ලෝක ආහාරවල සුරක්ෂිතකම සහතිකයි මොන ක්‍රමයකින්ද?
“මේ සියවසේ බොහෝ කලක සිට අපි දැන සිටින ආහාර සුරක්ෂිතභාවය දිගටම පවත්වාගැනීම සඳහා අප ගන්නාවූ උපරිම උත්සාහයන් ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්” කියා වොෂිංටන්, ඩී. සීහි පිහිටි ව’ල්ඩ්වොච් ආයතනයේ සභාපති වන ලෙස්ට’ බ්‍රවුන් කියා සිටිනවා. නියූ සයන්ටිස්ට් සඟරාවට අනුව, 1995 ආරම්භයේදී, ලෝකයේ ධාන්‍ය වෙන් කර තැබීම් ටොන් මිලියන 225කින්, එනම් ලෝකවාසීන්ගේ පෝෂණය සඳහා දවස් 48කට පමණක් පිරිමසා ගත හැකි ප්‍රමාණයකින් අඩු වෙලා. කලින් අවුරුදුවල වෙන් කර තැබීම් දවස් 60 දක්වා අඩු වූ අවස්ථාවලදී, සැපයුම යථා තත්වයට ගෙනෙන්න පුළුවන් වුණා. ඒත් විඳින්න සිදු වුණු පාඩුව ආපහු යථා තත්වයට ගේන්න පොළොවට තියෙන හැකියාව ගැන දැන් ව’ල්ඩ්වොච් ආයතනයට සැකයි.
අඩු අස්වනු ලැබූ අවුරුදු තුනක කාලපරිච්ඡේදයකින් හා සංවර්ධිත රටවල් බොහොමයක් සත්ව පරිභෝජනය සඳහා ධාන්‍ය භාවිත කිරීමෙන් පසු, තමන්ගේ ප්‍රධාන ආහාරය හැටියට ධාන්‍ය කෑමට ගන්නාවූ දිළිඳු අයට ලබාගන්න තියෙන්නේ ඉතා අඩු ධාන්‍ය ප්‍රමාණයක්. මේ තත්වයට ඉක්මනින්ම අවධානය යොමු කෙරුවේ නැත්නම්, තමන්ගේ ආදායමින් අඩුම තරමින් සියයට 70ක්වත් ආහාර සඳහා වැය කරන මිනිසුන් බිලියනයක්දෙනා සාගින්නෙන් සිටින්න ඉඩ තියෙන බවට නියූ සයන්ටිස්ට් අනතුරු අඟවනවා.
අපේ කාලයේ සිටින පොළෝවාසීන් “සාගත” අද්දකින බව බයිබලය කලින්ම කිව්වා. (ලූක් 21:11) ඒත් දෙවි මේ ගැටලුව නොසලකා හැර නැහැ. ඇත්තෙන්ම, ඔහුගේ රාජ්‍යය පොළොවේ කටයුතු පාලනය කරන්න පටන්ගත් විට, මිනිසාගේ මේ කනගාටුදායක තත්වය වෙතට අවසානයේදී ඔහුගේ සැලකිල්ල යොමු වෙන්න යනවා. ඒ කාලයේදී “පොළොව ස්වකීය වර්ධනය [දෙයි].” “කඳු මත ගොයම් ලෙළ [දේ.] ධාන්‍ය බහුල ව ඉතිරේ.” (ගීතාවලිය 67:6; 72:16, නව අනුවාදය) ඉන්පසු මැවුම්කරු ගැන කියා තියෙන මේ අනාවැකිමය වදන් ඉටු වේවි: “ඔබ පොළොව බලා . . . බොහෝසෙයින් එය සාරවත් කර[න්නේය]” . . . මිටියාවත්ද ගොයමින් වැසී තිබේ.”—ගීතාවලිය 65:9, 13.
ඒ මවිතකර පොරොන්දුවට ඔබගේ සිත ඇදී යනවාද? ඔබට එහි පංගුකාරයෙක් විය හැකි ආකාරය ගැන දැනගන්න ඔබ කැමතිද? එහෙමනම්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඊළඟ වතාවේ ඔබේ නිවසට එන විට, පොරොන්දු වී තිබෙන මේ පාරාදීසය ගැන වැඩි විස්තර ඔබට කියා දෙන්න කියා ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. ඔබ සමඟ නොමිලේ බයිබල් පාඩමක් පැවැත්වීමට යමෙක් ඔබගේ නිවසට එනවාට ඔබ කැමති නම්, කරුණාකර වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල, 11300 යන ලිපිනයට හෝ 2වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට ලියන්න.
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
කුඩා පින්තූරය: Pictorial Archive (Near Eastern History) Est.