-
යෙහෝවාට කැප වෙලා බව්තීස්ම වෙන්න ඕනෙ ඇයි?හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
-
-
2. බව්තීස්ම වුණ ඔහුගේ සාක්ෂිකරුවන්ට යෙහෝවා ආශීර්වාද කරන්නේ කොහොමද?
බව්තීස්ම වුණාට පස්සේ ඔයා යෙහෝවාගේ පවුලේ සාමාජිකයෙක් වෙනවා. ඔහුගේ පවුලේ කෙනෙක් වුණාම හුඟක් විදිවලින් ඔහුගේ ආදරේ අද්දකින්න ඔයාට පුළුවන් වෙයි. ඔහුට තව තවත් ළං වෙන්නත් ඔයාට පුළුවන් වෙයි. (මලාකි 3:16-18 කියවන්න.) යෙහෝවා ඔයාගේ ආදරණීය තාත්තා වෙනවා වගේම ඔයාට සහෝදර සහෝදරියන් හුඟදෙනෙකුත් ලැබෙයි. ලෝකේ පුරාම ඉන්න ඒ අය යෙහෝවාටත් ඔයාටත් ගොඩක් ආදරෙයි. (මාක් 10:29, 30 කියවන්න.) බව්තීස්ම වෙන්න කලින් ඔයා කරන්න ඕනෙ දේවල් කීපයක් තියෙනවා. ඔයා යෙහෝවා ගැන හොඳට ඉගෙනගන්න ඕනේ. ඔහුට ආදරේ කරන්න ඕනේ. ඔහුගේ පුතා ගැන විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. ඊටපස්සේ ඔයාගේ ජීවිතේ යෙහෝවාට කැප කරන්න ඕනේ. ඒ දේවල් කරලා ඔයා බව්තීස්ම වෙනවා නම් ඔයාට පුළුවන් වෙනවා හැමදාටම සතුටින් ජීවත් වෙන්න. බයිබලයේ කියනවා ‘බව්තීස්මය ගැලවීම ලබා දෙනවා’ කියලා.—1 පේතෘස් 3:21.
-
-
විරුද්ධවාදිකම් මැද විශ්වාසවන්තව ඉන්න ඔයාට පුළුවන්හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
-
-
කෙනෙක් යෙහෝවාට නමස්කාර කරන්න තීරණය කළාම එයාගේ පවුලේ අය ඒකට විරුද්ධ වෙන්න පුළුවන් කියලා යේසුස් කිව්වා. මතෙව් 10:34-36 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
කෙනෙක් යෙහෝවාට නමස්කාර කරන්න පටන්ගත්තාම පවුලේ අය එයාට මොනවා කියන්න, කරන්න ඉඩ තියෙනවාද?
ඒ ගැන දැනගන්න මේ වීඩියෝ එක බලන්න. ඊටපස්සේ මේ ප්රශ්නය ගැන කතා කරන්න.
ඔයාට කිට්ටු කෙනෙක් යෙහෝවාට කරන සේවය නවත්තන්න කියලා ඔයාට බල කළොත් මොකද කරන්නේ?
ගීතාවලිය 27:10 සහ මාක් 10:29, 30 කියවන්න. ඒ එක එක පදය කියෙව්වාට පස්සේ මේ ප්රශ්නය ගැන කතා කරන්න.
පවුලේ අය, යාළුවෝ ඔයාට විරුද්ධ වෙද්දී මේ පදය ඔයාට උදව් වෙන්නේ කොහොමද?
-