යේසුස්ගේ මරණයට පෙර වැදගත් සිදුවීම් කිහිපයක් යෙරුසලමෙහි සහ ඒ අවට ස්ථානවල සිදු විය. එම ස්ථාන නම් යේසුස් යාච්ඤා කළ තැන වන ගෙත්සෙමන උයන; සැන්හෙඩ්රින ශාලාව; කායෆස්ගේ නිවස; ආණ්ඩුකාර පිලාත්ගේ මාළිගාව සහ අවසාන වශයෙන් ගොල්ගොතා නම් ස්ථානය වේ.—මාක් 14:32, 53–15:1, 16, 22; යොහ 18:1, 13, 24, 28.