යෞවනයෙනි, වගකීම් දරන්න ඔයාලා උත්සාහ කරනවද?
1. පළමුවන තිමෝති 3:1 තියෙන උපදෙස කෙනෙක් අදාළ කරගන්න ඕනෙ මොන වයසෙදිද?
1 ‘යමෙක් වගකීම් දැරීමට වෑයම් කරනවා නම් ඔහු කැමැත්තෙන් සිටින්නේ යහපත් සේවයක් ඉටු කිරීම සඳහායි.’ (1 තිමෝ. 3:1) ඒ වචන අමතර වගකීම් දැරීමට සුදුසුකම් ලබාගන්න වෑයම් කරන සහෝදරයන්ට ලොකු දිරිගැන්වීමක්. වගකීම් දරන්න වැඩිහිටියෙක් වෙන්නම ඕනෙද? නැහැ. පොඩි කාලෙ ඉඳන්ම ඒකට පුහුණු වෙන්න පුළුවන්. එතකොට ඔයා තව ලොකු වුණාම සහායක සේවකයෙක් විදිහට සේවය කරන්න සුදුසුකම් ලබන්නත් පුළුවන්. (1 තිමෝ. 3:10) ඔයා බව්තීස්ම වෙච්ච සහෝදරයෙක් නම් සභාව වෙනුවෙන් ඔයාට මොනවද කරන්න පුළුවන්?
2. ආත්ම පරිත්‍යාගශීලීකම ඇති කරගන්න පුළුවන් කොහොමද? ඒක පෙන්වන්නේ කොහොමද?
2 කැප වීමෙන් වැඩ කරන්න: ඔයා උත්සාහ කරන්නේ යහපත් සේවයක් කරන්න මිසක් තාන්නමාන්න ලබාගන්න නෙමෙයි කියන එක අමතක කරන්න එපා. සහෝදර සහෝදරියන්ට උදව් කරන්න ආසාවක් ඇති කරගන්න. ඒ සඳහා යේසුස්ගේ ආදර්ශය ගැන හිතලා බලන්න. (මතෙ. 20:28; යොහ. 4:6, 7; 13:4, 5) ඔයාට ඒ වගේ ආසාවක් නැත්නම් ඒ වගේ ආසාවක් ඇති කරන්න කියලා දෙවිගෙන් ඉල්ලන්න. (1 කොරි. 10:24) වයසක අයට, අබලදුබල අයට උදව් කරන්න ඔයාට පුළුවන්ද? නමස්කාර මධ්‍යස්ථානයේ වත්ත පිටිය සුද්ද කරන්න, වැසිකිලි සුද්ද කරන්න, ශාලාව නඩත්තු කරන්න වගේ දේවල් කරන්න ඔයා ඉදිරිපත් වෙනවද? සේවා පාසැලේ ශිෂ්‍යයෙක් ඇවිල්ලා නැත්තං ස්වේච්ඡාවෙන් කතාවක් දෙන්න ඔයාට පුළුවන්ද? ඒ විදිහට ආත්ම පරිත්‍යාගශීලී කෙනෙක් වුණාම සතුටක් ලැබෙන්නෙ ඔයාටමයි.—ක්‍රියා 20:35.
3. දෙවිගේ මඟ පෙන්වීම්වලට යටත් වෙන එක කොච්චර වැදගත්ද? ඒ වගේ කෙනෙක් වෙන්නේ කොහොමද?
3 දෙවිගේ මඟ පෙන්වීමට යටත් වෙන්න: දෙවිගේ මඟ පෙන්වීමට යටත් වන කෙනෙක්, හිතන්න සහ වැඩ කරන්න උත්සාහ කරන්නේ යෙහෝවා දෙවි සහ යේසුස් වගේ. (1 කොරි. 2:15, 16) සහජ හැකියාවන් හරි විශේෂ දක්ෂතාවන් හරි තියෙන අයට වඩා සභාවට වටින්නේ එවැනි අයවයි. එවැනි කෙනෙක් දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට ඇති වන ගුණාංග විදහා පෙන්වනවා. (ගලා. 5:22, 23) ඔහු දේවරාජ්‍යයට මුල් තැන දෙන උද්යෝගයෙන් සේවයේ හවුල් වෙන කෙනෙක්. (මතෙ. 6:33) ඔයත් ඒ වගේ කෙනෙක් වෙන්න නම් හොඳින් අධ්‍යයනය කරන්න පුරුදු වෙන්න ඕනෙ. හැමදාම බයිබලය කියවන එක, හැම සඟරාවක්ම කියවන එක, රැස්වීම්වලට හොඳින් සූදානම් වෙලා සහභාගි වෙන එක ඊට ඇතුළත්. (ගීතා. 1:1, 2; හෙබ්‍රෙ. 10:24, 25) සත්‍යයේ දියුණු වෙන්න පාවුල් තිමෝතිව දිරිගැන්නුවේ මෙන්න මෙහෙමයි. ‘ඔබ උගන්වන දේ ගැන නිරතුරුවම සැලකිලිමත් වන්න.’ (1 තිමෝ. 4:15, 16) සේවා පාසැලේ පැවරුමක් ලැබුණම මහන්සි වෙලා හොඳින් ඒක ඉටු කරන්න. නිතිපතා සේවයේ හවුල් වෙන්න. ඊට කලින් ඒ සඳහා සූදානම් වෙන්න. පුරෝගාමී සේවය හෝ බෙතෙල් සේවය කරන්න එහෙම නැත්නම් තනිකඩ සහෝදරයන් සඳහා බයිබල් පාසැලට යන්න ඉලක්කයක් තියාගන්න. මේ විදිහට ඔයා දෙවිගේ මඟ පෙන්වීමට යටත් වෙන කොට ‘යොවුන් වියට ආවේණික වූ ආශාවන් සිතින් පලවාහරින්න’ ඔයාට පුළුවන්.—2 තිමෝ. 2:22.
4. වගකීමෙන් වැඩ කරන කෙනෙක් වීම වැදගත් වෙන්නෙ ඇයි?
4 වගකීමෙන් වැඩ කරන්න: මුල් සියවසේ අවශ්‍යතා තිබුණ අයට ආහාර බෙදන්න පත් කළේ සහෝදරයන් අතරේ “හොඳ නමක් දිනාගෙන” සිටි අයවයි. (ක්‍රියා 6:1-4) ඒ අය වගකීමෙන් වැඩ කළ විශ්වාසවන්ත අය කියලා පැහැදිලියි. ඒ නිසා ඒ අයට භාර දුන්න වැඩේ හරියට වෙනවද කියලා හොයලා බලන්න නියෝජිතයන්ට ඕන වුණේ නෑ. ඒ හින්දා වඩා වැදගත් දේවලට කාලය යොදවන්න නියෝජිතයන්ට පුළුවන් වුණා. ඔයාටත් පැවරුමක් ලැබුණම ඔයාගේ උපරිමයෙන්ම ඒක කරන්න. නෝවාව ආදර්ශයට ගන්න. ඔහු නැව හදන්න දුන්න උපදෙස් ඒ විදිහටම පිළිපැද්දා. (උත්. 6:22) දෙවි කැමති විශ්වාසවන්තව වගකීම් ඉටු කරන අයටයි. (1 කොරි. 4:2) ඒක දෙවිගේ මඟ පෙන්වීම්වලට යටත් වන කෙනෙකුගේ ලකුණක්.—“පුහුණුවෙන් ලැබෙන ප්‍රයෝජන” යන කොටුව බලන්න.
5. යෞවනයන් වගකීම් දරන්න වෑයම් කරන්න ඕනෙ ඇයි?
5 බයිබලයේ කියලා තියෙන විදිහටම දෙවි සෙනඟව රැස් කරන එක වේගවත් කරලා තියෙනවා. (යෙසා. 60:22) හැම අවුරුද්දකම ලක්ෂ දෙකහමාරක් විතර බව්තීස්ම වෙනවා. හුඟදෙනෙක් අලුතෙන් සභාවට එන නිසා ඒ අයව රැකබලා ගන්න සුදුසුකම් තියෙන සහෝදරයන් ඕනෙ. ඉස්සරට වඩා යෙහෝවා දෙවිගේ සේවය තුළ දැන් කරන්න වැඩ ගොඩක් තියෙනවා. (1 කොරි. 15:58) ඒ නිසා යෞවනයෙනි, ඔයාලා වගකීම් දරන්න වෑයම් කරනවද? එහෙමනම් ඔයාලා ආශාවෙන් ඉන්නේ යහපත් සේවයක් කරන්න කියලා අමතක කරන්න එපා!
[2වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
හුඟදෙනෙක් අලුතෙන් සභාවට එන නිසා ඒ අයව රැකබලා ගන්න සුදුසුකම් තියෙන සහෝදරයන් ඕනෙ
[3වන පිටුවේ කොටුව]
පුහුණුවෙන් ලැබෙන ප්‍රයෝජන
වැඩිමහල්ලන් සභාවේ යම් වගකීම් ඉටු කරන්න සුදුසුකම් තියෙන යෞවනයන්ව පාවිච්චි කරනවා නම් ඒකෙන් එයාලට පුහුණුවක් වගේම ප්‍රයෝජනත් ලැබෙනවා. දවසක් චාරිකා සතියක රැස්වීමකින් පස්සෙ චාරිකා සේවක වේදිකාවේ ඉඳගෙන ප්‍රචාරකයෙක්ව දිරිගන්වමින් හිටියා. ඒ වෙලාවෙ පොඩි පිරිමි ළමයෙක් එතැනට වෙලා බලං ඉන්නවා ඔහු දැක්කා. ඔහු හිතුවේ ඒ ළමයා තමන් එක්ක කතා කරන්නයි බලං ඉන්නෙ කියලා. ඒත් ඒ ළමයා කිව්වෙ හැම රැස්වීමකටම පස්සෙ වේදිකාව වැකියුම් කරන එක පවරලා තියෙන්නෙ එයාට කියලයි. අම්මයි තාත්තයි ගෙදර යන්න ලෑස්ති වෙලා ඉන්න නිසා ඊට කලින් එයාට ඒක කරන්න ඕනෙ කියලා එයා කිව්වා. චාරිකා සේවක ඉක්මනින්ම වේදිකාවෙන් අයින් වුණා. ඔහු පසුව මෙහෙම කිව්වා. “මේ සභාවේ වැඩිමහල්ලෝ දරුවන්ට මේ වගේ පුංචි පැවරුම් දෙන්න ගොඩක් උනන්දු වෙනවා. ඒ නිසා ඒ සභාවේ තරුණ සහෝදරයන්ව සහායක සේවකයන් විදිහට නිතරම නිර්දේශ වෙනවා.”