-
අවි සන්නද්ධ සොරුන් පහර දෙන විට1998 මුරටැඹ | දෙසැම්බර් 15
-
-
අවි සන්නද්ධ සොරු පැමිණෙන විට
එහෙත්, ඔබේ ගෙට ඇතුල් වී, සොරුන් ඔබ ඉදිරියට ආවොත් ඔබ කුමක්ද කළ යුත්තේ? ඔබේ වස්තුවට වඩා ඔබේ ජීවිතය වැදගත් බව මතක තබාගන්න. ක්‍රිස්තුස් යේසුස් මෙසේ පැවසුවා: “නපුරු අය සමග පොරට නොසිටින්න. යමෙක් නුඹේ දකුණු කම්මුලට ගැසී නම් ඔහුට අනික් කම්මුලද හරවන්න. යමෙක් . . . නුඹේ අඳනය ගන්ට කැමතිවීනම්, ඔහුට නුඹේ උතුරු සළුවත් ගන්ට ඉඩඅරින්න.”—මතෙව් 5:39, 40.
මෙය ඥානවන්ත අවවාදයක්. වත්කම පිළිබඳව අපරාධකාරයන්ට තොරතුරු දීමට ක්‍රිස්තියානීන් බැඳී නොසිටින නමුත්, සොරුන්ට විරුද්ධ වන බවක්, සහයෝගය නොදක්වන බවක් හෝ රවටන බවක් හැඟුණොත් ඔවුන් තවත් දරුණු වීමට ඇති ඉඩ කඩ වැඩියි. “සියලු අපවිත්‍රකම් ගිජුලෙස කරන” ඔවුන්ගෙන් වැඩිදෙනෙක් පහසුවෙන්ම දුෂ්ට, අකාරුණික හැසිරීමට නැඹුරු වෙනවා.—එපීස 4:19.
සැමුවෙල් ජීවත් වන්නේ නිවාස සංකීර්ණයකයි. සොරු ගොඩනැඟිල්ලේ මාර්ග අවහිර කළ අතර, නිවසෙන් නිවසට ගොස් කොල්ලකෑවා. වෙඩි හඬවල්, දොරවල්වලට හයියෙන් ගහන, කෑගහන, අඬන මෙන්ම විලාප කියන මිනිස්සුන්ගේ හඬවල් සැමුවෙල්ට ඇසුණා. බේරී යෑමට ක්‍රමයක් තිබුණේ නැහැ. බිම දණගහගෙන, අත් උස්සගෙන, ඇස් පියාගෙන ඉන්න කියා සැමුවෙල් තම භාර්යාවට හා පුතුන් තුන්දෙනාට කිව්වා. සොරු ඇතුලට කඩාවැදුණ විට, තමා ඔවුන්ගේ මුහුණු දෙස බැලුවොත් ඔවුන්ව වෙනත් වෙලාවක හඳුනගනියි කියා ඔවුන් සිතිය හැකි බැවින් සැමුවෙල් බිම බලාගෙන ඔවුන් සමඟ කතා කළා. “ඇතුලට එන්න; ඕගොල්ලන්ට ඕන දෙයක් ගන්න. ඕන දෙයක් ගන්න ඔයගොල්ලන්ට අවසර තියෙනවා. අපි යෙහෝවාගේ සාක්ෂිකරුවන්, අපි ඕගොල්ලන්ට විරුද්ධ වෙන්නේ නැහැ” කියා ඔහු පැවසුවා. මෙයින් සොරු පුදුමයට පත් වුණා. ඔවුන් රත්රන් ආභරණ, මුදල් සහ විදුලි උපකරණ සොරකම් කළත්, ගොඩනැඟිල්ලේ අනිත් අයට මෙන් මේ පවුලට පහර දුන්නේ හෝ මන්නාවලින් ඔවුන්ට කෙටුවේ හෝ නැහැ. තම ජීවිත බේරීම සම්බන්ධයෙන් සැමුවෙල්ගේ පවුල යෙහෝවාට ස්තුති කළා.
මුදල් හා ද්‍රව්‍යමය දේවල් අවශ්‍යව තිබෙන විට, සොරකමට ගොදුරුවූවන් විරුද්ධ නොවෙනවා නම් හානි සිදුවීමට ඇති ඉඩ කඩ අඩු කරගත හැකි බව එයින් පෙනෙනවා.a
-
-
අවි සන්නද්ධ සොරුන් පහර දෙන විට1998 මුරටැඹ | දෙසැම්බර් 15
-
-
a සහයෝගය දැක්වීමේදී සීමාවන් තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේවනීතිය උල්ලංගනය කරන කිසිම දෙයකට සහයෝගය දෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන්, ක්‍රිස්තියානියෙක් කැමැත්තෙන්ම දූෂණයට යටත් වන්නේ නැහැ.
-