-
“ඒ තරම් අධ්‍යාපනයක් ලබලා නැති සාමාන්‍ය අය”දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
-
-
18. ක්‍රිස්තියානි සභාවේ අය එකිනෙකා වෙනුවෙන් කළේ මොනවාද?
18 යෙරුසලමේ පිහිටවපු අලුත් ක්‍රිස්තියානි සභාවේ ගාණ 5,000ක් දක්වා වේගයෙන් වර්ධනය වුණා.d ඔවුන් එක් එක් කෙනා විවිධ පසුබිම්වලට අයත් අය වුණත් ඔවුන් “එකම විදිහට හිතන, එකමුතුව වැඩ කරන” අය. මොකද යේසුස්ගේ අනුගාමිකයන් විදිහට ඔවුන් හිතන විදිහේ හා ඔවුන්ගේ අදහස්වල ගැටීමක් තිබුණේ නැහැ. (ක්‍රියා 4:32; 1 කොරි. 1:10) ඔවුන් ක්‍රිස්තියානි සභාවේ වර්ධනය වෙනුවෙන් යෙහෝවාට යාච්ඤා කළා විතරක් නොවෙයි ඒ වෙනුවෙන් ඔවුන්ට කළ හැකි උපරිමය කළා. දෙවියන් ගැන තිබුණ විශ්වාසය තව තවත් ශක්තිමත් කරගැනීමට ඔවුන් එකිනෙකාට අතහිත දුන් අතර එදිනෙදා අවශ්‍යතාවන් සපුරාගැනීමටත් එකිනෙකාට උපකාර කළා. (1 යොහ. 3:16-18) උදාහරණයකට යේසුස්ගේ නියෝජිතයන්ගෙන් බානබස් කියන වාසගම ලැබුණ යෝසෙප් නම් තැනැත්තා කළ දේ බලන්න. ඔහු තමාට අයිති ඉඩමක් විකුණා ඒකෙන් ලැබුණ මුළු මුදල ඈත ප්‍රදේශවලින් යෙරුසලමට ආපු අයගේ අවශ්‍යතා වෙනුවෙන් පරිත්‍යාග කළා. ඔහු එහෙම කළේ ඒ අයට තව වැඩි කාලයක් යෙරුසලමේ නතර වෙලා දෙවියන්ගේ අරමුණ ගැන තවත් බොහෝ දේ ඉගෙනගැනීමට අවස්ථාව ලබා දීම සඳහායි.
-
-
“ඒ තරම් අධ්‍යාපනයක් ලබලා නැති සාමාන්‍ය අය”දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
-
-
d ක්‍රිස්තියානි සභාව තමන්ට තර්ජනයක් කියා සිතීමට පරිසිවරුන්ට හා සද්දුසිවරුන්ට ඒක හේතුවක් වන්න ඇති. මොකද ක්‍රි.ව. 33දී යෙරුසලමේ සිටියේ පරිසිවරුන් 6,000ක් විතරයි. සද්දුසිවරුන් සිටියේ ඊටත් වඩා කුඩා සංඛ්‍යාවක්.
-