-
“වේශ්‍යාකම වෙතින් පලා දුවන්න”“දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
-
-
3. බාලාම්ගේ සැලැස්ම කොතරම් දුරට සාර්ථක වුණාද?
3 ඔහුගේ කූට සැලැස්ම සාර්ථක වුණාද? ඔව්. දහස් ගණනක් ඊශ්‍රායෙල් පුරුෂයන් ඔහු දැමූ ඇමට හසු වුණා. ඔවුන්, ‘මෝවබ් ජාතික ස්ත්‍රීන් සමඟ දුරාචාරයේ යෙදුණා’ පමණක් නොව සශ්‍රීකත්වයේ දෙවියන් ලෙස සැලකූ පෙයෝර්හි බාල් දෙවියාටත් මෝවබ්වරුන්ගේ අනිකුත් දෙවිවරුන්ටත් නමස්කාර කළා. එහි ප්‍රතිඵලයක් ලෙස පොරොන්දු දේශයේ සීමාව අද්දරදීම ඊශ්‍රායෙල් සෙනඟගෙන් 24,000ක් මිය ගියා. ඊශ්‍රායෙල් සෙනඟට අත් වූ විපත මොන තරම්ද!—ගණන් කතාව 25:1-9.
-
-
“වේශ්‍යාකම වෙතින් පලා දුවන්න”“දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
-
-
4. ඊශ්‍රායෙල්වරුන් බාලාම්ගේ ඇමට හසු වීමට හේතු වුණේ කුමක්ද?
4 ඊශ්‍රායෙල් සෙනඟ බාලාම්ගේ ඇමට හසු වීමට හේතු වුණේ කුමක්ද? ඊජිප්තු දේශයෙන් ඔවුන්ව ගලවාගෙන ඔවුන්ගේ සෑම අවශ්‍යතාවක්ම ඉටු කරමින් පොරොන්දු දේශයට ඔවුන්ව ආරක්ෂා සහිතව ගෙන යමින් සිටි යෙහෝවා දෙවිව ඔවුන් අත්හැරියා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ හදවත් දුෂ්ට තත්වයකට පත්ව තිබුණා. එවන් විපතකට ඔවුන්ට මුහුණ දීමට සිදු වුණේ ඒ නිසයි. (හෙබ්‍රෙව් 3:12) ඔවුන්ට සිදු වූ දේ සිහිපත් කරමින් පාවුල් පසු කාලයක මෙසේ පැවසුවා. “ඔවුන්ගෙන් සමහරුන් වේශ්‍යාකම් කළා සේ අපත් වේශ්‍යාකම් නොකළ යුතුයි. එසේ කිරීමෙන් ඔවුන්ගෙන් විසිතුන්දහසක් එකම දවසෙහි මිය ගියෝය.”a—1 කොරින්ති 10:8.
-
-
“වේශ්‍යාකම වෙතින් පලා දුවන්න”“දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
-
-
a ගණන් කතාව පොතෙහි සඳහන් මිය ගිය අයගේ ගණනට විනිශ්චයකරුවන් අතින් පහර කෑ, “ඊශ්‍රායෙල් සෙනඟගේ ප්‍රධානීන්” (ඇතැම්විට 1,000ක් පමණ) හා දෙවි අතින් කෙළින්ම පහර කෑ අය ඇතුළත් වෙනවා.—ගණන් කතාව 25:4, 5.
-