යෞවන අය අසති . . .
සත්‍යය මගේම කරගන්නේ කොහොමද?
“මම ඇති දැඩි වුණේ යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් හැටියටයි. කෙනෙක්ව ඒ විදිහට ඇති දැඩි කළා නම්, නිසැකවම එයා යෙහෝවාව දැනගෙන ඉන්නවා කියලා හැමවිටම මට හැඟුණා. මම කොච්චර වැරදි විදිහටද හිතන් ඉඳලා තියෙන්නේ!”—ඇන්ටනෙට්.
‘සත්‍යය කියන්නේ කුමක්ද?’ යේසුව මරණයට පත් කිරීමට භාර දුන් මිනිසා වන පොන්තියුස් පිලාත් විසින් එම සුප්‍රකට ප්රශ්නය මතු කළා. (යොහන් 18:38, නව අනුවාදය) කොහොම වුණත්, පිලාත්ගේ නිග්‍රහාත්මක ප්‍රශ්නයෙන් ඔහු පැහැදිලිවම අරමුණු කළේ අවංක සංවාදයක් ආරම්භ කිරීමට නෙවෙයි, නමුත් එය ඇණහිටුවන්නයි. ඔහුට ඇත්තටම “සත්‍යය” කෙරෙහි උනන්දුවක් තිබුණේ නැහැ. නමුත් ඔබ සම්බන්ධයෙන් තත්වය කුමක්ද? ඔබ සත්‍යයට උනන්දුවක් දක්වනවාද?
දාර්ශනිකයන් ශතවර්ෂ ගණනාවක් පුරා සත්‍යය කියන්නේ කුමක්ද කියා මහත් සේ වෙර දරමින් සිතුවත්, ලජ්ජාසහගත ලෙස ඔවුන්ගේ උත්සාහයට ලැබී තිබෙන ප්‍රතිඵල අල්පමාත්රයක් තරම්. කොහොම වුණත් පිලාත්ගේ ප්‍රශ්නයට උත්තරය ඔබට සොයාගන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස් දෙවිගේ වචනය සත්‍යතාව ලෙස ඉගැන්වූ අතර, තමාව “සත්‍යය” ලෙසද හැඳින්වුවා. ඒ වගේම ප්‍රේරිත යොහන් මෙසේ ලිව්වා: “සත්‍යය ජේසුස් [ක්‍රිස්තුස්] මඟින් පැමිණියේ ය.” (යොහන් 1:17; 14:6; 17:17; න. අ.) එමනිසා පසුව බයිබලයේ කොටසක් බවට පත් වූ, සමස්ත ක්‍රිස්තියානි ඉගැන්වීම් සමූහය “සත්‍යය” හෝ “සුබ අස්නේ සත්‍යය” ලෙසද හඳුන්වනු ලබනවා. (තීතස් 1:13; ගලාති 2:14; 2 යොහන් 1, 2; න. අ) මෙම ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට දෙවිගේ පෞද්ගලික නාමය, දෙවිගේ රාජ්‍යය පිහිටුවීම, නැවත නැඟිටීම සහ යේසුගේ මිදීමේ මිලය ආදී දේවල් ඇතුළත් වෙනවා.—ගීතාවලිය 83:17; මතෙව් 6:9, 10; 20:28; යොහන් 5:28, 29.
දහස් ගණන් යෞවනයන්ට ඔවුන්ගේ දෙමාපියන් විසින් බයිබල් සත්‍යය උගන්වා තිබෙනවා. නමුත් එවැනි අය “සත්‍යයෙහි ගමන් කරමින්” සිටින බව මෙයින් අදහස් වෙනවාද? (3 යොහන් 3, 4, NW) අනිවාර්යයෙන්ම එසේ නොවෙයි. උදාහරණයකට, විසි හැවිරිදි ජෙනිෆ, ඇති දැඩි වුණේ යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් හැටියටයි. ඇය මෙසේ මතකයට නඟනවා: “මගේ අම්මා මාව සාක්ෂිකරුවන්ගේ සමුළුවලට එක්කගෙන යනවා. ඒ වගේම මං බව්තීස්මය ගැන හිතන්න ඕනේ කියලා ඇය මට අඟවනවා. නමුත් ‘මට කවදාවත් සාක්ෂිකරුවෙක් වෙන්න ඕනෙකමක් තිබුණේ නැහැ; මට ඕන වුණේ විනෝද වෙන්න විතරයි!’ කියා මට සිතුණා.”
සමහර යෞවනයන් තමන්ට උගන්වා තිබෙන දේ විශ්වාස කළත්, බයිබලයේ ඇත්තටම උගන්වන දෙයෙහි ගැඹුරු අවබෝධයක් වර්ධනය කරගැනීමට ඔවුන් අසමත් වී තිබෙනවා. මෙයින් උද්ගත වන අනතුර? සමහර පුද්ගලයන් “තුළ මුල් නැති” බවට යේසු අනතුරු ඇඟෙව්වා. එවැනි අය “මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කල්හි, එකෙණෙහිම බාධා” විය හැකියි. (මාර්ක් 4:17) වෙනත් අයට, බයිබලය මත පදනම් වූ තම විශ්වාසයන් යම් තරමකට පැහැදිලි කළ හැකි වුණත්, ඔවුන් දෙවිව පෞද්ගලික මට්ටමෙන් දැනගැනීමට පැමිණ නැහැ. ආනිසා නම් යුවතියක් මෙසේ පවසනවා: “මට පොඩි කාලේ යෙහෝවාත් එක්ක නියම සබඳතාවක් තිබුණා කියලා මං හිතන්නේ නැහැ. මම හිතන්නේ එය හුඟාක් දුරට රඳාපවතින්න ඇත්තේ ඔහුත් එක්ක අම්මටයි තාත්තටයි තිබුණු සම්බන්ධතාවය මතයි.”
මේ සම්බන්ධයෙන් ඔබේ තත්වය කුමක්ද? යෙහෝවා නිකම්ම ඔබේ දෙමාපියන්ගේ දෙවිද? එහෙම නැත්නම් හරියට බයිබලයේ ගීතිකාකරු වගේ ඔබටත් මෙහෙම කියන්න පුළුවන්ද? “[යෙහෝවා], මම ඔබ කෙරෙහි විශ්වාසකෙළෙමි. ඔබ මාගේ [දෙවියයි] කීමි.” (ගීතාවලිය 31:14) සැබෑ තත්වයට මුහුණ දීමට ධෛර්යය අවශ්‍ය කරනවා විය හැකියි. යෞවන පුරුෂයෙක් වන ඇලෙක්සැන්ඩර් පවසන ආකාරයට, “මට නං පළවෙනි පියවර වුණේ අවංක ආත්ම සෝදිසියයි.” යම් ආත්ම සෝදිසි කිරීමකින් පසු, සත්‍යය (සමස්ත ක්‍රිස්තියානි ඉගැන්වීමම) කවදාවත් නියමාකාරයෙන් ඔබටම සහතික කරගෙන නැති බව ඔබට තේරෙනවා විය හැකියි. ඔබ ස්ථිර ඒත්තුගැන්වීමකින් හීන විය හැකි අතර, එමනිසා ඔබගේ ජීවිතය නියම දිශාවක් නොමැති, අරමුණක් රහිත තත්වයක පවතිනවා වෙන්න පුළුවන්.
යෙහෝවාගේ සාක්ෂිකරුවන්, ඔවුන්ගේ ක්‍රිස්තියානි රැස්වීම්වලදී “සත්‍යය ඔබේ ම කර ගන්න” යන මාතෘකාවෙන් යුත් ගීතිකාවක් නිතරම ගායනා කරනවා.a එම උපදෙස ඔබට යෝග්‍ය වෙන්න පුළුවන්. නමුත් ඔබට එහෙම කරන්න පුළුවන් කොහොමද? කොහෙන්ද ආරම්භ කරන්නේ?
එය ඔබටම සහතික කරගන්න
රෝම 12:2හි [NW], ප්‍රේරිත පාවුල්ගේ මෙම උපදෙස් අපට හමු වෙනවා: “දෙවිගේ යහපත් වූ පිළිගත හැකි වූ සම්පූර්ණ වූ කැමැත්ත ඔබටම සහතික කරගන්න.” ඒත් ඔබට එය කරන්න පුළුවන් කොහොමද? “සත්‍යය පිළිබඳ ඒකාන්ත දැනුම” ලබාගැනීම මගිනුයි. (තීතස් 1:3, NW) බෙරීය නගරයේ සිටි පුරාණ වැසියන් ඔවුන් ඇසූ දේවල් ප්‍රශ්න කරන්නේ නැතුව පිළිගත්තේ නැහැ. ඊට වෙනස්ව ඔවුන් “[ඔවුන් ඉගෙනගනිමින් සිටි] මේ කාරණා මෙසේදැයි දැනගන්නා පිණිස දවස්පතා ලියවිලි [පරෙස්සමින් පරීක්ෂා කළා, NW].”—ක්‍රියා 17:11.
යෞවන ක්රිස්තියානිවරියක් වූ එරින් තමාත් මෙයම කිරීමේ අවශ්‍යතාව දැක්කා. ඇය මෙසේ මතක් කරනවා: “මම පර්යේෂණය කළා. මම මගෙන්ම මෙහෙම අසාගත්තා; ‘මේක හරි ආගම කියලා මම කොහොමද දන්නේ? යෙහෝවා යන නමින් දෙවිකෙනෙක් ඉන්නවා කියලා මම දන්නේ කොහොමද?’” ඔබේ පෞද්ගලික අධ්‍යයන කාලසටහන ආරම්භ නොකරන්නේ ඇයි? සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති බයිබලය මත පදනම් වූ පොතෙන් ඔබ ආරම්භ කරනවා විය හැකියි.b එය පරෙස්සමින් කියවන්න. උපුටා දක්වා නොමැති සියලුම ශුද්ධ ලියවිලි පාඨ බලන්න. එමෙන්ම ඒවා, ප්‍රකාශ කර තිබෙන දෙයට සම්බන්ධ වන්නේ කෙසේද කියා සැලකිල්ලට ගන්න. ඔබ “සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්” බවට පත් වන විට, සත්‍යය ගැන කොතරම් වෙනස් ආකාරයකින් ඔබට හැඟෙනවාද කියා දැනගැනීමෙන් ඔබ පුදුමයට පත් වෙන්න පුළුවන්!—2 තිමෝති 2:15.
බයිබලයේ තිබෙන සමහර දේවල් “තේරුම්ගන්ට අමාරු” බව ප්‍රේරිත පේතෘස් පැවසූ අතර, මෙය සත්‍යයක් බව ඔබට වැටහෙයි. (2 පේතෘස් 3:16) නමුත් දෙවිගේ ආත්මයට පුළුවන් අමාරු විෂයන් පවා ග්‍රහණය කරගන්න ඔබට උපකාර කරන්න. (1 කොරින්ති 2:11, 12) ඔබට යමක් තේරුම්ගැනීම සම්බන්ධයෙන් ගැටලු තිබෙන විට දෙවිගේ උපකාරය පතා යාච්ඤා කරන්න. (ගීතාවලිය 119:10, 11, 27) වොච්ටවර් සමිතියේ ප්‍රකාශනවලින් තව අමතර පර්යේෂණ කිරීමට උත්සාහ කරන්න. එය කරන ආකාරය ඔබට ස්ථිර නැති නම්, උපකාරය ඉල්ලන්න. ඔබේ දෙමව්පියන් හෝ ඇතැම්විට, ක්‍රිස්තියානි සභාවේ වෙනත් මේරූ සාමාජිකයන්ට ඔබට උපකාර කරන්න පුළුවන්.
ඔබ අධ්‍යයනය කරන්නේ දැනුම ලබාගෙන එය අන්‍යයන් ඉදිරියේ කැපීපෙනීමට සලස්වන්න නොවන බව මතක තියාගන්න. කොලින් නමැති යෞවනයෙක් මෙසේ පැහැදිලි කරනවා: “ඔබ යෙහෝවාගේ ගුණාංග අවබෝධ කරගනිමිනුයි ඉන්නේ.” ඔබ කියවන දේ මත මෙනෙහි කිරීමට කාලය ගන්න, එවිට එය ඔබේ හෘදයට කිඳාබසිනවා.—ගීතාවලිය 1:2, 3.
ක්‍රිස්තියානි රැස්වීම්වලදී සභාව සමඟ ආශ්‍රය කිරීමත් ඔබට උපකාර වෙන්න පුළුවන්. මොකද සභාව කියන්නේ “සත්‍යයේ කණුව හා මුල් ගල” කියා ප්‍රේරිත පාවුල් ලිව්වා. (1 තිමෝති 3:15, න.අ.) සමහර යෞවනයන් ක්‍රිස්තියානි රැස්වීම් නිරසයි කියා මැසිවිලි නඟනවා. යෞවන කොලින් මෙසේ සිහියට නඟනවා: “හැබැයි ඔබ රැස්වීම්වලට සූදානම් වුණේ නැත්නම්, ඒකෙන් එච්චර ප්‍රයෝජනයක් ඔබට ලැබෙන්නේ නැහැ.” ඒ නිසා කල්තියාම ඔබේ පාඩම්වලට සූදානම් වන්න. ඔබ නිකම්ම නරඹන්නෙක් නොවී සහභාගිවන්නෙක් වන විට ක්‍රිස්තියානි රැස්වීම් මීටත් වඩා සිත්ගන්නාසුලු දෙයක් වෙනවා.
අධ්‍යයනය කිරීමට කාර්ය බහුල වැඩිද?
ඔබේ පාසැලේ දෙන ගෙදර වැඩ සහ සාමාන්‍ය ගෙදර දොරේ කටයුතුත් සමඟ අධ්‍යයනය කිරීමට කාලය සොයාගන්නවයි කියන දේ අභියෝගයක් විය හැකි බව පිළිගන්න ඕනේ. සූසන් නමැති යෞවන තැනැත්තිය මෙහෙම ලියනවා: “මම රැස්වීම්වලට සූදානම් වෙන්න සහ පෞද්ගලික අධ්‍යයනය කරන්න ඕනේ කියලා දැනගෙන හිටියා; ඒත් අවුරුදු ගණනාවක් තිස්සේ ඒකට පොරබැදුවත් මට ඒක කවදාවත් කරන්න බැරි වුණා.”
සූසන් වැදගත්කමින් අඩු කාර්යයන්වලින් ‘කාලය මිල දී ගැනීමට’ ඉගෙනගත්තා. (එපීස 5:15, 16, NW) පළමුවෙන්ම ඇය කළේ, ඇයට අධ්‍යයනය කිරීමට අවශ්‍ය සියල්ල ලැයිස්තුගත කිරීමයි. ඊළඟට ඒවා අධ්‍යයනය කිරීමට කාලය සැලසුම් කරගත්තා. නමුත් ඇගේ කාලසටහනේ විනෝදය සඳහාත් යම් කාලයක් ඇය ඇතුළත් කළා. ඇය මෙසේ උපදෙස් දෙනවා: “නිදහසේ ඉන්න තියන හැම මොහොතක්ම සැලසුම් කරගන්න එපා. අපි ඔක්කොටම නිස්කලංකව ඉන්න යම් කාලයක් ඕනේ.” කාලසටහනක් ඇතුව සිටීම ඔබටත් ප්‍රයෝජන වෙන්න පුළුවන්.
ඔබ ඉගෙනගන්නා දේ බෙදාගන්න
ඉගෙනගන්නා දේ ඔබේ ජීවිතයේ කොටසක් කරගැනීම සඳහා, ඔබ ඉගෙනගන්නා දේ භාවිත කිරීම විශේෂයෙන්ම උපකාරවත් වෙනවා. තවත් කෙනෙකුට උගන්වන්න උත්සාහ කරන්න. ගීතිකාකරු මෙසේ පැවසුවා: “මාගේ මුඛය ඥානය කථාකරන්නේය; මාගේ සිතේ භාවනාකිරීම ප්‍රඥාව ගැන වන්නේය.”—ගීතාවලිය 49:3.
ඔබ ශුභාරංචිය ගැන ලජ්ජා නොවන්නේ නම්, ඔබේ පාසැලේ ළමුන් සමඟ සහ ඔබට මුණගැසෙන වෙනත් අය සමඟ එය බෙදාගැනීමට පසුබට වෙන්නේ නැහැ. (රෝම 1:16) අනිත් අයට සත්‍යය ගැන කතා කිරීමට එවැනි අවස්ථාවන් ප්‍රයෝජනයට ගැනීමෙන්, ඔබ ඉගෙනගන්නා දේ භාවිත කරන්න යනවා; ඔබ මෙයාකාරයෙන් ඔබේම මනසට සහ හෘදයට සත්‍යය පැලපදියම් කරගන්න යනවා.
ඔබේ ඇසුර ගැන පරෙස්සම් වන්න
පළමු ශතවර්ෂයේ සිටි ඇතැම් ක්‍රිස්තියානීන් හොඳ ආත්මික ප්‍රගතියක් අද්දැක්කා. එනමුත් ප්‍රේරිත පාවුල්ට, ඉක්මනින්ම මෙසේ විමසමින් ඔවුන්ට ලියන්න සිදු වුණා: “සත්‍යයට කීකරු නොවන ලෙස නුඹලාට බාධාකළේ කවුද?” (ගලාති 5:7) මීට සමාන දෙයක් ඇලෙක්ස් නමැති යෞවනයාට සිදු වුණා. ඔහු තම “නරක ආශ්‍රිතයන් සමඟ ගැවසීම නිසා” බයිබලය අධ්‍යයනය කිරීමට වූ ඔහුගේ උත්සාහයන් අඩපණ වූ බව ඔහු නොවළහා හෙළි කරනවා. ඔබේ ආත්මික දියුණුව වෙනුවෙන් ඔබටත් මේ සම්බන්ධයෙන් යම් වෙනස්කම් කිරීමට අවශ්‍ය වනවා විය හැකියි.
ඊට වෙනස්ව, යහපත් ආශ්‍රිතයන්ට සහතිකවම ඔබට දියුණු වීමට උපකාර කරන්න පුළුවන්. හිතෝපදේශ 27:17 පවසන්නේ මෙසෙයි: “යකඩින් යකඩ මුවහත් වේ; එසේම මනුෂ්‍යයෙක් තම මිත්‍රයාගේ මුහුණ පැහැපත්කරයි.” තමන්ගේම ජීවිතවලට සත්‍යය අදාළ කරගන්නා මනුෂ්‍යයන්ගෙන් අනුකරණය කිරීම සඳහා හොඳ ආදර්ශයන් සොයාගන්න. වැඩි ඈතකට යන්නේ නැතුව, එම හොඳ ආදර්ශ ඔබේම පවුලෙන් සොයාගත හැකියි. යෞවන ජෙනිෆ, මෙසේ සිහිපත් කරනවා: “මගේ හොඳම ආදර්ශය වුණේ මගේ සීයයි. ඉරිදා තියන අපේ සභාවේ බයිබල් පාඩමට සූදානම් වෙන්න ඔහු හැමවිටම පැය තුනක් ගත කළා. ඔහු පාඩමේ තියන සෑම ශුද්ධ ලියවිලි පදයක්ම විවිධ බයිබල් පරිවර්තනවලින් බැලුව අතර, ඔහුගේ ශබ්දකෝෂයෙන් වචන පරීක්ෂා කළා. බයිබලයේ තියෙන, නමුත් හුඟදෙනෙක් හොඳින් දන්නේ නැති දේවල් සම්බන්ධයෙන් එයා හරිම හපනෙක්. එයාගෙන් ඕනම දෙයක් අහන්න, එයා උත්තරය හොයාගනී.”
සත්‍යය ඔබේම එකක් කරගන්න විට, ඔබ වටිනා වස්තුවක්, එනම් ඔබ කිසිම මුදලකට පාවා නොදෙන යමක් අත් කරගන්නවා. එමනිසා කිසි විටක, සත්‍යය නිකම්ම “මගේ දෙමව්පියන්ගේ ආගම” හැටියට සලකන්න එපා. ඔබේ ස්ථිර විශ්වාසයත් හරියට මෙසේ පැවසූ ගීතිකාකරුගේ මෙන් විය යුතුයි: ‘මාගේ පියාද මවුද මා අත්හැරියෝය, නුමුත් යෙහෝවා මා පිළිගන්නේය.’ (ගීතාවලිය 27:10) ඇත්තටම බයිබලය උගන්වන්නේ කුමක්ද කියා දැනගැනීමෙනුත්, එය විශ්වාස කිරීමෙනුත්, ඔබේ විශ්වාසයන් අනිත් අය සමඟ බෙදාගැනීමෙනුත්, ඒ වගේම මේ සියල්ලටම වඩා මෙම විශ්වාසයන්ට එකඟව ජීවත් වීමෙනුත්, සත්‍යය ඔබේම එකක් කරගෙන තියන බව ඔබ විදහාපෙන්වන්න යනවා.
[පාදසටහන්වල]
a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත යෙහෝවාට ප්‍රශංසා ගී ගයන්න යන ගීතිකා පොතෙනි.
b Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.
[13වන පිටුවේ පින්තූරය]
ඔබ විසින්ම කරන පර්යේෂණ සහ පෞද්ගලික අධ්‍යයනය තුළින් සත්‍යය ඔබටම සහතික කරගන්න