-
“ශාස්ත්‍රවන්තයන් තුන්දෙනා” කවුද? දෙවියන් “තාරකාවක්” මාර්ගයෙන් එයාලට මඟ පෙන්නුවාද?බයිබලයෙන් උත්තර
-
-
“ශාස්ත්‍රවන්තයන්” කීදෙනෙක් හිටියාද?
යේසුස්ව බලන්න කීදෙනෙක් ආවාද කියන එක ගැන බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. හැබැයි මිනිසුන් අතර ඒ ගැන විවිධ මත තියෙනවා. උදාහරණයකට එක විශ්වකෝෂයක මෙහෙම සඳහන් වෙනවා. “ආසියාතික රටවල අය විශ්වාස කරන්නේ ශාස්ත්රවන්තයන්ගේ ගණන 12ක් කියලයි. ඇමරිකානු සහ යුරෝපීය රටවල අය විශ්වාස කරන්නේ ඒ ගණන 3ක් කියලයි. සමහරවිට එයාලා එහෙම හිතන්නේ ‘රන්, කට්ටකුමංජල්, සුවඳ ලාටු’ (මතෙව් 2:11) කියන තෑගි තුන දරුවාට දීපු නිසා වෙන්න ඇති.”—Encyclopedia Britannica.
-
-
“ශාස්ත්‍රවන්තයන් තුන්දෙනා” කවුද? දෙවියන් “තාරකාවක්” මාර්ගයෙන් එයාලට මඟ පෙන්නුවාද?බයිබලයෙන් උත්තර
-
-
ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් යේසුස්ව බලන්න ගියේ යේසුස් ඉපදුණු දවසේ රෑ නෙවෙයි. මොකද බයිබලයේ කියනවා “දරුවා සිටි නිවසට ඇතුල් වූ ඔවුහු, කුඩා දරුවා සිය මව වූ මරියා සමඟ සිටිනවා” දැක්කා කියලා. (මතෙව් 2:11) ඒකෙන් පැහැදිලි වෙනවා ඒ අවස්ථාවේදී යේසුස්ගේ පවුලේ අය ජීවත් වුණේ නිවසක කියලා. ඒ කියන්නේ ඒ වෙද්දී යේසුස් ගවඔරුවක හිටපු පුංචි ළදරුවෙක් නෙවෙයි.—ලූක් 2:16.
-