දෙවිගේ වචනයට ඇලුම් කිරීමෙහි ඇති ප්‍රයෝජන
“[ප්‍රඥාවට] ඇලුම් කරන්න, එවිට එය ඔබව ආරක්ෂා කරයි. . . . ඔබ එය වැලඳගත් නිසා එය ඔබව ගෞරවයට පත් කරයි.”—හිතෝපදේශ 4:6, 8, NW.
1. දෙවිගේ වචනයට ඇත්තෙන්ම ඇලුම් කරනවා යන්නට අයත් වන්නේ කුමක්ද?
ක්‍රිස්තියානියෙකු විසින් බයිබලය කියවීම අත්‍යවශ්‍ය දෙයක්. කෙසේවෙතත්, එය නිකම් කියවීමෙන්ම දෙවිගේ වචනයට ඇලුම් කරන බව නිරූපණය වෙන්නේ නැහැ. කෙනෙක් බයිබලය කියෙව්වත්, බයිබලය හෙළා දකින දේවල් කරනවා නම් තත්වය මොකක්ද? එවැනි කෙනෙකුට ගීතාවලිය 119හි ලේඛකයා දෙවිගේ වචනයට ඇලුම් කළ ආකාරයටම ඊට ඇලුම් කරනවායයි කියන්ට පුළුවන්කමක් නැහැ. දෙවිගේ වචනයට ඇලුම් කිරීම එහි අවශ්‍යතාවලට එකඟව ජීවත් වීමට ඔහුට මඟ පෙන්නුවා.—ගීතාවලිය 119:97, 101, 105.
2. දෙවිගේ වචනය මත පදනම් ප්‍රඥාවෙන් පැමිණෙන ප්‍රයෝජන මොනවාද?
2 දෙවිගේ වචනයට එකඟව ජීවත් වීම කීමෙන් කෙනෙකුගේ සිතුවිලි සහ ජීවිත මාර්ගය නොකඩවාම හරිගස්වාගැනීමේ අවශ්‍යතාව කාවද්දනවා. එවැනි ජීවිත ක්‍රමයක් දිව්‍ය ප්‍රඥාව පිළිබිඹු කරනවා. එයින් අදහස් කරන්නේ බයිබලය පාඩම් කිරීමෙන් ලබන දැනුම සහ තේරුම්ගැනීම ප්‍රායෝගිකව අදාළ කරගැනීමයි. “[ප්‍රඥාවට] ඇලුම් කරන්න, එවිට එය ඔබව ආරක්ෂා කරයි. එය ඉතා උසස් කොට සලකන්න, එවිට එය ඔබව උසස් කරයි. ඔබ එය වැලඳගත් නිසා එය ඔබව ගෞරවයට පත් කරයි. එය ඔබේ හිසට චාම් මල්දමක් වෙයි, අලංකාර ඔටුන්නක් ඔබට පළඳවයි.” (හිතෝපදේශ 4:6, 8, 9, NW) දෙවිගේ වචනය කෙරෙහි ඇල්මක් වඩවාගැනීමට සහ එමගින් මඟ පෙන්වීම ලැබීමට මොනතරම් හොඳ දිරිගැන්වීමක්ද ඒක! ආරක්ෂාව ලබන්ට, උසස් වෙන්ට සහ ගෞරවය ලබන්ට අකමැති කවුද?
සදාකාලික හානියෙන් ආරක්ෂාව ලැබීම
3. කවරදාකටත් වඩා ක්‍රිස්තියානීන් ආරක්ෂා විය යුත්තේ මන්ද? කාගෙන්ද?
3 දෙවිගේ වචනය අධ්‍යයනය කර අදාළ කරගැනීමෙන් ලබන ප්‍රඥාව කෙනෙකුව ආරක්ෂා කරන්ට යන්නේ කොයි ආකාරයෙන්ද? එක් විදිහක් නම්, ඔහු සාතන් නමැති යක්ෂයාගෙන් ආරක්ෂා වෙන්ට යනවා. නපුරා වන සාතන්ගෙන් ගැළවීම සඳහා යාච්ඤා කරන්ට තම අනුගාමිකයන්ට යේසුස් ඉගැන්නුවා. (මතෙව් 6:13) අදදින අපගේ යාච්ඤාවලට මේ ඉල්ලීම ඇතුළත් කිරීමේ හදිසි අවශ්‍යතාවක් තිබෙනවා. වර්ෂ 1914න් පසු සාතන් සහ ඔහුගේ භූතයන්ව ස්වර්ගයෙන් පොළොවට හෙළූ අතර, ප්‍රතිඵලයක් හැටියට, සාතන් “තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින්” සිටිනවා. (එළිදරව් 12:9, 10, 12) “[දෙවිගේ] ආඥා පවත්වන්නාවූ, [යේසුස්ගේ] සාක්ෂිය දරන්නාවූ” අයට විරුද්ධව අසාර්ථක සටනක යෙදී සිටින ඔහුගේ කෝපය මේ අන්තිම දවස්වල නිම් හිම් නැති බවට ස්ථිරයි.—එළිදරව් 12:16.
4. සාතන්ගෙන් එන පීඩන සහ මලපත්වලින් ක්‍රිස්තියානීන් ආරක්ෂා වෙන්නේ කෙසේද?
4 සාතන් කෝපාවිෂ්ට ලෙස දිගටම මේ ක්‍රිස්තියානි දේවසේවකයන්ට ගැටලු ඇති කරමින් සිටින අතර, ඔවුන් මත දරුණු පීඩා හෝ ඔවුන්ගේ කටයුතුවලට බාධා පමුණුවමින් සිටිනවා. රාජ්‍යය දේශනා කිරීමේ වැඩයට වඩා ලෞකික ජනප්‍රියත්වය, විවේකයට දැඩි ලොල්කම, ද්‍රව්‍යමය වස්තුව සහ විනෝදාස්වාදය ලුහුබැඳීම වැනි දේවල් කෙරෙහි රාජ්‍යය ප්‍රචාරකයන්ගේ අවධානය හරවන්නත් ඔහුට උවමනා වී තිබෙනවා. සාතන්ගේ පීඩනවලට යටපත් නොවී හෝ ඔහුගේ මලපත්වලට හසු නොවී සිටීම සඳහා දෙවිගේ ඇදහිලිවන්ත සේවකයන්ව ආරක්ෂා කරන්නේ කුමක්ද? ඇත්තෙන්ම, යාච්ඤාව, යෙහෝවා සමඟ කිට්ටු පෞද්ගලික සම්බන්ධයක් සහ ඔහුගේ පොරොන්දු සහතිකවම ඉටු වන බවට ඇදහිල්ලක් මේ සඳහා අත්‍යවශ්‍යයි. එහෙත් මේ සෑම දෙයක්ම දෙවිගේ වචනය පිළිබඳ දැනුමක් සහ එහි ඇති මතක් කිරීම් පිළිපැදීම සඳහා අධිෂ්ඨානයක් හා සම්බන්ධයි. මේ මතක් කිරීම් පැමිණෙන්නේ, බයිබලය සහ බයිබල් පාඩම් ආධාරක කියවීමෙන්, ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීමෙන් සහ සෙසු ඇදහිලිවන්තයන් දෙන බයිබල් උපදෙස් පිළිපැදීමෙන් හෝ දෙවිගේ ආත්මය මාර්ගයෙන් අපට මතක් කර දෙන බයිබල් ප්‍රතිපත්ති යාච්ඤාපූර්වකව මෙනෙහි කිරීමෙන්.—යෙසායා 30:21; යොහන් 14:26; 1 යොහන් 2:15-17.
5. දෙවිගේ වචනය මත පදනම් ප්‍රඥාව අපව ආරක්ෂා කරන්නේ කිනම් ආකාරවලින්ද?
5 දෙවිගේ වචනයට ඇලුම් කරන අය වෙනත් ආකාරවලිනුත් ආරක්ෂා වී තිබෙනවා. උදාහරණයක් හැටියට, මත්ද්‍රව්‍ය අනිසි පාවිච්චිය, දුම්කොළ භාවිතය සහ ලිංගික දුරාචාරයෙන් ඇති විය හැකි චිත්තවේගීය කනස්සල්ල සහ ශාරීරික රෝග ඔවුන් වළක්වාගන්නවා. (1 කොරින්ති 5:11; 2 කොරින්ති 7:1) එමෙන්ම ඔවුන් ඕපාදූප හෝ අකාරුණික කතා කියමින් එකිනෙකා අතර සිදු වන ගැටුම්වලට දායක වන්නේ නැහැ. (එපීස 4:31) ඒ වගේම, ඔවුන් ලෞකික ප්‍රඥාව සහිත රැවටිලිකාර දර්ශනවාදය සෙවීමෙන් සැකයේ ගොදුරු බවට පත් වෙන්නෙත් නැහැ. (1 කොරින්ති 3:19) දෙවි සමඟ ඔවුන්ට ඇති සම්බන්ධය සහ සදාකාල ජීවනය ඔවුන්ගෙන් පැහැරගැනීමට එරෙහිව ඔවුන්ට ආරක්ෂාව ලැබෙන්නේ, දෙවිගේ වචනයට ඇලුම් කිරීමෙනුයි. ඔවුන් මෙසේ කිරීමෙන් ‘ඔවුන්ද ඔවුන්ගේ වචන අසන්නන්ද ගළවාගන්ට’ යන බව දන්න නිසා, බයිබලයේ තිබෙන පුදුමාකාර පොරොන්දු කෙරෙහි විශ්වාස කිරීමට ඔවුන්ගේ අසල්වැසියන්ට උපකාර කිරීමෙහි ඔවුන් කාර්ය බහුලව සිටිනවා.—1 තිමෝති 4:16.
6. දෙවිගේ වචනය මත පදනම් ප්‍රඥාව දුෂ්කර තත්වයන් යටතේදී පවා අපව ආරක්ෂා කරන්නේ කෙසේද?
6 සියලුදෙනාම, එනම් දෙවිගේ වචනයට ඇලුම් කරන අය පවා ‘කාලයටත් හදිසි කාරණාවලටත්’ මුහුණ දෙන බව ඇත්තයි. (දේශනාකාරයා 9:11) අප අතරේ සිටින සමහරෙකු ස්වභාවික ආපදා, බරපතළ අසනීප, හදිසි අනතුරු හෝ අකල් මරණයට ගොදුරු වීම වළක්වන්ට බැහැ. ඒ වුණත්, අප ආරක්ෂාව ලබා සිටිනවා. දෙවිගේ වචනයට ඇත්තටම ඇලුම් කරන කෙනෙකුට සදාකාලික හානියක් ගෙනෙන්ට කිසිම විපත්තියකට බැහැ. ඒ නිසා, අනාගතයේදී කුමක් සිදු වෙයිද කියා ඕනෑවට වඩා හිතන්ට අවශ්‍ය නැහැ. සාධාරණ ලෙස අපට ගත හැකි සියලුම පූර්වාරක්ෂක පියවර ගෙන, අපේ සාමය සොරාගැනීමට අද පවතින ජීවිතයේ අනාරක්ෂිතබවට ඉඩහරින්නේ නැතුව කාරණා යෙහෝවාගේ හස්තයේ තබන එක හොඳයි. (මතෙව් 6:33, 34; පිලිප්පි 4:6, 7) දෙවි ‘සියල්ල අලුත් කරන’ විට නැවත නැඟිටීම පිළිබඳව තිබෙන ස්ථිර අපේක්ෂාවත්, වඩා යහපත් ජීවිතයක් සඳහා බලාපොරොත්තුවත් මනසේ තබාගන්න.—එළිදරව් 21:5; යොහන් 11:25.
ඔබ ‘සරු පසක්’ බව ඔප්පු කරන්න
7. තමන්ගෙන් ඇහුම්කන් දීමට පැමිණි සෙනඟට යේසුස් කී උපමාව කුමක්ද?
7 දෙවිගේ වචනය පිළිබඳ නිවැරදි දෘෂ්ටියක් තිබීමේ වැදගත්කම යේසුස් උපමාවකින් කාවැද්දුවා. යේසුස් පලස්තීනය පුරා ශුභාරංචිය ප්‍රචාරය කරද්දී, සෙනඟ ඔහුට ඇහුම්කන් දෙන්ට ඔහු වටා එක් රොක් වුණා. (ලූක් 8:1, 4) කෙසේවෙතත්, හැම කෙනෙක්ම දෙවිගේ වචනයට ඇත්තෙන්ම ඇලුම් කළේ නැහැ. බොහෝදෙනෙක් ඇහුම්කන් දෙන්ට පැමිණියේ ප්රාතිහාර්යයන් දැකබලා ගැනීමට නැත්නම් ඔහුගේ පුදුමාකාර ඉගැන්වීමේ කලාව අසා සතුටු වීමට බවට කිසිම සැකයක් නැහැ. ඒ නිසා, යේසුස් සෙනඟට ඇහෙන්ට මෙහෙම උපමාවක් කිව්වා: ‘වපුරන්නෙක් බීජ වපුරන්ට ගියා. ඔහු වපුරද්දී සමහරක් මඟ අසල වැටුණා. ඒවා පයින් පෑගී ගියා, ආකාශ පක්ෂීන් ඒවා අහුලා කෑවා. තවත් ඒවා ගල පිට වැටුණා. පැළවුණු ගමන්ම දියසීරාව නැති නිසා වියළී ගියා. තවත් ඒවා කටු අතරේ වැටුණා. කටුද ඒවා සමඟ වැවී, ඒවා යට කර දැමුවා. තවත් ඒවා සරු පසේ වැටුණා. ඒවා පැළවී, එකෙන් සියයක් ඵල දැරුවා.’—ලූක් 8:5-8.
8. යේසුස්ගේ උපමාවේ බීජය කුමක්ද?
8 ඇහුම්කන් දෙන්නාගේ හෘද තත්වය අනුව ශුභාරංචිය දේශනා කිරීමේ වැඩයට විවිධ ප්රතිචාරයන් ලැබෙන බව යේසුස්ගේ මේ උපමාව පෙන්වනවා. වැපිරූ බීජය නම් ‘දෙවිගේ වචනයයි.’ (ලූක් 8:11) මේ උපමාවම තවත් අයෙක් වාර්තා කරන්නේ බීජය “රාජ්‍යයේ වචනය” හැටියටයි. (මතෙව් 13:19) යෙහෝවා තම ස්වාධිපත්‍යය නිදොස් කර ස්වකීය නාමය විශුද්ධ කරන මාර්ගය වන රජු හැටියට යේසුස් ක්‍රිස්තුස් යටතේ පාලනය වන ස්වර්ගීය රාජ්‍යය දෙවිගේ වචනයේ තේමාව නිසා, ඕනෑම ප්‍රකාශයක් පාවිච්චි කිරීමට යේසුස්ට හැකි වුණා. (මතෙව් 6:9, 10) මෙසේ, බීජය වන්නේ දෙවිගේ වචනය වන බයිබලයේ ඇති ශුභාරංචියේ පණිවිඩයයි. මුල් වපුරන්නා වූ යේසුස් ක්‍රිස්තුස්ව අනුකරණය කරන යෙහෝවාගේ සාක්ෂිකරුවන්, බීජ වපුරද්දී මේ රාජ්‍යයේ පණිවිඩය උලුප්පා දක්වනවා. ඔවුන්ට ලැබෙන්නේ මොන වගේ ප්රතිචාරයක්ද?
9. (අ) මඟ අසල? (ආ) ගල පිට? (ඇ) කටු අතරේ වැටෙන බීජවලින් සංකේතවත් කරන්නේ කුමක්ද?
9 සමහර බීජ මඟ අසල වැටී පෑගී යන බව යේසුස් කිව්වා. මෙයින් යොමු දක්වන්නේ, රාජ්‍යය බීජය ඔවුන්ගේ හෘදවල මුල් ඇදීමට නොලැබෙන තරමට ඕනෑවට වඩා කාර්ය බහුලව සිටින මිනිසුන්ටයි. ඔවුන් දෙවිගේ වචනය කෙරෙහි ඇල්මක් වඩවාගන්ට පෙර ‘යක්ෂයා ඇවිත් ඔවුන් අදහා නොගැළවෙන පිණිස ඔවුන්ගේ සිත්වලින් වචනය උදුරා ගන්නවා.’ (ලූක් 8:12) සමහර බීජ ගල පිට වැටෙනවා. මෙයින් යොමු දක්වන්නේ, බයිබල් පණිවිඩයට ආකර්ෂණයක් ඇතත්, තම හෘද එමගින් බලපෑමට ලක්වීමට ඉඩ නොහරින මිනිසුන්ටයි. විරුද්ධකම් පැමිණි විට, එහෙම නැත්නම් බයිබල් උපදෙස් අදාළ කරගැනීම දුෂ්කර බව ඔවුන්ට වැටහුණු විට, ඔවුන්ට මුල් නැති බැවින් ඔවුන් ‘වැටී යනවා.’ (ලූක් 8:13) වචනය අසන නමුත් “මේ ජීවිතයේ කනස්සලු වීම්වලින්, වස්තුවෙන් සහ සැපජීවිකාවෙන්” යටපත් වන අයත් සිටිනවා. අවසානයේදී කටුපඳුරුවල පැටලී ඇති පැළ වගේ ඔවුන් “මුළුමනින්ම හිර වී” යනවා.—ලූක් 8:14, NW.
10, 11. (අ) සරු පසෙන් සංකේතවත් කරන්නේ කාවද? (ආ) දෙවිගේ වචනය අපේ හෘදවල ‘තදින් රඳවාගැනීම’ සඳහා අප කුමක් කළ යුතුද?
10 අන්තිම වශයෙන් සරු පසේ වැටෙන බීජත් තිබෙනවා. මෙයින් පෙන්වන මිනිසුන් වන්නේ, “අවංකවූ යහපත් සිතින් [හෘදයෙන්, NW]” පණිවිඩය භාරගන්නා අයයි. තමාත් වැටෙන්නේ මේ ඝනයට බව සිතීමට අප එක් එක්කෙනා කැමති වෙනවාට සැකයක් නැහැ. කෙසේවෙතත්, අවසාන තක්සේරුවේදී වැදගත් වෙන්නේ යෙහෝවාගේ දෘෂ්ටියයි. (හිතෝපදේශ 17:3; 1 කොරින්ති 4:4, 5) අපට ‘අවංක වූ යහපත් හෘදයක්’ තිබෙනවා කියන්නේ දැන් සිට අපේ මරණය තෙක් හෝ දෙවි මේ දුෂ්ට දේවල පිළිවෙළ මත අවසානයක් ගෙනෙන තුරු හෝ අපේ ක්‍රියාවෙන් ඔප්පු කරවන දෙයකටයි. රාජ්‍යයේ පණිවිඩයට අප මුලින්ම දක්වන ප්‍රතිචාරය ඒකාන්ත නම් ඒක හොඳයි. කෙසේවෙතත්, අවංක වූ යහපත් හෘදයක් ඇති අය දෙවිගේ වචනය පිළිගන්න අතර, එය ‘තදින් රඳවාගෙන විඳදරාගැනීමෙන් යුතුව ඵල දරනවා.’—ලූක් 8:15, NW.
11 දෙවිගේ වචනය අපේ හෘද තුළ තදින් රඳවාගත හැකි ස්ථිරසාර එකම ක්‍රමය වන්නේ, පෞද්ගලිකව මෙන්ම සෙසු ක්‍රිස්තියානීන් සමඟ හවුලේ එය කියවීම සහ අධ්‍යයනය කිරීමයි. යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ගේ ආත්මික අවශ්‍යතා බලාකියා ගැනීමට පත් කර ඇති මාධ්‍යය තුළින් සපයන ආත්මික ආහාරවලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමත් මීට ඇතුළත්. (මතෙව් 24:45-47) මේ ආකාරයට තම හෘදවලින් දෙවිගේ වචනය තදින් අල්ලාගෙන සිටින අය ‘විඳදරාගැනීමෙන් යුතුව ඵල දරන්ට’ ප්‍රේමයෙන් පෙලඹෙනවා.
12. අප විඳදරාගැනීමෙන් යුතුව දැරිය යුත්තේ කුමන ඵලද?
12 සරු පස උපදවන්නේ කිනම් ඵලද? ශාක ලෝකයේ පැළ බවට පත් වන බීජ, එම වර්ගයේම බීජ ඇති ඵල දරනවා. ඉන්පසු ඒවා තවත් ඵල බවට පත්වීම සඳහා ව්‍යාප්ත වෙනවා. ඒ හා සමානව, අවංක සහ යහපත් හෘදයක් ඇති අය තුළ වචනයේ බීජ වැඩී ඔවුන් ආත්මිකව වර්ධනය වන අතර, ප්‍රතිඵලයක් හැටියට ඔවුන් අනිත් අයගේ හෘදවල බීජ වපුරනවා. (මතෙව් 28:19, 20) එමෙන්ම ඔවුන්ගේ බීජ වැපිරීම විඳදරාගැනීම හා මුසුව තිබෙනවා. වපුරන විට විඳදරාගැනීමේ වැදගත්කම යේසුස් මෙසේ පෙන්නුවා: “අන්තිමය දක්වා ස්ථිරව සිටින්නාම [විඳදරාගන්නාම, NW] ගැළවෙන්නේය. රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.”—මතෙව් 24:13, 14.
“සියලු ආකාර යහපත් ක්‍රියාවලින් ඵලදරමින්”
13. දෙවිගේ වචනය පිළිබඳ දැනුම සමඟ ඵල දැරීම සම්බන්ධ කළේ පාවුල් කළ කුමන යාච්ඤාවේදීද?
13 ඵල දැරීමේ අවශ්‍යතාව ගැන ප්‍රේරිත පාවුල්ද කතා කළ අතර, ඔහු දෙවිගේ වචනය ඵලදැරීමට සම්බන්ධ කළා. සෙසු ඇදහිලිවන්තයන්ට “සියලු ආකාර යහපත් ක්‍රියාවලින් ඵලදරමින් යෙහෝවාව මුළුමනින්ම ප්‍රසන්න කිරීමේ අටියෙන් ඔහු ඉදිරියෙහි ඔබින ලෙස ගමන් කිරීමට සියලු ආකාර ප්‍රඥාව සහ ආත්මික වටහාගැනීම ඇතුව [දෙවිගේ] කැමැත්ත පිළිබඳ නිවැරදි දැනුමෙන් පූර්ණ වී [සිටින්න]” හැකි වන ලෙස ඔහු යාච්ඤා කළා.—කොලොස්සි 1:9, 10, 12, NW; පිලිප්පි 1:9-11.
14-16. පාවුල්ගේ යාච්ඤාවට එකඟව, දෙවිගේ වචනයට ඇලුම් කරන අය නිපදවන ඵල මොනවාද?
14 මේ ආකාරයෙන්, බයිබල් දැනුම ලබාගැනීම අවසානය නොවන බව පාවුල් පෙන්නුවා. ඒ වෙනුවට, දෙවිගේ වචනයට ඇති ඇල්ම “සියලු ආකාර යහපත් ක්‍රියාවලින් ඵලදරමින් . . . [යෙහෝවා] ඉදිරියෙහි ඔබින ලෙස ගමන් කිරීමට” අපව පොලඹවනවා. කුමන යහපත් ක්‍රියාවලටද මෙය යොමු දක්වන්නේ? මේ අන්තිම දවස්වල ක්‍රිස්තියානීන්ට දී තිබෙන සුවිශේෂී පැවරුම නම් රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමයි. (මාර්ක් 13:10) ඊට අමතරව, දෙවිගේ වචනයට ඇලුම් කරන අය මේ වැඩයට නිතිපතා මූල්‍යමය ලෙස උපකාර කිරීමට ඔවුන්ගේ උපරිමය කරනවා. “සතුටු සිතින් දෙන්නාට [දෙවි] ප්‍රේමකරන” බව දන්නා මොවුන් මේ වරප්‍රසාදය ගැන ප්‍රීති වෙනවා. (2 කොරින්ති 9:7) රාජ්‍යය දේශනා කටයුතු හසුරුවන සහ බයිබල් සහ ඒ ආශ්රිත ප්‍රකාශන නිපදවන බෙතෙල් පහසුකම් සියයකට වැඩි ප්‍රමාණයක මෙහෙයුම් කටයුතුවලට වැය වෙන මුදල් ගෙවීම සඳහා ඔවුන්ගේ සම්මාදම් යොදාගැනෙනවා. තවදුරටත්, විශාල ක්‍රිස්තියානි සමුළු සඳහා මෙන්ම සංචාරක අවේක්ෂකයන්, මිෂනාරිවරුන් සහ අනෙකුත් පූර්ණ කාලීන එවැන්ජලිස්තවරුන් සඳහා වැය වෙන මුදල් ගෙවීමටත් මේ සම්මාදම් උපකාර වෙනවා.
15 සැබෑ නමස්කාරය සඳහා මධ්‍යස්ථාන ඉදි කිරීම සහ බලාකියා ගැනීම අනිකුත් යහපත් ක්‍රියාවන්වලට අයත් වෙනවා. දෙවිගේ වචනය කෙරෙහි ඇති ඔවුන්ගේ ඇල්ම එම එක්රැස්වීම් සහ රාජ්‍යය ශාලා නොසලකා හැරීමෙන් වැළකී සිටීමට දෙවිගේ නමස්කාරකයන්ව පොලඹවන්ට යනවා. (නෙහෙමියා 10:39 සසඳන්න.) දෙවිගේ නම එවැනි ගොඩනැඟිලිවල ඉදිරිපිට සඳහන් වන නිසා, ඒවායේ ඇතුළත් පිටත් පිරිසිදුව සහ ආකර්ෂණීයව තබාගැනීම වැදගත් වන අතර, නමස්කාරය සඳහා එහි යන්නන් දෝෂ සහිත හැසිරීමෙන් වැළකී සිටිය යුතුයි. (2 කොරින්ති 6:3) සමහර ක්‍රිස්තියානීන්ට වැඩිමනත් දේවල් කළ හැකියි. දිළිඳුකම නිසා හෝ නිපුණත්වය අඩු නිසා හෝ ලෝකයේ සමහර ප්‍රදේශවල අවශ්‍යතාව මත එවැනි අලුත් ස්ථාන ඉදි කිරීමේ කටයුතුවල හවුල් වීම සඳහා බොහෝ දුර බැහැර රටවලට යන්ට ඔවුන්ව පොලඹවන්නේ දෙවිගේ වචනය කෙරෙහි ඇති ඇල්මයි.—2 කොරින්ති 8:14.
16 පවුල් වගකීම් බලාකියා ගැනීමත් සෙසු ක්‍රිස්තියානීන් ගැන සැලකිල්ල පෙන්වීමත් “සියලු ආකාර යහපත් ක්‍රියාවලින් ඵල [දැරීමට]” අයත් වෙනවා. දෙවිගේ වචනයට ඇති ඇල්ම “ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්[ගේ]” ඕනෑ එපාකම් ගැන සංවේදනය දැක්වීමටත් “[අපේම] ගෙවැසියන් ගැන භක්තිවන්ත ලෙස ක්‍රියා කරන්ටත්” අපව පොලඹවනවා. (ගලාති 6:10; 1 තිමෝති 5:4, 8, NW) මේ සම්බන්ධයෙන් ගත් කල, රෝගාතුර අයව බලන්ට යෑමත් දුකින් සිටින්නන්ව සැනසීමත් යහපත් ක්‍රියාවක්. එමෙන්ම සභා වැඩිමහල්ලන් සහ අභියෝගාත්මක වෛද්‍ය තත්වයන්වලට මුහුණ දෙන අයට උපකාර කරන රෝහල් සබඳතා කමිටු විසින් ඉටු කරන යහපත් වැඩ මොනතරම්ද! (ක්‍රියා 15:28, 29) ඒවගේම, ආපදා එන්න එන්නම වැඩි වෙනවා. මින් සමහරක් ස්වාභාවික ඒවා වන අතර අනිත් ඒවා මිනිසුන්ගේ දුෂ්ටකම නිසා ඇති වන ඒවායි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙවිගේ ආත්මයේ උපකාරයෙන් ඔවුන්ගේ සෙසු ඇදහිලිවන්තයන් සහ ආපදාවන්ට ගොදුරු වූ වෙනත් අයට ඉක්මන් සහනාධාර සැපයීම පිළිබඳව පොළොවේ බොහෝ තැන්වල හොඳ නමක් දරනවා. මේ සෑම දෙයක්ම දෙවිගේ වචනයට ඇලුම් කරන්නන් දරන යහපත් ඵලවලට සාක්ෂි වෙයි.
තේජවත් අනාගත ආශීර්වාද
17, 18. (අ) රාජ්‍යය බීජ වැපිරීමෙන් අත් කරගෙන ඇත්තේ කුමන ප්‍රතිඵලද? (ආ) දෙවිගේ වචනයට ඇලුම් කරන අය ඉතා ඉක්මනින් අද්දකින්ට යන්නේ කිනම් වැදගත් සිදුවීම්ද?
17 රාජ්‍යය බීජ වැපිරීම මනුෂ්‍යවර්ගයා සඳහා දිගටම ආශීර්වාද ගෙනෙමින් තිබෙනවා. මෑත කාලවල තම ජීවිත යෙහෝවාට කැප කර වතුරෙන් බව්තීස්ම වීම සඳහා සෑම වසරකම 3,00,000කට වඩා වැඩිදෙනෙක් බයිබල් පණිවිඩය ඔවුන්ගේ හෘදවල මුල් බැසීමට ඉඩහැර තිබෙනවා. ඔවුන්ට තිබෙන්නේ මොනතරම් තේජවත් අනාගතයක්ද!
18 යෙහෝවා දෙවි ඉතා ඉක්මනින් තම නාමය ප්‍රශංසාවට පත් කිරීම සඳහා නැඟී සිටින්ට යන බව දෙවිගේ වචනයට ඇලුම් කරන්නන් දන්නවා. බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන “මහා බබිලෝනිය” විනාශ කරන්ට යනවා. (එළිදරව් 18:2, 8) එවිට, දෙවිගේ වචනයට එකඟව ජීවත් වීම ප්‍රතික්ෂේප කරන අයව රජු වන යේසුස් ක්‍රිස්තුස් විසින් මරණයට පත් කරනු ලබනවා. (ගීතාවලිය 2:9-11; දානියෙල් 2:44, 45) ඊට පසුව, දෙවිගේ රාජ්‍යය අපරාධ, යුද්ධ සහ වෙනත් ආපදාවලින් සදාකාලික සහනය ගෙනෙන්ට යනවා. වේදනාව, අසනීප සහ මරණය හේතුවෙන් කිසිම කෙනෙකුව සනසන්ට අවශ්‍යතාවක් තිබෙන්ට යන්නේ නැහැ.—එළිදරව් 21:3, 4.
19, 20. දෙවිගේ වචනයට ඇත්තටම ඇලුම් කරන අය වෙනුවෙන් පිළියෙළ කර ඇති තේජවත් අනාගතය කුමක්ද?
19 දෙවිගේ වචනයට ඇලුම් කරන අය විසින් අත් කරගන්ට යන තේජවත් යහපත් ක්‍රියා කොතරම්ද! අර්මගෙදොනයෙන් බේරෙන්නන් මේ පොළොව පාරාදීසයක් බවට පරිවර්තනය කිරීමේ ප්‍රීතිමත් කාර්යය ආරම්භ කරන්ට යනවා. මළවුන්ගෙන් නැවත නැඟිටීමේ අපේක්ෂාව ඇති දෙවිගේ මතකයේ සිටින මරණයේ සැතපී සිටින්නන්ට අවශ්‍ය දේවල් සූදානම් කිරීමේ මහත් හැඟීම්බර වරප්‍රසාදය මොවුන්ට ලැබෙන්ට යනවා. (යොහන් 5:28, 29) එම කාලයේදී, ස්වාධිපති ස්වාමි වූ යෙහෝවාගෙන් ලොවැසියන්ට, ගෞරවයට පත් කරන ලද යේසුස් ක්‍රිස්තුස් තුළින් පරිපූර්ණ ආකාරයේ මඟ පෙන්වීම් ගලා එන්ට යනවා. නව ලොවේ ජීවිතය සඳහා අවශ්‍ය යෙහෝවාගේ උපදෙස් දක්වන ‘පොත් දිගහරින්ට යනවා.’—එළිදරව් 20:12.
20 යෙහෝවා තම නියමිත කාලයේදී, ඇදහිලිවන්ත ආලේප ලත් ක්‍රිස්තියානීන් සියලුදෙනාවම ‘ක්‍රිස්තුස් හා සමඟ හවුල් උරුමක්කාරයන්’ ලෙස ඔවුන්ගේ ස්වර්ගීය විපාකය වෙතට නැඟිටුවන්ට යනවා. (රෝම 8:17) ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය තුළදී, දෙවිගේ වචනයට ඇලුම් කරන සියලුදෙනාවම මානසික සහ ශාරීරික පරිපූර්ණත්වයට පමුණුවන්ට යනවා. අවසාන පරීක්ෂණයේදී ඇදහිලිවන්ත බව ඔප්පු කළාට පසු, ඔවුන්ට සදාකාල ජීවනයේ ත්‍යාගය දෙනු ලබන අතර, ඔවුන් “දෙවිගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කම” භුක්ති විඳින්ට යනවා. (රෝම 8:21; එළිදරව් 20:1-3, 7-10) එය මොනතරම් පුදුමාකාර කාලයක් වේවිද! යෙහෝවා ඇත්තෙන්ම අපට ස්වර්ගීය හෝ භූමික අපේක්ෂාව යන දෙකෙන් කුමන එක දෙනු ලැබුවත්, ඔහුගේ වචනය කෙරෙහි විඳදරාගැනීමෙන් යුත් ඇල්මක් සහ දිව්‍ය ප්‍රඥාවට එකඟව ජීවත් වීමට අධිෂ්ඨානයක් තිබෙනවා නම් එය අද අපව ආරක්ෂා කරාවි. එමෙන්ම, අප ‘එය වැලඳගත් නිසා [අනාගතයේදී] එය අපව ගෞරවයට පත් කරාවි.’—හිතෝපදේශ 4:6, 8.
ඔබට පැහැදිලි කළ හැකිද?
◻ දෙවිගේ වචනයට ඇති ඇල්ම අපව ආරක්ෂා කරන්නේ කෙසේද?
◻ යේසුස්ගේ උපමාවේ බීජය කුමක්ද? එය වපුරන්නේ කොහොමද?
◻ අපි ‘සරු පස්’ බව අපට ඔප්පු කළ හැක්කේ කෙසේද?
◻ දෙවිගේ වචනයට ඇලුම් කරන අයට බලාපොරොත්තු විය හැකි ආශීර්වාද මොනවාද?
[16වන පිටුවේ පින්තූරය]
යේසුස්ගේ උපමාවේ බීජය සංකේතවත් කරන්නේ දෙවිගේ වචනය තුළ ඇති ශුභාරංචියේ පණිවිඩයයි
[හිමිකම් විස්තර]
Garo Nalbandian
[17වන පිටුවේ පින්තූරය]
යෙහෝවාගේ සාක්ෂිකරුවන් ශ්‍රේෂ්ඨ වපුරන්නාව අනුකරණය කරනවා
[18වන පිටුවේ පින්තූර]
අර්මගෙදොනෙන් බේරෙන්නන් පොළොවේ ඵල භුක්ති විඳින්ට යනවා