-
“දෙවියන් හැම කෙනෙක්ටම සලකන්නේ එකම විදිහටයි”දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
-
-
22, 23. අන්තියෝකියේ සභාවේ හිටපු අය සහෝදරයන්ට ආදරේ පෙන්නුවේ කොහොමද? අද ඉන්න සැබෑ ක්‍රිස්තියානීනුත් ඒ හා සමාන ආදරයක් පෙන්වන්නේ කොහොමද?
22 “අන්තියෝකියේදී තමයි ගෝලයන්ව ක්‍රිස්තියානීන් විදිහට මුලින්ම හඳුන්වන්න පටන්ගත්තේ. ඒ දේ වුණේ දෙවියන්ගේ මඟ පෙන්වීමට එකඟව.” (ක්‍රියා 11:26ආ) ක්‍රිස්තුස්ව ආදර්ශයට ගත්ත ඒ අයව ක්‍රිස්තියානීන් විදිහට හඳුන්වපු එක කොයි තරම් ගැළපෙනවාද! ක්‍රිස්තියානි සභාවට එකතු වෙන්න පටන්ගත්ත වෙනත් ජාතීන් හා සභාවේ සිටි යුදෙව් ජාතික ක්‍රිස්තියානීන් අතරේ කිට්ටු බැඳීමක් ඇති වෙලා තිබුණාද? ක්‍රි.ව. 46දී දරුණු සාගතයක් ඇති වුණ වෙලාවේ වුණ දේ බලන්න.e අතීතයේදී සාගතයක් ඇති වුණාම ඒක තදින්ම බලපෑවේ දුප්පත් අයට. මොකද ඔවුන් ගාව ඉතුරු කරපු සල්ලිවත් ආහාර පානවත් තිබුණේ නැහැ. මේ සාගතය ඇති වුණාමත් වුණේ ඒකමයි. යූදා දේශයේ ජීවත් වුණ යුදෙව් ක්‍රිස්තියානීන්ගෙන් වැඩිදෙනෙක් දුප්පත් අය. ඒ නිසා ආහාර පාන වගේ මූලික අවශ්‍යතාවල හිඟයක් ඔවුන්ට තිබුණා. අන්තියෝකියේ සභාවේ සිටි වෙනත් ජාතීන්ට අයත් ක්‍රිස්තියානීන් ඇතුළු සභාවේ සිටි අයට ඒ ගැන ආරංචි වුණාම ඔවුන් “යුදයේ ඉන්න සහෝදරයන්ට සහනාධාර යවන්න” තීරණය කළා. (ක්‍රියා 11:29) ඇත්තටම ඔවුන් අතරේ මොන තරම් කිට්ටු බැඳීමක් තිබුණාද කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.
-
-
“දෙවියන් හැම කෙනෙක්ටම සලකන්නේ එකම විදිහටයි”දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
-
-
e ක්ලෝදියස්ගේ පාලන සමයේදී (ක්‍රි.ව. 41-54) ඇති වුණ “දරුණු සාගතය” ගැන යුදෙව් ඉතිහාසඥයෙක් වුණ ජොසීෆස් සඳහන් කළා.
-