දේවවචනය නිධානයක් | මතෙව් 25
“සෝදිසියෙන් සිටින්න”
අවිවාහක තරුණියන් දහදෙනා ගැන උපමාව යේසුස් මූලිකවම කිව්වේ අභිෂේක ලත් අයට වුණත් ඒකෙන් දීපු මේ පණිවිඩය සියලුම ක්‍රිස්තියානීන්ට අදාළ වෙනවා. (w15 3/15 12-16) “එමනිසා සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබ ඒ දවසවත් පැයවත් දන්නේ නැහැ.” (මතෙ 25:13) ඔයාට පුළුවන්ද ඒ උපමාවේ අර්ථය පැහැදිලි කරන්න?
මනාලයා (1වෙනි පදය)—යේසුස්
සූදානම්ව සිටින නුවණ ඇති තරුණියන් (2වෙනි පදය)—තමන්ගේ පැවරුම විශ්වාසවන්තව ඉටු කරමින් අන්තිමය දක්වාම දැල්වෙන පහන් මෙන් බැබළෙන අභිෂේක ලත් අය (ෆිලි 2:15)
“මෙන්න මනාලයා ඇවිත්!” කියා ඇහෙන හඬ (6වෙනි පදය)—යේසුස් පැමිණ සිටින කාලය ආරම්භ වෙලා කියලා තේරුම්ගන්න තියෙන සාක්ෂි
නුවණ නැති තරුණියන් (8වෙනි පදය)—මනාලයාව බලන්න පිටත් වුණත් දිගටම සෝදිසියෙන් සහ විශ්වාසවන්තව ඉන්නේ නැති අභිෂේක ලත් ක්‍රිස්තියානීන්
නුවණ ඇති කන්‍යාවන් තෙල් දෙන්න කැමති වුණේ නැහැ (9වෙනි පදය)—අවසන් මුද්‍රාව ලැබුණාට පස්සේ විශ්වාසවන්ත අභිෂේක ලත් අයට පුළුවන් වෙන්නේ නැහැ අවිශ්වාසවන්ත වුණු කිසි කෙනෙකුට උදව් කරන්න. මොකද ඒ වෙනකොට ප්‍රමාද වැඩියි
“මනාලයා පැමිණෙනවා” (10වෙනි පදය)—යේසුස් විනිශ්චය කරන්න එන්නේ මහත් පීඩාව අවසන් වෙන්න කිට්ටු වෙද්දියි
සූදානම්ව සිටි තරුණියන් මනාලයා සමඟ විවාහ උත්සවයට යනවා. ඊටපස්සේ දොර වහලා දානවා (10වෙනි පදය)—යේසුස් ඇවිත් විශ්වාසවන්ත අභිෂේක ලත් අයව ස්වර්ගයට රැස් කරනවා. ඒත් අවිශ්වාසවන්ත අයට ඒ අවස්ථාව අහිමි වෙනවා