-
යොහන් බව්තීස්ත මාර්ගය සූදානම් කරයිමාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
-
-
යොහන්ගේ පෙනුම නිසාත් ඔහු කතා කරන දේවල් නිසාත් ඔහුව කැපිලා පෙනෙනවා. ඔටු රෝමවලින් සාදා තිබුණු ඇඳුමක් ඇඳගෙන ඉන්න ඔහු ඉඟටිය වටා සම් පටියක් බැඳගෙනයි ඉන්නේ. ඔහු කෑමට ගන්නේ පළඟැටියන් සහ වනයේ මීපැණි. “පසුතැවිලි වන්න, මන්ද ස්වර්ග රාජ්‍යය ළං වී තිබෙනවා” කියලා ඔහු හැමෝටම දැනුම් දෙනවා.—මතෙව් 3:2.
යොහන්ගේ පණිවිඩය මිනිසුන්ගේ හිත්වලට කාවදිනවා. ඒ නිසා හුඟක් අය තේරුම්ගන්නවා පසුතැවිලි වෙන්න ඕනෙ කියලා. ඒ කියන්නේ කලින් ජීවත් වුණු විදිහ වැරදියි කියලා තේරුම් අරන් හිතන විදිහ වෙනස් කරගෙන අලුත් ජීවිත රටාවකට හුරු වෙන්න ඕනෙ කියලා ඔවුන් තේරුම්ගන්නවා. ඔහුට සවන් දෙන්න හුඟක් අය ඇවිත් ඉන්නේ ‘යෙරුසලමෙන්, යුදයෙන් සහ යොර්දාන් ගඟ අවට ප්‍රදේශවලින්.’ (මතෙව් 3:5) හුඟක් අය පසුතැවිලි වෙන නිසා යොහන් ඔවුන්ව යොර්දාන් ගඟේ ගිල්වලා බව්තීස්ම කරනවා. ඒ ඇයි?
-
-
යොහන් බව්තීස්ත මාර්ගය සූදානම් කරයිමාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
-
-
“පසුතැවිලි වන්න, මන්ද ස්වර්ග රාජ්‍යය ළං වී තිබෙනවා” කියලා යොහන් පවසන පණිවිඩය ඒ කාලයට මොන තරම් ගැළපෙනවාද! (මතෙව් 3:2) යෙහෝවා දෙවියන් පත් කළ රජු වන යේසුස් ක්‍රිස්තුස් ඔහුගේ සේවය ළඟදීම ආරම්භ කරන බවට එය හැමෝටම ලකුණක් වුණා.
-