-
‘පාවුල් ශුද්ධ ලියවිල්ල පාවිච්චි කරලා දේවල් තර්කානුකූලව පැහැදිලි කළා’දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
-
-
10 ඊටපස්සේ වුණ දේ ලූක් මෙහෙම විස්තර කරනවා. “යුදෙව්වරුන්ට එයාලා ගැන ලොකු ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඉතින් එයාලා වෙළඳපොළට වෙලා නිකරුණේ කාලය ගත කරපු මැර පිරිසක් එකතු කරගෙන නගරයේ ලොකු කලබලයක් ඇති කළා. ඊටපස්සේ ඒ අය ජේසන් කියන සහෝදරයාගේ ගෙදරට කඩන් පැන්නා. එයාලට ඕනෙ වුණේ පාවුල්වයි, සීලස්වයි සෙනඟ ඉස්සරහට අරන් එන්න. ඒ දෙන්නාව හොයාගන්න බැරි වුණාම එයාලා ජේසන්වයි, තවත් සහෝදරයන් කීපදෙනෙක්වයි නගරයේ පාලකයන් ඉස්සරහට ඇදගෙන ගිහින් කෑගගහා මෙහෙම කිව්වා. ‘මුළු පොළොවම කණපිට හරවපු මේ මිනිස්සු දැන් මෙහෙටත් ඇවිල්ලා. ඒ මදිවට මේ ජේසන් එයාලව එයාගේ ගෙදර නවත්තගෙන හිටියා. මෙයාලා හැමෝම සීසර්ගේ නියෝගවලට විරුද්ධව කැරලිගහනවා. මෙයාලා කියනවා යේසුස් කියලත් රජෙක් ඉන්නවා කියලා.’” (ක්‍රියා 17:5-7) පාවුලුත් අනිත් සහෝදරයනුත් මේ බිහිසුණු අද්දැකීමට මුහුණ දුන්නේ කොහොමද?
11. පාවුල්ට හා අනිත් සහෝදරයන්ට විරුද්ධව කළ චෝදනා මොනවාද? චෝදනා කළ අයගේ මනසේ තියෙන්න ඇත්තේ මොන නියෝගයද? (පාදසටහන බලන්න.)
11 “නගරයේ ලොකු කලබලයක් ඇති කළ” යුදෙව්වන්, පාවුල් හා සීලස් බරපතළ වරදක් කළා කියලා එහේ ඉන්න පාලකයන්ට පෙන්වන්න හැදුවා. ඔවුන් පාවුල්ට හා සීලස්ට විරුද්ධව බරපතළ චෝදනා දෙකක් ඉදිරිපත් කළා. තෙසලෝනිකයේ ඇති වුණ කලබලයට පාවුල්වත් ඔහු එක්ක හිටපු අනිත් අයවත් වග කිව යුතු නැහැ. නමුත් පාවුල් හා අනිත් සහෝදරයන් “මුළු පොළොවම කණපිට හරවලා” කියලා ඔවුන් චෝදනා කළා. නමුත් ඊටපස්සේ ඔවුන් ඊට වඩා බරපතළ චෝදනාවක් එල්ල කරනවා. ඔවුන් කියනවා පාවුල් හා ඔහුගේ සහයකයන් යේසුස් කියලත් රජෙක් ඉන්නවා කියලා කියමින් රෝම අධිරාජ්‍යයාගේ නියෝගවලට විරුද්ධව කැරලිගහනවා කියලා.a
12. තෙසලෝනිකයේ ක්‍රිස්තියානීන්ට විරුද්ධව කරපු චෝදනා බරපතළයි කියලා කියන්නේ ඇයි?
12 ආගමික නායකයන් යේසුස්ටත් ඒ හා සමාන චෝදනාවක් ඉදිරිපත් කළ බව ඔබට මතක ඇති. ඔවුන් ඔහුව පිලාත් ඉදිරියට අරන් ගිහින් මෙහෙම කිව්වා. “මේ මිනිහා අපේ රජට විරුද්ධව කැරලිගහන්න අපේ සෙනඟව උසිගන්වනවා. . . . ඒ වගේම එයාම කියනවා ක්‍රිස්තුස් කියන රජ එයා කියලා.” (ලූක් 23:2) අධිරාජ්‍යයාට විරුද්ධව කැරලිගහන බවට චෝදනා ලබපු කෙනෙක්ට විරුද්ධව තමන් යම් පියවරක් ගත්තේ නැති නිසා අධිරාජ්‍යයාගෙන් තමන්ට දඬුවමක් ලැබෙයි කියලා ඒ අවස්ථාවේදී පිලාත් බය වෙන්න ඇති. ඔහු යේසුස්ව මරන්න තීන්දු කළේ ඒ නිසා වෙන්න ඇති. තෙසලෝනිකයේ ක්‍රිස්තියානීන්ගේ ජීවිත තිබුණෙත් ඒ වගේම අනතුරකයි. පොතක සඳහන් මේ දෙයින් ඒක තහවුරු වෙනවා. “සාමාන්‍යයෙන් කෙනෙක් අධිරාජ්‍යයාට විරුද්ධව කැරලිගසා ඇති බවට පුංචි හරි කටකතාවක් පැතිරුණොත් ඒ කෙනාව අනිවාර්යයෙන්ම මරලා දානවා.”
-
-
‘පාවුල් ශුද්ධ ලියවිල්ල පාවිච්චි කරලා දේවල් තර්කානුකූලව පැහැදිලි කළා’දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
-
-
a සීසර් ඒ දවස්වල මේ වගේ නියෝගයක් දීලා තිබුණා කියලා පොතක සඳහන් වෙනවා. “සිටින රජු වෙනුවට අලුත් රජෙක් පත් වෙනවා කියලවත් තියෙන රාජ්‍යය වෙනුවට අලුත් රාජ්‍යයක් පිහිටුවනවා කියලවත් අනාවැකි පළ කරන්න එපා.” නියෝජිතයන් ඒ නියෝගය කඩ කරනවා කියලා පෙන්වන්න ඕනෙ නිසා විරුද්ධවාදීන් සමහරවිට ඔවුන් දේශනා කරපු පණිවිඩය ගැන වැරදි අදහසක් ඉදිරිපත් කරන්න ඇති. “ක්‍රියා පොතේ සඳහන් සීසර්වරු” කියන කොටුව බලන්න.
-