‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
මාර්තු 4-10
දේවවචනය නිධානයක් | රෝම 12-14
“ක්‍රිස්තියානීන් විදිහට ආදරේ පෙන්වන එකට ඇතුළත් වෙන්නේ මොකක්ද?”
it-1-E 55
ස්නේහය
ක්‍රිස්තියානි සභාවේ හැමෝ අතරේම සහෝදර ප්‍රේමය (ග්‍රීක බසින් “ෆිලාඩෙල්ෆියා,” මූලික අදහස “සහෝදරයෙක්ට පෙන්වන ස්නේහය”) තියෙන්න ඕනේ. (රෝම 12:10; හෙබ්‍රෙ 13:1; 1පේතෘ 3:8ත් බලන්න.) ඒ කියන්නේ එකම පවුලක සාමාජිකයන් වගේ ක්‍රිස්තියානි සභාවේ අයත් එකිනෙකා එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඕනෙ කියන එකයි. ක්‍රිස්තියානීන් කොහොමටත් සභාවේ අයව සලකන්නේ තමන්ගේම පවුලේ සාමාජිකයන් විදිහට. ඒත් පාවුල් ක්‍රිස්තියානීන්ට උනන්දු කළේ තවත් වැඩියෙන් සහෝදර ප්‍රේමය පෙන්වන්න කියලයි.—1තෙස 4:9, 10.
“ගැඹුරු ස්නේහය පෙන්වන්න” විදිහට පරිවර්තනය කරලා තියෙන්නේ “ෆිලොස්ටොර්ගොස්” කියන ග්‍රීක යෙදුමයි. ඒ යෙදුම පාවිච්චි කරන්නේ කිට්ටු බැඳීමක් තියෙන දෙන්නෙක් අතරේ තියෙන හැඟීම විස්තර කරන්නයි. වචන දෙකක් එකතු කරලායි “ෆිලොස්ටොර්ගොස්” කියන යෙදුම හැදිලා තියෙන්නේ. ඒ වචන දෙකෙන් එකක් හැදිලා තියෙන්නේ “ස්ටර්ගෝ” කියන වචනයෙන්. “ස්ටර්ගෝ” කියන වචනය වැඩියෙන්ම පාවිච්චි කරලා තියෙන්නේ පවුලේ අය අතරේ තියෙන ආදරේ ගැන කතා කරද්දීයි. පාවුල් ක්‍රිස්තියානීන්ට දිරිගැන්නුවා එකිනෙකා ගැන ගැඹුරු සෙනෙහසක් ඇති කරගන්න කියලා. (රෝම 12:10) ඒ වගේම තමන්ගේම පවුලේ අය ගැනවත් “සෙනෙහසක් නැති” (ග්‍රීක බසින් “අස්ටොර්ගොයි”) මිනිසුන් අවසාන කාලයේ දකින්න ලැබෙයි කියලත් ඒ වගේ අය මරණය ලබන්න සුදුසුයි කියලත් පාවුල් පැහැදිලි කළා.—2තිමෝ 3:3; රෝම 1:31, 32.
මාර්තු 11-17
දේවවචනය නිධානයක් | රෝම 15-16
ගැඹුරින් හොයමු
it-1-E 858 5¶
කලින් දැනගෙන සිටීම, කලින්ම තීරණය කිරීම
ගැලවුම්කරු නැත්නම් ක්‍රිස්තුස් මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීන් ආශීර්වාද ලබනවා කියලා දෙවියන් කල් තියාම සඳහන් කරලා තිබුණා. (ගලා 3:8, 14) ඒදන් උයනේ ඇති වුණු කැරැල්ලෙන් පස්සේ තමයි ගැලවුම්කරු ගැන මුලින්ම සඳහන් කරලා තියෙන්නේ. ඒ වෙද්දී ආබෙල් ඉපදිලා තිබුණෙත් නැහැ. දෙවියන් ඒ අවස්ථාවේ ගැලවුම්කරුව හඳුන්වලා දුන්නේ ස්ත්‍රියගෙන් “පැවත එන තැනැත්තා” විදිහටයි. (උත් 3:15) ඒ දේ කියලා අවුරුදු 4,000ක් ගෙවුණාට පස්සේ තමයි “පැවත එන තැනැත්තා” කවුද කියන “පරිශුද්ධ රහස” දෙවියන් පැහැදිලිව හෙළි කළේ. ඒ රහස ‘බොහෝ කාලයක් පුරා සඟවා තැබුවා’ කියලා සඳහන් වෙන්නේ ඒ නිසයි.—රෝම 16:25-27; එෆී 1:8-10; 3:4-11.
මාර්තු 18-24
දේවවචනය නිධානයක් | 1 කොරින්ති 1-3
ගැඹුරින් හොයමු
it-2-E 1193 1¶
ප්‍රඥාව
යේසුස් ක්‍රිස්තුස්ව එව්වේ දෙවියන් කියලා ඒ සමාජයේ හිටපු හුඟක් අය විශ්වාස කළේ නැහැ. එයාලා දෙවියන් ලබා දුන්න ප්‍රඥාව මෝඩ දෙයක් විදිහට ප්‍රතික්ෂේප කළා. යේසුස්ගේ කාලයේ හිටපු පාලකයන් හොඳ බුද්ධියක් තිබුණු දක්ෂ අය වුණත් එයාලා “තේජවත් ස්වාමීන්” වන ක්‍රිස්තුස්ව වධකණුවක ඇණ ගහලා මැරුවා. (1කොරි 1:18; 2:7, 8) හැබැයි මේ ලෝකයේ ප්‍රඥාවන්තයන් ලැජ්ජාවට පත් කරමින් මේ ලෝකයේ ප්‍රඥාව මෝඩකමක් කියලා දෙවියන් ඔප්පු කළා. ඒ කොහොමද? එයාලා ‘මෝඩ, දුර්වල, වැදගත්කමක් නැති’ අය විදිහට හංවඩු ගහපු මිනිසුන්ව දෙවියන් තම ශ්‍රේෂ්ඨ අරමුණ ඉටු කරන්න යොදාගත්තා. (1කොරි 1:19-28) මේ සමාජයේ අයත් එහි පාලකයනුත් “වැදගත් කියා සලකන ගැඹුරු දේවල්” පාවුල් තමා දේශනා කළ පණිවිඩයට ඇතුළත් කළේ නැහැ. මොකද ඒ දේවල් ඉක්මනින්ම විනාශ වෙලා යනවා කියලා පාවුල් කොරින්ති සභාවේ අයට පැහැදිලි කළා. (1කොරි 2:6, 13) ඒ වගේම “මිනිසුන්ගේ සම්ප්‍රදායන්” පදනම් කරගෙන “දර්ශන සහ මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තර” ඉදිරිපත් කරන අයගෙන් පරෙස්සම් වෙන්න කියලා පාවුල් කොලොස්සි සභාවේ අයට අනතුරු ඇඟෙව්වා.—කොලො 2:8; 20-23 පදත් බලන්න.
මාර්තු 25-31
දේවවචනය නිධානයක් | 1 කොරින්ති 4-6
“මුහුන් ටිකකින් මුළු පිටි පිඩම පිපෙයි”
it-2-E 230
මුහුන්
අනාචාරයේ යෙදෙන කෙනෙක්ව සභාවෙන් ඉවත් කරන්න කියද්දී පාවුල් කොරින්ති සභාවේ ක්‍රිස්තියානීන්ට මෙහෙමත් කිව්වා. “මුහුන් ටිකකින් මුළු පිටි පිඩම පිපෙන බව ඔබ දන්නේ නැද්ද? එහෙයින් මුහුන් ඇති පරණ පිටි පිඩ ඉවත් කර දමා අලුත් පිටි පිඩක් බවට පත් වන්න. ඇත්තෙන්ම අපගේ පාස්කු යාගය වන ක්‍රිස්තුස්ව පූජා කර ඇති නිසා ඔබ මුහුන්වලින් නිදහස් විය යුතුයි.” (1කොරි 5:6, 7) ඒ අවස්ථාවේදී පාවුල් “මුහුන්” කියන වචනය සංකේතයක් විදිහට පාවිච්චි කළා. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා පැහැදිලි කරමින් පාවුල් මෙහෙමත් කිව්වා. “එහෙයින් අපි එම උත්සවය පරණ මුහුන් සහිතව එනම්, දුෂ්ටකම හා නපුරුකම ඇති අය සමඟ නොපවත්වා, මුහුන් නොදැමූ රොටි වන අවංක හා සත්‍යවාදී අය සමඟ සමරමු.” (1කොරි 5:8) පාවුල් ඒ අවස්ථාවේදී පාස්කු උත්සවයට පහුවදා පටන්ගත්ත මුහුන් නොදැමූ රොටි උත්සවය ගැන කොරින්ති සභාවේ අයට මතක් කරලා දුන්නා. ඒ උත්සවය සමරපු කාලය පුරාම ඊශ්‍රායෙල්වරුන් මුහුන් තිබුණු කිසිම දෙයක් තමන්ගේ ගෙවල්වල තියාගත්තේ නැහැ. ඒ වගේ කොරින්ති සභාවේ අයත් අනාචාරයේ යෙදිලා තිබුණු කෙනාව සභාවෙන් ඉවත් කරන්න ඕනෙ කියලයි 1කොරින්ති 5:8 පාවුල් පෙන්නලා දුන්නේ. මුහුන් ටිකක් නිසා මුළු පිටි පිඩම පිපෙනවා වගේ අනාචාරයේ යෙදෙන කෙනෙක්ව සභාවේ තියන් ඉද්දී එයාගේ දූෂිත බලපෑම නිසා යෙහෝවා දෙවියන් ඉදිරියේ මුළු සභාවම අපවිත්‍ර තත්වයකට පත් වෙන්න ඉඩ තිබුණා. දෙවියන්ගේ අනුමැතිය දිගටම තියාගන්න නම් ඒ මිනිසාව ඉක්මනින්ම සභාවෙන් ඉවත් කරන්න එයාලට සිද්ධ වුණා.
it-2-E 869-870
සාතන්
‘ඒ මිනිසාව සාතන්ට භාර දිය යුතුයි. එසේ කිරීමෙන් ඒ මිනිසාගේ පව්කාර බලපෑම නැති කර දැමිය හැකියි.’ ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද?
පියාගේ භාර්යාව තමන්ගේ භාර්යාව විදිහට තියන් හිටිය කෙනෙක් සම්බන්ධයෙන් ගන්න ඕන පියවර ගැන කතා කරද්දී පාවුල් කොරින්ති සභාවට මෙහෙම කිව්වා. ‘ඒ මිනිසාව සාතන්ට භාර දිය යුතුයි. එසේ කිරීමෙන් ඒ මිනිසාගේ පව්කාර බලපෑම නැති කර දැමිය හැකියි.’ (1කොරි 5:5) පාවුල් ඒකෙන් අදහස් කළේ ඒ කෙනාව සභා ඇසුරෙන් ඉවත් කරලා එයාත් එක්ක කිසිම විදිහකින්වත් සම්බන්ධකම් පවත්වන එකෙන් වළකින්න ඕනෙ කියන එකයි. (1කොරි 5:13) ඒ මිනිසාව “මුළු පිටි පිඩම” පිපෙන්න සලස්වන ‘මුහුන් ටිකකට’ සමාන කරන්න පුළුවන්. මොකද එයාව සභාවෙන් ඉවත් කළේ නැත්නම් එයාගේ “පව්කාර බලපෑම” නිසා මුළු සභාවම පිළිකුල් තත්වයකට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි දෙවියන් එක්ක එයාලට තිබුණු බැඳීමට හානියක් වෙන්නත් ඉඩ තිබුණා. (1කොරි 5:6, 7) ඒ කෙනාව සභාවෙන් ඉවත් කිරීමෙන් එයාලා කළේ සාතන්ගේ පාලනය යටතේ තියෙන මේ ලෝකයට එයාව භාර දෙන එකයි. එහෙම කරද්දී සභාවෙන් ඒ ‘පව්කාර බලපෑම නැති කරලා දාන්නත්’ පුළුවන් වෙනවා. හිමනේයස් සහ ඇලෙක්සැන්ඩර් එයාලගේ විශ්වාසයත් නිදොස් හෘදය සාක්ෂියත් පලුදු කරගෙන තිබුණු නිසා පාවුල් එයාලව සාතන්ට භාර දුන්නා.—1තිමෝ 1:20.
ගැඹුරින් හොයමු
it-2-E 211
නීතිය
දේවදූතයනුත් දෙවියන්ගේ නීතිවලට යටත් වෙනවා. මිනිසුන්ට වඩා බලවත් ජීවීන් පිරිසක් වන දේවදූතයනුත් දෙවියන්ගේ නීතිවලට කීකරු වෙන්න ඕනේ. (හෙබ්‍රෙ 1:7, 14; ගීතා 104:4) යෙහෝවා දෙවියන් තම සතුරා වන සාතන්ටත් යම් සීමා තහංචි, නීති පනවලා තියෙනවා. (යෝබ් 1:12; 2:6) යක්ෂයා එක්ක මතභේදයක් ඇති වුණු අවස්ථාවේදී අග්‍රදේවදූතයා වන මිකායෙලුත් ශ්‍රේෂ්ඨතම විනිශ්චයකරු යෙහෝවා දෙවියන් කියලා පිළි අරන් ඔහුට ගෞරව කළා. ඒ නිසයි “ඔබට යෙහෝවා දෙවිගෙන් නියමිත විනිශ්චය ලැබෙයි” කියලා ඔහු යක්ෂයාට කිව්වේ. (යූද් 9; සෙක 3:2 බලන්න.) යේසුස්ව ස්වර්ගයට නැවත නැඟිටෙව්වාට පස්සේ යෙහෝවා දෙවියන් සියලු දේවදූතයන්ව ඔහුට යටත් කරලා දුන්නා. (හෙබ්‍රෙ 1:6; 1පේතෘ 3:22; මතෙ 13:41; 25:31; ෆිලි 2:9-11) දේවදූතයෙක් මාර්ගයෙන් යොහන්ට පණිවිඩයක් යවන්න යේසුස්ට පුළුවන් වුණේ ඒ නිසයි. (එළි 1:1) 1 කොරින්ති 6:3 පාවුල් පැහැදිලි කළා ක්‍රිස්තුස්ගේ සහෝදරයන්ටත් දේවදූතයන්ව විනිශ්චය කරන්න අවස්ථාව ලැබෙනවා කියලා. යේසුස් එක්ක එකතු වෙලා භූතයන්ව විනිශ්චය කරන්න එයාලටත් අවස්ථාව ලැබෙන නිසා වෙන්න ඇති පාවුල් එහෙම කියන්න ඇත්තේ.