ප්‍රේමය නුසුදුසු ඊර්ෂ්‍යාව පරාජය කරයි
“ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත.”—1 කොරින්ති 13:4.
1, 2. (අ) යේසුස්වහන්සේ ප්‍රේමය ගැන සිය ගෝලයන්ට පැවසුවේ කුමක්ද? (ආ) ප්‍රේමය හා ඊර්ෂ්‍යාව යන දෙකම විදහාපෑමට හැකියාවක් තිබේද, තවද ඔබ එසේ පිළිතුරු දෙන්නේ මන්ද?
ප්‍රේමය වනාහි සැබෑ ක්‍රිස්තියානි ධර්මය හැඳිනගැනීමට ලකුණක්ය. “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත” යයි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැවසූසේක. (යොහන් 13:35) ප්‍රේමය ක්‍රිස්තියානි සම්බන්ධකම්වලට බලපෑ යුතු ආකාරය පැහැදිලි කිරීමට ප්‍රේරිත පාවුල් ආනුභාව ලැබීය. වෙනත් දේවල් අතර, ඔහු මෙසේ ලීවේය: “ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත.”—1 කොරින්ති 13:4.
2 පාවුල් මෙම වචන ලියූ විට, ඔහු යොමු දක්වමින් සිටියේ නුසුදුසු ඊර්ෂ්‍යාවටය. නොඑසේනම්, “දිව්‍යවූ ජ්වලිතයකින් [ඊර්ෂ්‍යාවකින්, NW] නුඹලා ගැන මම ජ්වලිතව [ඊර්ෂ්යාවන්තව, NW] සිටිමි” යනුවෙන් එම සභාවටම ලිවීමට ඔහුට හැකි නොවනු ඇත. (2 කොරින්ති 11:2, NW) ඔහුගේ “දිව්‍යවූ ජ්වලිතය [ඊර්ෂ්‍යාවකින්, NW]” ඇවිළුණේ, සභාවට දූෂිත බලපෑමක් වූ මිනිසුන් නිසාය. ප්‍රේමනීය උපදෙස් රැසක් අඩංගු වූ දේවානුභාව ලත් දෙවන ලිපියක් ලිවීම සඳහා කොරින්තීය ක්‍රිස්තියානීන්ට ලිවීමට මෙය පාවුල්ව පෙලඹවූයේය.—2 කොරින්ති 11:3-5.
ක්‍රිස්තියානීන් අතර ඊර්ෂ්‍යාව
3. කොරින්ති සභාවේ ක්‍රිස්තියානීන් අතර ඊර්ෂ්‍යාව සම්බන්ධ ගැටලුවක් වර්ධනය වූයේ කෙසේද?
3 මෙම නව ක්‍රිස්තියානීන් එකිනෙකා සමඟ යහතින් කල්යැවීම වළක්වාලූ යම් ගැටලුවක් හැසිරවීමට කොරින්තිවරුන්ට ලියන ලද තම පළමු ලිපියේදී පාවුල්ට සිදුවිණ. ඔවුහු ‘එක්කෙනෙකු උදෙසා අනිකෙකුට විරුද්ධව උඩඟු වී,’ එක්තරා මිනිසුන්ව උසස් කරමින් සිටියෝය. මෙය සභාව ඇතුළත භේදවලට තුඩුදුන් අතර, “මම පාවුල්ගේය, මම අපොල්ලොස්ගේය, මම කේපස්ගේය” යයි විවිධ අය කියන්ට වූහ. (1 කොරින්ති 1:12; 4:6) ශුද්ධාත්මයේ මඟ පෙන්වීම යටතේ, ගැටලුවේ මුල හඳුනාගැනීමට ප්‍රේරිත පාවුල්ට හැකිවිය. එම කොරින්තිවරුන් ක්‍රියා කරමින් සිටියේ මාංසික මිනිසුන් ලෙස මිස, “ආත්මිකයන්” ලෙස නොවේ. මේ අනුව, “නුඹලා තවම මාංසිකය. නුඹලා අතරෙහි ඊර්ෂ්යාවදවිවාදයද ඇති බැවින්, නුඹලා මාංසිකව මනුෂ්‍ය ප්‍රකාරයෙන් හැසිරෙනවා නොවේද?” යනුවෙන් පාවුල් ලීවේය.—1 කොරින්ති 3:1-3.
4. එකිනෙකා සම්බන්ධව හරි දෘෂ්ටියට ළඟාවීමට සිය සහෝදරයන්ට උපකාර කිරීම සඳහා පාවුල් යොදාගත් නිදර්ශනය කුමක්ද, තවද අපට මෙයින් කිනම් පාඩමක් ඉගෙනගත හැකිද?
4 සභාවේ සිටින විවිධ අයගේ දක්ෂකම් හා හැකියාවන් ගැන නිවැරදි දෘෂ්ටිය අගය කිරීමට පාවුල් එම කොරින්තිවරුන්ට උපකාර කළේය. ඔහු මෙසේ ඇසුවේය: “නුඹට වෙනස් වෙන්ට සලස්වන්නේ කවුද? නුඹට ලැබුණ දේ හැර නුඹට ඇත්තේ කිමෙක්ද? ඉඳින් එය ලැබුණානම් නොලැබුණාක්මෙන් පාරට්ටු කරගන්නේ මක්නිසාද?” (1 කොරින්ති 4:7) පළමුවන කොරින්ති 12වන පරිච්ඡේදයේ පාවුල් පැහැදිලි කළේ, සභාවේ කොටසක්ව සිටින අය, අත, ඇස සහ කන වැනි මිනිස් සිරුරක විවිධ අවයවයන් හා සමාන වන බවය. දෙවියන්වහන්සේ සිරුරේ අවයවයන් සෑදුවේ එකිනෙක කෙරෙහි සැලකිල්ල දක්වන ආකාරයටයයි ඔහු පැහැදිලි කර සිටියේය. පාවුල් මෙසේද ලීවේය: “එක අවයවයක් නම්බු ලබයි නම්, ඒ සමඟ සියලු අවයවයෝ ප්‍රීතිවෙති.” (1 කොරින්ති 12:26) අදදින දෙවියන්වහන්සේගේ සේවකයන් සියලුදෙනාම, එකිනෙකා සමඟ තම සම්බන්ධකම්වලදී මෙම ප්‍රතිපත්තිය අදාළ කළ යුතුය. දෙවියන්වහන්සේගේ සේවය තුළ තව කෙනෙකුගේ පැවරුම හෝ ඉටු කරගැනීම්වලට ඊර්ෂ්‍යා කරනවා වෙනුවට, අප එම තැනැත්තා සමඟ ප්රීතිවිය යුතුය.
5. යාකොබ් 4:5හි හෙළි කර ඇත්තේ කුමක්ද, තවද ශුද්ධ ලියවිලි මෙම වචනවල සත්‍යතාව කැපීපෙනෙන්ට සලස්වන්නේ කෙසේද?
5 මෙය කරනවාට වඩා කීම පහසු දෙයක් බව පිළිගැනීමට සිදුවේ. සෑම පව්කාර මිනිසෙකු තුළම “කුඩුකේඩුකමට ප්‍රවණතාවක්” වාසය කරන්නේයයි බයිබල් ලේඛක යාකොබ් අපට සිහිගන්වයි. (යාකොබ් 4:5, NW) පළමු මිනිස් මරණය සිදුවූයේ කායින් තම නුසුදුසු ඊර්ෂ්‍යාවට යටත්වූ නිසාය. ඊසාක්ගේ වැඩෙමින් තිබූ සමෘද්ධිය නිසා පිලිස්තිවරු ඔහුට පීඩා කළෝය. දරුවන් වැදීමට තම සහෝදරියට තිබූ සඵලත්වය නිසා, රාඛෙල් ඇයට ඊර්ෂ්‍යා කළාය. තම බාල සහෝදරයා වූ යෝසෙප්හට පෙන්වන ලද අනුග්‍රහය ගැන යාකොබ්ගේ පුත්‍රයෝ ඔහුට ඊර්ෂ්‍යා කළෝය. මිරියාම් තම ඉශ්රායෙල් නොවන නෑනාට ඊර්ෂ්‍යා කළ බවක් පෙනෙන්ට තිබේ. කෝරා, දාතන් හා අබීරාම් කුඩුකේඩුකමින් පෙලඹී මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධව කුමන්ත්‍රණය කළෝය. සාවුල් රජ දාවිත් යුද්ධයේ ලැබූ සාර්ථකත්වයන් නිසා ඊර්ෂ්‍යාසහගත බවට පත්විය. තමන් අතරේ උත්තමයා වන්නේ කවුද කියා නැවත නැවත වාද කිරීමට යේසුස්වහන්සේගේ ගෝලයන්හට හේතු කරවූ එක් සාධකයක් ඊර්ෂ්‍යාව බවට සැකයක් නැත. මෙහි සත්‍යතාව නම්, කිසිම මිනිසෙක් පව්කාර වූ ‘කුඩුකේඩුකමට ඇති ප්රවණතාවෙන්’ මුළුමනින්ම නිදහස්ව නොසිටීමයි.—උත්පත්ති 4:4-8; 26:14; 30:1; 37:11; ගණන් කථාව 12:1, 2; 16:1-3; ගීතාවලිය 106:16; 1 සාමුවෙල් 18:7-9; මතෙව් 20:21, 24; මාර්ක් 9:33, 34; ලූක් 22:24.
සභාව තුළ
6. නපුරු ඊර්ෂ්‍යාවට ඇති ප්‍රවණතාව පාලනය කිරීමට වැඩිමහල්ලන්ට හැක්කේ කෙසේද?
6 කුඩුකේඩුකම සහ නුසුදුසු ඊර්ෂ්‍යාවට එරෙහිව සියලු ක්‍රිස්තියානීන් ආරක්ෂා විය යුතුය. දෙවියන්වහන්සේගේ ජනයාගේ සභාවන් රැකබලා ගැනීම සඳහා පත්කරන ලද වැඩිමහල්ලන්ගේ මණ්ඩලද මීට ඇතුළත් වෙයි. යම් වැඩිමහල්ලෙකුට මනසින් යටහත් පහත්කම තිබේ නම්, අන්‍යයන් අභිබවා කැපීපෙනීමට ඔහු අභිලාෂකාමී ලෙස උත්සාහ කරන්නේ නැත. අනික් අතට, යම් වැඩිමහල්ලෙකුට දේවල් සංවිධානය කරන්නෙකු හැටියට හෝ ප්‍රසිද්ධ කථිකයෙකු හැටියට කැපීපෙනෙන හැකියාවන් තිබේ නම්, අනික් අය ඒ ගැන ප්‍රීතිවී, එය සභාවට ආශීර්වාදයක් ලෙසට සලකනවා ඇත. (රෝම 12:15, 16) යම් සහෝදරයෙක්, තම ජීවිතය තුළ දෙවියන්වහන්සේගේ ආත්මයේ ඵල නිපදවීම සම්බන්ධව සාක්ෂි දෙමින් කදිම ප්‍රගතියක් ලබමින් සිටිනවා විය හැකිය. ඔහුගේ සුදුසුකම් ගැන සැලකීමේදී, ඔහුව උපස්ථායක සේවකයෙකු හෝ වැඩිමහල්ලෙකු වශයෙන් නිර්දේශ නොකිරීමක් යුක්තිසහගත කිරීමට යම් කුඩා දෝෂයක් ලොකු කර නොබැලීමට පරෙස්සම් විය යුතුය. එය ප්‍රේමයේ හා සාධාරණකමේ ඌනතාවක් විදහාපානු ඇත.
7. යම් ක්‍රිස්තියානියෙක් දිව්‍යාණ්ඩුමය පැවරුමක් ලබන කල, කිනම් ගැටලුව වර්ධනය විය හැකිද?
7 යම් කෙනෙක් දිව්‍යාණ්ඩුමය පැවරුමක් හෝ ආත්මික ආශීර්වාදයක් ලබයි නම්, සභාවේ අනික් අය ඒ ගැන ඊර්ෂ්‍යා වීමට එරෙහිව ආරක්ෂා විය යුතුය. නිදසුනක් වශයෙන්, ක්‍රිස්තියානි රැස්වීම්වලදී නිරූපන ඉදිරිපත් කිරීම සඳහා එක් දක්ෂ සහෝදරියක වෙනත් අයට වඩා වැඩියෙන් යොදාගනු ලබනවා විය හැක. මෙය ඇතැම් සහෝදරියන්ගේ ඊර්ෂ්‍යාවට පාත්රවන්ට පුළුවන. සමහරවිට පිලිප්පි සභාවේ එවෝදියා සහ සින්තිකී අතර මීට සමාන ගැටලුවක් තිබුණා වන්ට ඇත. නිහතමානි වීමටද, “ස්වාමීන්වහන්සේ තුළ එක්සිත්[වීමටද],” අදදින එවැනි ස්ත්රීන්ට වැඩිමහල්ලන්ගෙන් කාරුණික දිරිගැන්වීම් අවශ්‍ය වනවා විය හැක.—පිලිප්පි 2:2, 3; 4:2, 3.
8. ඊර්ෂ්‍යාව කිනම් පව්කාර ක්‍රියාවලට තුඩු දිය හැකිද?
8 සභාවේ දැන් වරප්‍රසාද සමඟින් ආශීර්වාද ලැබ ඇති යමෙකුගේ අතීතයේදී කරන ලද වැරැද්දක් යම් ක්‍රිස්තියානියෙකු දන්නවා විය හැක. (යාකොබ් 3:2) ඊර්ෂ්‍යාව හේතුකොටගෙන, මේ පිළිබඳව අන්‍යයන් සමඟ කතා කිරීමටත්, සභාව තුළ එම තැනැත්තාගේ පැවරුමට අභියෝග කිරීමටත්, පරීක්ෂාවක් ඇතිවිය හැක. මෙය, “පව් රාශියක් වසන” ප්‍රේමයට පටහැනි වනු ඇත. (1 පේතෘස් 4:8) ඊර්ෂ්‍යාසහගත කතාව සභාවේ සාමයට බාධා කළ හැක. “නුඹලාගේ සිත්වල තික්ත ඊර්ෂ්‍යාවද පක්ෂවාදිකමද තිබේ නම්, පාරට්ටුකරමින් සත්‍යයට විරුද්ධව බොරු නොකියල්ලා. ඒ ප්‍රඥාව ඉහළින් පැමිණෙන එකක් නොව භූමිකව මාංසිකව යක්ෂාකාරව තිබේ.”—යාකොබ් 3:14, 15.
ඔබගේ පවුල තුළ
9. ඊර්ෂ්‍යාවේ හැඟීම් පාලනය කිරීමට විවාහක කලත්‍රයන්ට හැක්කේ කෙසේද?
9 නුසුදුසු ඊර්ෂ්‍යාව නිසා බොහෝ පවුල් බිඳ වැටේ. විවාහක කලත්රයෙකුහට විශ්වාසයේ ඌනබවක් පෙන්වීම ප්‍රේමනීය නොවේ. (1 කොරින්ති 13:7) අනික් අතට, එක් කලත්‍රයෙක් අනිකාගේ පැත්තෙන් වූ ඊර්ෂ්‍යාවේ හැඟීම්වලට අසංවේදී වනවා විය හැක. නිදසුනක් වශයෙන්, තම පුරුෂයා විරුද්ධ ලිංගයේ වෙනත් කෙනෙකුට දෙන අවධානය නිසා භාර්යාව තුළ ඊර්ෂ්‍යාවක් ඇතිවන්ට පුළුවන. නැතහොත් තම භාර්යාව අවශ්‍යතා ඇති ඥාතියෙකු සමඟ ගත කරන කාලයේ ප්‍රමාණය හේතුකොටගෙන ස්වාමිපුරුෂයෙකු ඊර්ෂ්යාවන්ත ගතියක් පෙන්වන්ට පුළුවන. එවන් හැඟීම් හේතුවෙන් ව්‍යාකූලත්වයට පත්වන විවාහක කලත්‍රයන් නිහඬව සිට, තමන්ගේ කලකිරුණු ගතිය පෙන්නුම් කරන්නේ ගැටලුව සංකීර්ණ කරවන අන්දමිනි. ඒ වෙනුවට, ඊර්ෂ්‍යාසහගත කලත්‍රයාට අවශ්‍ය වන්නේ ඔහුගේ හෝ ඇයගේ හැඟීම් ගැන අවංකව කතා බහ කිරීමයි. අනික් අතට, අනික් කලත්‍රයා මෙය අවබෝධ කරගෙන, ඔහුගේ හෝ ඇයගේ ප්‍රේමය සහතික කළ යුතුය. (එපීස 5:28, 29) ඊර්ෂ්‍යාව ඇතිවිය හැකි තත්වයන්ගෙන් වැළකෙමින්, එවන් හැඟීම් සමනය කිරීමට ඔවුන් දෙදෙනාටම අවශ්‍ය විය හැක. දෙවියන්වහන්සේගේ රැළේ එඬේරෙකු හැටියට තම වගකීම් ඉටු කිරීම සඳහා, තමන් විරුද්ධ ලිංගයේ සාමාජිකයන්ට සීමිත, නිසි අවධානය දෙමින් සිටින බව තම භාර්යාවට අවබෝධ කරදීමට ක්‍රිස්තියානි අවේක්ෂකයෙකුට අවශ්‍ය විය හැකිය. (යෙසායා 32:2) ඇත්තවශයෙන්ම, ඊර්ෂ්‍යාව ඇතිවීම සඳහා කිසිම විටක කිසිම වලංගු හේතුවක් නොතිබෙන බවට වැඩිමහල්ලෙකු වගබලාගත යුතුය. තම විවාහ සම්බන්ධකම ශක්තිමත් කිරීමට තමා කාලය මිඩංගු කරන බවට සහතික වෙමින්, සමබර වීම මීට අවශ්‍ය කෙරේ.—1 තිමෝති 3:5; 5:1, 2.
10. ඊර්ෂ්‍යාසහගත හැඟීම් සමඟ කටයුතු කිරීමට දරුවන්ට උපකාර කිරීමට දෙමාපියන්ට හැක්කේ කෙසේද?
10 නුසුදුසු ඊර්ෂ්‍යාව නමැති සංකල්පය තේරුම්ගැනීමට දෙමාපියන්ද තම දරුවන්ට උපකාර කළ යුතුය. දරුවන් බොහෝවිට සණ්ඩු දබර කරන අතර, මේවා සටන් බවට පත්වෙයි. බොහෝ සිද්ධීන්වලදී මීට මූලික හේතුව වන්නේ ඊර්ෂ්‍යාවයි. එක් එක් දරුවාගේ අවශ්‍යතාවන් ඔහුට හෝ ඇයට පමණක් ආවේනික නිසා, දරුවන්ට එක ලෙස සැලකිය නොහැක. එපමණක්ද නොව, තමන්ට විවිධ ශක්තීන් සහ දුර්වලකම් තිබෙන බව දරුවන් එක් එක්කෙනා විසින් අවබෝධ කරගැනීමද අවශ්‍යය. එක් දරුවෙකුට සැමවිටම අනික් දරුවා මෙන් කිරීමට දිරිගන්වනු ලැබේ නම්, මෙය එක් දරුවෙකු තුළ කුඩුකේඩුකමද අනික් තැනැත්තා තුළ උඩඟුකමද ඇතිකරලීමට හේතුවිය හැක. මෙබැවින්, එකිනෙකා සමඟ තරඟ කිරීමෙන් නොව, නමුත් දෙවියන්වහන්සේගේ වචනයේ ආදර්ශ සලකා බැලීම මගින් තමන්ගේ ප්‍රගතිය උරගා බැලීමට දෙමාපියන් තම දරුවන්ව පුහුණු කළ යුතුය. බයිබලය මෙසේ කියයි: “නිෂ්ඵල පාරට්ටු නොකරමු. එකිනෙකා කෝප නොකරමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොවෙමු.” ඒ වෙනුවට, “එකිනෙකා තම තමාගේ වැඩය සෝදිසිකෙරේවා, එවිට ඔහුට වෙන කෙනෙක් ගැන නොව තමා ගැන පමණක්ම පාරට්ටුව තිබේ.” (ගලාති 5:25; 6:4) වඩාත්ම වැදගත් දෙය වන්නේ, දෙවියන්වහන්සේගේ වචනයේ අඩංගු වන හොඳ හා නරක ආදර්ශ ඉස්මතු කරමින් නිතිපතා කරන බයිබල් පාඩමක් මගින් ක්‍රිස්තියානි දෙමාපියන් තම දරුවන්ට උපකාර කිරීමය.—2 තිමෝති 3:15.
ඊර්ෂ්‍යාව මැඩපැවැත්වීම පිළිබඳ ආදර්ශ
11. ඊර්ෂ්‍යාව හැසිරවීමෙහිලා මෝසෙස් කදිම ආදර්ශයක් වූයේ කෙසේද?
11 මේ ලෝකයේ බලයට කෑදර නායකයන් මෙන් නොව, “මෝසෙස් නම් මනුෂ්‍ය තෙමේ පොළෝ මතුයෙහි සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මෘදු ගුණාන්විත කෙනෙක් වූයේය.” (ගණන් කථාව 12:3) ඉශ්රායෙලයේ නායකත්වය දැරීම මෝසෙස්ට පමණක් තනිවම උරදිය නොහැකි පීඩාකාරි දෙයක් වූ විට, යෙහෝවඃවහන්සේ වෙනත් ඉශ්‍රායෙලිතයන් 70දෙනෙකු මත ස්වකීය ආත්මය ක්‍රියාත්මක කළේ මෝසෙස්ට උදව් කිරීමට ඔවුන්ව බලවත් කරමිනි. මෙම අයගෙන් දෙදෙනෙකු අනාගතවක්තෘවරුන් මෙන් ක්‍රියා කිරීමට පටන්ගත් විට, මෙය මෝසෙස්ගේ නායකත්වයට නුසුදුසු ලෙස බාධා කළේයයි යෝෂුවාට හැඟිණ. මෙම පුරුෂයන්ට තහංචි දැමීමට යෝෂුවාට වුවමනා විය, නමුත් මෝසෙස් නිහතමානීව තර්ක කළේ මෙසේයි: “නුඹ මා නිසා ඊර්ෂ්‍යාවෙනවාද? ස්වාමීන්වහන්සේගේ සියලු සෙනඟ ප්‍රොපේතවරුන් වෙන ලෙස ස්වාමීන්වහන්සේ තමන්ගේ ආත්මය ඔවුන් කෙරෙහි තැබුවොත් යෙහෙ[කි].” (ගණන් කථාව 11:29) එසේය, වෙනත් අය සේවා වරප්‍රසාද ලැබූ විට මෝසෙස් ප්‍රීතිවූයේය. තමාට ගෞරවය ලබාගැනීමට ඔහුට ඊර්ෂ්‍යාසහගත ලෙස වුවමනා වූයේ නැත.
12. ඊර්ෂ්‍යාවේ හැඟීම්වලින් වැළකීමට යොනාතාන්ට හැකි කරවූයේ කුමක්ද?
12 ප්‍රේමය, ඊර්ෂ්‍යාව නිසා ඇතිවිය හැකි නුසුදුසු හැඟීම් පරාජය කරන ආකාරය පිළිබඳ කදිම උදාහරණයක්, ඉශ්‍රායෙලීය සාවුල් රජුගේ පුත් යොනාතාන් විසින් සපයන ලදි. යොනාතාන් ඊළඟට තම පියාගේ සිංහාසනය උරුම කරගැනීමට සිටි නමුත්, ඊළඟ රජවීම සඳහා යෙහෝවඃවහන්සේ තෝරාගෙන තිබුණේ යෙස්සේගේ පුත් දාවිත්වය. යොනාතාන්ගේ තත්වයේ සිටිනු ඇති බොහෝදෙනෙකු දාවිත් ගැන ඊර්ෂ්යාවන්ට තිබුණා විය හැකි අතර, ඔහුව විරුද්ධකාරයෙකු ලෙස සලකන්ට තිබිණ. කෙසේවුවද, දාවිත් කෙරෙහි යොනාතාන්ට තිබුණාවූ ප්‍රේමය නිසා, එවන් හැඟීමකින් ඔහුව කිසිවිටකත් පාලනය කරනු ලැබීම වැළකිණ. යොනාතාන්ගේ මරණය ගැන දැනගත් දාවිත්ටමෙසේ කීමට හැකිවිණ: “මාගේ සහෝදරවූ යොනාතාන්, නුඹ ගැන මට ශෝකය ඇත්තේය. නුඹ මට ඉතා ප්‍රියකරුව සිටියෙහිය. මා කෙරෙහි වූ නුඹේ ආදරය පුදුමය, ස්ත්රීන්ගේ ආදරයට වඩා මහත්ය.”—2 සාමුවෙල් 1:26.
වඩාත් කැපීපෙනෙන ආදර්ශ
13. ඊර්ෂ්‍යාව සම්බන්ධ කාරණයේදී හොඳම ආදර්ශය කවරෙක්ද, තවද මන්ද?
13 යෙහෝවඃ දෙවියන්වහන්සේ වනාහි, නිසි ඊර්ෂ්‍යාව පවා පාලනය කර ඇති කෙනෙකු සම්බන්ධ වඩාත් කැපීපෙනෙන ආදර්ශය වනසේක. උන්වහන්සේ එවන් හැඟීම් පරිපූර්ණ පාලනය යටතේ තබාගන්නාසේක. දිව්‍ය ඊර්ෂ්‍යාවේ ඕනෑම පිළිබිඹු කිරීමක් සෑමවිටම දෙවියන්වහන්සේගේ ප්‍රේමය, යුක්තිය සහ ප්‍රඥාව සමඟ එකඟය.—යෙසායා 42:13, 14.
14. සාතන්ට මුළුමනින්ම පටහැනි ලෙස යේසුස්වහන්සේ තැබූ ආදර්ශය කුමක්ද?
14 ඊර්ෂ්‍යාවේ හැඟීම් පාලනය කිරීමෙහිලා දෙවන කැපීපෙනෙන ආදර්ශය වන්නේ, දෙවියන්වහන්සේගේ සහෘද පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි. “උන් වහන්සේ, දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරූ නමුත්” යේසුස්වහන්සේ, “දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙන ම තබාගත යුතු වස්තුවකැ යි නොසි[තූසේක].” (පිලිප්පි 2:6, නව අනුවාදය) සාතන් වන යක්ෂයා බවට පත්වූ අභිලාෂකාමී දේවදූතයා ගත් ක්‍රියාමාර්ගයට මුළුමනින්ම කොතරම් වෙනස්ද! “බබිලෝනියේ රජු” මෙන්, සාතන් ඊර්ෂ්‍යාසහගත ලෙස ආශා කළේ, යෙහෝවඃවහන්සේට විරුද්ධව කැරලිකාර දෙවියෙකු ලෙස තමාවම ඉහළින් තබමින් ‘මහෝත්තමයාණන්ට සමානවීමටය.’ (යෙසායා 14:4, 14; 2 කොරින්ති 4:4) යේසුස්වහන්සේ ලවා ‘බිම වැටී නමස්කාර කරවාගැනීමට’ පවා සාතන් උත්සාහ කළේය. (මතෙව් 4:9) එහෙත්, යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යයට සිය යටහත් ක්‍රියාමාර්ගයෙන් යේසුස්වහන්සේව සසල කරන්ට කිසිවකට නොහැකි විණ. සාතන්ට වෙනස්ව, යේසුස්වහන්සේ, “එය ඉවත ලා, සේවකයෙකුගේ ස්වරූපයක් ගෙන, අප හා සමාන මිනිස් කෙනෙක් වූ සේක. මනුෂ්‍යාකාරයෙන් සිටිමින්, උන් වහන්සේ, මරණය, එනම් [වධ කණුවේ, NW] මරණය දක්වා, පහත් වී කීකරු වූ සේක.” යක්ෂයාගේ උඩඟුකමේ හා ඊර්ෂ්‍යාවේ ක්‍රියාමාර්ගය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින්, යේසුස්වහන්සේ සිය පියාණන්ගේ පාලනයේ යුක්තිසහගතභාවය තහවුරු කළසේක. යේසුස්වහන්සේගේ විශ්වාසවන්තකම හේතුකොටගෙන, “දෙවියන් වහන්සේ උන් වහන්සේ අති උසස් තැනට නංවා, සියලු නාමයන්ට වඩා අග්‍ර නාමය උන් වහන්සේට දුන් සේක. එසේ කළේ, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද, [පොළොව යටද,] සියල්ලන් ‘ජේසුස්’ යන නාමයට දණ නමන පිණිසත්, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ස්වාමීන් වහන්සේ යයි දෙවි පියාණන් වහන්සේගේ මහිමය සඳහා, සෑම දිවකින් ම ප්‍රකාශ කරන පිණිසත් ය.”—පිලිප්පි 2:7-11, නව අනුවාදය.
ඔබේ ඊර්ෂ්‍යාව පාලනය කිරීම
15. ඊර්ෂ්‍යාවේ හැඟීම් උදුරා දැමීමට අප වගබලාගත යුත්තේ මන්ද?
15 දෙවියන්වහන්සේ හා ක්‍රිස්තුස්වහන්සේ මෙන් නොව, ක්‍රිස්තියානීහු අසම්පූර්ණ වෙති. පව්කාරව සිටින ඔවුන් ඇතැම් අවස්ථාවලදී, පව්කාර ඊර්ෂ්‍යාවෙන් යුතුව ක්‍රියා කරනවා විය හැක. එමනිසා, අප ඊර්ෂ්‍යාවෙන් පෙලඹී සෙසු ඇදහිලිවන්තයෙකුගේ යම් සුළු දෝෂයක් හෝ සිතින් මවාගත් වරදක් ගැන විවේචනය කරනවා වෙනුවට, අප විසින් මෙම දේවානුභාව ලත් වචන මත මෙනෙහි කිරීම වැදගත්ය: “පමණට වඩා ධර්මිෂ්ඨයෙක් නොවෙන්න; පමණට වඩා ඥානවන්තයෙක්ද නොවෙන්න. කුමක් නිසා නුඹම විනාශකරගන්නෙහිද?”—දේශනාකාරයා 7:16.
16. මෙම සඟරාවේ අතීත කලාපයක ඊර්ෂ්‍යාව සම්බන්ධයෙන් කිනම් කදිම අවවාදය දෙනු ලැබීද?
16 ඊර්ෂ්‍යාව නමැති විෂය ගැන, 1911 මාර්තු 15 ද වොච් ටවර් කලාපය මෙසේ අවවාද කළේය: “අප ස්වාමීන්වහන්සේගේ සේවය සඳහා ඉතා ජ්වලිත, ඉතා ඊර්ෂ්යාවන්ත විය යුතු අතරේදී, එය පෞද්ගලික කාරණයක් නොවිය යුතුය; එමෙන්ම අප ‘අනුන්ගේ කාරණාවලට මැදිවන්නකු’ නොවිය යුතුය. එසේම, එය වැඩිමහල්ලන් විසින් හැසිරවිය යුතු කාරණයක්ද, නොහොත් අප වැඩිමහල්ලන් වෙතට යෑම අපගේ යුතුකම වේද නොවේද කියා සලකා බැලීම සුදුසු වන්ට පිළිවන. අප සියල්ලන්ටම ස්වාමීන්වහන්සේගේ අරමුණ හා වැඩය ගැන මහත් වූ ඊර්ෂ්‍යාවක් තිබිය යුතු නමුත්, එය තික්ත ආකාරයේ එකක් නොවන බවට වගබලාගත යුතුය, . . . වෙනත් වචනවලින් කියතොත්, එය වෙනත් කෙනෙකු ගැන ඊර්ෂ්‍යාවක් නොවන මුත්, වෙනත් කෙනෙකු සඳහා ඊර්ෂ්‍යාවක් බවට අප වගබලාගත යුතුය, එය ඔහුගේ ඕනෑ එපාකම් සහ සුභසාධනය සඳහා වූ එකක් විය යුතුය.—1 පේතෘස් 4:15, නව අනුවාදය.
17. ඊර්ෂ්‍යාවේ පව්කාර ක්‍රියාවලින් වැළකීමට අපට හැක්කේ කෙසේද?
17 ක්‍රිස්තියානීන් වශයෙන් අපට උඩඟුකමින්, ඊර්ෂ්‍යාවෙන් සහ කුඩුකේඩුකමින් වැළකිය හැක්කේ කෙසේද? මීට විසඳුම නම්, අපගේ ජීවිත තුළ දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මය නිදහසේ ගලා යෑමට ඉඩහැරීමය. නිදසුනක් වශයෙන්, දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මය සඳහා සහ එහි යහපත් ඵලදාව විදහාපෙන්වීමට උපකාර ඉල්ලා අප යාච්ඤා කළ යුතුය. (ලූක් 11:13) යාච්ඤාවකින් ආරම්භ වන, දෙවියන්වහන්සේගේ ආත්මය සහ ආශීර්වාද ඇති ක්‍රිස්තියානි රැස්වීම්වලට අප පැමිණිය යුතුය. එපමණක්ද නොව, දෙවියන්වහන්සේ විසින් ආනුභාව ලැබූ බයිබලය අධ්‍යයනය කිරීමටද අපට අවශ්‍යය. (2 තිමෝති 3:16) යෙහෝවඃවහන්සේගේ ශුද්ධාත්මයේ බලයෙන් කරනු ලබන රාජ්‍යය දේශනා වැඩයේ හවුල්වීමටද අපට අවශ්‍යය. (ක්‍රියා 1:8) යම් නරක අද්දැකීමකින් තැලී පොඩිවී සිටින සෙසු ක්‍රිස්තියානියෙකුට උපකාර කිරීමද, දෙවියන්වහන්සේගේ ආත්මයේ යහපත් බලපෑමට යටත්විය හැකි තවත් මාර්ගයකි. (යෙසායා 57:15; 1 යොහන් 3:15-17) මෙම ක්‍රිස්තියානි බැඳීම් ජ්වලිත ලෙස ඉටු කිරීම, ඊර්ෂ්‍යාවේ පව්කාර පුරුදුවලින් අපව ආරක්ෂා කරනු ඇත, මක්නිසාදයත් දෙවියන්වහන්සේගේ වචනය මෙසේ ප්‍රකාශ කරයි: “ආත්මයාණන්වහන්සේ [ආත්මය, NW] කරණකොටගෙන හැසිරියල්ලා, එවිට නුඹලා මාංසයේ තෘෂ්ණා සම්පූර්ණකරන්නේ නැත.”—ගලාති 5:16.
18. ඊර්ෂ්‍යාවේ නුසුදුසු හැඟීම්වලට එරෙහිව අපට සෑමවිටම පොර ඇල්ලීමට සිදු නොවනු ඇත්තේ මන්ද?
18 දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයේ ඵල අතර, ප්‍රේමය පළමුවෙන්ම ලැයිස්තු ගත කර තිබේ. (ගලාති 5:22, 23) ප්‍රේමය ක්‍රියාවට නැංවීම, තිබෙන පව්කාර ප්රවණතාවන් පාලනය කිරීමට දැන් අපට උපකාරවත් වෙනවා ඇත. එහෙත් අනාගතය ගැන කුමක් කිව හැකිද? මිලියන ගණනක් වූ යෙහෝවඃවහන්සේගේ සේවකයන්ට පැමිණෙන භූමික පාරාදීසයේ ජීවනයේ බලාපොරොත්තුව ඇති අතර, එහිදී මිනිස් පරිපූර්ණත්වය කරා ඔසවනු ලැබීමට ඔවුන්ට බලා සිටිය හැක. එම නව ලෝකයේදී, ප්‍රේමය හාත්පස පැතිර පවතිනු ඇති අතර, කිසිවෙකු ඊර්ෂ්‍යාව නිසා ඇතිවිය හැකි නුසුදුසු හැඟීම්වලට යටපත් නොවනු ඇත, මන්දයත් “මැවිල්ලම ජරාවේ වහල්කමින් නිදහස්වී, දෙවියන්වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිණෙන්නේය.”—රෝම 8:20, 21.
මෙනෙහි කිරීම සඳහා කරුණු
◻ ඊර්ෂ්‍යාවට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම පිණිස, පාවුල් යොදාගත් උපහැරණය කුමක්ද?
◻ ඊර්ෂ්‍යාව සභාවේ සාමයට බාධා කළ හැක්කේ කෙසේද?
◻ ඊර්ෂ්‍යාව සමඟ සාර්ථකව කටයුතු කිරීමට තම දරුවන්ව පුහුණු කිරීමට දෙමාපියන්ට හැක්කේ කෙසේද?
◻ ඊර්ෂ්‍යාවේ පව්කාර ක්‍රියාවලින් වැළකී සිටීමට අපට හැක්කේ කෙසේද?
[16වන පිටුවේ පින්තූරය]
සභාවේ සාමයට බාධා කිරීමට ඊර්ෂ්‍යාවට ඉඩ නොදෙන්න
[17වන පිටුවේ පින්තූරය]
ඊර්ෂ්‍යාවේ හැඟීම් සමඟ සාර්ථකව කටයුතු කිරීමට තම දරුවන්ව පුහුණු කිරීමට දෙමාපියන්ට හැක