-
දෙවියන් සතුටු වෙන විදිහට නමස්කාර කරන්නේ කොහොමද?හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
-
-
2. යෙහෝවා දෙවියන්ට අපි නමස්කාර කරන්න ඕනෙ කොහොමද?
යෙහෝවායි අපේ නිර්මාතෘ. ඒ නිසා අපේ නමස්කාරය ලබන්න වටින එකම කෙනා ඔහුයි. (එළිදරව් 4:11) අපි රූපවලට නමස්කාර කරනවාට ඔහු කැමති නැහැ. අපි ආදරේ කරන්න ඕනෙ, නමස්කාර කරන්න ඕනෙ ඔහුට විතරයි.—යෙසායා 42:8 කියවන්න.
අපේ නමස්කාරය “ශුද්ධ, දෙවියන්ට පිළිගන්න පුළුවන් එකක් වෙන්න ඕනේ.” (රෝම 12:1) ඒ නිසා යෙහෝවා හරියි කියන දේවල් කරන්නත් වැරදියි කියලා තියෙන දේවල් නොකර ඉන්නත් අපි උපරිම උත්සාහයක් ගන්න ඕනේ. උදාහරණෙකට යෙහෝවාට ආදරේ කරන අයට විවාහය ගැන ඔහු දීලා තියෙන ප්‍රමිති හුඟක් වටිනවා. එයාලා දුම්කොළ, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නෙවත් මත්පැන්වලට ඇබ්බැහි වෙන්නෙවත් නැහැ.a
-
-
ජීවිතේ කියන්නේ තෑග්ගක්හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
-
-
3. ඔයාගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න
යෙහෝවා දෙවියන් කැමති දේ කරන්න අපි පොරොන්දු වෙලා තියෙන නිසා අපි අපේ මුළු ජීවිතේම පාවිච්චි කරන්නේ ඔහුට සේවය කරන්න. ඒක හරියට අපි අපේ ශරීරය ඔහුට පූජාවක් හැටියට දෙනවා වගේ. රෝම 12:1, 2 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
ඔයාගේ සෞඛ්‍යය ගැන ඔයා සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි?
ඔයාට ඒක කරන්න පුළුවන් සමහර විදි මොනවාද?
-