පාඨකයන්ගෙන් ප්‍රශ්න
ජනයා දැන් සැබෑ ක්‍රිස්තියානි ධර්මය පිළිනොගෙන මහත් පීඩාව පටන් ගැනීමට කලින් මිය ගියොත් ඔවුන් නැවත නැගිටුවනු ලබනවා ඇත් ද?
අන්තිමේ දී වැදගත් වන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් වූ යෙහෝවඃ වහන්සේගේ විනිශ්චයන් බව පිළිගෙන, විනිශ්චයකරුවන් හැටියට ක්රියාකරන්නට වූ ඕනෑ ම නැඹුරුවාවකට අප විරුද්ධ වීම අප සියල්ලන්ට ම හොඳ ය. (යොහන් 5:22; ක්‍රියා 10:42; 2 තිමෝති 4:1) එහෙත් ශුද්ධ ලියවිලි ඉහත ප්රශ්නය සඳහා යම් ප්‍රමාණයක උපකාරවත් තොරතුරු සපයයි.
දේව රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ලෝක ව්‍යාප්ත ව දේශනා කරනු ලැබීම ‘යේසුස් වහන්සේගේ පැමිණ සිටීමේ’ වැදගත් අංගයක් වෙයි. මෙම ලකුණ මෙම ශතවර්ෂයේ මුල් භාගයේ පටන් පැහැදිලි ව දැක ගැනීමට හැකි වී තිබේ. මෙම දේශනා කටයුත්තේ ප්‍රතිඵලයක් වශයෙන්, “බැටළුවන්” හා “එළුවන්” පිළිබඳ යේසුස් වහන්සේගේ උපමාව ඉෂ්ට වෙමින් සියලු ජාතීන්ට අයත් ජනයා අතර වෙන් කිරීමක් සිදු වනු ඇත. මෙම දේශනා කිරීමේ හා වෙන් කිරීමේ ක්‍රියාවලියේ සම්පූර්ණ වීමත් සමඟ, “මහත් පීඩාව” මගින් වර්තමාන දුෂ්ට දේවල පිළිවෙළ අවසානයකට ගෙනෙනු ලබනවා ඇත.—මතෙව් 24:3, 21, 22; 25:31-46.
මහත් පීඩාව පටන් ගන්නට පෙර රාජ්‍යය පණිවුඩය ප්‍රතික්ෂේප කර මිය යන කවරෙක් නමුත් එළුවන් ලෙස ගණන් ගනු ලබන්නේදැයි නිශ්චය කරනු ඇත්තේ, ස්වකීය පුත්‍රයාණන් සමඟ, යෙහෝවඃ වහන්සේ ය. එළුවන් “සදාකාල දඬුවමට . . . යන්නෝ” යයි යේසුස් වහන්සේ වදාළ සේක. එබැවින්, එළුවන් ව සිටින්නේ යයි දෙවියන් වහන්සේ විසින් තීරණය කරනු ලබන අය නැවත නැගිටීමක් නොලබන බව අපට නිගමනය කරන්නට පුළුවන. ඔවුන්ට මහත් පීඩාව පවතින විට ‘සදාකාල විනාශයේ විනිශ්චමය දඬුවම විඳින’ අය හා සමාන විනිශ්චයක් ලැබෙනු ඇත.—2 තෙසලෝනික 1:10.
එහෙත් මෙම “අන්තිම දවස්” තුළ තමන් මිය යන්නට පෙර සත්‍යය වෙනුවෙන් හෝ ඊට විරුද්ධ ව බුද්ධිමත් ස්ථාවරයක් ගැනීමට තරම් රාජ්‍යය පණිවුඩයට ප්‍රමාණවත් ලෙස නිරාවරණය නොවූ අය ගැන කුමක් කිව හැකි ද?—2 තිමෝති 3:1.
දේශනා කටයුත්ත කෙරෙන අතර මහත් පීඩාවට පෙර මිය යන බොහෝ දෙනෙක් බොහෝ දුරට නැවත නැගිටීමක් ලබනු ඇත. මෙය සංකේතවත් අසරුවන් සම්බන්ධයෙන් අප එළිදරව් 6:7, 8 හි කියවන දෙයින් ඇඟවේ. බොහෝ දෙනෙක් යුද්ධ, සාගත, හා මාරාන්තික වසංගතවලට ගොදුරු වූවන් හැටියට මිය ගොස් ඇත්තාහ. මෙසේ “මරණය” නැමැත්තාට ගොදුරු වන අය භාර ගන්නේ “හේදිසය” නිසා ඔවුන් ව ක්‍රිස්තුස් වහන්සේගේ දහස් අවුරුදු පාලනය තුළ, හේදිසය එහි සිටින සියල්ලන් පාවා දෙන කල, ඔවුන් ව නැවත නැගිටුවනු ලබනවා ඇත. (එළිදරව් 20:13) මෙසේ ජීවනයට පමුණුවනු ලබන වැඩි දෙනෙක් තමන් මිය යාමට පෙර රාජ්‍යයේ පණිවුඩයට යම් අයුරකින් සම්බන්ධ වී සිටින්නට ඇත.
කවරෙක් බැටළුවන් හා කවරෙක් එළුවන් මෙන් සිටින්නේ දැයි නිශ්චය කිරීම යේසුස් වහන්සේ මනුෂ්‍යයන්ට නොපැවරීම ගැන අපට කොතරම් කෘතඥ පූර්වක විය හැකි ද! යම් නිශ්චිත පුද්ගලයෙකුට ශුභාරංචිය අසා පිළිගැනීමට කොතරම් ප්‍රස්තාවක් තිබුණේ දැයි අසම්පූර්ණ මනුෂ්‍යයන්ට හරියට ම තක්සේරු කළ නොහැකි ය. ඔහුගේ හෘදයේ තත්ත්වය කුමක් වී ද කියා හෝ ඔහු සැබවින් ම ධර්මිෂ්ඨකමට ප්‍රේම කළේ ද කියා හෝ අපට දැන ගත හැකි ද? ඔහුගේ ප්‍රතිචාරයට ඔහුගේ පවුලෙන්, ඔහුගේ ආගමික පසුතලයෙන්, හෝ වෙනත් බලපෑම්වලින් කොතරම් බලපෑමක් වන්නට ඇත්දැයි අපට නිශ්චය කරන්නට පුළුවන් ද? ඇත්තෙන් ම නැත. එහෙත්, යෙහෝවඃ දෙවියන් වහන්සේට හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේට එවන් කාරණා තක්සේරු කිරීමෙන් අනතුරුව සම්පූර්ණ, යුක්ති සහගත, හා ධර්මිෂ්ඨ විනිශ්චයන්ට එළඹිය හැකි බව අපට නිසැක විය හැකි ය.—ද්විතීය කථාව 32:4; යෙසායා 11:1-5.
එනිසා, මෑතක මැරුණ අයගෙන් කවරෙක් නැවත නැගිටුවනු ලැබෙයි ද, නොලැබෙයි ද කියා අනුමාන අදහස් ඵල කරන්නට අපට වුවමනාවක් නැත. මෙය කිරීමට අපට බලය පවරා නැත. (ලූක් 12:13, 14 සසඳන්න.) ධර්මිෂ්ඨ විනිශ්චයකරුවාණන් වන යෙහෝවඃ දෙවියන් වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යනාදීන්ගේ තීරණයන් කෙරෙහි බලා සිටීම වඩාත් ඥානවන්ත දෙයක් වනු ඇත. මෙය යෙහෝවඃ වහන්සේගේ සේවකයන් හැටියට අපට වැඩි මානසික සාමයක් ලබා දෙනු ඇත. මෙය අපට පවරා ඇති දෙය එනම්—‘යේසුස් වහන්සේ අණ කළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වමින්, සියලු ජාතීන් ගෝලයන් කිරීම’—කෙරෙහි වැඩි අවධානයක් යොදන්නට ද අපට උපකාරවත් වනු ඇත.—මතෙව් 28:19, 20.
[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Leicester sheep, Meyers