-
‘මා නිහතමානී කෙනෙක්’“මගේ අනුගාමිකයෙක් වෙන්න”
-
-
17-19. (අ) යේසුස්ගේ මරණයට පෙර දා රාත්රියේදී නිහතමානී වීමට ඔහු තම නියෝජිතයන්ට ඉගැන්වූයේ කෙසේද? (ආ) යේසුස් විශිෂ්ටතම ආකාරයකින් නිහතමානී වීම යනු කුමක්ද කියා පෙන්වූයේ කෙසේද?
17 යේසුස් තම අනුගාමිකයන්ට නිහතමානී වීම පිළිබඳව අවබෝධ කර දුන් මුල් අවස්ථාවත් අන්තිම අවස්ථාවත් එය නොවෙයි. නමුත් ඔවුන් එම කාරණය මුළුමනින්ම අවබෝධ කරගත්තේ නැහැ. මීට පෙර අවස්ථාවකදීද ඔවුන් අතරින් උතුම් තැනැත්තා කවුද කියා මතභේදයක් පැනනැඟුණා. එවිට යේසුස් කුඩා දරුවෙකුව පෙන්වා, දරුවන් මෙන් කටයුතු කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. මන්ද සාමාන්‍යයෙන් කුඩා දරුවන් අතර උස් පහත් භේද, උඩඟුකම හා අන් අයව පාලනය කිරීම වැනි නරක ගතිලක්ෂණ දකින්න ලැබෙන්නේ නැහැ. (මතෙව් 18:1-4) ඒ කෙසේවෙතත් යේසුස්ගේ මරණයට පෙර දා රාත්‍රියේදීත් ඔවුන් හැසිරුණු ආකාරයෙන් ඔවුන් තුළ උඩඟුකම තිබූ බව යේසුස් දුටුවා. එවිට යේසුස්, සාමාන්‍යයෙන් නිවසට පැමිණි අමුත්තෙකුව පිළිගැනීමේදී සේවකයෙකු විසින් කරනු ලබන දෙයක් කළා. ඔහු තම ඉණ වටා තුවායක් බැඳගෙන, තමාව පාවා දීමට සිටි යූදස් ඇතුළු තම නියෝජිතයන් සෑම කෙනෙකුගේම පාද සේදුවා. එය මොන තරම් කදිම ආදර්ශයක්ද!—යොහන් 13:1-11.
18 ඒ තුළින් යේසුස් ඉගැන්වීමට වෑයම් කළ දේ කුමක්ද කියා මෙසේ පැහැදිලි කළා. “මා ඔබට කළා වගේ ඔබත් කළ යුතුයි.” (යොහන් 13:15) ඒ සිද්ධියෙන් පසුවත් ඔවුන් නිහතමානීව හැසිරෙන්නේ කෙසේද කියා අවබෝධ කරගත්තාද? නැහැ! එදින රාත්‍රියේම නැවතත් තමන් අතරේ උතුම් තැනැත්තා කවුද කියා ඔවුන් වාද කළා! (ලූක් 22:24-27) ඒ අවස්ථාවේදී යේසුස්ට කෝපයක් ඇති වුණා නම් එය සාධාරණයි. නමුත් ඔහු දිගටම නිහතමානීව හා ඉවසිලිවන්තව කටයුතු කළා. පසුව ඔහු විශිෂ්ටතම ආකාරයකින් නිහතමානී වීම යනු කුමක්ද කියා පෙන්නුවා. ඒ ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. “ඔහු මිනිසෙකු ලෙස සිටියදී බොහෝ සෙයින් යටහත්පහත් වූයේය. කොතරම් යටහත් වූවාද කිවහොත් මරණය විඳීමට එනම්, වධකණුවක මරණයක් විඳීමට තරම් ඔහු දෙවිට කීකරු වූයේය.” (ෆිලිප්පි 2:8) අපරාධකරුවෙක් සහ දෙවිට අපහාස කරන්නෙක් ලෙස බොරු චෝදනා ලබා නින්දිත මරණයකට මුහුණ දීමට යේසුස්ට සිදු වුණත් ඔහු ඊට සිය කැමැත්තෙන්ම යටත් වුණා. යෙහෝවා දෙවිගේ සියලුම නිර්මාණ අතරින් නිහතමානිකම පරිපූර්ණ අන්දමින් විදහා පෑ එකම තැනැත්තා ඔහුයි.
-
-
‘මා නිහතමානී කෙනෙක්’“මගේ අනුගාමිකයෙක් වෙන්න”
-
-
22 තමන්ගේ අකමැත්ත මැද යේසුස් තම පාද සේදූ රාත්‍රිය පේතෘස්ට කිසිසේත් අමතක නොවෙන්න ඇති! (යොහන් 13:6-10) පේතෘස් මේ දේ ලිව්වේ සියලුම ක්‍රිස්තියානීන්ටයි. “ඔබ සියලුදෙනා එකිනෙකා සමඟ කටයුතු කරන විටදී නිහතමානීව හැසිරීමට පුරුදු වන්න.” (1 පේතෘස් 5:5) “නිහතමානීව හැසිරීමට පුරුදු වන්න” යන වදන් පේතෘස් ග්‍රීක භාෂාවෙන් ලියද්දී ඔහු යොදාගත්තේ, “නිහතමානිකම පැළඳගන්න” යන්න ලෙසයි. ඔහු උත්සාහ දැරුවේ පාඨකයාගේ මනසේ යම් චිත්‍රයක් මවන්නයි. එනම් නිවසක මෙහෙකාරකම් කරන කෙනෙක් වැඩ කිරීමට පෙර පිළිවැස්මක් හෙවත් ඒප්රනයක් පැළඳගැනීමයි. ඔබ පේතෘස් පැවසූ දේ කියවන විට යේසුස් තම ගෝලයන්ගේ පාද සේදීමට පෙර තම ඉණ වටා තුවායක් බැඳගත් ආකාරය සමහරවිට ඔබේ සිතේ මැවෙන්නට පුළුවන්. අපි යේසුස්ව අනුකරණය කරනවා නම් දෙවිගෙන් ලැබුණු කිසිම පැවරුමක් අපේ තත්වයට ගැළපෙන්නේ නැහැ කියා අපි සිතන්නේ නැහැ. අප සැබවින්ම නිහතමානී නම් අප පැළඳ සිටින ඇඳුම අන් අයට පෙනෙනවා හා සමානව, අප නිහතමානී නම් එය අන් අයට පෙනෙනවා.
-