-
දේවරාජ්‍යයේ පාලනය පටන් අරන්!හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
-
-
2. 1914 ඉඳන් ලෝකේ සිද්ධ වෙන දේවල් සහ මිනිස්සු තුළ දකින්න තියෙන ගතිලක්ෂණ මොනවාද?
යේසුස්ගේ අනුගාමිකයන් යේසුස්ගෙන් ඇහුවා “ඔබ ආයෙත් පැමිණෙන කාලය දැනගන්නත් පවතින සමාජයේ අවසාන කාලය පටන් අරන් කියලා දැනගන්නත් මොකක් හරි ලකුණක් තියෙනවාද” කියලා. (මතෙව් 24:3) දේවරාජ්‍යයේ පාලනය පටන්ගත්තාට පස්සේ ලෝකේ සිද්ධ වෙන්න යන හුඟක් දේවල් ගැන යේසුස් එයාලට කිව්වා. යුද්ධ, කෑම හිඟය, භූමිකම්පා ඒවායින් කීපයක්. (මතෙව් 24:7 කියවන්න.) “අන්තිම දවස්වලදී” ජීවත් වෙන මිනිස්සුන්ගේ නරක ගති නිසා ඒක “ජීවත් වෙන්න අමාරු කාලයක්” වෙනවා කියලත් බයිබලයේ කියනවා. (2 තිමෝති 3:1-5) ඒ නරක ගතිලක්ෂණ සහ යේසුස් කියපු සිද්ධීන් 1914 ඉඳන් පැහැදිලිවම දකින්න තියෙනවා.
3. දේවරාජ්‍යයේ පාලනය පටන්ගත්තාට පස්සේ ලෝකේ තත්වය මෙච්චර නරක අතට හැරිලා තියෙන්නේ ඇයි?
යේසුස් දේවරාජ්‍යයේ රජ වුණ ගමන්ම වගේ ඔහු සාතන් සහ භූතයන් එක්ක ස්වර්ගයේ යුද්ධයක් කළා. ඒ යුද්ධයෙන් සාතන් පැරදුණා. බයිබලයේ කියනවා ඊටපස්සේ සාතන්ව ‘පොළොවට හෙළුවා. එයාගේ දූතයොත් එයා එක්කම පහතට හෙළුවා’ කියලා. (එළිදරව් 12:9, 10, 12) සාතන් දන්නවා දෙවියන් එයාව ඉක්මනටම විනාශ කරනවා කියලා. එයා ඉන්නේ ලොකු කේන්තියකින්. ඒ නිසා එයා පුළුවන් තරම් මේ පොළොවේ ඉන්න අයට දුක් කරදර ඇති කරනවා. මේ ලෝකේ තත්වය මෙච්චර නරක අතට හැරිලා තියෙන්නේ ඒ නිසයි. ඒත් දේවරාජ්‍යයෙන් ළඟදීම ඒ හැම දුකක්ම නැති කරනවා.
-
-
දේවරාජ්‍යයේ පාලනය පටන් අරන්!හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
-
-
5. 1914 ඉඳන් මේ ලෝකේ වෙනස් වෙලා
යේසුස් තමන් රජ වුණාට පස්සේ ලෝකේ සිද්ධ වෙන්න යන දේවල් ගැන කලින්ම කිව්වා. ලූක් 21:9-11 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
මේ පදවල කතා කරන මොන දේවල්ද ඔයා දැකලා හෝ අහලා තියෙන්නේ?
මිනිස් පාලනයේ අන්තිම කාලයේදී ජීවත් වෙන මිනිස්සු තුළ දකින්න තියෙන ගතිලක්ෂණ ගැන පාවුල් කතා කළා. 2 තිමෝති 3:1-5 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
මෙතන කතා කරන ගතිලක්ෂණ මිනිස්සු තුළ ඔයා දැකලා තියෙනවාද? ඒ මොන වගේ ඒවාද?
-