-
බයිබල් පොත් අංකය 32—යෝනා“මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා)
-
-
3 යෝනාගේ පොතේ අඩංගු සම්පූර්ණ වාර්තාව විශ්වාසවන්ත බවට කිසිදු ප්‍රශ්නයක් නොමැත. ‘අපගේ ඇදහිල්ලේ කර්තෘවරයා වූ යේසුස්’ යෝනාව සැලකුවේ සැබෑ පුද්ගලයෙකු ලෙසය. එමෙන්ම යෝනාගේ පොතෙහි සඳහන් අනාවැකිමය සිදුවීම් දෙකක් පිළිබඳව දේවානුභාවය ලත් විස්තර කිරීමක් යේසුස් සැපයුවේය. එමගින් ඔහු පෙන්වා දුන්නේ යෝනාගේ පොත සැබෑ අනාවැකි අඩංගු පොතක් බවයි. (හෙබ්‍රෙ. 12:1; මතෙ. 12:39-41; 16:4; ලූක් 11:29-32) යුදෙව්වන් විසින් බොහෝවිට තම පිළිගත් ආගමික පොත්වලට යෝනාගේ පොත ඇතුළත් කර ඇති අතර යෝනා ඉතිහාසගත පුද්ගලයෙකු වශයෙන්ද පිළිගන්නා ලදි. යෝනා තමාගේ අඩුපාඩුකම් සහ දුර්වලකම් සැඟවීමට වෑයම් නොකර, ඒවා අවංකවම විස්තර කර ඇත. එමගින්ද ඔහුගේ වාර්තාවේ සත්‍යතාව තහවුරු වේ.
-
-
බයිබල් පොත් අංකය 32—යෝනා“මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා)
-
-
11 ආගමික නායකයන්ට දිය හැකි එකම ලකුණ, “යෝනාගේ ලකුණ” බව යේසුස් ඔවුන්ට පැවසූ බව මතෙව් 12:38-41හි සඳහන් වේ. “පාතාල ගැබේ” දහවල් තුනක්ද රෑ තුනක්ද සිටීමෙන් පසු යෝනා දේශනා කිරීමට නිනිවයට ගියේය. එය නිනිවයේ වැසියන්ට “ලකුණක්” විය. (යෝනා 1:17; 2:2; 3:1-4) ඒ හා සමානව, යේසුස් දින තුනක් ආවරණය කළ කාලපරිච්ඡේදයක් මිනි වළෙහි සිටියායින් පසු ඔහුව නැවත නැඟුටුවන ලදි. යේසුස්ගේ ගෝලයන් එම සිද්ධිය ගැන සාක්ෂි දරද්දී යේසුස් එම පරම්පරාවට ලකුණක් විය. කාලය ගණනය කිරීමේ යුදෙව්වන්ගේ ක්‍රමයට හා යේසුස් සම්බන්ධයෙන් ඉටු වූ අනාවැකිවලට අනුව, ‘දහවල් තුනක්ද රෑ තුනක්ද’ වූ මෙම කාලය සම්පූර්ණ දවස් තුනකට වඩා අඩුය.b
12 මේ සාකච්ඡාවේදීම යේසුස් තමා දේවසේවය කළ කාලයේ සිටි යුදෙව්වන්ගේ හදවත්වල තිබූ දැඩි ස්වභාවය මෙන්ම තමන්ව කෙළින්ම ප්‍රතික්ෂේප කිරීම සමඟ නිනිවයේ වැසියන්ගේ පසුතැවිලි වීම සසඳමින් එම ප්‍රතිචාර දෙකෙහි වෙනස ගෙනහැර දැක්වුවේය. යේසුස් මෙසේ පැවසීය. “නිනිවයේ මනුෂ්‍යයෝ මේ පරම්පරාවට විරුද්ධව විනිශ්චයේදී නැඟිට එය වරදට පත් කරන්නෝය. මක්නිසාද යෝනාගේ දේශනා කිරීමෙන් ඔවුහු පසුතැවිලි වූවෝය. බලව, යෝනාට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි.” (මතෙව් 16:4 සහ ලූක් 11:30, 32ද බලන්න.) “යෝනාට වඩා උතුම් කෙනෙක්” යන වදන්වලින් යේසුස් අදහස් කළේ කුමක්ද? “පසුතැවිලි වෙන්න. මක්නිසාද ස්වර්ග රාජ්‍යය ළං වී තිබේය කියා” දේශනා කිරීමට යෙහෝවා විසින් එවන ලද යේසුස් සියලුම අනාගතවක්තෘවරුන්ගෙන් උතුම්ම තැනැත්තා බව ඔහු මෙහිදී පෙන්නුම් කළේය. (මතෙ. 4:17) කෙසේවෙතත් එම පරම්පරාවේ සිටි යුදෙව්වන්ගෙන් බහුතරය “යෝනාගේ ලකුණ” ප්‍රතික්ෂේප කළෝය. අදදින ගැන කුමක් කිව හැකිද? යෙහෝවාගේ අනතුරු ඇඟවීමේ පණිවිඩයට බොහෝදෙනෙකු සවන් නුදුන්නත්, “මනුෂ්‍ය පුත්‍රයා” වූ යේසුස් විසින් ප්‍රථමයෙන් දේශනා කරන ලද දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචියට සවන් දීමේ මහඟු ප්‍රස්තාව ලෝක ව්‍යාප්තව වෙසෙන දහස් ගණනකට විවෘත වී ඇත. යෝනාගේ දේශනා කිරීම තුළින් ආශීර්වාද ලැබූ පසුතැවිලි වූ නිනිවයේ වැසියන්ට මෙන් ඔවුන්ටද, දිගු කාලීන ජීවිතයක් සඳහා යෙහෝවා පිළියෙළ කර තිබෙන බහුල වූ දයාන්විත සැපයුම්වලට හවුල් විය හැක. මන්ද “ගැළවීම අයිති යෙහෝවාට” බැවිනි.—යෝනා 2:9.
-