යහපත මගින් කවදා හෝ නපුර පරාජය කරයි ද?
දැනට වසර දෙදහසකට පමණ පෙර, අහිංසක මනුෂ්‍යයෙක් වූ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, සිය ජීවිතය සම්බන්ධ නඩු විභාගයකට පෙනී සිටි සේක. නපුරු මනුෂ්‍යයන් උන් වහන්සේ ව විනාශ කරන්නට උපාය යොදමින් සිටියේ, උන් වහන්සේ සත්‍යය කථා කළ නිසා ය. එහි දී රාජ්‍ය ද්‍රෝහි යයි බොරුකාර ලෙස උන් වහන්සේට චෝදනා කරන ලද අතර සමූහයා උන් වහන්සේ ව මරන්නැයි මොරගැසූහ. යටහත් පහත් වඩුවෙකුගේ ජීවිතයට වඩා තමාගේ ම දේශපාලන ගරුත්වය උසස් කොට අගය කළ, රෝමානු ආණ්ඩුකාරයෙක්, යේසුස් වහන්සේ ව කෲර මරණයකට තීන්දු කළේ ය. පිටතින් දැකිය හැකි සෑම ආකාරයකින් ම, නපුර ජයග්‍රහණය කර තිබූ බව පෙනෙන්නට තිබිණ.
කෙසේ වෙතත්, සිය මරණයට පෙර දින රාත්‍රියේ, යේසුස් වහන්සේ සිය ගෝලයන්ට “මම ලෝකයෙන් ජයගතිමි” යයි වදාළ සේක. (යොහන් 16:33) එහි දී උන් වහන්සේ කුමක් අදහස් කළ සේක් ද? යම් දුරකට එයින් අදහස් වූයේ ලෝකයේ නපුරුකම උන් වහන්සේ තුළ තික්ත භාවය ඇති කළේවත්, එකට එක කිරීමට හෝ උන් වහන්සේ ව පෙලඹවූවේවත් නැති බව ය. ලෝකය උන් වහන්සේ ව නපුරු අච්චුවක් තුළට මිරිකා තිබුණේ නැත. (රෝම 12:2, ෆිලිප්ස් සසඳන්න.) මැරෙන විට දී පවා, උන් වහන්සේ තමන් ව මරණයට පත් කිරීමේ හවුල් වෙමින් සිටි අය වෙනුවෙන් මෙසේ යාච්ඤා කළසේක: “පියාණෙනි, ඔවුන්ට කමාවුව මැනව; මක්නිසාද ඔවුන් කරන්නේ මොකද කියා ඔව්හු නොදනිති.”—ලූක් 23:34.
යේසුස් වහන්සේ—සිය අන්තිම හුස්ම හෙලූ අවස්ථාව දක්වා ම—නපුර පැරදවිය හැකි බව දැක්වූ සේක. නපුරට එරෙහි ව සටන ගෙන යන ලෙස උන් වහන්සේ සිය අනුගාමිකයන්ගෙන් උදක් ම ඉල්ලා සිටි සේක. ඔවුන්ට එය කළ හැක්කේ කෙසේ ද? “කාටවත් නපුරට නපුර නොකරල්ලා” යන ශුද්ධ ලියවිලිමය අවවාදයට අවනත වීමෙනුත්, යේසුස් වහන්සේ කර තිබූ ආකාරයට “යහපත්කමෙන් නපුරුකම පරාජය” කිරීමෙනුත් ය. (රෝම 12:17, 21) එහෙත් එවන් ක්රියාකලාපයක් සැබවින් ම ප්‍රතිඵල ගෙන දෙයි ද?
ඩකෞ හි නපුර සමඟ සටන් කිරීම
එල්සා වනාහි, අවුරුදු 14ක් වයසැති රුසියානු දැරියකට මාහැඟි ත්‍යාගයක් වන, ඇදහිල්ලේ හා බලාපොරොත්තුවේ තෑග්ග දුන්, ඩාචවු හි සිරගත කරන ලද ජර්මානු කාන්තාවකි.
ඩකෞ වනාහි, දහස් සංඛ්‍යාවක් විෂකර ගෑස්වලින් මරා දැමුවා වූ ද, මෙම යෞවන රුසියානු දැරිය ද ඇතුළු ව සිය ගණනක් භයානක වෛද්‍ය අත්හදා බැලීම්වලට ගොදුරු කළා වූ ද, ප්‍රකට නාට්සි පාලක සිර කඳවුරකි. ඩාචවු නපුරුකමේ සාරය ලෙස පෙනෙන්නට තිබුණි. එහෙත්, එවන් නිසරු යයි පෙනෙන්නට තිබූ පසේ පවා, හොඳ හටගත් අතර එය බොහෝ සෙයින් බෝවන්නට පවා පටන් ගති.
එස්එස් හමුදා භටයන් විසින් සිය මව ව අමානුෂික අන්දමින් දූෂණය කරනු බලා සිටින්නට ද බල කරනු ලැබූ මෙම නව යොවුන් දැරිය කෙරෙහි මහත් කනගාටුවක් එල්සාට දැනිණ. එල්සා, තමාගේ ම ජීවිතය පරදුවට තබමින්, යහපත හා නපුර ගැනත්, නැවත නැගිටීම පිළිබඳ ශුද්ධ ලියවිල්ල මත පදනම් බලාපොරොත්තුව ගැනත් මෙම දැරියට කථා කිරීමට ප්‍රස්තාවන් බලා සිටියා ය. වෛර කරනු වෙනුවට ප්‍රේම කරන්නට ඇය තම යොවුන් මිතුරියට ඉගැන්වූවා ය. පසු ව එල්සාට ස්තුති වන්නට එම රුසියානු දැරියට ඩාචවු හි, සංත්රාසයන්ගෙන් බේරී ජීවත්වීමට හැකි විය.
එල්සා ඇය කළ දෙය කළේ, ඇයට ක්‍රිස්තුස් වහන්සේගේ පරාර්ථකාමී ආදර්ශය අනුගමනය කරන්නට ඕනෑ ව තිබූ නිසා ය. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු හැටියට, ඇය නපුරට නපුර නොකරන්නට ඉගෙන ගත් අතර ඇයගේ ඇදහිල්ල අන් අයට එයාකාර ව කරන්නට උපකාර කිරීම සඳහා ඇය ව පෙලඹවී ය. ඇය ඩකෞ හි පීඩා වින්ද ද, ඇය නපුරු පාලන සමයකට එරෙහි ව සදාචාර ජයග්‍රහණයක් ලැබුවා ය. තව ද එසේ කළේ ඇය පමණක් නොවේ.
ඒ හිස්ටරි ඔෆ් ක්‍රිස්ටියැනිටි නම් සිය පොතේ, පෝල් ජොන්සන් මෙසේ සඳහන් කරයි: “[යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්] නාට්සි රාජ්‍යයත් සමඟ ඕනෑ ම සහයෝගයක් දැක්වීම ප්‍රතික්ෂේප කළ අතර ඔවුහු එය සහමුලින් ම නපුර හැටියට හෙලා දුටහ. . . . සියයට 97ක් එක් ආකාරයකින් හෝ තවෙකකින් පීඩා වින්ඳහ.” එය නිෂ්ප්රයෝජන පරිශ්‍රමයක් වී ද? වැලියුස් ඇන්ඩ් වයලන්ස් ඉන් ඖෂවිට්ස් නම් පොතේ පෝලන්ත ජාතික සමාජ විද්‍යාඥ ආනා පවෙල්ෂින්ස්කා, සාක්ෂිකරුවන් ගැන මෙසේ පවසන්නී ය: “මෙම සිරකරුවන් කුඩා සමූහය ස්ථිර සංකල්පවේදී බලවේගයක් වූ අතර ඔවුහු නාට්සි වාදයට එරෙහි සිය සටනින් ජය ලැබූහ.
කෙසේ වෙතත්, අපෙන් බොහෝ දෙනෙක්, නපුරට එරෙහි ව මූලික සටන කරමින් සිටින්නේ බාහිරෙන් එන නපුරු බලපෑම්වලට වඩා තමන් තුළින් ම එන නපුරු බලපෑම්වලට එරෙහි ව ය. එය අප තුළ ම කරන සටනකි.
අප තුළ ඇති නපුර පරාජය කිරීම
ප්‍රේරිත පාවුල් මතු සඳහන් ආකාරයට මෙම සටන විස්තර කළේ ය: “මා සැබවින් ම කරමින් සිටින්නේ මට කරන්නට ඕනෑ ව ඇති යහපත නොවේ ය; මා කරමින් සිටින්නේ මට කරන්නට ඕනෑ ව නැති නපුර ය.” (රෝම 7:19, විලියම් බාර්ක්ලිගේ ද න ටෙස්ටමන්ට්) පාවුල් හොඳින් දැන සිටි පරිදි, යහපත කිරීම නිතර ස්වභාවයෙන් ම හට නොගනී.
එවුකෙන්යෝa වනාහි තමාගේ නපුරු නැඹුරුවාවන්ට එරෙහි ව වසර දෙකක දීර්ඝ කාලයක් පුරා සටන් කළ, ස්පාඤ්ඤ ජාතික යෞවනයෙකි. “මට මා සමඟ දැඩි ව ක්‍රියා කරන්නට සිදු විය” යයි ඔහු පැහැදිලි කරයි. “ඉතා යෞවන කාලයේ පටන්, දුරාචාරයේ යෙදෙන්නට මා තුළ නැඹුරුවාවක් තිබිණ. නව යොවුන් වියේ කෙනෙක් හැටියට මා කැමැත්තෙන් ම සමලිංගික සාදයන්හි සහභාගි වූ අතර අවංක ව කියතොත්, මම එයාකාර ජීවිත-ක්‍රමයක් ප්‍රීතියෙන් භුක්ති වින්ඳෙමි.” අන්තිමේ දී වෙනස් වීමට ඔහු තුළ පෙලඹීමක් ඇති කළේ කුමක් ද?
“මට දෙවියන් වහන්සේ ව ප්‍රසන්න කරන්නට වුවමනාවක් තිබූ අතර මා ජීවත් වෙමින් සිටි ආකාරය උන් වහන්සේ අනුමත නොකළ බව මම බයිබලයෙන් ඉගෙන ගතිමි” යයි එවුකෙන්යෝ පැවසී ය. “එනිසා මම දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම්වලට එකඟ ව ගමන් කරමින් වෙනස් ආකාරයක පුද්ගලයෙක් වෙන්නට තීරණය කළෙමි. තවදුරටත් මාගේ මනසට ගලා එමින් තිබූ නිෂේධාත්මක, අපිරිසිදු සිතුවිලිවලට එරෙහි ව හැමදා ම මට සටන් කරන්නට සිදු විය. මම මෙම සටන ජය ගැනීමට අධිෂ්ඨාන කර සිටි අතර ඒ සඳහා දෙවියන් වහන්සේගේ උපකාරය ඉල්ලා නිරන්තර ව යාච්ඤා කළෙමි. ඉන් වසර දෙකකට පසු ඉතා ම නපුරු කාල පරිච්ඡේදය අවසන් වුවද, මම තවදුරටත් මා ව ම දැඩි හික්ම වීමකට යටත් කරගෙන සිටින්නෙමි. එහෙත් දැරූ වෑයම නිෂ්ඵල නොවී ය. මට දැන් ආත්ම-ගෞරවයකුත්, හොඳ විවාහයකුත්, ඒ සියල්ලට වඩා දෙවියන් වහන්සේ සමඟ යහපත් සම්බන්ධතාවයකුත් ඇත. ඔබ සැබවින් ම වෑයම් කරන්නේ නම්—නපුරු සිතුවිලි ඵල දරන්නට පෙර ඉවත් කළ හැකි බව පුද්ගලික අත්දැකීමෙන් මම දනිමි.”
නපුරු සිතුවිල්ලක් ප්‍රතික්ෂේප කරනු ලබන සෑම අවස්ථාවක ම, නපුරට නපුර කරන්නට අප අකැමැති වන සෑම අවස්ථාවක ම යහපත, නපුර පරාජයට පත් කරයි. එහෙත්, මෙම ජයග්රහණයන් කොතරම් වැදගත් වුවද, නපුරේ මූලික ප්‍රභවයන් දෙක සහමුලින් ම ඉවත් කරන්නේ නැත. අප කොතරම් දැඩි වෑයමක් දැරුව ද, අපට උරුම කරගත් අපගේ දුර්වලත්වයන් සහමුලින් ම මැඩපැවැත්විය නොහැකි අතර සාතන් තවදුරටත් මනුෂ්‍ය වර්ගයා කෙරෙහි නපුරෙහි බලපෑමක් ඇති කරමින් සිටී. මෙම තත්ත්වය කවදා හෝ වෙනස් වනු ඇත්තේ කෙසේ ද?
යක්ෂයා ව නිෂ්ප්රභා කරවීම
මරණය දක්වා යේසුස් වහන්සේ ඇදහිලිවන්ත ව සිටීම සාතන්ට ප්‍රබල පරාජයක් විය. යේසුස් වහන්සේගේ අඛණ්ඩතාව බිඳ හෙළීමට ගත් වෑයමෙහි යක්ෂයා අසමත් වූ අතර එම අසමත්වීම සාතන්ගේ අවසානයේ මුලපිරීම සලකුණු කළේ ය. බයිබලය පැහැදිලි කරන ආකාරයට, යේසුස් වහන්සේ “යක්ෂයාව [ස්වකීය] මරණය කරණකොටගෙන බල නැති” කරනු පිණිස, උන් වහන්සේ මරණයේ රස බැලූ සේක. (හෙබ්‍රෙව් 2:14) සිය නැවත නැගිටීමෙන් පසු යේසුස් වහන්සේ තම ගෝලයන් අමතා “ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ” යයි වදාළ සේක. (මතෙව් 28:18) තව ද මෙම බලය සාතන්ගේ ක්‍රියා නිෂ්ප්රභා කිරීමට උපයෝගි කර ගනු ලබනවා ඇත.
එළිදරව් පොත යේසුස් වහන්සේ ස්වර්ගයෙන් සාතන් ව නෙරපන දවස විස්තර කරයි. මෙම අතිදක්ෂ නපුරුකම් කරන්නා ව, ඔහුගේ භූතයන් සමඟ පොළොවට සමීප ප්‍රදේශයකට සීමා කරනු ලබන්නට තිබිණ. මෙහි විපාකයක් වශයෙන් නපුර වැඩි වනු ඇති බව බයිබලය මෙසේ අනතුරු අඟවයි: “ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේ[ය].”—එළිදරව් 12:7-9, 12.
මෙම ඓතිහාසික සිද්ධිය දැනටමත්—පළමුවන ලෝක යුද්ධ තිබූ කාලයේ—සිදු වී ඇති බව බයිබල් අනාවැකි අඟවයි.b අප අපගේ කාලයේ අත්දැක ඇති නපුරේ කැපී පෙනෙන වර්ධනයට හේතුව එය පැහැදිලි කරයි. එහෙත් තවදුරටත් සාතන්ට කිසිවෙක් කෙරෙහි බලය නොපැවැත්විය හැකි ලෙසින්, ඉක්මනින් ම ඔහු ව සහමුලින් ම සිරගත කරනු ලබනවා ඇත.—එළිදරව් 20:1-3 බලන්න.
මේ සියල්ල මනුෂ්‍ය වර්ගයා සඳහා කුමක් අදහස් කරනු ඇද්ද?
“ඔවුන් නපුරුකම් නොකරනු ඇත”
දේව රාජ්‍යයේ රජු හැටියට, යේසුස් වහන්සේ ඉක්මනින් ම ආත්මික අධ්‍යාපනයක් නැවත දියත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කිරීමට ‘පොළොව කෙරෙහි ඇති’ සිය බලය පාවිච්චි කරනු ඇත. එවිට “ලෝ වැසියෝ ධර්මිෂ්ඨකම ඉගෙන ගනිති.” (යෙසායා 26:9) එහි ප්‍රයෝජන සෑම කෙනෙකුට ම පැහැදිලි ව පෙනෙනවා ඇත. බයිබලය අපට මෙසේ සහතික වෙයි: “ඔවුහු කිසි අනතුරු කිරීමක්වත් [“ඔවුන් නපුරුකම් නොකරනු ඇත,” ග්‍රීන්’ස් ඉන්ටලීනියර් හීබෲ⁄ග්‍රීක් ඉංග්ලිෂ් බයිබල්] විනාශයක්වත් නොකරනු ඇත. . . . මක්නිසා ද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක් මෙන්, යෙහෝවඃ වහන්සේගේ ගැන දැනගැන්මෙන් පොළොව පිරී යන්නේ ය.”—යෙසායා 11:9, NW.
දැන් පවා, නපුර සඳහා වන අපගේ නැඹුරුවාවන් බොහොමයක් මැඩපැවැත්විය හැකි ය. භූතමය බලපෑම් තවදුරටත් නොපවතින විට, “නපුරෙන් ඉවත්ව යහපත” කිරීම අතිශයින් පහසු වෙනවා ඇත.—1 පේතෘස් 3:11.
දෙවියන් වහන්සේ යහපත් බැවින්, නපුර, යහපත මගින් පරාජය වනු ඇතැයි නිසැක වීමට අපට සෑම හේතුවක් ම ඇති අතර යේසුස් වහන්සේ සිය ආදර්ශයෙන් සනාථ කළාක් මෙන්, දෙවියන් වහන්සේගේ උපකාරය ඇති ව යහපත කිරීමට කැමති අයට නපුර මැඩපැවැත්විය හැකි ය. (ගීතාවලිය 119:68) නපුරට එරෙහි ව සටන් කිරීමට දැන් කැමැත්තෙන් සිටින අයට, නපුර සදාකාලයට ම ඉවත් කිරීමට කැප වූ ආණ්ඩුවක් යටතේ, එනම් දේව රාජ්‍යයෙන් පාලනය වන පවිත්‍ර කරන ලද පොළොවක ජීවත් වන්නට බලාපොරොත්තු විය හැකි ය. ගීතිකාකරු එහි ප්‍රතිඵලය මෙසේ විස්තර කළේ ය: “[ප්‍රේමනීය NW] කරුණාවත් සැබෑකමත් සම්මුඛවූය; ධර්මිෂ්ඨකමත් සමාදානයත් ඔවුනොවුන් සිපගත්තුය. සැබෑකම පොළොවෙන් හටගනී; ධර්මිෂ්ඨකමද ස්වර්ගයේ සිට බැලුවේය [බලන්නේ ය NW].”—ගීතාවලිය 85:10, 11.
[පාදසටහන්වල]
a ඔහුගේ සැබෑ නම නොවේ.
b වැඩි විස්තර සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් න්යූ යෝක් ඉන්ක්., විසින් පළ කර ඇති පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක නම් පොතේ පිටු 20-2 බලන්න.