මට කිසි සතුටක් දැනෙන්නේ නැහැ. මට උදව් කරන්න ආගමට, බයිබලේට හෝ දෙවියන්ට පුළුවන්ද?
බයිබලයේ ඒ ගැන කියන දේ
ඔව්. අපිට ඇති වෙන ප්රශ්න ගොඩකට උත්තර බයිබලේ තියෙනවා. ප්රඥාවන්ත තොරතුරුවලින් පිරුණු මේ පොතේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් අපිට සහනයක් අද්දකින්න පුළුවන් වෙනවා වගේම සන්තෝෂයෙන් ඉන්නත් පුළුවන්. බයිබලෙන් උත්තර හොයාගන්න පුළුවන් ප්රශ්න කිහිපයක් බලමු.
අපිව නිර්මාණය කරපු කෙනෙක් ඉන්නවද? ‘හැම දෙයක්ම හැදුවේ’ දෙවියන් කියලා බයිබලේ සඳහන් වෙනවා. (එළිදරව් 4:11) සතුටින් ඉන්නත් තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නත් අපි ආසයි කියලා අපේ නිර්මාතෘ දන්නවා.
දෙවියන්ට මාව වටිනවද? ඔව්. දෙවියන්ට ඔයාව ගොඩක් වටිනවා. ඔයා මුහුණ දෙන දේවල් ගැන දෙවියන් දන්නවා. ඔයා සතුටින් ජීවත් වෙනවා දකින්නයි දෙවියන් කැමති. (යෙසායා 48:17, 18; 1 පේතෘස් 5:7) දෙවිගේ මිතුරෙක් වෙන්න ඔයාටත් පුළුවන්. බයිබලේ කියන්නේ දෙවියන් “අපෙන් දුරස්ව සිටින කෙනෙක්” නෙවෙයි කියලයි.—ක්රියා 17:27.
දෙවියන් ගැන දැනගන්න එකෙන් මට තියෙන ප්රයෝජනය මොකක්ද? අපේ ජීවිතේ අරමුණ මොකක්ද කියලා දැනගන්න අපි කවුරුත් ආසයි. දෙවියන් අපිව නිර්මාණය කළේ ඒ ආසාව ඇතුවයි. ඒ ගැන අපිට කියලා දෙන්න පුළුවන් දෙවියන්ට විතරයි. (මතෙව් 5:3) අපේ නිර්මාතෘ ගැන ඉගෙනගෙන ඔහු එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්නත් අපි තුළ ආසාවක් තියෙනවා. ඒ ආසාව ඉටු කරගන්න අපි උත්සාහ කරද්දී දෙවියන් ඒකට අපිට උපකාර කරනවා කියලා බයිබලේ කියනවා. බයිබලේ කියන්නේ “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි” කියලයි.—යාකොබ් 4:8.
දෙවියන්ව හොඳින් දැන හඳුන ගත්ත නිසා සතුටින් ඉන්නත් තමන් ගැන හොඳ හැඟීමත් ඇතිව ඉන්න පුළුවන් කියලත් මිලියන ගණන්දෙනා තේරුම් අරන් ඉන්නවා. දෙවියන් ගැන ඉගෙනගත්තම කිසිම ප්රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා ඒකෙන් අදහස් කරන්නේ නැහැ. නමුත් බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් අපිට
සන්තෝෂවත් පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන්.
හැමෝම එක්ක සාමයෙන් ඉන්න පුළුවන්.
මානසික අවපීඩනය, ආර්ථික ප්රශ්න නිසා දැනෙන පීඩනය, නිදන්ගත රෝග වගේ දේවලට හොඳින් මුහුණ දෙන ආකාරය ඉගෙනගන්න පුළුවන්.
කොහොමවුණත් ක්රිස්තියානි ආගම් ගොඩක් තිබුණත් ඒ අය බයිබලේ තියෙන ඉගැන්වීම් පිළිපදින්නේ නැහැ. නමුත් බයිබලේ තියෙන දේ හරියටම උගන්වන ආගමෙන් සැබෑ දෙවියන් ගැන ඉගෙනගන්න ඔයාට පුළුවන්.