දේශනා කරමින් සම්පූර්ණ සාක්ෂියක් දෙන්න
1 “අධිපතියෙක් හා ආණ්ඩුකාරයෙක්” හැටියට යේසුස් සිය ගෝලයන්ව සූදානම් කළේ ඉදිරියේ කරන්නට තිබෙන මහත් දේශනා වැඩක් සඳහායි. (යෙසා. 55:4; ලූක් 10:1-12; ක්‍රියා 1:8) යේසුස් විසින් තමාට දුන්නාවූ බලපැවරුම ප්‍රේරිත පේතෘස් මේ වචනවලින් විස්තර කළේය. “ජීවතුන්ගේද මළවුන්ගේද විනිශ්චයකාරයා වීමට දෙවි විසින් නියම කරන ලද තැනැත්තා ඔහු බව ජනයාට දේශනා කරමින් සම්පූර්ණ සාක්ෂියක් දෙන ලෙසත් ඔහු අපට අණ කළේය.” (ක්‍රියා 10:42, NW) සම්පූර්ණ සාක්ෂියක් දීමට ඇතුළත් වන්නේ කුමක්ද?
2 ප්‍රේරිත පාවුල්ගේ ආදර්ශය සලකා බැලීමෙන් අපට බොහෝ දේවල් ඉගෙනගත හැකියි. එපීස සභාවේ වැඩිමහල්ලන් සමඟ රැස් වූ විට ඔහු ඔවුන්ට මතක් කළේ මෙසේයි. “ඔබට ප්‍රයෝජනවත් වන සියල්ල පැවසීමෙන්වත් ප්‍රසිද්ධියේ සහ ගෙයින් ගෙට ගොස් ඔබට ඉගැන්වීමෙන්වත් මම වැළකී නොසිටියෙමි. මම, දෙවි ඉදිරියෙහි පසුතැවිලි වීම ගැනත් අපේ ස්වාමීන් වන යේසුස් කෙරෙහි වූ ඇදහිල්ල ගැනත් යුදෙව්වරුන් සහ ග්රීකවරුන් යන දෙපිරිසටම සම්පූර්ණයෙන් සාක්ෂි දැරුවෙමි.” දරුණු පරීක්ෂා පීඩාවලට මුහුණ දෙන්නට සිදු වුණත් පාවුල් ඉතා මහන්සි වූයේ ශුභාරංචිය සමඟින් හැකි තරම් දෙනෙකු වෙත ළඟා වෙන්නටයි. මූලික සත්‍යයන් පමණක් ශ්‍රාවකයන් සමඟ බෙදාගැනීමෙන් සෑහීමට පත් නොවූ හේ බොහෝ සෙයින් උත්සාහ කළේ “දෙවිගේ මුළු කැමැත්ත” ඔවුන්ට දැනුම් දීමටයි. මෙය ඉටු කිරීම පිණිස මහත් ප්රයත්නයක් දැරීමටත් යම් පරිත්‍යාගයන් කිරීමටත් ඔහු කැමැත්තෙන් සිටියේය. ඔහු තවදුරටත් පැවසුවේ මෙසේයි. “මට මාගේ දිවීමද දෙවිගේ මහත් කරුණාවේ ශුභාරංචිය ගැන සම්පූර්ණයෙන් සාක්ෂි දැරීමට ස්වාමීන් වන යේසුස්ගෙන් මට ලැබුණු දේවසේවයද නිම කිරීම සඳහා මිස මාගේ ජීවිතය වෙන කිසිවක් සඳහා වටින්නේ නැතැයි සලකමි.” —ක්‍රියා 20:20, 21, 24, 27, NW.
3 අපට අද දින පාවුල්ගේ ආදර්ශය අනුගමනය කළ හැක්කේ කොහොමද? (1 කොරි. 11:1) අප පරීක්ෂාවලට මුහුණ දෙන අවස්ථාවලදී පවා සත්‍යය ලැබිය යුතු ගෙවැසියන්ව සෙවීමෙන් ශුභාරංචිය රැගෙන සියලු වාර්ගික සහ භාෂා කණ්ඩායම්වලට අයත් පුද්ගලයන් කරා එළඹීමට වෑයම් කිරීමෙන් සහ අපට හමු වන උනන්දුව දක්වන අයට උපකාර කිරීමෙන් එය කළ හැකිය. (මතෙ. 10:12, 13) මේ සඳහා කාලය, වෑයම සහ ජනයා කෙරෙහි වූ ප්‍රේමය අවශ්‍ය කරයි.
4 ඔබට උපකාරික පුරෝගාමියෙකු ලෙස සේවය කරන්නට පුළුවන්ද? මාර්තු සහ අප්‍රියෙල් මාසවලදී උපකාරික පුරෝගාමී සේවය තුළින් සම්පූර්ණ සාක්ෂියක් දැරීමට ඔබට කදිම ප්‍රස්තාවක් විවෘත විය හැකියි. පසුගිය වසරේදී බොහෝදෙනෙකු උපකාරික පුරෝගාමී සේවය කිරීමට විශේෂ ප්රයත්නයක් දැරීම කොතරම් දිරිගන්වනසුලුද!
5 සෞඛ්‍ය ගැටලු කිහිපයකින් පෙළෙන එක් 80 හැවිරිදි සහෝදරියක් යෙහෝවාගේ සංවිධානයෙන් ඇයට ලැබුණු දිරිගැන්වීමෙන් නැවත ක්‍රියාශීලී වීමට පෙලඹුණාය. ඇය ලීවේ මෙසේයි. “දිගු කාලයක් තිස්සේ මගේ හදවතේ තිබූ ආශාවක් මේ නිසා යළි පණගැන්වුණා. මේ නිසා අඩු තරමින් තව එක සැරයක්වත් උපකාරික පුරෝගාමී සේවය කොහොම හරි කරන්න ඕනෑ කියා මට හැඟුණා.” ඇය ඒ සඳහා ඉලක්ක කරගත්තේ මාර්තු මාසයයි. ඇය මෙසේ කීවාය. “මට පළමුව කරන්නට තිබුණේ වාඩි වෙලා වියදම ගණන් බලන එකයි. මම මගේ දුවට කිව්වා මට ඇගේ සහයෝගය අවශ්‍යයි කියලා. මාව පුදුමයට පත් කරමින් ඇය කළේ ඇයත් ඒ සඳහා අයදුම්පතක් භාර දෙන එකයි.” එම මාසය අතරතුරේදී මෙම වයසක සහෝදරිය පැය 52ක් දේවසේවයේ යෙදුණාය. “බොහෝ අවස්ථාවලදී මම යෙහෝවාට යාච්ඤා කරලා කිව්වා මගෙන් නැති වී ගෙන යන ශක්තිය නැවත මට දෙන්න කියලා. මාසේ අන්තිමේදී මට හරි සන්තෝෂයක් දැනුණා. ඉතින් මට උපකාර කිරීම ගැන මම යෙහෝවාට බොහෝ වතාවක් ස්තුති කළා. මම කැමතියි නැවතත් උපකාරික පුරෝගාමී සේවය කරලා බලන්න.” බරපතළ සෞඛ්‍ය ගැටලු මැද සිටින නමුත් සැබවින්ම උපකාරික පුරෝගාමී සේවයේ රස බැලීමට කැමැත්තෙන් සිටින වෙනත් අයවද ඇගේ සන්තෝෂවත් අද්දැකීමෙන් දිරිගැන්වීමට ඉඩ තිබේ.
6 රැකියා ස්ථානයේ ස්වාමියා විසින් අනපේක්ෂිත ලෙස රැකියාවෙන් පහ කරනු ලැබූ සහෝදරයෙක් උපකාරික පුරෝගාමී සේවය කරන්නට එම ප්‍රස්තාව යොදාගත්තේය. මාසය ගෙවීගෙන යද්දී දේශනා සේවය සඳහා ජ්වලිතයෙන් පිරී ගිය ඔහු මාසය අවසානයේදී නව බයිබල් පාඩමක් පටන්ගෙන තිබුණි. එම අද්දැකීම සිහියට නඟමින් ඔහු කීවේ “ෂා! කොච්චර හොඳ මාසයක්ද” කියායි. යෙහෝවාගේ මඟ පෙන්වීම සහ උපකාරය ලැබීමෙන් ඔහු කොතරම් ප්‍රීතියට පත් වුණාද! ඔව්, මෙම සහෝදරයා දේවසේවය තුළ දැරූ එම අතිරේක ප්රයත්නය සඳහා යෙහෝවා ඔහුට මහඟු ආශීර්වාද වැගිරෙව්වේය. ඔහු ඔබ සඳහාත් කරනු ඇත්තේ එයමයි.—මලා. 3:10.
7 බොහෝදෙනෙකුට උපකාරික පුරෝගාමී සේවය කිරීම පහසු දෙයක් නොවේ. ඒ කෙසේවෙතත්, බාහිර හා පවුල් වගකීම් සහ පෞද්ගලික දුෂ්කරතා තිබුණද සහෝදර සහෝදරියන් ගණනාවකට එසේ කිරීමට හැකි වී තිබේ. සම්පූර්ණ සාක්ෂියක් දැරීමේදී බොහෝවිට අපගේ වටිනා කාලය සහ ශක්තිය පූජා කිරීම අවශ්‍ය කරවන නමුත් ඉන් ලැබෙන ආශීර්වාද කියා නිම කළ නොහැකියි.—හිතෝ. 10:22.
8 මාර්තු සහ අප්‍රියෙල් මාස උපකාරික පුරෝගාමී සේවය කරන්නට කදිම මාසයන්ය. මාර්තු මාසයේදී සති අන්ත පහක් තිබේ. මේවායින් ප්‍රයෝජන ගැනීමෙන් සහ සැන්දෑ කාලය හොඳින් පාවිච්චි කිරීමෙන් පූර්ණ කාලීනව රැකියා කරන අයට පවා උපකාරික පුරෝගාමී සේවය කරන්නට ඉඩ ප්‍රස්තාව උදා විය හැක. මීට අමතරව, අප්‍රියෙල් මාසයේ තිබෙන නිවාඩුද හොඳින් ප්‍රයෝජනයට ගන්නට ඔබට හැකියාව තිබෙන්නට පුළුවනි. ඇතමුන්ට පාසැලෙන් හා බාහිර රැකියාවෙන් නිවාඩු ලැබේවි. මේ නිසා ඒ අයටද පැය 50 අවශ්‍යතාව සපුරාගත හැකි වෙයි. මාර්තු හෝ අප්‍රියෙල් මාසවල පැය 50ක කාලයක් දේවසේවයේ ගත කිරීම පිණිස මේ ලිපියේ අන්තර්ගත එක් කාලසටහනක් අත්හදා බලන්නට ඔබට හැකිද? ඔබේ කාලසටහන ගැන අන් අය සමඟ සාකච්ඡා කරන්න. එවිට, දේවසේවයේ ඔබත් සමඟ නිරත වීමට ඇතැම් අය දිරිගැන්වෙනවාට කිසිදු සැකයක් නැත. ඔබට උපකාරික පුරෝගාමී සේවය කරන්නට නොහැකි නම් මේ මාසවලදී විශේෂ ඉලක්ක තබා උපකාරික පුරෝගාමී සේවය කරන අය සමඟ වැඩ කරන්න. මාර්තු සහ අප්‍රියෙල් මාසවල ඔබගේ සේවය වැඩි කිරීමට දැන් සිටම සැලසුම් යොදන්න.
9 සිහි කිරීම සඳහා අගය පෙන්වන්න: සෑම වසරකම සිහි කිරීමේ සමයේදී මිදීමේ මිලය සඳහා බොහෝදෙනෙකු තුළ නැඟෙන කෘතඥතාව හේතුවෙන් උපකාරික පුරෝගාමී සේවය කිරීමට ‘අවශ්‍ය කාලය පරිත්‍යාගශීලීව සොයාගැනීමට’ ඔවුන් පෙලඹේ. (එපී. 5: 15, 16, NW) පසුගිය වසරේ මාර්තු මාසයේදී එක්සත් ජනපදයේ 1,26,378දෙනෙක් උපකාරික පුරෝගාමී සේවයේ නියැලුණු අතර අප්‍රියෙල් මාසයේද 51,217දෙනෙක් එහි නියැලුණේය. මේ එක් එක් මාසවල සේවය කළ අයගේ සාමාන්‍යය වන්නේ 88,797කි. පසුගිය සේවා වසරේදී ඒ එක් එක් මාසවල උපකාරික පුරෝගාමී සේවය කළ අයගේ සාමාන්‍යය වූ 21,505 සමඟ එය සසඳා බලන්න. ක්ෂේත්‍ර සේවයෙහි අපගේ ක්‍රියාකාරකම් වැඩි කිරීමෙන් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහි අපගේ අවංක අගය පෙන්වීමට මෙම සිහි කිරීමේ සමය තුළදී කදිම ප්‍රස්තාවක් උදා වේ.
10 මේ වසරේ අප්‍රියෙල් 16දාට ළඟා වෙද්දී සිහි කිරීම ඔබට අර්ථවත් වන ආකාරය ගැන කල්පනා කර බලන්න. ක්‍රිස්තුස්ගේ මරණයට තුඩු දුන් සිද්ධීන්ද ඔහුගේ මනසේ හා හදවතේ තදින් බැඳී තිබුණු සිතිවිලි ගැනද සිතා බලන්න. එමෙන්ම යේසුස් ඉදිරියේ තබා තිබූ ප්‍රීතිය ගැනත් එවන් දුක් වේදනා විඳදරාගැනීමට එය ඔහුට උපකාරවත් වූ ආකාරය ගැනත් මෙනෙහි කර බලන්න. දේශනා කිරීමේ සහ ගෝලයන් සෑදීමේ වැඩය අධීක්ෂණය කරමින් සභාවේ නායකයා හැටියට ඔහු දරන වත්මන් තනතුරද ගැන සිතා බලන්න. (1 කොරි. 11:3; හෙබ්‍රෙ. 12:2; එළි. 14:14-16) අනතුරුව, ඔබගේ තත්වය ඉඩ දෙන පරිදි දේශනා සේවයේ පූර්ණ ලෙස හවුල් වීමෙන් ක්‍රිස්තුස් කර තිබෙන සියල්ල කෙරෙහි ඔබගේ අගය පෙන්වන්න.
11 සම්පූර්ණ සාක්ෂියක් දැරීමට අන්‍යයන්වද දිරිගන්වන්න: උපකාරික පුරෝගාමී සේවයේ නිරත වීමෙන් වැඩිමහල්ලෝ සහ සභා සේවකයෝද අනුන්ව දිරිගැන්වීමට හොඳ තත්වයක සිටිති. ප්‍රචාරකයන් සමඟ ක්ෂේත්‍ර සේවයේ වැඩ කරන විට සහ එඬේර බැහැදැකීම් කරන විට අන් අයට මෙම විශේෂ ක්‍රියාකාරකම්වල පූර්ණ ලෙස හවුල් වීමට පෞද්ගලිකව උපකාර පිරිනැමීමට ඔවුන්ට කදිම ප්‍රස්තා උදා වේ. අපි සියල්ලෝම මෙම කාරණය ගැන යාච්ඤා කරමු. මෙසේ සම්පූර්ණ සාක්ෂියක් දැරීමට අප දරන එක්සත් වෑයමට මෙය අමතර ශක්තියක් මෙයින් සපයනවා ගෙන දෙනවා ඇති.
12 සියලු වැඩිමහල්ලන් සහ සභා සේවකයන් මාර්තු සහ අප්‍රියෙල් මාසවලදී සේවය වැඩි කිරීමට සභාව යොදා ඇති විධිවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතරතුරේදී විශේෂයෙන් සේවා අවේක්ෂක එම එවැන්ජලිස්ත වැඩ සම්බන්ධීකරණය කිරීම ගැන සැලකිලිමත් විය යුතුයි. ඔහු ප්‍රචාරකයන් බහුතරයකට පහසු ක්ෂේත්‍ර සේවා ස්ථාන, දවස් හා වේලාවන් සංවිධානය කළ යුතු අතර මේවා නිතර නිතර නිවේදනය කිරීමටද කටයුතු සැලැස්විය යුතුයි. සාක්ෂි දැරීමේ විවිධ ක්‍රමවල හවුල් වීමට සභාවේ සිටින සියල්ලන්ටම අවස්ථාවන් සැලසෙන පරිදි දවසේ විවිධ වේලාවන් කිහිපයකදී ක්ෂේත්‍ර සේවය සඳහා හමුවීමට සැලසුම් කළ හැකිය. ව්‍යාපාර ප්‍රදේශවල වැඩ කිරීම, වීදි සාක්ෂි දැරීම, ගෙයින් ගෙට යෑම, නැවත බැලීම් කිරීම සහ දුරකථනයෙන් සාක්ෂි දැරීම මීට ඇතුළත් විය හැකියි. මීට අමතරව, මේ මාසවලදී පොත් පත් සහ සඟරා තොග මෙන්ම වැඩ කිරීමට බල ප්‍රදේශ ඇති තරම් තිබීම සඳහා ඔහු විසින් සැලසුම් යොදා තිබිය යුතුයි.
13 මාර්තු මාසයේදී අප ඉදිරිපත් කරනු ඇත්තේ දැනුම පොතයි. ඒ බයිබල් පාඩම් පටන්ගැනීමේ ඉලක්කය ඇතුවයි. දැනුම පොත බෙදාහැරීම සඳහා යොදාගත හැකි කදිම යෝජනා 2002 ජනවාරි අපගේ රාජ්‍ය සේවා අතිරේකයේ දක්නට ලැබිණ. අප්‍රියෙල් මාසයේදී බෙදා දෙනු ඇත්තේ මුරටැඹ සහ පිබිදෙව්! සඟරාය. “සඟරා හඳුන්වා දිය හැකි අයුරු” යන කොටසේ ඇති යෝජිත ඉදිරිපත් කිරීම් යොදාගැනීමට උත්සාහ කරන්න. සම්පූර්ණ සාක්ෂියක් දීම පිණිස සියලුදෙනාම හොඳින් සූදානම් වීමට කාලය ගත යුතුය.
14 සභාවේ නායකයා වූ යේසුස් ක්‍රිස්තුස්ගේ මඟ පෙන්වීම යටතේ වැඩ කිරීමටත් අනුන්ට ශුභාරංචිය බෙදා දීමටත් වරප්‍රසාද ලැබී තිබීමෙන් අපි කොතරම් ආශීර්වාද ලබා සිටින්නෙමුද! මාර්තු සහ අප්‍රියෙල් මාස ළඟා වෙද්දී දේශනා කරමින් සම්පූර්ණ සාක්ෂියක් දැරීමට වූ ක්‍රිස්තුස්ගේ අණට කීකරු වෙමින් යළිත් වරක් මෙම මාස දෙක අපගේ හොඳම මාස බවට පත් කරගැනීමට අපි දැඩි උත්සාහයක් දරමු.
[Box on page 4]
2003 මාර්තු සහ අප්‍රියෙල් මාසවලදී උපකාරික පුරෝගාමී සේවය කළ හැකි විවිධ ක්‍රම
දවස පැය
සඳුදා 1 2 — — 2 —
අඟහරුවාදා 1 — 3 — — —
බදාදා 1 2 — 5 — —
බ්‍රහස්පතින්දා 1 — 3 — — —
සිකුරාදා 1 2 — — — —
සෙනසුරාදා 5 4 3 5 6 7
ඉරිදා 2 2 3 2 2 3
මාර්තු 56 56 54 55 50 50
අප්‍රියෙල් 50 50 51 53 — —
මෙම කාලසටහන්වලින් එකක් ඔබට ප්‍රායෝගික වෙයිද?