-
‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න’“මගේ අනුගාමිකයෙක් වෙන්න”
-
-
12 යේසුස් තම අනුගාමිකයන්ට කාලය අපතේ යවන කාරණාවලින් වැළකී සිටීමටත් උපදෙස් දුන්නා. ‘මඟදී මුණගැසෙන අයට සුපුරුදු ලෙස ආචාර කිරීමට කාලය නාස්ති කරන්න එපා’ කියා යේසුස් ඔවුන්ට පැවසුවා. (ලූක් 10:4) එසේ පැවසීමෙන් යේසුස් අදහස් කළේ මිත්රශීලී නොවී කටයුතු කරන්න කියාද? කොහෙත්ම නැහැ. යේසුස් එසේ කීමට හේතුව එදා සිටි මිනිසුන් ආචාර කිරීමේදී සැප දුක් විමසමින් දීර්ඝ සාකච්ඡාවක නියැලීම සිරිතක් වූ නිසයි. ඒ පිළිබඳව එක් යුරෝපීය ජාතික බයිබල් විශාරදයෙක් මෙවැනි දෙයක් පැවසුවා. “අප ආචාර කරන්නේ අතට අත දී හෝ හිස මදක් නැවීමෙන් පමණයි. නමුත් ඒ ප්රදේශවල විසූ අය ආචාර කිරීමේදී කිහිප වතාවක්ම වැලඳගන්නවා. ඒ වගේම හිස පහතටම නමා හෝ දණින් වැටී ආචාර කරනවා. ඒ ආකාරයට ආචාර කිරීමේදී යම් කාලයක් ගත වෙනවා.” තම අනුගාමිකයන්ට පැවරූ කාර්යය කල් නොදමා කළ යුතු දෙයක් නිසා එවැනි දේවලට කාලය නාස්ති නොකළ යුතු බව යේසුස් ඔවුන්ට පැවසුවා.a
-
-
‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න’“මගේ අනුගාමිකයෙක් වෙන්න”
-
-
b මිනිසුන්ට තම ගෝලයන් වන්න උපකාර කරන්න කියා යේසුස් ආඥා කරන විට ඔහුගේ අනුගාමිකයන් සිය ගණනක් එතැන රැස්ව සිටින්න ඇති. ඊට හේතුව යේසුස්ගේ අනුගාමිකයන්ගෙන් වැඩි පිරිසක් සිටියේ ගලීලයෙයි. ‘පන්සියදෙනෙකුට වඩා වැඩි පිරිසක් ඉදිරියේ ඔහු පෙනී සිටියා’ කියා 1 කොරින්ති 15:6හි සඳහන් අවස්ථාව, මතෙව් 28:16-20හි සඳහන් අවස්ථාවම විය හැකියි.
-