-
ශුභාරංචිය දේශනා කරන්නේ කොහොමද?හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
-
-
4. හැම කෙනෙක්ටම දේශනා කරන්න අපි ලොකු උත්සාහයක් ගන්නවා
ලෝකේ ඕනෙම තැනක ඉන්න මිනිස්සුන්ට ශුභාරංචිය ගැන දේශනා කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගොඩක් මහන්සි වෙනවා. වීඩියෝ එක බලලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
දේශනා කරන්න සාක්ෂිකරුවන් ගන්න උත්සාහය දිහා බලද්දී ඔයාගේ හිතට වැදුණේ මොකක්ද?
මතෙව් 22:39 සහ රෝම 10:13-15 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
අපි අනිත් අයට ආදරෙයි කියලා අපි කරන සේවයෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?
ශුභාරංචිය දේශනා කරන අය ගැන යෙහෝවාට දැනෙන්නේ කොහොමද?—15වෙනි පදය බලන්න.
-
-
දෙවියන් පවිත්‍ර අය හැටියට සලකන්නේ කොයි වගේ අයවද?හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
-
-
4. නරක පුරුදු අත්හරින්න
ඔයා නරක පුරුද්දකට ඇබ්බැහි වෙලා නම් ඒක අත්හරින එක කොච්චර අමාරුද කියලා ඔයා දන්නවා. ඒක අත්හරින්න ඔයාට උදව් වෙන්නේ මොකක්ද? වෙන හානිය ගැන හිතන්න. මතෙව් 22:37-39 කියවලා නරක පුරුදු මේ දේවලට බලපාන විදිහ ගැන කතා කරන්න.
කෙනෙක්ට යෙහෝවා එක්ක තියෙන බැඳීමට.
කෙනෙක්ගේ පවුලේ අයට සහ එයා ආශ්‍රය කරන අයට.
නරක පුරුද්දක් අත්හරින්න ගන්න ඕන පියවර ගැන හොඳට හිතලා ඒ අනුව වැඩ කරන්න.a වීඩියෝ එක බලන්න.
ෆිලිප්පි 4:13 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
නිතිපතා යාච්ඤා කරන එක, බයිබලය අධ්‍යයනය කරන එක, රැස්වීම්වලට සහභාගි වෙන එක නරක පුරුද්දක් අත්හරින්න කෙනෙක්ට උදව් වෙන්නේ කොහොමද?
5. අපවිත්‍ර සිතුවිලි සහ පුරුදුවලට විරුද්ධව සටන් කරන්න
කොලොස්සි 3:5 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
අසභ්‍ය දේවල් බලන එක, අසභ්‍ය පින්තූර සහ පණිවිඩ ෆෝන් එකෙන් යවන එක, ස්වයංවින්දනය යෙහෝවා අපවිත්‍ර දේවල් හැටියට සලකනවා කියලා අපි දන්නේ කොහොමද?
අපි කියන කරන දේවල් වගේම අපේ සිතුවිලි යෙහෝවා බලාපොරොත්තු වෙන විදිහට පවිත්‍රව තියාගන්න අපිට පුළුවන්ද? ඔයා එහෙම කියන්නේ ඇයි?
වැරදි සිතුවිලිවලට විරුද්ධව සටන් කරන්නේ කොහොමද කියලා දැනගන්න. වීඩියෝ එක බලන්න.
පවිත්‍රව ඉන්න අපේ පැත්තෙන් අපි ඕනෙම දෙයක් කරන්න ලෑස්ති වෙලා ඉන්න ඕන කියලා පෙන්නන්න යේසුස් උදාහරණයක් පාවිච්චි කළා. මතෙව් 5:29, 30 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
යේසුස් මෙතන අදහස් කරන්නේ අපි අපිටම හානි කරගන්න ඕනෙ කියන එක නෙමෙයි. ඒ වෙනුවට කොච්චර අමාරු වුණත් ඒ සටන වෙනුවෙන් අපි ස්ථිර පියවර ගන්න ඕනෙ කියලයි. කෙනෙක්ට අපවිත්‍ර සිතුවිලිවලින් වැළකිලා ඉන්න ගන්න පුළුවන් පියවර මොනවාද?b
ඔයා අපවිත්‍ර සිතුවිලි අයින් කරගන්න ලොකු සටනක් කරන කෙනෙක් නම් යෙහෝවා ඔයා ගන්න උත්සාහය ගොඩක් අගය කරනවා. ගීතාවලිය 103:13, 14 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
අපවිත්‍ර පුරුද්දකින් ගොඩ එන්න ඔයා ලොකු සටනක් කරන කෙනෙක් නම් ඒ සටන දිගටම කරන්න මේ බයිබල් පදය ඔයාට උදව් වෙන්නේ කොහොමද?
වැටුණත් ආයෙත් නැඟිටින්න!
‘ආයෙත් මේක මගේ අතින් වුණා. මේක නම් අත්හරින්න මට බැරි වෙයි’ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි හිතන්න, රේස් එකක දුවන කෙනෙක් ගැන. දුවද්දී එයාගේ කකුල පැටලිලා වැටෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් කරනවාද එයා පැරදුණා කියලා? නැත්නම් ආයෙත් මුලට ගිහින් පටන්ගන්න ඕනෙ කියලා? ඒ වගේ ඔයා අත්හරින්න හදන පුරුද්ද ඔයා අතින් ආයේ සැරයක් වුණා කියලා ඒ සටනෙන් ඔයා සම්පූර්ණයෙන් පැරදුණා කියලා අදහස් කරන්නේ නැහැ. මේ වෙන කල් ඔයා දරපු උත්සාහය වතුරේ ගියා කියලත් කියන්න බැහැ. නරක පුරුද්දකින් ගොඩ එන්න උත්සාහ කරද්දී වැටිවැටී නැඟිටින එක සාමාන්‍ය දෙයක්. ඉතින් අත්හරින්න එපා! යෙහෝවාගේ උදව්වෙන් ඒ නරක පුරුද්ද අත්හරින්න ඔයාට පුළුවන්.
-