-
ඔබේ වැඩය ගින්නට ඔරොත්තු දේවිද?1998 මුරටැඹ | නොවැම්බර් 1
-
-
13. පාවුල්ගේ නිදර්ශනයේ ගින්නෙන් නියෝජනය වන්නේ කුමක්ද? එමෙන්ම, සියලුම ක්‍රිස්තියානීන් කුමක් ගැන සාවධානී විය යුතුද?
13 ජීවිතයෙහි අප සියලුදෙනාම මුහුණ දෙන ගින්නක් තිබෙනවා. ඒ තමයි, ඇදහිල්ලෙහි පරීක්ෂණ. (යොහන් 15:20; යාකොබ් 1:2, 3) අප සත්‍යය උගන්වන සැමදෙනාවම පරීක්ෂණයට ලක් කෙරෙනවා යන්න, අද සිටින අප දැනගෙන සිටිය යුතුව තිබෙන්නාක් මෙන්ම, කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ද දැනගත යුතුව තිබුණා. අප දුර්වල ලෙස ඉගැන්වීමේ යෙදෙනවා නම්, කනගාටුදායක ප්‍රතිවිපාක ඇති වෙන්න ඉඩ තිබෙනවා. පාවුල් මෙසේ අවවාද කළා: “ඒ පිට ගොඩනැගුවාවූ යම්කෙනෙකුගේ කර්මාන්තය [වැඩය, NW] පවතී නම්, ඔහු විපාකයක් ලබන්නේය. යම් කෙනෙකුගේ කර්මාන්තය [වැඩය, NW] දැවීයන්නේ නම්, ඔහුට අලාභවන්නේය. නුමුත් ඔහුම ගැළවෙන්නේය; එහෙත් ගිනි මැදින් ගැළවුණාක්මෙන්ය.”c—1 කොරින්ති 3:14, 15.
14. (අ) ක්‍රිස්තියානි ගෝලයන් සාදන්නන් ‘අලාභ විඳිය’ හැක්කේ කිනම් ආකාරයෙන්ද? එහෙත්, ඔවුන් ගිනි මැදින් වූවාක් මෙන් ගැළවීම ලැබිය හැක්කේ කෙසේද? (ආ) අලාභ විඳීමේ අවදානම අපට අඩු කරගත හැක්කේ කෙසේද?
14 මේවා ඇත්තෙන්ම බැරෑරුම් ලෙස සැලකිය යුතු වචන! ගෝලයෙක් වෙන්න කෙනෙකුට උදව් කර, ඔහු පරීක්ෂා හෝ පීඩා විඳ, අවසානයේදී සත්‍යයේ මාර්ගය හැර යනවා දැකීම ඉතා වේදනාකාරි දෙයක් විය හැකියි. එවැනි තත්වයන්හිදී අප අලාභ විඳින බව පාවුල් පිළිගන්නවා. අපේ ගැළවීම ‘ගිනි මැදින් වූවාක් මෙන්’ කියා විස්තර කර තිබෙන නිසා එම අද්දැකීම ඉතා වේදනාකාරි එකක් වෙන්න ඉඩ තිබෙනවා. එසේ වීම හරියට, ගින්නෙන් තමන් සතු සියලුම දේ විනාශ වී ගොස් තම ජීවිතය නූලෙන් බේරාගත් පුද්ගලයෙකුගේ අද්දැකීම වගෙයි. අපේ පැත්තෙන්, අලාභ විඳීමේ අවදානම අඩු කරගැනීමට අපට කුමක් කළ හැකිද? කල්පවතින ද්‍රව්‍යවලින් ගොඩනඟන්න! අපි අපේ ශිෂ්‍යයන්ගේ හෘදවලට ළඟා වන ආකාරයෙන් ඉගැන්වූවොත්, ප්‍රඥාව, විචාර බුද්ධිය, දෙවිට භයවීම සහ අව්‍යාජ ඇදහිල්ල වැනි වටිනා ක්‍රිස්තියානි ගුණාංග අගය කරන්න ඔවුන්ව පෙලඹෙව්වොත්, එවිට අපි ගොඩනඟමින් සිටින්නේ, කල්පවතින, ගින්නට ඔරොත්තු දෙන ද්‍රව්‍යවලිනුයි. (ගීතාවලිය 19:9, 10; හිතෝපදේශ 3:13-15; 1 පේතෘස් 1:6, 7) මෙම ගුණාංග අත් කරගෙන සිටින අය දෙවිගේ කැමැත්ත දිගටම කරන්න යනවා. සදාකාලයටම ජීවත් වීමේ නිසැක බලාපොරොත්තුව ඔවුන්ගේයි. (1 යොහන් 2:17) ඒ කෙසේවෙතත්, පාවුල්ගේ නිදර්ශනය ක්‍රියාවට නඟන්න අපට හැක්කේ කෙසේද? උදාහරණ සමහරක් සලකා බලන්න.
-
-
ඔබේ වැඩය ගින්නට ඔරොත්තු දේවිද?1998 මුරටැඹ | නොවැම්බර් 1
-
-
c පාවුල් මෙහිදී, ගොඩනඟන්නාගේ නොව, නමුත් ඔහුගේ ‘වැඩයෙහි’ ගැළවීම සැකයට භාජන කරමිනුයි සිටියේ. ද නියූ ඉංග්ලිෂ් බයිබල්හි මෙම බයිබල් පදය ඉදිරිපත් කරන්නේ මේ ආකාරයටයි: “ඒ අත්තිවාරම මත ගොඩනඟන ලද යමෙකුගේ කර්මාන්තය නොදැවී පවතී නම්, ඔහු විපාකයක් ලබයි. යමෙකුගේ කර්මාන්තය දැවී යන්නේ නම් ඔහුට අලාභයක් සිදු වේ. එහෙත් ඔහු ගිනි මැදින් මිදී ආ කෙනෙකු මෙන් ගැළවෙනු ඇත.”
-