහි කිරීමේ උත්සවයට සහභාගි වෙනවා. තවත් අය රැස්වීම්වලට පැමිණෙන අතර යෙහෝවා දෙවි ගැන තවදුරටත් ඉගෙනගැනීමටද කැමති වී තිබෙනවා. නමුත් ඔවුන් සැබෑ ක්‍රිස්තියානීන් බව ඉන් ඔප්පු වෙනවාද? ඊට පිළිතුරු යේසුස්ගේ උපමාවේ තිබෙනවා. සියලුම වර්ගයේ මාළුන් සහිත දැල ‘වෙරළට ඇද’ තිබුණත් භාජනවලට එනම් ක්‍රිස්තියානි සභාවට එකතු කරන්නේ “හොඳ මාළු” පමණයි යන කාරණය සැලකිල්ලට ගන්න. සංකේතාත්මක නුසුදුසු මාළුන් අහකට විසි කරන බව එනම් විනාශය සඳහා ඔවුන්ව වෙන් කර තබන බව යේසුස් පැවසුවා.
19 ක්‍රිස්තියානි සභාවට පැමිණෙමින් යෙහෝවා දෙවි ගැන ඉගෙනගනිමින් සිටි සමහරුන් එසේ කිරීම නතර කර තිබෙනවා. ඒ වගේම සමහර ක්‍රිස්තියානි දෙමව්පියන්ගේ දරුවන්ද යේසුස්ගේ ගෝලයෙකු වීමට ආශාවක් දක්වන්නේ නැහැ. කලක් දෙවිට සේවය කළ එවැනි දරුවන් පසුව එය නතර කර තිබෙනවා. ඒ ආකාරයෙන් සමහරුන් නුසුදුසු මාළුන් බව පෙන්වා තිබෙනවා.c (එස. 33:32, 33) එමනිසා දෙවි තම අවසන් විනිශ්චය ක්‍රියාත්මක කිරීමට පෙර දෙවිගේ අනුමැතිය ලබන්න කැමති සියල්ලන්ම වැදගත් පියවරක් ගත යුතුයි. උපමාවේ සඳහන් හොඳ මාළුන්ගේ ගණයට ඇතුළත් වීමට ඔවුන් ඉක්මනින් කටයුතු කළ යුතුයි. එනම් ක්‍රිස්තියානි සභාවේ ක්‍රියාශීලී සාමාජිකයන් මෙන් කටයුතු කිරීමයි. ඒ තුළින් ඔවුන්ට මහත් ආරක්ෂාවක් ලැබිය හැකියි.
-
-
පුදුමාකාර වර්ධනයක්!2008 මුරටැඹ | ජූලි 15
-
-
20, 21. (අ) යේසුස් පැවසූ උපමාවලින් අප ඉගෙනගත්තේ මොනවාද? (ආ) ඔබගේ අධිෂ්ඨානය වන්නේ කුමක් කිරීමටද?
20 අප මෙතෙක් සලකා බැලූ උපමාවලින් ඉගෙනගත්තේ කුමක්ද? පළමුවැන්න නම් අබ ඇටය විශාල ගසක් දක්වා වර්ධනය වුණා හා සමානව දේවරාජ්‍යයට පක්ෂපාත අයගේ විශාල වර්ධනයක් ඇති වී තිබෙන බවයි. එමෙන්ම යෙහෝවා දෙවිගේ වැඩ කිසිවෙකුට නතර කිරීමටද බැරි බවයි! (යෙසා. 54:17) ඊට අමතරව දේවරාජ්‍යයට පක්ෂපාත වන අයට සාතන්ගේ දුෂ්ට ලෝකයේ බලපෑම්වලින් ආරක්ෂාව ලැබෙන බවද අප ඉගෙනගත්තා. දෙවැන්න නම්, වර්ධනය වීමට සලස්වන්නේ දෙවි බවයි. පිටි පිඩ තුළට දැමූ මුහුන් මගින් මුළු පිටි පිඩම පිපෙන ආකාරය අපට නොපෙනෙනවා හා සමානව පුද්ගලයෙකු දෙවි සමඟ මිත්‍රත්වයක් වර්ධනය කරගන්නා ආකාරයද අපගේ ඇසට පෙනෙන්නේ නැහැ. නමුත් එය ලොව පුරා සිදු වෙනවා. තුන්වැන්න නම්, දේවරාජ්‍යයේ පණිවිඩයට ප්‍රතිචාරය දක්වන සියල්ලන්ම එහි යටත්වැසියන් වීමට සුදුසුකම් ලබන්නේ නැති බවයි.
-
-
පුදුමාකාර වර්ධනයක්!2008 මුරටැඹ | ජූලි 15
-
-
b දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය ප්‍රකාශ කිරීමේ වෙනත් පැත්තක් ගැන මතෙව් 13:39-43හි සඳහන් වුණත් මාළු දැල පිළිබඳ උපමාවේ සඳහන් ඉටුවීමත් මතෙව් 13:36-43හි ඉටුවීමත් සිදු වන්නේ එකම කාල පරිච්ඡේදයක් තුළයි. එනම් මෙම දුෂ්ට “සමාජ ක්රමයේ අවසාන කාල පරිච්ඡේදය” අතරතුරයි. උපමාවල සඳහන් බීජ වැපිරීම, අස්වැන්න නෙළාගැනීම වගේම මසුන් වෙන් කිරීමද සිදු වන්නේ මෙම කාල පරිච්ඡේදය අතරතුරයි.—වර්ෂ 2000 ඔක්තෝබර් 15 මුරටැඹ සඟරාවේ 25-26 පිටු මෙන්ම එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න යන පොතේ 178-181 පිටුවල සඳහන් 8-11 ඡේද බලන්න.
-