ගැළවීම සඳහා ප්‍රසිද්ධ ප්‍රකාශය කරන්න
“යෙහෝවාගේ නාමයට යාච්ඤා කරන සියල්ලන්වම ගළවාගනු ලබනවා ඇත.”—රෝම 10:13, NW.
1. ඉතිහාසය පුරා, කිනම් අනතුරු ඇඟවීම් ප්‍රකාශ වී තිබෙනවාද?
ඉතිහාසය ‘යෙහෝවාගේ දවස්’ කිහිපයක් විස්තර කරනවා. නෝවාගේ දවසේ ජලගැල්ම, සොදොම සහ ගොමොරාවේ සමූලඝාතනය සහ පො.යු.පෙ. 607හි මෙන්ම පො.යු. 70හි යෙරුසලමේ විනාශය, යෙහෝවාගේ මහත් වූ භය උපදවන දවස් වුණා. ඒවා යෙහෝවාට විරුද්ධව කැරලිගැසූ අය උදෙසා යුක්තිය නියම කරන දවස් වුණා. (මලාකී 4:5; ලූක් 21:22) එම කාලය තුළදී, ඔවුන්ගේ දුෂ්ටකම හේතුවෙන් බොහෝදෙනෙක් විනාශ වුණා. නමුත් සමහරුන් ගැළවුණා. සිදුවීමට යන විනාශය පිළිබඳව දුෂ්ටයන්ට දැනුම් දීමටත්, ගැළවීම සොයාගැනීම සඳහා හරි හෘද ඇති අයට ප්‍රස්තාව දීමටත් යෙහෝවා අනතුරු ඇඟවීම් ප්‍රකාශ වෙන්න සැලැස්සුවා.
2, 3. (අ) පෙන්තකොස්ත දිනයේදී කිනම් අනාවැකිමය අනතුරු ඇඟවීම උපුටා දැක්වූවාද? (ආ) පොදු යුගයේ 33හි පෙන්තකොස්ත දිනයේ සිට යෙහෝවාගේ නාමය කියා යාච්ඤා කිරීම සඳහා අවශ්‍ය වුණේ කුමක්ද?
2 පොදු යුගයේ 70හි යෙරුසලමේ විනාශය මේ සඳහා විශිෂ්ට ආදර්ශයක්. එම සිද්ධිය වසර 900කට පමණ කලින් පුරෝකථනය කරමින්, අනාගතවක්තෘ යෝවෙල් මෙසේ ලිව්වා: “අහසෙහිත් පොළොවෙහිත් පුදුම එනම් ලේද ගිනිද දුම්-කණුද පෙන්වන්නෙමි. [යෙහෝවාගේ] මහත්වූ භයානකවූ දවස පැමිණෙන්ට පළමුවෙන් ඉර අඳුරුවන්නේය, හඳ ලේ වන්නේය.” එවන් බිහිසුණු කාලයකින් යමෙක් ගැළවෙන්නේ කෙසේද? යෝවෙල් ආනුභාවයෙන් මෙසේ ලිව්වා: “[යෙහෝවාගේ] නම කියා යාච්ඤාකරන කවුරුනුමුත් ගැළවෙනවා ඇත. මක්නිසාද [යෙහෝවා] කී ලෙස, ගැළවෙන අයද ඉතිරි අය අතරේ [යෙහෝවා] කැඳවන අයද සියොන් කන්දෙහිත් යෙරුසලමෙහිත් සිටිනවා ඇත.”—යෝවෙල් 2:30-32.
3 පොදු යුගයේ 33 පෙන්තකොස්ත දිනයේදී, ප්‍රේරිත පේතෘස් යෙරුසලමේ සිටි යුදෙව්වන් සහ යුදෙව් ආගමට හැරුණාවූ අන්‍යජාතික කණ්ඩායමක් අමතා, ඔහුට සවන්දෙන්නන්ට ඔවුන්ගේ දවසේදී අපේක්ෂා කළ හැකි ඉටුවීමක් පෙන්වමින් යෝවෙල්ගේ අනාවැකිය උපුටා දැක්වුවා: “උඩ අහසෙහි පුදුමද පාත පොළොවෙහි ලකුණුද වන ලේ සහ ගිනිත් දුම් වලාපටලත් දක්වන්නෙමි. [යෙහෝවාගේ] මහත්වූ තේජවත්වූ ඒ දවස එන්ට පළමුවෙන් ඉර අඳුරුවන්නේය, හඳ ලේ වන්නේය. [යෙහෝවාගේ] නාමයෙන් යාච්ඤාකරන කවරේත් ගළවනු ලබන්නේය.” (ක්‍රියා 2:16-21) පේතෘස්ට ඇහුම්කන් දෙමින් සිටි සියල්ලන්ම මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ සිටි නිසා, ඔවුන් යෙහෝවාගේ නාමය දැනගෙන සිටියා. මේ නිසා, යෙහෝවාගේ නාමයට යාච්ඤා කිරීමට වඩා වැඩි යමක් ඊට අයත් බව පේතෘස් පැහැදිලි කළා. මරනු ලැබ, පසුව අමරණීය ස්වර්ගීය ජීවිතයට නැවත නැඟිටෙවූ යේසුස්ගේ නාමයෙන් බව්තීස්ම වීම කැපීපෙනෙන අයුරින් මීට අයත් වුණා.—ක්‍රියා 2:37, 38.
4. ක්‍රිස්තියානීන් දසත ප්‍රකාශ කළේ කිනම් පණිවිඩයද?
4 පෙන්තකොස්ත දිනයේ සිට, නැවත නැඟිටින ලද යේසුස් පිළිබඳ පණිවිඩය ක්‍රිස්තියානීන් පැතිරෙව්වා. (1 කොරින්ති 1:23) මනුෂ්‍යවර්ගයාව දෙවි යෙහෝවාගේ ආත්මික පුත්‍රයන් ලෙස තෝරාගන්න බවත්, ‘දෙවිගේ අලුත් ඉශ්රායෙලයක,’ එනම් ‘යෙහෝවාගේ උත්කෘෂ්ටතාවන් දසත ප්‍රකාශ කරන’ ආත්මික ජාතියක කොටසක් බවට පත් වන බව ඔවුන්ට දන්වනු ලැබුවා. (ගලාති 6:16; 1 පේතෘස් 2:9, NW) මරණය දක්වා විශ්වාසවන්තව සිටින අය, යේසුස්ගේ ස්වර්ගීය රාජ්‍යයෙහි ඔහු සමඟ හවුල් උරුමක්කාරයන් හැටියට අමරණීය ස්වර්ගීය ජීවිතය උරුම කරගන්න යනවා. (මතෙව් 24:13; රෝම 8:15, 16; 1 කොරින්ති 15:50-54) එපමණක්ද නොව, මෙම ක්‍රිස්තියානීන්ට පැමිණෙමින් තිබූ යෙහෝවාගේ මහත් වූ භය උපදවන දවස ප්‍රචාරය කරන්න තිබුණා. දෙවිගේ සෙනඟයයි කියාගත් අය සහ යෙරුසලම මත, එම කාලය වන විට පහර දී ඇති ඕනෑම ආකාරයක පීඩාවක් පරදවන එකක් අද්දකින්න යන බව යුදෙව් ලෝකයට අනතුරු අඟවන්න ඔවුන්ට සිදු වුණා. කෙසේවෙතත්, ගැළවෙන්නන් සිටින්න යනවා. ඒ කවුද? ඒ යෙහෝවාගේ නාමයට යාච්ඤා කරන අයයි.
“අන්තිම දවස්වලදී”
5. අනාවැකියේ කිනම් ඉටුවීමක් අද සිදු වී තිබෙනවාද?
5 බොහෝ විධිවලින් අප අද දකින දේවල් කලින් තිබූ තත්වයන් පෙර ඡායා කරනවා. වර්ෂ 1914 සිට මනුෂ්‍යවර්ගයා ජීවත් වෙමින් සිටින්නේ විශේෂ කාලපරිච්ඡේදයක වන අතර, “අන්තිම කාලය,” “දේවල පිළිවෙළේ නිමාව” සහ “අන්තිම දවස්” හැටියට බයිබලයෙහි එයට යොමු දක්වා තිබෙනවා. (දානියෙල් 12:1, 4; මතෙව් 24:3-8, NW; 2 තිමෝති 3:1-5, 13) අපගේ සියවසේ, කෲර යුද්ධ, තහංචි නැති සාහසිකකම් සහ සමාජීය මෙන්ම පරිසර විනාශයන්, බයිබල් අනාවැකිවල විශිෂ්ට ඉටුවීමක් සපයනු ලැබුවා. මේ සියල්ල මනුෂ්‍යවර්ගයා යෙහෝවාගේ අවසාන, තීරණාත්මක භය උපදවන දවස අද්දකින්න යන බව අඟවන යේසුස් විසින් අනාවැකි පළ කළ ලකුණෙහි කොටස්. අර්මගෙදොන් යුද්ධයේදී, එනම් “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතු කොයිකලෙකවත් නොවන්නාවූ මහත් [පීඩාවේදී]” මෙය මුදුන්පත් වෙනවා.—මතෙව් 24:21; එළිදරව් 16:16.
6. (අ) මෘදු අයව ගළවාගන්න යෙහෝවා ක්‍රියා කර තිබෙන්නේ කෙසේද? (ආ) ගැළවීම සඳහා අප කළ යුතු දේ සම්බන්ධ පාවුල්ගේ උපදෙස අපට සොයාගත හැක්කේ කොහෙන්ද?
6 පාළු කිරීමේ දවස එන්න එන්නම ළං වෙද්දී, මෘදු අයගේ ගැළවීම සඳහා යෙහෝවා ක්‍රියා කරන්න යනවා. මෙම ‘අන්තිම කාලයේදී,’ දෙවි තම ආත්මික ඉශ්‍රායෙල්ගේ ඉතිරි අයව එකතු කරනු ලැබූ අතර, 1930 ගණන්වල සිට “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක්” එකතු කිරීම සඳහා ඔහුගේ අවධානය තම භූමික සේවකයන් වෙත යොමු කළා. කණ්ඩායමක් හැටියට මොවුන් ජීවමානව, ‘මහත් පීඩාව මැදින් එනවා.’ (එළිදරව් 7:9, 14) නමුත් එක් එක් පුද්ගලයා ඔහුගේ හෝ ඇයගේ ගැළවීම ස්ථිර කරගන්නේ කෙසේද? ප්‍රේරිත පාවුල් එම පැනයට පිළිතුරු දෙනවා. රෝම 10වන පරිච්ඡේදයේ ඔහු ගැළවීම සඳහා ඉතා හොඳ උපදෙස් සපයනවා—එම උපදෙස් ඔහුගේ දවසට අදාළ වූ අතර, නැවතත් අපේ දවසටත් අදාළ වෙනවා.
ගැළවීම සඳහා යාච්ඤාවක්
7. (අ) රෝම 10:1, 2හි හඳුන්වා දෙන අපේක්ෂාව කුමක්ද? (ආ) වඩාත් පැතිරුණාවූ “ශුභාරංචි” ප්‍රචාරය කිරීමක් දැන් යෙහෝවාට ඇත්තේ මන්ද?
7 පාවුල් රෝම පොත ලියද්දී, ජාතියක් හැටියට ඉශ්‍රායෙල්ව යෙහෝවා ඒ වන විටත් හෙළා දමා තිබුණා. එහෙත් ප්‍රේරිතවරයා මෙසේ සහතික කළා: “ඔවුන් උදෙසා මාගේ [හෘදයේ ශුභදායි ආකල්පයත්, දෙවිට, NW] කරන කන්නලව්වත් නම් ඔවුන් ගැළවෙන පිණිසය.” ඔහුගේ අපේක්ෂාව වුණේ, තමන්ගේ ගැළවීම සඳහා එක් එක් යුදෙව්වා දෙවිගේ කැමැත්ත පිළිබඳ ඒකාන්ත දැනුම ලබාගනීවි යන්නයි. (රෝම 10:1, 2) ඊටත් වඩා, යොහන් 3:16 අඟවන විදිහට, ඇදහිල්ල ක්‍රියාත්මක කරන මනුෂ්‍යවර්ගයාගේ මුළු ලෝකයම ගැළවෙනවා දකින්න යෙහෝවා ආශා කරනවා: ‘දෙවි ස්වකීය ඒකජාතක පුත්‍රයා දෙන තරම් ලෝකයට ප්‍රේම කළේය. එසේ කළේ ඔහු කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.’ යේසුස්ගේ මිදීමේ පූජාව එම මහත් ගැළවීම සඳහා මඟ විවර කළා. නෝවාගේ දවස සහ ඉන්පසු පැමිණි විනිශ්චයමය දවස්වලදී මෙන්, ගැළවීම සඳහා මාර්ගයට යොමු දක්වමින් යෙහෝවා “ශුභාරංචි” ප්‍රචාරය කර තිබෙනවා.—මාර්ක් 13:10, 19, 20.
8. පාවුල්ගේ ආදර්ශය අනුගමනය කරමින් අදදින සැබෑ ක්‍රිස්තියානීන් ශුභදායි ආකල්පය පතුරුවන්නේ කාටද? එමෙන්ම කෙසේද?
8 යුදෙව්වන් සහ අන්‍යජාතීන් කෙරෙහි වූ තමන්ගේම ශුභදායි ආකල්පය පෙන්වමින් සෑම ප්රස්තාවකදීම පාවුල් දේශනා කළා. ඔහු ‘යුදෙව්වන්ටද ග්රීකයන්ටද ඒත්තුගැන්වූවා.’ ඔහු එපීසයේ වැඩිමහල්ලන්ට මෙසේ කිව්වා: ‘ප්‍රයෝජනවත් වූ කිසි දෙයක් ප්‍රකාශ කිරීමෙන් නොවැළකී, ප්රසිද්ධියේද ගෙයින් ගෙටද නුඹලාට උගන්වමින්, දෙවි කෙරෙහි පසුතැවිල්ලත් අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ලත් ගැන යුදෙව්වරුන්ට හා ග්‍රීක්වරුන්ට සාක්ෂි දුනිමි.’ (ක්‍රියා 18:4; 20:20, 21) ඒ ආකාරයට, අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේශනා කිරීමේ තමන්ව යොදවා තිබෙන අතර, එසේ කර තිබෙන්නේ නාමමාත්ර ක්‍රිස්තියානීන්ට පමණක් නොව, නමුත් සියලුම ජනයාටයි, එමෙන්ම “පොළොවේ දුරස්තර කොටස්වල” පවා එසේ කර තිබෙනවා.—ක්‍රියා 1:8, NW; 18:5.
“ඇදහිල්ලේ ‘වචනය’” ප්‍රකාශ කිරීම
9. (අ) රෝම 10:8, 9හි දිරි දෙන්නේ කිනම් ආකාරයේ ඇදහිල්ලකටද? (ආ) අපේ ඇදහිල්ල ප්‍රකාශ කළ යුත්තේ කෙසේද? එමෙන්ම කවදාද?
9 ගැළවීම සඳහා විඳදරාගැනීමෙන් යුත් ඇදහිල්ලක් අවශ්‍යයි. ද්විතීය කථාව 30:14 උපුටා දක්වමින් පාවුල් මෙසේ ප්‍රකාශ කරනවා: “‘වචනය ඔබ සමඟය, ඔබේම මුඛයෙහි සහ ඔබේම හෘදයෙහිය’; ඒ අප දේශනා කරමින් සිටින ඇදහිල්ලේ ‘වචනය’ වේ.” (රෝම 10:8, NW) අප එම “ඇදහිල්ලේ ‘වචනය’” දේශනා කරත්ම, එය අපගේ හෘද තුළ තව තවත් ගැඹුරට කෙටෙන්න යනවා. පාවුල් සම්බන්ධයෙන්ද එය එසේ වූ අතර, අන් අය සමඟ එම ඇදහිල්ල බෙදාගැනීමේදී ඔහු මෙන් වීම සඳහා, ඔහුගේ වැඩිමනත් වචන අපේ අධිෂ්ඨානය ශක්තිමත් කළ හැකියි: “යේසුස් ස්වාමීන් බව සහ ඔහුව දෙවි මළවුන්ගෙන් නැඟිටෙවූ බවට ඔබේ හෘදයෙන් ඇදහිල්ල පවත්වා, එම ‘වචනය ඔබේම මුඛයෙන්’ ඔබ ප්‍රසිද්ධ ලෙස ප්‍රකාශ කළොත්, ඔබව ගළවාගනු ලබනවා ඇත.” (රෝම 10:9, NW) මෙය බව්තීස්ම වන කාලයේ පමණක් අන් අය ඉදිරියේ කරන ප්‍රකාශ කිරීමක් නොව, නමුත් නොනවත්වා කෙරෙන ප්‍රකාශ කිරීමක්, සත්‍යයේ සියලුම උදාර සාධක පිළිබඳ ජ්වලිත ප්‍රසිද්ධ සාක්ෂියක්. එවන් සත්‍යය, පරමාධිපති ස්වාමි වූ යෙහෝවාගේ අනර්ඝ නාමය මතත්, අපේ මෙසියානු රජ මෙන්ම මිදුම්කාරයා වන ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් මතත්, මහිමාන්විත රාජ්‍ය අපේක්ෂා මතත් යොමු කරවනවා.
10. රෝම 10:10, 11ට අනුව අප මෙම “ඇදහිල්ලේ ‘වචනය’” හැසිරවිය යුත්තේ කෙසේද?
10 ප්‍රේරිතවරයා දිගටම සඳහන් කරන්නාක් මෙන්, මෙම “ඇදහිල්ලේ ‘වචනය’” පිළිගෙන එය අදාළ කර නොගන්නාවූ කිසිම කෙනෙකුට ගැළවීම අත් වන්නේ නැහැ: “ධර්මිෂ්ඨකම සඳහා කෙනෙක් හෘදයෙන් ඇදහිල්ල ක්‍රියාත්මක කරන්නේය, නමුත් ගැළවීම සඳහා ඔහු මුඛයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශය කරන්නේය. ‘ඔහු කෙරෙහි ඇදහිල්ල තැබූ කිසිවෙක් බලාපොරොත්තු නැති කරගන්න යන්නේ නැත’ කියා ලියවිල්ල කියන්නේය.” (රෝම 10:10, 11, NW) අප මෙම “ඇදහිල්ලේ ‘වචනය’” පිළිබඳ ඒකාන්ත දැනුමක් ලබාගත යුතු අතර, අන් අයට එය ප්‍රකාශ කිරීමට පෙලඹීම සඳහා අපේ හෘද තුළ එය දිගටම පැලපදියම් කරගත යුතුයි. යේසුම මෙය අපට මතක් කරනවා: ‘මේ කාමමිථ්‍යාචාරික වූ පාපිෂ්ඨ වූ පරම්පරාවේදී යමෙක් මා ගැනත් මාගේ වචන ගැනත් ලජ්ජා වන්නේද, මනුෂ්‍ය පුත්‍රයා තම පියාගේ තේජසින් ශුද්ධ දේවදූතයන් සමඟ එන කල, ඔහු ගැනත් ලජ්ජා වෙනවා ඇත.’—මාර්ක් 8:38.
11. ශුභාරංචිය කොතරම් ප්‍රබල ලෙස ප්‍රචාරය කළ යුතුද? එමෙන්ම මන්ද?
11 අනාගතවක්තෘ දානියෙල් පුරෝකථනය කළ ලෙස, මෙම අන්තිම කාලයේදී, රාජ්‍ය සාක්ෂිදැරීම පොළොවේ සීමා දක්වා ව්‍යාප්ත වීමත් සමඟම “තීක්ෂ්ණ බුද්ධිය ඇති අය,” “ආකාශයේ දීප්තිය” මෙන් බැබළෙනවා දකින්න යනවා. ඔවුන් “ධර්මිෂ්ඨකමට බොහෝදෙනෙක්ව ගෙනෙන” අතර, අවසාන කාලය පිළිබඳ අනාවැකි මත වැඩි වන්නාවූ ආලෝකය පැතිරවීමත් සමඟම සැබෑ දැනුම ඇත්තෙන්ම බහුලව තිබෙන්න යනවා. (දානියෙල් 12:3, 4, NW) සත්‍යයට සහ ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන සියලුදෙනාගේම ගැළවීමට අත්‍යවශ්‍ය ගැළවීමේ පණිවිඩයක් මෙහි තිබෙනවා.
12. රෝම 10:12 සමඟ එළිදරව් 14:6හි විස්තර කර ඇති දේවදූතයාගේ මෙහෙවර එකිනෙකට බැඳී පවතින්නේ කෙසේද?
12 ප්‍රේරිත පාවුල් දිගටම මෙසේ කියනවා: ‘යුදෙව්වාද ග්‍රීකයාද අතරේ ප්‍රභේදයක් නැත. එකම ස්වාමීන් සියල්ලන්ට ස්වාමීව, ඔහුට යාච්ඤා කරන සියල්ලන් උදෙසා පොහොසත්ව සිටින්නේය.’ (රෝම 10:12) “ශුභාරංචිය” අදදින මීටත් වඩා ව්‍යාප්ත වූ සමස්ත ලෝක පරිමාණයකින් දේශනා කළ යුතුයි—සියලුම ජාතීන්ට, පොළොවේ සීමා දක්වාම. “පොළොවේ වසන්නන්ටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රයන්ටත් භාෂාවන්ටත් සෙනගටත් ප්‍රකාශකරන පිණිස, සදාකාල ශුභාරංචියක්” අපට පවරමින්, එළිදරව් 14:6හි සඳහන් දේවදූතයා අහස මැද දිගටම පියාසර කරමින් සිටිනවා. ප්‍රතිචාරය දක්වන්නාවූ අයට මෙය ප්‍රයෝජනවත් වන්න යන්නේ කෙසේද?
යෙහෝවාගේ නාමයට යාච්ඤා කිරීම
13. (අ) වර්ෂ 1998හි අපේ වාර්ෂික පදය කුමක්ද? (ආ) මෙම වාර්ෂික පදය අදදිනට ඉතාම උචිත වන්නේ මන්ද?
13 යෝවෙල් 2:32 උපුටා දක්වමින් පාවුල් මෙසේ ප්‍රකාශ කරනවා: “යෙහෝවාගේ නාමයට යාච්ඤා කරන සියල්ලන්වම ගළවාගනු ලබනවා ඇත.” (රෝම 10:13) වර්ෂ 1998 සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පදය වශයෙන් එම වචන තෝරාගෙන තිබීම මොනතරම් උචිතද! යෙහෝවාගේ නාමය සහ ඒ උදෙසා පවතින උදාර අරමුණු පිළිබඳව දැනුවත් කරමින් ඔහු කෙරෙහි විශ්වාසයෙන් යුතුව ඉදිරියට ගමන් කිරීම වෙන කිසිදාක මෙපමණ වැදගත් වී නැහැ! පළමු සියවසේ මෙන්ම වර්තමාන දූෂිත දේවල පිළිවෙළේ අවසාන දවස්වලත් මෙම ප්රතිනාද වීම දිගටම සිදු වෙනවා: “මේ වංක පරම්පරාවෙන් ගැළවෙන්න.” (ක්‍රියා 2:40) ලොව වටා සිටින දේවභයැති ජනයා තමන්ටත්, තමන්ගේ ප්‍රසිද්ධ ශුභාරංචි ප්‍රකාශයට සවන්දෙන්නන්ටත් ගැළවීම දානය කිරීම සඳහා යෙහෝවාට යාච්ඤා කිරීම හොරණෑ හඬක් බඳු ආරාධනාවක් වෙනවා.—1 තිමෝති 4:16.
14. ගැළවීම සඳහා අප යාච්ඤා කළ යුත්තේ කිනම් පර්වතයටද?
14 යෙහෝවාගේ මහත් දවස මේ පොළොව මත හදිසියේම මුදාහැරෙන විට, සිදු වන්න යන්නේ කුමක්ද? බොහෝදෙනෙක් ගැළවීම සඳහා යෙහෝවා දෙස බලන්න යන්නේ නැහැ. පොදුවේ මනුෂ්‍යවර්ගයා ‘කඳුවලටත් පර්වතවලටත් කතාකොට: අප පිට වැටී, සිංහාසනයෙහි වැඩ ඉන්න තැනැත්තාගේ මුහුණ ඉදිරියෙනුත් බැටළුපැටවාගේ උදහසිනුත් අප සඟවාගන්න’ කියා පවසන්න යනවා. (එළිදරව් 6:15, 16) ඔවුන් මේ දේවල පිළිවෙළේ කඳු වැනි වූ සංවිධාන සහ ආයතන මත ඔවුන්ගේ අපේක්ෂා තබන්න යනවා. සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨ පර්වතය වන යෙහෝවා දෙවි කෙරෙහි ඔවුන් විශ්වාසය තැබුවා නම්, ඊට වඩා කොපමණ හොඳද! (ද්විතීය කථාව 32:3, 4) දෙවි ගැන දාවිත් රජ මෙසේ කිව්වා: ‘යෙහෝවා මාගේ පර්වතයය, මාගේ බලකොටුවය, මාගේ මිදුම්කාරයාය.’ “අපේ ගැළවීමේ පර්වතය” යෙහෝවායි. (ගීතාවලිය 18:2; 95:1) ඔහුගේ නාමය “ශක්තිමත් බලකොටුවක්,” එමෙන්ම පැමිණෙන්නාවූ අර්බුදය අතරතුරෙහි අපව ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් එකම “බලකොටුව” එයයි. (හිතෝපදේශ 18:10, NW) මේ නිසා, අදදින සිටින බිලියන හයක් පමණ මනුෂ්‍යයන්ගෙන් හැකි තරම් ප්‍රමාණයකට විශ්වාසවන්ත සහ අවංක ලෙස යෙහෝවාගේ නාමයට යාච්ඤා කරන්න ඉගැන්වීම අත්‍යවශ්‍යයි.
15. ඇදහිල්ල සම්බන්ධයෙන් රෝම 10:14 අඟවන්නේ කුමක්ද?
15 ප්‍රේරිත පාවුල් මෙසේ ඇසීම උචිතයි: “එසේ නම් ඔවුන් තමුන් විසින් [ඇදහිල්ල නොතැබුවාවූ, NW] කෙනෙකුට යාච්ඤාකරන්නේ කොහොමද?” (රෝම 10:14) ගැළවීම සඳහා යෙහෝවාගේ නාමයට යාච්ඤා කරන පිණිස “ඇදහිල්ලේ ‘වචනය’” ඔවුන්ගේම කරගන්න උපකාර ඕනෑ කරන අය බොහෝදෙනෙක් තවමත් සිටින්න ඉඩ තිබෙනවා. අත්‍යවශ්‍යම දෙය ඇදහිල්ලයි. තවත් පොතක පාවුල් මෙසේ සඳහන් කරනවා: ‘ඇදහිල්ල නැතුව දෙවිව සතුටු කරන්න නුපුළුවන. මක්නිසාද දෙවි වෙතට ළඟාවෙන්නා විසින් ඔහු විද්‍යමාන බවත්, ඔහුව සොයන්නන්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කරන්න ඕනෑය.’ (හෙබ්‍රෙව් 11:6) එසේනම්, තව මිලියන ගණන් දෙවි කෙරෙහි ඇදහිල්ල තැබීමට පැමිණෙන්නේ කෙසේද? රෝමවරුන්ට ලියූ ලිපියේදී පාවුල් මෙසේ ඇසුවා: “තමුන් නොඇසූවාවූ කෙනෙකු කෙරෙහි [ඇදහිල්ල තබන්නේ, NW] කොහොමද?” (රෝම 10:14) ඔවුන්ට අසන්න හැකි වන පිණිස දෙවි මාර්ගයක් සපයනවාද? ස්ථිර වීමට ඔහු එසේ කරනවා! පාවුල් දිගින් දිගටම පවසමින් සිටින වචනවලට ඇහුම්කන් දෙන්න: “දේශනාකරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද?”
16. දිව්‍ය විධිවිධානය තුළ දේශනාකරුවන් අත්‍යවශ්‍ය මන්ද?
16 පාවුල්ගේ තර්කයට අනුව දේශනාකරුවන් අවශ්‍ය බව සක්සුදක් සේ පැහැදිලියි. “දේවල පිළිවෙළේ නිමාව දක්වා” එය මෙසේ සිදු වන බව යේසුස් ඇඟවූවා. (මතෙව් 24:14; 28:18-20, NW) දේශනා කිරීම, ගැළවීම සඳහා යෙහෝවාගේ නාමයට යාච්ඤා කරන්න ජනයාට උපකාර කිරීමේ දිව්‍ය විධිවිධානයේ අත්‍යවශ්‍ය කොටසක්. ක්‍රිස්තියානි ලෝකයේ පවා දෙවිගේ අනර්ඝ නාමය ගෞරවයට පත් කිරීම සඳහා, බහුතරයක් කිසිවක් කරන්නේ නැහැ. අනන්‍යතාවන් දෙකක් ඇතුළත්, විස්තර කළ නොහැකි ත්‍රිත්ව මූලධර්මයක් සමඟ බොහෝදෙනෙක් යෙහෝවාව අපේක්ෂාභංග ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා. එමෙන්ම, බොහෝදෙනෙක් ගීතාවලිය 14:1හි [NW] සහ ගීතා 53:1හි [NW] කතා කර ඇති කණ්ඩායමට වැටෙනවා: “සංවේදනයෙන් තොර තැනැත්තා ඔහුගේ හෘදයෙන් මෙසේ කීය: ‘යෙහෝවා නැත.’” යෙහෝවා ජීවමාන දෙවි බව ඔවුන් දැනගන්න අවශ්‍යයි; එමෙන්ම පැමිණෙන්නාවූ මහත් පීඩාවෙන් ගැළවෙන්න නම්, ඔහුගේ නාමය වෙනුවෙන් පවතින සියල්ල ඔවුන් තේරුම්ගත යුතුයි.
දේශනාකරුවන්ගේ ‘ශෝභන පාද’
17. (අ) පාවුල් නැවත පිහිටුවීමේ අනාවැකියක් උපුටා දැක්වීම උචිත වන්නේ මන්ද? (ආ) ‘ශෝභන පාද’ ඇතුව සිටීමට අයත් වන්නේ කුමක්ද?
17 ප්‍රේරිත පාවුල්ට තවත් වැදගත් ප්‍රශ්නයක් තිබෙනවා: “යවනු ලැබුවොත් මිස දේශනාකරන්නේ කොහොමද? මේ සම්බන්ධව: යහපත්දේ ගැන ශුභ ආරංචිය ගෙනෙන්නාවූ තැනැත්තන්ගේ [පාද කොපමණ ශෝභනද!, NW] කියා ලියා තිබේ.” (රෝම 10:15) වර්ෂ 1919 සිට අදාළ වී ඇති නැවත පිහිටුවීමේ අනාවැකියක කොටසක් වන යෙසායා 52:7 පාවුල් මෙහිදී උපුටා දක්වනවා. අදදින යළිත් වරක්, යෙහෝවා “ශුභ ආරංචි ගෙනෙන්නාවූ, සමාදානය ප්‍රකාශකරන්නාවූ, යහපත ගැන හොඳ ආරංචි ගෙනෙන්නාවූ, ගැළවීම ප්‍රකාශකරන්නාවූ” අයව යවනවා. කීකරු ලෙස, දෙවිගේ ආලේප ලත් “මුරකාරයන්” සහ ඔවුන්ගේ සහයකයන් ප්‍රීතියෙන් මොරගසමින් සිටිනවා. (යෙසායා 52:7, 8) අදදින ගැළවීම ප්‍රකාශ කරන අයගේ පාද වෙහෙසට පත් වෙන්න හෝ ගෙයින් ගෙට ඔවුන් ඇවිදගෙන යද්දී දූවිලි තැවරෙන්න පවා ඉඩ තිබුණත්, ඔවුන්ගේ මුහුණු කොපමණ ප්‍රීතියකින් බබළනවාද! සමාදානයේ ශුභාරංචිය ප්‍රචාරය කරන්නත්, ශෝක වන්නන්ව සනසන්නත්, ගැළවීමේ අදහසින් යෙහෝවාගේ නාමයට යාච්ඤා කරන්න එවන් අයට උපකාර කරමින් සිටින්නත් යෙහෝවා විසින් ඔවුන්ට අණ කර තිබෙන බව ඔවුන් දන්නවා.
18. ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ අවසාන ප්‍රතිඵලය ගැන රෝම 10:16-18 කියන්නේ කුමක්ද?
18 ජනයා “ඇසූ දේ කෙරෙහි ඇදහිල්ල තැබුවත්,” ඊට අකීකරු වන්න ඔවුන් තෝරාගත්තත්, පාවුල්ගේ වචන සැබෑ බව නාද වෙනවා: “සවන් දෙන්න ඔවුන් අසමත් නොවීය, එසේ නොවේද? ඇයි, ඇත්තෙන්ම, ‘ඔවුන්ගේ හඬ පොළොව මුළුල්ලෙහිද, ඔවුන්ගේ වචන ජනාවාස පොළොවේ සීමා දක්වාද පැතිර තිබේ.’” (රෝම 10:16-18, NW) ඔහුගේ මැවීමේ ක්‍රියාවලින් පිළිබිඹු වන්නාක් මෙන්, “අහස [දෙවිගේ] මහිමය ප්‍රකාශ” කරන්නා සේම, ‘යෙහෝවාගේ කරුණාවේ අවුරුද්ද සහ අපේ දෙවිගේ පළිගැනීමේ දවස ප්‍රකාශ කරන්නත් වැලපෙන සියල්ලන්ව සැනසීම’ සඳහාත්, පොළොව මත සිටින ඔහුගේ සාක්ෂිකරුවන් එය ප්‍රචාරය කළ යුතුයි.—ගීතාවලිය 19:1-4; යෙසායා 61:2.
19. අදදින ‘යෙහෝවාගේ නාමයට යාච්ඤා’ කරන අයට ලැබෙන්න යන ප්‍රතිඵලය කුමක්ද?
19 යෙහෝවාගේ මහත් වූ භය-උපදවන දවස එන්න එන්නම ළං වෙනවා. ‘අහෝ ඒ දවසේ හැටි! මක්නිසාද යෙහෝවාගේ දවස ළංව තිබේ, ඒක සර්වපරාක්‍රම තැනැත්තා එවන විනාශයක් මෙන් පැමිණෙන්නේය.’ (යෝවෙල් 1:15; 2:31) යෙහෝවාගේ සංවිධානයට තවත් මහත් ජනකායක් එක්රොක් වන පිණිස, ඔවුන් ශුභාරංචියට හදිසිතාවෙන් යුතුව ප්‍රතිචාරය දැක්වීමයි, අපේ යාච්ඤාව. (යෙසායා 60:8; හබක්කුක් 2:3) යෙහෝවාගේ වෙනත් දවස් දුෂ්ටයන් පිටට විනාශය ගෙන ආ බව මතක් කරන්න—නෝවාගේ දවසේදී, ලොත්ගේ දවසේදී, ඇදහිල්ල අත්හළ ඉශ්රායෙල් සහ යූදාගේ දවසේදී. අප අද සිටින්නේ සියලුම පීඩාවලින් මහත්ම පීඩාව අද්දරෙහි වන අතර, යෙහෝවාගේ සුළි සුළඟ දුෂ්ටයන්ව මෙම පොළොව මතුපිටින් ගසාගෙන යෑමට සලස්වා සදාකාලික සාමයේ පාරාදීසයක් සඳහා මඟ හෙළි පෙහෙළි කරන්න යනවා. ඔබත් විශ්වාසවන්ත ලෙස ‘යෙහෝවාගේ නාමයට යාච්ඤා’ කරන කෙනෙක් වෙන්න යනවාද? එසේනම්, ප්‍රීතිමත් වන්න! ඔබ ගැළවෙන්න යන බවට වූ දෙවිගේම පොරොන්දුව ඔබට තිබෙනවා.—රෝම 10:13.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻ පොදු යුගයේ 33 පෙන්තකොස්ත දිනයෙන් පසුව කිනම් අලුත් දේවල් ප්‍රචාරය කළාද?
◻ “ඇදහිල්ලේ ‘වචනය’” කෙරෙහි ක්‍රිස්තියානීන් අවධානය යොමු කළ යුත්තේ කෙසේද?
◻ ‘යෙහෝවාගේ නාමයෙන් යාච්ඤා’ කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
◻ රාජ්‍ය පණිවිඩකාරයන්ට ‘ශෝභන පාද’ තිබෙන්නේ කිනම් අර්ථයෙන්ද?
[18වන පිටුවේ පින්තූර]
දෙවිගේ සෙනඟ ඔහුගේ උත්කෘෂ්ටතාවන් පුවටෝ රිකෝ, සෙනගාල්, පෙරූ, පැපුවා නිව්ගිනියාව—ඔව්, සමස්ත ලෝකය පුරාම ප්‍රකාශ කරනවා