-
“ශාස්ත්‍රවන්තයන් තුන්දෙනා” කවුද? දෙවියන් “තාරකාවක්” මාර්ගයෙන් එයාලට මඟ පෙන්නුවාද?බයිබලයෙන් උත්තර
-
-
“ශාස්ත්‍රවන්තයන් තුන්දෙනා” කවුද? දෙවියන් “තාරකාවක්” මාර්ගයෙන් එයාලට මඟ පෙන්නුවාද?
බයිබලයේ ඒ ගැන කියන දේ
“රජ තුන් කට්ටුවක්” එහෙමත් නැත්නම් “ශාස්ත්‍රවන්තයන් තුන්දෙනෙක්” යේසුස්ව බලන්න හුඟක් දුර ඉඳන් ආපු එක නත්තල් කාලේදී හුඟක් අය සමරනවා. හැබැයි යේසුස් ඉපදුණාට පස්සේ ඔහුව බලන්න ආපු ඒ අයව බයිබලයේ හඳුන්වලා තියෙන්නේ “රජ තුන්කට්ටුවක්” කියලවත් “ශාස්ත්‍රවන්තයන් තුන්දෙනෙක්” කියලවත් නෙවෙයි. (මතෙව් 2:1) මතෙව් කියන බයිබල් ලේඛකයා ඒ අයව හඳුන්වන්න “මාගොයි” කියන ග්‍රීක වචනය පාවිච්චි කළා. පේන විදිහට ඒ වචනයෙන් යොමු දක්වන්නේ ජ්‍යෝතිඃ ශාස්ත්‍රය ඇතුළු අද්භූත දේවල් ගැන මනා දැනුමක් තිබුණු අයවයි.a සමහර බයිබල් පරිවර්තනවල යේසුස්ව බලන්න ආපු අයව ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් විදිහට හඳුන්වලා තියෙනවා.b
-
-
“ශාස්ත්‍රවන්තයන් තුන්දෙනා” කවුද? දෙවියන් “තාරකාවක්” මාර්ගයෙන් එයාලට මඟ පෙන්නුවාද?බයිබලයෙන් උත්තර
-
-
“ශාස්ත්‍රවන්තයන්” කීදෙනෙක් හිටියාද?
යේසුස්ව බලන්න කීදෙනෙක් ආවාද කියන එක ගැන බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. හැබැයි මිනිසුන් අතර ඒ ගැන විවිධ මත තියෙනවා. උදාහරණයකට එක විශ්වකෝෂයක මෙහෙම සඳහන් වෙනවා. “ආසියාතික රටවල අය විශ්වාස කරන්නේ ශාස්ත්රවන්තයන්ගේ ගණන 12ක් කියලයි. ඇමරිකානු සහ යුරෝපීය රටවල අය විශ්වාස කරන්නේ ඒ ගණන 3ක් කියලයි. සමහරවිට එයාලා එහෙම හිතන්නේ ‘රන්, කට්ටකුමංජල්, සුවඳ ලාටු’ (මතෙව් 2:11) කියන තෑගි තුන දරුවාට දීපු නිසා වෙන්න ඇති.”—Encyclopedia Britannica.
“ශාස්ත්‍රවන්තයන්” රජවරුන්ද?
යේසුස්ව බලන්න ආවේ රජවරුන් කියලා නත්තල සමරන අය විශ්වාස කළත් බයිබලයේ එයාලව ඒ විදිහට හඳුන්වලා නැහැ. එක විශ්වකෝෂයකට අනුව යේසුස් ඉපදිලා අවුරුදු සිය ගාණක් ගියාට පස්සේ “යේසුස්ගේ උපත සම්බන්ධ සිද්ධියට මිනිසුන් තවත් තොරතුරු එකතු කරන්න පටන්ගත්තා.” (Encyclopedia Britannica) යේසුස්ව බලන්න ආවේ රජවරුන් කියන එකත් ඒ වගේ ගොතපු කතාවලින් එකක්.
“ශාස්ත්රවන්තයන්ගේ” නම් මොනවාද?
ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ගේ නම් බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. “ප්‍රබන්ධ කතාවල තියෙන තොරතුරු පදනම් කරගෙන එයාලට නම් දාන්න (උදා. ගැස්පාර්, මෙල්කියෝර් සහ බැල්තසාර්) මිනිසුන් උත්සාහ කරලා තියෙනවා” කියලා එක විශ්වකෝෂයක සඳහන් වෙනවා.—The International Standard Bible Encyclopedia.
-
-
“ශාස්ත්‍රවන්තයන් තුන්දෙනා” කවුද? දෙවියන් “තාරකාවක්” මාර්ගයෙන් එයාලට මඟ පෙන්නුවාද?බයිබලයෙන් උත්තර
-
-
a ක්‍රි.පූ. පස්වෙනි සියවසේ හිටිය ග්‍රීක ඉතිහාසඥයෙක් වන හෙරෝඩටස් කියලා තියෙනවා එයා ජීවත් වුණු කාලේදී මේදිය (පර්සියානු) ගෝත්‍රයකට අයිති, ජ්‍යෝතිඃ ශාස්ත්‍රය සහ සිහිනවල අර්ථය පහදා දීම සම්බන්ධයෙන් විශේෂ හැකියාවක් තිබුණු අයව “මාගොයි” විදිහට හැඳින්නුවා කියලා.
b ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනය බලන්න. ‘පැරණි අනුවාදයේ’ යේසුස්ව බලන්න හුඟක් දුර ඉඳන් ආපු අයව හඳුන්වලා තියෙන්නේ “ශාස්ත්‍රවන්තයෝ” විදිහට. හැබැයි ඒ වගේ අය කීදෙනෙක් ආවාද කියලා ඒකේ සඳහන් වෙලා නැහැ.
-