‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
මැයි 6-12
දේවවචනය නිධානයක් | 2 කොරින්ති 4-6
“අපේ උත්සාහය අපි අත්හරින්නේ නැහැ”
it-1-E 724-725
විඳදරාගැනීම
පාපයෙන් නිදහස් වෙලා සදාකාලයටම ජීවත් වෙන්න පුළුවන් කාලයක් ගැන අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ ලස්සන බලාපොරොත්තුව හැම වෙලේම අපේ මනසේ තියාගන්න අපි වෑයම් කරන්න ඕනේ. විරුද්ධවාදීන් අපිව මරලා දැම්මත් ඒ බලාපොරොත්තුව අපෙන් උදුරගන්න කාටවත් බැහැ. (රෝම 5:4, 5; 1තෙස 1:3; එළි 2:10) දැන් මොන තරම් දරුණු පීඩාවලට මුහුණ දෙන්න වුණත් ඒ බලාපොරොත්තුව ඉටු වෙන කාලෙදී කියා නිම කරන්න බැරි තරම් සතුටක් අද්දකින්න අපිට පුළුවන් වෙයි. (රෝම 8:18-25) පීඩාවන් ‘පවතින්නේ කෙටි කාලයකට’ විතරයි කියලා මතක තියාගෙන ඉන්නවා නම් ඒ වගේම අපේ බලාපොරොත්තුව ගැන අපි නිතර කල්පනා කරනවා නම් අධෛර්යයට පත් වෙලා යෙහෝවා දෙවියන්ව අත්හරින්න අපි කවදාවත් පෙලඹෙන්නේ නැහැ.—2කොරි 4:16-18.
මැයි 20-26
දේවවචනය නිධානයක් | 2 කොරින්ති 11-13
ගැඹුරින් හොයමු
it-2-E 177
සිඹගැනීම
“සෙනෙහසකින් එකිනෙකාව සිඹගනිමින්.” මුල් සියවසේ හිටිය ක්‍රිස්තියානීන් සහෝදර සෙනෙහසකින් එකිනෙකාව සිඹගත්ත අවස්ථා ගැන බයිබලයේ සඳහන් වෙනවා. (රෝම 16:16; 1කොරි 16:20; 2කොරි 13:12; 1තෙස 5:26; 1පේතෘ 5:14) බොහෝදුරට පුරුෂයන් පුරුෂයන්වත් ස්ත්‍රීන් ස්ත්‍රීන්වත් ලොකු සෙනෙහසකින් සිඹගන්න ඇති කියලා හිතන්න පුළුවන්. සමහරවිට ක්‍රිස්තියානීන් අතරට ඒ පුරුද්ද එන්න ඇත්තේ අතීතයේ හිටිය හෙබ්‍රෙව්වරුන්ගෙන් වෙන්න ඇති. මොකද එයාලා එකිනෙකාව සිඹගෙන තමයි පිළි අරන් තියෙන්නේ. ක්‍රිස්තියානි සභාවේ අය ඒ විදිහට එකිකෙනාව සිඹගන්න පෙලඹිලා තියෙන්නේ එයාලා අතරේ අවංක ආදරයක් සහ එකමුතුකමක් තිබුණු නිසයි.—යොහ 13:34, 35.
මැයි 27–ජූනි 2
දේවවචනය නිධානයක් | ගලාති 1-3
ගැඹුරින් හොයමු
it-1-E 880
ගලාතිවරුන්ට ලියපු ලිපිය
ගෝල් (දැන් ප්‍රංශය) කියන ප්‍රදේශයෙන් ආපු, අනිත් අයගෙන් වෙන් වෙලා හිටිය පිරිසක් ගලාතියේ උතුරු ප්‍රදේශයේ පදිංචි වෙලා හිටියා. ඒත් පාවුල් තම ලියුමේ “ගලාතිවරුනි, ඔබ කටයුතු කරන්නේ ඉතා අඥාන ලෙසයි” කියලා ලියලා තියෙන්නේ ඒ අය ගැන නෙවෙයි. (ගලා 3:1) එයා ඒ දේ ලියලා තියෙන්නේ ගලාතිය පුරා විසිරිලා තිබුණු සභාවල ක්‍රිස්තියානීන්ටයි. ඒ සභාවල හිටපු සමහර යුදෙව්වරුන්ට ඕන වුණේ මෝසෙස්ගේ නීතිය අකුරටම පිළිපැදලා තමන් ධර්මිෂ්ඨ අය කියලා ඔප්පු කරන්න. කෙනෙක් දෙවියන් ඉදිරියේ ධර්මිෂ්ඨ වෙන්නේ “යේසුස් කෙරෙහි විශ්වාසය තැබීමෙන් මිස” නීතියේ සඳහන් හැම දෙයක්ම පිළිපැදීමෙන් නෙවෙයි කියන දේ එයාලා පිළිගත්තේ නැහැ. (2:15–3:14; 4:9, 10) එයාලගේ බලපෑමට සමහර ක්‍රිස්තියානීන් අහු වෙලා තිබුණා. ඒ නිසයි පාවුල් ගලාතියේ ක්‍රිස්තියානීන්ට තදින්ම අවවාද කළේ. ‘ගලාතියේ තිබෙන සභාවන්වල’ (1:2) යුදෙව් ජාතියට අයිති අය වගේම යුදෙව් ආගමට හැරුණු චර්මච්ඡේදනය වුණු අය සහ විවිධ ජාතීන්ට අයිති චර්මච්ඡේදනය නොවුණු අයත් හිටියා. අනිවාර්යයෙන්ම කෙල්ට්වරුනුත් (යුරෝපීය පසුබිමක් තිබුණු) ඒ සභාවන්වල ඉන්න ඇති. (ක්‍රියා 13:14, 43; 16:1; ගලා 5:2) ඒ හැමෝවම පාවුල් ගලාතිවරුන් විදිහට හැඳින්නුවේ එයාලා හැමෝම ගලාතියේ පදිංචි වෙලා හිටිය නිසයි. පාවුල් ඒ ලියුම ලියලා තියෙන්නේ ගලාතියේ දකුණු ප්‍රදේශයේ ජීවත් වුණු, එයා හොඳින් දන්න හඳුනන ක්‍රිස්තියානීන්ටයි කියලා ඒකේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා. පේන විදිහට එයා කවදාවත් ගලාතියේ උතුරු ප්‍රදේශයට ගිහින් තිබුණේ නැහැ.