-
දෙවියන් පිළිබඳ දැනුමට විරුද්ධ තර්ක විතර්ක බිඳ දමන්න2019 මුරටැඹ (පාඩම්) | ජූනි
-
-
1. පාවුල් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට දුන්න අනතුරු ඇඟවීම මොකක්ද?
“තවදුරටත් අප ජීවත් වන මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න” කියලා පාවුල් පළවෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ට කිව්වා. (රෝම 12:2) දෙවියන්ට ජීවිතය කැප කරපු, ඔහුගේ බලයෙන් අභිෂේක ලබපු අයට පාවුල් ඒ වගේ අනතුරු ඇඟවීමක් දුන්නේ ඇයි?—රෝම 1:7.
2-3. අපිව යෙහෝවාගෙන් ඈත් කරන්න සාතන් උත්සාහ කරන්නේ කොහොමද? මනසට කාවැදිලා තියෙන වැරදි ආකල්ප අයින් කරගන්න අපිට පුළුවන් කොහොමද?
2 පාවුල් ඒ අනතුරු ඇඟවීම දුන්නේ සාතන්ගේ පාලනය යටතේ තියෙන දුෂ්ට සමාජය ඉදිරිපත් කරපු දර්ශන සහ මුළා කරවන අදහස්වලට සමහර ක්‍රිස්තියානීන් හසු වෙලා හිටපු නිසයි. (එෆී. 4:17-19) ඒ දේම අපිටත් වෙන්න පුළුවන්. අපිව යෙහෝවාගෙන් ඈත් කරන්න සාතන් විවිධ උපායන් යොදාගන්නවා. උදාහරණෙකට ජනප්‍රිය වෙන්න, අනිත් අය අතරේ කැපීපේන්න අපිට ආසාවක් තියෙනවා නම් සාතන් ඒක පාවිච්චි කරනවා දෙවියන්ගෙන් අපිව ඈත් කරන්න. හැදුණු වැඩුණු පරිසරයෙන්, ලබපු අධ්‍යාපනයෙන්, සංස්කෘතියෙන් අපි ඉගෙනගත්ත දේවල් වුණත් පාවිච්චි කරලා එයා හිතන විදිහට හිතන්න අපිව පොලඹවන්න සාතන් උත්සාහ කරනවා.
-
-
දෙවියන් පිළිබඳ දැනුමට විරුද්ධ තර්ක විතර්ක බිඳ දමන්න2019 මුරටැඹ (පාඩම්) | ජූනි
-
-
“අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න”
4. බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තාම අපි කරගත්ත වෙනස්කම් මොනවාද?
4 බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තාම ඔයා කරගත්ත වෙනස්කම් ගැන හිතන්න. අපෙන් හුඟදෙනෙක් අපි කරපු වැරදි දේවල්, වැරදි පුරුදු අත්හැරියා. (1 කොරි. 6:9-11) නරක දේවල් අත්හරින්න අපිට උදව් කරපු එක ගැන අපි යෙහෝවාට කොච්චර ස්තුති කරන්න ඕනෙද!
5. රෝම 12:2 අනුව අපි කරන්න ඕනෙ දේවල් 2 මොනවාද?
5 අපි දැන් හුඟක් දේවල් වෙනස් කරගෙන තියෙන නිසා තවත් නම් වෙනස්කම් කරගන්න ඕනෙ නැහැ කියලා කවදාවත් හිතන්න එපා. බව්තීස්ම වෙන්න කලින් අපි කරපු බරපතළ වැරදි දැන් අපි අත්හැරලා ඇති. ඒත් ඒවා ආයෙත් කරන්න අපි පෙලඹෙන්න පුළුවන් ඕනෙම දේකින් වළකින්න අපි දිගටම ලොකු වෑයමක් දරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් කොහොමද? පාවුල් මෙහෙම කියනවා. “තවදුරටත් අප ජීවත් වන මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න. ඒ වෙනුවට ඔබේ පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න.” (රෝම 12:2) එතන කියන විදිහට අපි දේවල් 2ක් කරන්න ඕනේ. (1) අපි ‘තවදුරටත් මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න’ ඕනේ. (2) අපි අපේ ‘පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන’ අලුත් ආකාරයකින් හිතන්න පුරුදු වෙන්න ඕනේ.
6. මතෙව් 12:43-45 යේසුස් කියපු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?
6 පෞද්ගලිකත්වය වෙනස් කරගන්න කියද්දී පාවුල්ගේ මනසේ තිබුණේ නිකම්ම අනිත් අයට පේන්න, මතුපිටින් කරගන්න වෙනසක් නෙමෙයි. (“ඔයා වෙනස් වෙලා තියෙන්නේ මතුපිටින් විතරද” කියන කොටුව බලන්න.) අපි හිතන්න පුරුදු වෙලා හිටපු විදිහ, අපේ ආකල්ප, අපේ හැඟීම්, ආශාවන් ඒ හැම දෙයක්ම වෙනස් කරගන්න ඕනේ. ඒ නිසා අපි අපෙන්ම මෙහෙම අහගමු. ‘මං වෙනස්කම් කරගෙන තියෙන්නේ අනිත් අයට පේන පැතිවලින් විතරද? නැත්නම් මං ඇතුළාන්තයෙන්ම වෙනස් වෙලාද?’ ඒ දෙකේ වෙනස තේරුම්ගන්න එක වැදගත්. අපි කරන්න ඕනෙ මොකක්ද කියලා මතෙව් 12:43-45 යේසුස් කියපු දෙයින් පැහැදිලියි. (කියවන්න.) මනසින් නරක සිතුවිලි අයින් කරගන්නවා වගේම ඒ හිස් තැන දෙවියන් ප්‍රිය කරන සිතුවිලිවලින් අපි පුරවගන්නත් ඕනේ.
-