ඔබේ ජීවිතය වෙනස් කිරීමට යේසුට හැක්කේ කෙසේද?
අවුරුදු 2,000කට පමණ ආසන්න කාලයකට ඉහතදී ජීවත් වූ යේසුස් ක්‍රිස්තුස් පලස්තීනයේ විසූ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්. ඔහුගේ ළමා කාලය පිළිබඳව අප දන්නේ ඉතා අල්ප වශයෙනුයි. කොහොමවුණත් වයස අවුරුදු 30ක් වූ විට, ඔහු ‘සත්‍යයට සාක්ෂි දීම සඳහා’ වූ තම සේවය ආරම්භ කළ බව හොඳින් සනාථ වන කාරණයක්. (යොහන් 18:37; ලූක් 3:21-23) ඔහුගේ ජීවිතය ගැන තොරතුරු ලියූ ගෝලයන් සිව්දෙනා, එතැන් සිට පසු වූ අවුරුදු තුනහමාර වෙත අවධානය යොමු කළා.
යේසුස් ක්‍රිස්තුස් තම දේවසේවය තුළදී, ලෝකයේ ප්‍රශ්න ගැටලු බොහොමයකට පිළියමක් මෙන් ක්‍රියා කළ හැකි ආඥාවක් තම ගෝලයන්ට දුන්නා. එය කුමක් වුණාද? යේසු මෙසේ පැවසුවා: “මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන ලෙස, එකිනෙකාට ප්‍රේමකරන්නය කියා අලුත් ආඥාවක් මම නුඹලාට දෙමි.” (යොහන් 13:34) ඇත්තෙන්ම, මනුෂ්‍යවර්ගයාගේ ගැටලු බොහොමයකට විසඳුම ප්‍රේමයයි. වෙනත් අවස්ථාවකදී, යේසුගෙන් වඩා උතුම් ආඥාව වන්නේ කුමක්ද කියා ඇසූ විට, ඔහු මෙසේ පිළිතුරු දුන්නා: “නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ [යෙහෝවාට] ප්‍රේමකරව. මේක උතුම්වූ පළමුවෙනිවූ ආඥාවය. මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ, එනම්, නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව යනුය.”—මතෙව් 22:37-40.
දෙවිට සහ සෙසු මනුෂ්‍යයන්ට ප්‍රේම කළ යුතු ආකාරය යේසු වචනයෙන් සහ ක්‍රියාවෙන් අපට පෙන්නුවා. දැන් අප උදාහරණ කීපයක් සලකා බලා, ඔහුගෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද කියා බලමු.
ඔහුගේ ඉගැන්වීම්
ඉතිහාසයේ වඩාත් සුප්‍රකට දේශනාවන් අතුරින් එකකදී යේසුස් ක්‍රිස්තුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙසේ පැවසුවා: “ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසිවෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවී අනික් අයට ප්‍රියවන්නේය; නොහොත් එක්කෙනෙකුට ඇලුම්වී අනික් අය හෙළාදකින්නේය. [දෙවිට] සහ වස්තුවටත් සේවයකරන්ට නුඹලාට නුපුළුවන.” (මතෙව් 6:24) අදදින, මුදල්වලින් සියලුම ප්‍රශ්න විසඳිය හැකි බව බහුතරයක් විශ්වාස කරද්දී, අපේ ජීවිතයේ මුල් තැන දෙවිට දීම සම්බන්ධයෙන් වූ යේසුගේ ඉගැන්වීම තවමත් ප්‍රායෝගිකද? අපගේ අවශ්‍යතා සපුරාලීමට මුදල් අවශ්‍ය බව ඇත්තයි. (දේශනාකාරයා 7:12) නමුත් “වස්තුවට” අපේ ස්වාමියා වීමට ඉඩ දුන්නොත්, “වස්තු තෘෂ්ණාව” අපව පාලනය කර, අපේ මුළු ජීවිතය පුරාම ආධිපත්‍ය පතුරුවන්න යනවා. (1 තිමෝති 6:9, 10) මෙම උගුලට හසු වී තිබෙන බොහෝදෙනෙකුගේ අවසානය වී තිබෙන්නේ, තම පවුල, තම සෞඛ්‍යය සහ තම ජීවිතය පවා අහිමි කරගැනීමයි.
අනිත් අතට අපේ ස්වාමියා හැටියට දෙවි දෙස බැලීමෙන් ජීවිතයට අර්ථයක් ලැබෙනවා. මැවුම්කරු හැටියට ජීවිතයේ උල්පත ඔහුයි. එනිසා අපේ නමස්කාරය ලැබීමට වටින්නේ ඔහු පමණයි. (ගීතාවලිය 36:9; එළිදරව් 4:11) ඔහුගේ ගුණාංග ගැන ඉගෙනගන්නා සහ ඔහුට ප්‍රේම කරන අය ඔහුගේ ආඥා පිළිපැදීමට පෙලඹෙනවා. (දේශනාකාරයා 12:13; 1 යොහන් 5:3) එසේ කිරීමෙන් අප, අප සඳහාම ප්‍රයෝජන අත් කරගන්න යනවා.—යෙසායා 48:17.
කන්ද උඩ දේශනාවේදී, සෙසු මනුෂ්‍යයන්ට ප්‍රේමය පෙන්වන ආකාරයත් යේසු තම අනුගාමිකයන්ට ඉගැන්නුවා. ඔහු මෙසේ පැවසුවා: “එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරන්න.” (මතෙව් 7:12) යේසු මෙහිදී භාවිත කළ “මනුෂ්‍යයන්” යන වචනයට, කෙනෙකුගේ සතුරන් පවා ඇතුළත් වෙනවා. එම දේශනාවේදීම ඔහු මෙසේ පැවසුවා: “නුඹලාගේ සතුරන්ට [දිගටම, NW] ප්‍රේමකරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න.” (මතෙව් 5:43, 44) අදදින අප අද්දකින ගැටලු බොහොමයක් එවන් ප්‍රේමයක් තුළින් විසඳෙන්නේ නැද්ද? හින්දු බැතිමතෙක් වන, නායක මොහන්දාස් ගාන්ධි එලෙස සිතුවා. ඔහු මෙසේ පැවසූ බවට වාර්තා වී තිබේ: “මෙම කන්ද උඩ දේශනාවේදී ක්‍රිස්තුස් පිහිටෙවූ ඉගැන්වීම්වලට අනුව [අප] එක්වුවහොත් . . . මුළු ලෝකයේම ගැටලු අප විසඳනවා ඇත.” ප්‍රේමය මත පදනම් වූ යේසුගේ ඉගැන්වීම් අදාළ කරගන්නවා නම්, මනුෂ්‍යවර්ගයාගේ ප්‍රශ්න ගැටලු බොහොමයක් සුව කළ හැකියි.
ඔහුගේ ක්‍රියා
ප්‍රේමය පෙන්විය යුතු ආකාරය සම්බන්ධයෙන් යේසු ගැඹුරු සත්‍යයන් ඉගැන්නුවා පමණක් නෙවෙයි, ඉගැන්වූ දේ ඔහු ක්‍රියාවටත් නැඟුවා. උදාහරණයක් වශයෙන්, ඔහු තමාගේ කාරණාවලට වඩා අනිත් අයගේ කාරණා ඉදිරියෙන් තැබුවා. දිනක් යේසු සහ ඔහුගේ ගෝලයන් මනුෂ්‍යයන්ට උපකාර කරමින් කොතෙක් කාර්යබහුලව සිටියාද කියනවා නම්, ඔවුන්ට ආහාරයක් ගැනීමටවත් වේලාවක් තිබුණේ නැහැ. යේසු තම ගෝලයන්ට ටිකක් පහසු ගැනීමට අවශ්‍ය බව දුටු නිසා, හුදකලා ස්ථානයකට ඔවුන්ව රැගෙන ගියා. නමුත් ඔවුන් එහි ගිය විට, තමන් පැමිණෙන තෙක් පිරිසක් මඟ බලාගෙන සිටින බව ඔවුන් දැක්කා. මද විවේකයක් අවශ්‍ය බව ඔබට හැඟුණ විටදී, ඔබගේ උපකාරය බලාපොරොත්තුවෙන් පැමිණෙන සමූහයක්ව ඔබ දැක්කා නම්, ඔබ කෙසේ ප්‍රතිචාරය දක්වන්න තිබුණාද? ඇත්තෙන්ම, යේසු “ඔවුන් කෙරෙහි අනුකම්පාකොට, ඔවුන්ට බොහෝ කාරණා උගන්වන්ට [පටන්ගත්තා.]” (මාර්ක් 6:34) අනිත් අය සඳහා තිබෙන මෙම සැලකිල්ල, සැමවිටම ඔවුන්ට උපකාර කිරීම සඳහා යේසුව පෙලඹෙව්වා.
ඉගැන්වීමට වඩා වැඩි දෙයක් යේසු මනුෂ්‍යයන් සඳහා කළා. ඔහු ප්‍රායෝගික වශයෙනුත් උපකාර කළා. උදාහරණයකට, සවස් වන තුරු ඔහුට ඇහුම්කන් දෙමින් සිටි මිනිසුන් 5,000කටත් වඩා වැඩි පිරිසක්ව ඔහු පෝෂණය කළා. එම සිද්ධිය සිදු වී වැඩි කලක් යන්ට මත්තෙන් ඔහු තවත් මහත් සමූහයක්ව පෝෂණය කළා. මෙවර, දවස් තුනක් පුරා කිසිඳු ආහාරයක් නොමැතිව ඔහුට ඇහුම්කන් දෙමින් සිටි 4,000කටත් වඩා වැඩි පිරිසක්. පළමු අවස්ථාවේදී ඔහු රොටි පහක් සහ මසුන් දෙදෙනෙක් භාවිත කළ අතර, පසු අවස්ථාවේදී රොටි හතක් හා මසුන් ස්වල්පයක් භාවිත කළා. (මතෙව් 14:14-22; 15:32-38) ඒවා ප්රාතිහාර්යයන්ද? ඔව්, ඔහු ප්රාතිහාර්යයන් සිදු කළ කෙනෙක්.
යේසු රෝගීන් බොහෝදෙනෙකුවත් සුව කළා. ඔහු අන්ධයන්, කොරුන්, ලාදුරු රෝගීන් සහ බිහිරන්ව සුව කළා. ඒ විතරක් නොවේ, ඔහු මළවුන්ව පවා නැඟිට්ටෙව්වා! (ලූක් 7:22; යොහන් 11:30-45) වරක් ලාදුරු රෝගියෙක් ඔහුට මෙසේ කන්නලව් කළා: ‘ඔබ කැමති නම් මා පවිත්‍ර කරන්න ඔබට පුළුවන්.’ යේසු ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද? ‘යේසු අත දිඟු කොට ඔහු පිට තබා: මා කැමැත්තෙමි, පවිත්‍ර වෙයන්නැයි ඔහුට කීවේය.’ (මාර්ක් 1:40, 41) එවැනි ප්රාතිහාර්යයන් තුළින්, පීඩාවලින් පෙළෙන්නන් සඳහා තිබුණු ඔහුගේ ප්‍රේමය ඔහු නිරූපණය කළා.
යේසුගේ ප්රාතිහාර්යයන් විශ්වාස කිරීමට අපහසු බවක් ඔබට හැඟෙනවාද? සමහරුන්ට එසේ හැඟෙනවා. නමුත් යේසු තම ප්රාතිහාර්යයන් කළේ ප්‍රසිද්ධියේ බව අමතක කරන්න එපා. සෑම අවස්ථාවකදීම ඔහුගේ වරදක් සොයන්න උත්සාහ කළ ඔහුගේ විරුද්ධවාදීන්ට පවා, ඔහු ප්රාතිහාර්යය කරන්නෙක් වූ බව ප්‍රතික්ෂේප කිරීමට හැකි වුණේ නැහැ. (යොහන් 9:1-34) තවදුරටත්, ඔහුගේ ප්රාතිහාර්යයන්වලට අරමුණක් තිබුණා. දෙවි විසින් එවූ තැනැත්තා ලෙස ඔහුව හඳුනාගැනීමට ඒවා ජනයාට උපකාර කළා.—යොහන් 6:14.
ප්රාතිහාර්යයන් සිදු කිරීමේදී යේසු තමාට අවධානය ගැනීමට උත්සාහ කරමින් සිටියේ නැහැ. ඒ වෙනුවට ඔහු තම බලයේ උල්පත වන දෙවිව මහිමයට පත් කළා. වරක් ඔහු කපර්ණවුමේදී, මිනිසුන්ගෙන් පිරුණු නිවසක සිටියා. අංශභාග රෝගියෙකුට සුවය ලැබීමට අවශ්‍ය වුණත් ඔහුට නිවසට ඇතුල් වීමට හැකි වුණේ නැහැ. එනිසා ඔහුගේ මිත්‍රයන් ඔහුව ඔත් යහනක තබා වහලෙන් බැස්සුවා. ඔවුන්ගේ ඇදහිල්ල දැකීමෙන්, යේසු අංශභාග රෝගියාව සුව කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනයා ‘දෙවිට ප්‍රශංසා කර’ මෙසේ පැවසුවා: “මෙබඳු දෙයක් කවදාවත් නුදුටිමුව.” (මාර්ක් 2:1-4, 11, 12) යේසුගේ ප්රාතිහාර්යයන්, තම දෙවි යෙහෝවාට ප්‍රශංසාව ගෙනා අතර, එමගින් අවශ්‍යතා ඇති අයට උපකාර කළා.
කොහොමවුණත්, යේසුගේ දේවසේවයේ මූලික හරය වූයේ අසනීපවූවන්ව ප්රාතිහාර්යමය ලෙස සුව කිරීම නොවෙයි. යේසුගේ ජීවිතය පිළිබඳව වාර්තාවක් ලියූ එක් තැනැත්තෙක් මෙසේ පැහැදිලි කරනවා: ‘මේවා ලියන ලද්දේ යේසුස් දෙවිගේ පුත්‍ර වූ ක්‍රිස්තුස් බව නුඹලා විශ්වාස කරන පිණිසත් විශ්වාස කොට ඔහුගේ නාමයෙන් ජීවනය ලබන පිණිසත්ය.’ (යොහන් 20:31) ඔව්, යේසු පොළොවට පැමිණියේ, ඔහු කෙරෙහි විශ්වාස කරන මනුෂ්‍යයන්ට ජීවනය අත් කර දීමටයි.
ඔහුගේ පූජාව
‘යේසු පොළොවට ආවේ කොහේ ඉඳන්ද?’ කියා ඔබ අසන්න ඉඩ තිබෙනවා. යේසුම මෙසේ පැවසුවා: “මක්නිසාද මා ස්වර්ගයෙන් බැස ආවේ මාගේ කැමැත්ත නොව මා එවූ [තැනැත්තාගේ] කැමැත්ත කරන පිණිසය.” (යොහන් 6:38) දෙවිගේ ඒකජාතක පුත්‍රයා හැටියට මනුෂ්‍යත්වයට පෙර පැවැත්මක් ඔහුට තිබුණා. එසේ නම් ඔහුව පොළොවට එවූ තැනැත්තාගේ කැමැත්ත කුමක් වුණාද? සුවිශේෂ ලේඛකයෙක් වූ යොහන් මෙසේ පවසනවා: ‘දෙවි ස්වකීය ඒකජාතක පුත්‍රයා දෙන තරම් ලෝකයාට ප්‍රේම කළේය. එසේ කළේ ඔහු කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.’ (යොහන් 3:16) මෙය කිරීමට හැකි වුණේ කොහොමද?
මරණය, මනුෂ්‍යවර්ගයා සඳහා වළකාලිය නොහැකි උරුමයක් වූයේ කෙසේද කියා බයිබලය හෙළි කරනවා. දෙවි පළමු මනුෂ්‍ය යුවළ බිහි කළේ සදාකාල ජීවනයේ අපේක්ෂාව ඇතුවයි. නමුත් ඔවුන් තම සැදුම්කරුවාට එරෙහිව කැරලිගැසීමට තෝරගත්තා. (උත්පත්ති 3:1-19) මෙම ක්රියාවේ ප්‍රතිඵලයක් හැටියට, එනම් පළමු මනුෂ්‍යයාගේ පාපය නිසා, ආදම් සහ ඒවගෙන් පැවතෙන්නන්ට ඔවුන් අප්‍රිය කරන උරුමයක් වන මරණය හිමි වුණා. (රෝම 5:12) මනුෂ්‍යවර්ගයාට සැබෑ ජීවනය අත් කර දීම සඳහා පාපය සහ මරණය තුරන් කළ යුතුමයි.
කිසිම විද්‍යාඥයෙකුට යම් ආකාරයක ජාන චිකිත්සාවක් මගින් මරණය තුරන් කිරීමට හැකියාවක් නැහැ. නමුත් කීකරු මනුෂ්‍යයන්ට සදාකාලයටම ජීවත් වීමට හැකි වන පිණිස, ඔවුන්ව සම්පූර්ණත්වයට ගෙන ඒමට මනුෂ්‍යවර්ගයාගේ මැවුම්කරුට හැකියාව තිබෙනවා. බයිබලයෙහි මෙම සැපයුම මිදීමේ මිලය ලෙස හඳුන්වනවා. පළමු මනුෂ්‍ය යුවළ තමන්වත්, තමන්ගෙන් පැවතෙන්නන්වත් පාපයේ සහ මරණයේ වහල්කමට වික්කා. ඔවුන්, දෙවිට කීකරු පරිපූර්ණ මනුෂ්‍යයන් වශයෙන් වූ තම ජීවිතය දී, හරි දේ සහ වැරදි දේ කුමක්ද කියා තමන්ම තීරණ ගන්නා දෙවිගෙන් ස්වාධීන වූ ජීවිතය මිල දී ගත්තා. පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතය යළි මිල දී ගැනීම සඳහා අපේ මුල් දෙමාපියන් අහිමි කරගත් පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයට සමාන මිලක් ගෙවීමට අවශ්‍ය වුණා. මනුෂ්‍යයන්ට අසම්පූර්ණත්වය උරුම වී තිබුණු නිසා, ඔවුන් එම මිලය සැපයීමට සුදුසු තත්වයක සිටියේ නැහැ.—ගීතාවලිය 49:8.
එනිසා, උපකාර කිරීමට යෙහෝවා දෙවි මැදිහත් වුණා. ඔහු තම ඒකජාතක පුත්‍රයාගේ පරිපූර්ණ ජීවිතය, යේසුව මේ පොළොවට බිහි කළ කන්‍යාවගේ ගර්භාෂයට මාරු කළා. දශක කීපයකට කලින් කන්යාවකගෙන් උපත ලැබීම යන අදහස ඔබට පිළිගත නොහැකි යමක් වන්ට ඇති. කොහොමවුණත් අදදින විද්‍යාඥයන් විසින් එක සතෙකුගේ ජාන තවත් සතෙකුට ඇතුල් කිරීමෙන්, සංසර්ගයෙන් තොරව ක්ෂීරපායින්ව බිහි කර තිබෙනවා. එසේ නම් ජනිත කිරීමේ සාමාන්‍ය ක්‍රියාවලියෙන් ඔබ්බට යෑමට මැවුම්කරුට තිබෙන හැකියාව ගැන සාධාරණ ලෙස ප්‍රශ්න කරන්න පුළුවන් කාටද?
පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයක් තිබීම හේතුවෙන්, මනුෂ්‍යවර්ගයාව පාපයෙන් සහ මරණයෙන් මුදාගැනීම සඳහා අවශ්‍ය වන මුදල ලැබුණා. ඒත්, යේසු ලෙස උපත ලැබූ බිළිඳාට, මනුෂ්‍යවර්ගයාගේ අසනීප සුව කිරීම සඳහා අවශ්‍ය “ප්‍රතිකාර” සැපයීමට හැකි “වෛද්‍යවරයෙකුගේ” තත්වය කරා වැඩෙන්න අවශ්‍ය වුණා. ඔහු මෙය කළේ පරිපූර්ණ, පාප රහිත ජීවිතයක් ගත කිරීමෙනුයි. පාපය යටතේ සිටින මනුෂ්‍යවර්ගයාගේ බලවත් වේදනාව යේසු දැක්කා පමණක් නොවෙයි, නමුත් ඔහු මනුෂ්‍යයෙකු ලෙස සිටීමෙන් මනුෂ්‍යයන් වශයෙන් අපට අද්දකින්න සිදු වන සීමාවන් ඔහුත් අද්දැක්කා. මෙය ඔහුව වඩාත් දයානුකම්පිත වෛද්‍යවරයෙක් බවට පත් කළා. (හෙබ්‍රෙව් 4:15) තම පොළොව මත ජීවිතය තුළදී ඔහු සිදු කළ සුව කිරීම් තුළින්, අසනීප සුව කිරීම සඳහා ඔහුට කැමැත්ත සහ බලය තිබෙන බව ඔප්පු වුණා.—මතෙව් 4:23.
මේ පොළොව මත අවුරුදු තුනහමාරක දේවසේවයෙන් පසු යේසුව ඔහුගේ විරුද්ධවාදීන් විසින් මරණයට පත් කරනු ලැබුවා. පරිපූර්ණ මනුෂ්‍යයෙකුට, දරුණුම පරීක්ෂා හමුවේ පවා මැවුම්කරුට කීකරුව සිටිය හැකි බව ඔහු පෙන්නුවා. (1 පේතෘස් 2:22) ඔහු පූජා කළ පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතය, මනුෂ්‍යවර්ගයාව පාපයෙන් සහ මරණයෙන් මුදාගැනීමට හැකි කරවන මිදීමේ මිලය බවට පත් වුණා. යේසුස් ක්‍රිස්තුස් මෙසේ පැවසුවා: “යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත.” (යොහන් 15:13) තම මරණයෙන් පසු තුන්වන දිනයේදී යේසුව ආත්ම ජීවිතයකට නැවත නැඟිටුවනු ලැබූ අතර, සති කීපයකින් පසු, ඔහු යෙහෝවාට මිදීමේ මිලයේ වටිනාකම ඉදිරිපත් කිරීම සඳහා ස්වර්ගයට නැග්ගා. (1 කොරින්ති 15:3, 4; හෙබ්‍රෙව් 9:11-14) එසේ කිරීමෙන්, තම මිදීමේ මිල පූජාවේ වටිනාකම, තමාව අනුගමනය කරන අයට අදාළ කිරීමට යේසුට හැකියාව ලැබුණා.
ආත්මික, චිත්තවේගීය සහ ශාරීරික අසනීපවලට මෙයාකාර සුව කිරීමකින් ප්‍රයෝජන ලබාගැනීමට ඔබ කැමතිද? එසේ වීමට යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ල අවශ්‍යයි. ඔබම වෛද්‍යවරයා වෙතට නොයන්නේ ඇයි? යේසුස් ක්‍රිස්තුස් ගැන සහ විශ්වාසවන්ත මනුෂ්‍යවර්ගයාව ගළවාගැනීමේදී ඔහුගේ කාර්යභාරය ගැන ඉගෙනගැනීමෙන් ඔබට එය කළ හැකියි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔබට උපකාර කිරීමට සතුටින් සිටිනවා.
[5වන පිටුවේ පින්තූරය]
අසනීපවූවන්ව සුව කිරීම සඳහා යේසුට කැමැත්තත්, බලයත් තිබෙනවා
[7වන පිටුවේ පින්තූරය]
යේසුගේ මරණය ඔබට බලපාන්නේ කෙසේද?