-
‘දුෂ්ට පරම්පරාවකින්’ ගැළවී1995 මුරටැඹ | නොවැම්බර් 1
-
-
11. (අ) හෙ ජෙ·නෙ·ආʹ හව්ʹටෙ අදාළ කරන ආකාරය නිර්ණය කිරීමේදී මූලිකවම අපට මඟ පෙන්විය යුත්තේ කිනම් අධිකාරයක්ද? (ආ) එම අධිකාරය මෙම යෙදුම භාවිත කළේ කෙසේද?
11 ඇත්තවශයෙන්ම, මෙම කාරණය අධ්‍යයනය කරන ක්‍රිස්තියානීන්, මූලික වශයෙන් තම සිතිවිලි හසුරුවන්නේ, දේවානුභාවය ලද සුවිශේෂ ලේඛකයන් යේසුස්වහන්සේගේ වදන් වාර්තා කරද්දී, හෙ ජෙ·නෙ·ආʹ හව්ʹටෙ යන ග්‍රීක් ප්‍රකාශය හෙවත් “මේ පරම්පරාව” යන්න යොදාගත් ආකාරය මගිනි. මෙම යෙදුම අඛණ්ඩව භාවිත කරන ලද්දේ නිෂේධාත්මක අන්දමකින්ය. මෙසේ, යුදෙව් ආගමික නායකයන්ව “සර්පයෙනි, පොළොංවංශයෙනි” කියා හැඳින්වූ යේසුස්වහන්සේ, ගෙහෙන්නාවේ විනිශ්චය “මේ පරම්පරාව” මත ඉෂ්ට කරනු ඇති බවද පැවසූසේක. (මතෙව් 23:33, 36) කෙසේවෙතත්, මෙම විනිශ්චය කුහක පූජකයන් මතට පමණක් සීමාවීද? කොහෙත්ම නැත. යේසුස්වහන්සේ “මේ පරම්පරාව” යන යෙදුම මීටත් වඩා මහත් පුළුල් අර්ථයකින් අදාළ කර කතා කරනවා අවස්ථා ගණනාවකදී උන්වහන්සේගේ ගෝලයන්ට ඇසිණ. ඒ කුමක්වීද?
-
-
‘දුෂ්ට පරම්පරාවකින්’ ගැළවී1995 මුරටැඹ | නොවැම්බර් 1
-
-
13. “මේ නපුරු පරම්පරාව” කියා සිය ගෝලයන් ඉදිරියේදී යේසුස්වහන්සේ හඳුන්වා දුන්නෙත්, හෙළා දුටුවෙත් කාවද?
13 පසුව පො.යු. 31දී, යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් දෙවන වරට ගලීලයේ කළ දේශනා සේවයේදී, “ලියන්නන්ගෙන්ද ඵරිසිවරුන්ගෙන්ද සමහරෙක්” යේසුස්වහන්සේගෙන් ලකුණක් ඉල්ලුවෝය. එතැන සිටි ඔවුන්ටත් ‘සමූහයාටත්’ උන්වහන්සේ මෙසේ පැවසූසේක: “නපුරුවූ කාමමිථ්‍යාචාරිකවූ පරම්පරාවක් ලකුණක් සොයයි; නුමුත් අනාගතවක්තෘවූ යෝනාගේ ලකුණ හැර වෙන ලකුණක් ඔවුන්ට දෙනු නොලබන්නේය. මක්නිසාද යෝනා මහා මත්ස්‍යයාගේ බඩේ දහවල් තුනක්ද රෑ තුනක්ද සිටියාක්මෙන් මනුෂ්‍ය පුත්‍රයාද පොළෝ ගැබේ දහවල් තුනක්ද රෑ තුනක්ද සිටින්නේය. . . . මේ නපුරු පරම්පරාවටද එසේම වන්නේය.” (මතෙව් 12:38-46) පෙනෙන විදිහට, යේසුස්වහන්සේගේ මරණය සහ නැවත නැඟිටීම තුළ ඉටුවූ ලකුණ අගය කිරීමට කිසිවිටකත් නොහැකි වූ ආගමික නායකයන්ද, ‘සමූහයාද’, “මේ නපුරු පරම්පරාවට” ඇතුළත් විය.d
-