යෙහෝවා බොහෝ පුත්‍රයන්ව තේජසට ගෙනෙයි
“දෙවි විසින් බොහෝ පුත්‍රයන්ව තේජසට ගෙන ඒමේදී, ඔවුන්ගේ ගැළවීමේ ප්‍රධාන නියෝජිතයාව දුක් විඳීම් කරණකොටගෙන සම්පූර්ණ කිරීම උචිත වූයේය.”—හෙබ්‍රෙව් 2:10, NW.
1. මනුෂ්‍යවර්ගයා සඳහා යෙහෝවාගේ පොරොන්දුව ඉෂ්ට වෙන්න යනවා කියා අපට ස්ථිර විය හැක්කේ මන්ද?
යෙහෝවා පොළොව මැව්වේ, සම්පූර්ණ මනුෂ්‍ය පවුලකට නිමක් නැති ජීවිතයක් භුක්ති විඳීම සඳහා සදාකාල නිවහනක් වීමටයි. (දේශනාකාරයා 1:4; යෙසායා 45:12, 18) අපේ මුල් පියා වූ ආදම් පව් කර, පාපය සහ මරණය ඔහුගේ පැවතෙන්නන් මතට ඇද දැමූ බව ඇත්තයි. නමුත් මනුෂ්‍යවර්ගයා සඳහා දෙවිගේ අරමුණ, ඔහුගේ පොරොන්දු වංශය වන යේසුස් ක්‍රිස්තුස් තුළින් ඉෂ්ට වෙන්න යනවා. (උත්පත්ති 3:15; 22:18; රෝම 5:12-21; ගලාති 3:16, 17) මනුෂ්‍යවර්ගයාගේ ලෝකය කෙරෙහි ඇති යෙහෝවාගේ ප්‍රේමය, ‘ස්වකීය ඒකජාතක පුත්‍රයා කෙරෙහි අදහාගන්න සෑමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිස ඔහුව’ දීමට තරම් පෙලඹුවා. (යොහන් 3:16) එමෙන්ම ප්‍රේමය, “බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ [ප්‍රාණය] දෙන්ට” යේසුස්ව පෙලඹුවා. (මතෙව් 20:28) මේ ‘අනුරූප මිදීමේ මිලය’ ආදම්ගේ වරද නිසා අහිමි වූ අයිතිය සහ අනාගත අපේක්ෂාවන් යළි මිල දී ගනු ලබන අතර, සදාකාල ජීවනය සඳහා හැකි කරවනවා.—1 තිමෝති 2:5, 6; යොහන් 17:3.
2. යේසුස්ගේ මිදීමේ පූජාවේ අදාළ කිරීම, ඉශ්රායෙල්හි වාර්ෂික සමගි කිරීමේ දවසට සාදෘශ්යවත් වූයේ කෙසේද?
2 යේසුස්ගේ මිදීමේ පූජාවේ අදාළ කිරීම, වාර්ෂික සමගි කිරීමේ දවසට සාදෘශ්‍ය කොට දැක්වුවා. ඒ දවසේදී, ඉශ්රායෙල්හි උත්තම පූජකයා මුලින්ම ගොනෙකුව පාප පූජාවක් හැටියට පූජා කර, උගේ ලේ කූඩාරමේ අතිශුද්ධස්ථානයේ පිහිටි කරුණාසනය මතත්, පසුව දේවමාළිගාවෙහිත් ඔප්පු කළා. මෙය කරනු ලැබුවේ ඔහුත්, ඔහුගේ පවුලත්, ලෙවී ගෝත්‍රයත් උදෙසායි. යේසුස් ක්‍රිස්තුස් ඒ හා සමානව, තම ලෙයෙහි වටිනාකම කලින්ම තම ආත්මික ‘සහෝදරයන්ගේ’ පාප වැසීම සඳහා දෙවිට ඔප්පු කළා. (හෙබ්‍රෙව් 2:12; 10:19-22; ලෙවී කථාව 16:6, 11-14) සමගි කිරීමේ දවසේදී, උත්තම පූජකයා පාප පූජාවක් හැටියට එළුවෙකුවත් පූජා කර, උගේ ලේ අතිශුද්ධස්ථානයේදී ඔප්පු කරන අතර, මෙමගින් ඉශ්රායෙල්හි පූජක නොවන ගෝත්‍ර 12හි පාප සඳහා සමගි කිරීමක් කරනවා. ඒ හා සමානව, තම පාප අත්හැර, ඇදහිල්ල පවත්වන මනුෂ්‍යවර්ගයා උදෙසා, උත්තම පූජක යේසුස් ක්‍රිස්තුස් ඔහුගේ ජීවරුධිරය උපයෝගී කරන්න යනවා.—ලෙවී කථාව 16:15.
තේජසට ගෙනෙයි
3. හෙබ්‍රෙව් 2:9, 10ට එකඟව, අවුරුදු 1,900ක කාලයක් පුරා දෙවි කුමක් කරමින් සිටියාද?
3 අවුරුදු 1,900ක් පුරා, යේසුස්ගේ “සහෝදරයන්” සම්බන්ධයෙන් දෙවි විශිෂ්ට යමක් කරමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන්, ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: “[දෙවිගේ] කරුණාවෙන් සියල්ලන් උදෙසා මරණය විඳින පිණිස දේවදූතයන්ට වඩා මඳක් පහත්කරනු ලැබුවාවූ [ඔහු], එනම් [යේසුස්], මරණය වින්ද නිසා තේජස හා ගෞරවය නමැති ඔටුන්න පැළඳගන සිටින බව අපට පෙනේ. කුමක්හෙයින්ද යමෙකු නිසාත් යමෙකු කරණකොටගෙනත් සියල්ල පවත්නේද, ඒ [තැනැත්තා වන යෙහෝවා දෙවි] විසින් බොහෝ පුත්‍රයන් තේජසට ගෙනයන කල ඔවුන්ගේ ගැළවීමේ [ප්‍රධාන නියෝජිත, NW] දුක්විඳීම කරණකොටගෙන සම්පූර්ණ කරන්ට යුතුවූයේය.” (හෙබ්‍රෙව් 2:9, 10) මෙම ගැළවීමේ ප්‍රධාන නියෝජිතයා නම්, මනුෂ්‍යයෙක් හැටියට පොළොවේ ජීවත් වන විට, තමා විඳි දේවලින් පූර්ණ කීකරුකම ඉගෙනගත් යේසුස් ක්‍රිස්තුස්ය. (හෙබ්‍රෙව් 5:7-10) යේසුස් තමයි, දෙවිගේ ආත්මික පුත්‍රයෙක් හැටියට මුලින්ම උත්පාදනය වුණේ.
4. යේසුස්ව දෙවිගේ ආත්මික පුත්‍රයෙක් ලෙස උත්පාදනය කළේ කවදාද? එමෙන්ම කෙසේද?
4 යේසුස්ව තම ආත්මික පුත්‍රයා හැටියට උපදවා ස්වර්ගීය තේජසට කැඳවාගෙන ඒම සඳහා, යෙහෝවා ඔහුගේ ශුද්ධාත්මය හෝ ක්‍රියාකාරක බලය පාවිච්චි කළා. යොහන් බව්තීස්ත සමඟ තනිව සිටියදී, දෙවිට තමන්ව ඉදිරිපත් කිරීම සංකේතවත් කිරීමට, යේසුස් සම්පූර්ණයෙන්ම ජලයේ ගිලුණා. ලූක්ගේ සුවිශේෂ වාර්තාව මෙසේ කියනවා: “තවද සියලු සෙනග බව්තීස්මය ලැබූවිට [යේසුත්] බව්තීස්මය ලැබ, යාච්ඤාකරන කල, අහස විවරවී, [ශුද්ධාත්මය] රූපාකාරයෙන් පරෙවියෙකු මෙන් [ඔහු] පිටට [බැස්සේය]. එවිට: නුඹ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය; නුඹ කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් නික්ම ආයේය.” (ලූක් 3:21, 22) යේසුස් මතට ශුද්ධාත්මය පැමිණෙනවා යොහන් දැක්කා, එමෙන්ම තම ප්‍රේමවන්ත පුත්‍රයා හැටියට ඔහු පිළිබඳ යෙහෝවාගේ විවෘත අනුමැතිය ඔහුට ඇසුණා. ඒ අවස්ථාවේදී, ‘තේජසට ගෙන ඒමට සිටින බොහෝ පුත්‍රයන්ගෙන්’ පළමුවැන්නා හැටියට යෙහෝවා ශුද්ධාත්මය මාර්ගයෙන් යේසුස්ව උත්පාදනය කළා.
5. යේසුස්ගේ පූජාවෙන් ප්‍රයෝජන ලැබුවේ කවුද? එමෙන්ම ඔවුන්ගේ සංඛ්‍යාව කීයද?
5 යේසුස්ගේ පූජාවෙන් මුල්ම ප්‍රයෝජන ගෙන තිබෙන්නේ, ඔහුගේ “සහෝදරයන්.” (හෙබ්‍රෙව් 2:12-18) දර්ශනයේදී, බැටළුපැටවා වන නැවත නැඟිටවනු ලැබූ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් සමඟ, ඔවුන් ස්වර්ගීය සියොන් කන්ද මත දැනටමත් තේජසින් සිටිනවා ප්‍රේරිත යොහන් දැක්කා. ඔවුන්ගේ සංඛ්‍යාව එළිදරව් කරමින් යොහන් මෙසේ කියනවා: “තවද [බැටළුපැටවාද ඔහු] සමඟ එක්ලක්ෂ සතළිස් සාරදහස් දෙනෙක්ද සියොන් කන්දේ සිටිනවා දුටිමි, [ඔහුගේ] නාමයද [ඔහුගේ පියාගේ] නාමයද ඔවුන්ගේ නළල්වල ලියා තිබුණේය. . . . මොව්හු [දෙවිටත් බැටළුපැටවාටත්] නාඹුල් ඵල වන පිණිස මනුෂ්‍යයන් අතරෙන් මිලේටගන්නාලද්දෝය. ඔවුන්ගේ මුඛයේ බොරුවක් සම්බ නොවීය. ඔව්හු නොකැලැල්ව සිටිති.” (එළිදරව් 14:1-5) මේ අනුව, ස්වර්ගීය ‘තේජසට ගෙන ඒමට සිටින බොහෝ පුත්‍රයන්ගේ’ මුළු සංඛ්‍යාව 1,44,001ක් පමණකි—ඒ යේසුස් සහ ඔහුගේ ආත්මික සහෝදරයන්.
‘දෙවිගෙන් ඉපදී සිටින’
6, 7. ‘දෙවිගෙන් ඉපදී සිටින’ අය කවුරුන්ද? එමෙන්ම ඔවුන්ට මෙයින් අදහස් කරන්නේ කුමක්ද?
6 යෙහෝවාගෙන් උත්පාදනය වී සිටින අය, ‘දෙවිගෙන් ඉපදී සිටින’ අයයි. එවැනි අයව අමතමින්, ප්‍රේරිත යොහන් මෙසේ ලිව්වා: “[දෙවිගෙන්] ඉපදී සිටින කිසිවෙක් පව්කරන්නේ නැත, මක්නිසාද ඔහු තුළ [ඔහුගේ, එනම් යෙහෝවාගේ] [උත්පාදක, NW] බීජය පවතින්නේය. [දෙවිගෙන්] ඉපදී සිටින බැවින් පව්කරන්ට ඔහුට නුපුළුවන.” (1 යොහන් 3:9) මේ “උත්පාදක බීජය” වන්නේ, දෙවිගේ ශුද්ධාත්මයයි. ඔහුගේ වචනය සමඟ එකට වැඩ කරමින්, එය 1,44,000ට අයත් සෑම කෙනෙකුටම, ස්වර්ගීය අපේක්ෂාවක් සඳහා “අලුත් උපතක් [NW]” ලබා දී තිබෙනවා.—1 පේතෘස් 1:3-5, 23.
7 සම්පූර්ණ මිනිසා වූ ආදම් ‘දෙවිගේ පුත්‍රයා’ වුණාක් මෙන්, තම මිනිස් උත්පත්තියේදී යේසුස් දෙවිගේ පුත්‍රයා වුණා. (ලූක් 1:35; 3:38) කෙසේවෙතත්, යේසුස්ගේ බව්තීස්මයෙන් පසුව, යෙහෝවා මෙසේ ප්‍රකාශ කිරීම කැපීපෙනෙනසුලු වුණා: “නුඹ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, නුඹ කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි.” (මාර්ක් 1:11) මේ ප්‍රකාශයත් සමඟම ශුද්ධාත්මය නික්මුණු අතර, එවිට දෙවි යේසුස්ව ඔහුගේ ආත්මික පුත්‍රයා ලෙස ප්‍රසූත කළ බව පැහැදිලි වුණා. එවිට උපමාලංකාර ලෙස ස්වර්ගයේ දෙවිගේ ආත්මික පුත්‍රයෙක් හැටියට ජීවිතය යළි ලැබීමට යුතු අයිතිය සමඟින් යේසුස්ට “අලුත් උපතක්” ලබා දුන්නා. ඔහු මෙන් ඔහුගේ ආත්මික සහෝදරයන් 1,44,000දෙනා ‘නැවත ඉපදුණු’ අයයි. (යොහන් 3:1-8; 1992 නොවැම්බර් 15 මුරටැඹහි 3-6 පිටු බලන්න.) යේසුස් හා සමානව, ඔවුන්වත් දෙවි විසින් ආලේප කර, ශුභාරංචිය ප්‍රචාරය කිරීමට ඔවුන්ට බලපවරා තිබෙනවා.—යෙසායා 61:1, 2; ලූක් 4:16-21; 1 යොහන් 2:20.
ආත්මික පුත්‍රකමට දෙවි විසින් ජනිත කිරීමේ සාක්ෂි
8. (අ) යේසුස් (ආ) ඔහුගේ මුල් ගෝලයන් සම්බන්ධයෙන්, ආත්මික පුත්‍රකමට දෙවි විසින් ජනිත කිරීම පිළිබඳව ඇත්තේ කිනම් සාක්ෂිද?
8 යේසුස් ආත්මයෙන්-උත්පාදනය වූ බවට සාක්ෂි තිබෙනවා. ආත්මය යේසුස් මතට බැස ඒම යොහන් බව්තීස්ත දුටු අතර, අලුතින් ආලේප කළ මෙසියස්ගේ ආත්මික පුත්‍රකම පිළිබඳ දෙවිගේ ප්‍රකාශය ඔහුට ඇසුණා. නමුත් තමන්ව ආත්මයෙන්-උත්පාදනය කර තිබෙනවාද කියා යේසුස්ගේ ගෝලයන් දැනගන්න යන්නේ කොහොමද? හොඳයි, ස්වර්ගාරෝහණය වූ දවසේදී යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙසේ කිව්වා: “යොහන් වතුරෙන් බව්තීස්මකෙළේය; නුමුත් නුඹලා මෙයින් නොබෝ දවසක් ගිය පසු ශුද්ධාත්මයෙන් බව්තීස්මකරනු ලබන්නහුය.” (ක්‍රියා 1:5) පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී, යේසුස්ගේ ගෝලයන්ව “ශුද්ධාත්මයෙන් බව්තීස්ම” කළා. ආත්මයේ එම වැගිරීමත් සමඟම, “තද හුළඟක් හමන්නාක්මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ, . . . ගිනි වැනිවූ දිව්” සෑම ගෝලයෙක් මතම පතිත වුණා. වඩාත්ම කැපීපෙනෙනසුලු දෙය වුණේ, “[ආත්මය] ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට” ගෝලයන්ට ලැබුණු හැකියාවයි. මෙලෙස, දෙවිගේ පුත්‍රයන් හැටියට ස්වර්ගීය තේජස වෙතට යන මාර්ගය ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් සඳහා ඇරී තිබූ බවට, පෙනෙන සහ ඇසෙන සාක්ෂි තිබුණා.—ක්‍රියා 2:1-4, 14-21; යෝවෙල් 2:28, 29.
9. සමරිතානුවන්, කොර්නේලියස් සහ මුල් සියවසේ සිටි අනිත් අය ආත්මයෙන්-උත්පාදනය කර තිබුණායයි කීමට ඇත්තේ කිනම් සාක්ෂිද?
9 තවත් කාලයකට පසු, එවැන්ජලිස්ත පිලිප් සමාරියේ දේශනා කළා. සමරිතානුවන් ඔහුගේ පණිවිඩය පිළිගෙන බව්තීස්ම වුණත්, දෙවි ඔවුන්ව තම පුත්‍රයන් හැටියට උත්පාදනය කළ බවට ඔවුන්ට සාක්ෂි තිබුණේ අල්ප වශයෙනුයි. එම ඇදහිලිවන්තයන් සමඟ ප්‍රේරිත පේතෘස් සහ යොහන් යාච්ඤා කර අත් තැබූ විට, බලාසිටින්නන්ට පෙනෙන මුත්, හරියටම දන්නේ නැති ආකාරයකින් “ඔවුන්ට ශුද්ධාත්මය ලැබෙන්න පටන්ගත්තා.” (ක්‍රියා 8:4-25, NW) ඇදහිලිවන්ත සමරිතානුවන් දෙවිගේ පුත්‍රයන් හැටියට ආත්මයෙන්-උත්පාදනය වී ඇති බවට ඔප්පු වුණා. ඒ හා සමානව, පො.යු. 36දී, කොර්නේලියස් සහ අනිත් අන්‍යජාතීන් දෙවිගේ සත්‍යය පිළිගත්තා. පේතෘස් සහ ඔහු සමඟ සිටි ඇදහිලිවන්ත යුදෙව්වන්, “අන්‍යජාතීන් කෙරෙහිත් ශුද්ධාත්ම දීමනාව වගුරුවනු ලැබූ බැවින් විස්මිතවූවෝය. මක්නිසාද ඔවුන් අන්‍ය භාෂාවලින් කථාකරනවා . . . ඔවුන්ට ඇසුණේය.” (ක්‍රියා 10:44-48) බොහෝ මුල්-සියවසේ ක්‍රිස්තියානීන්ට “ආත්මයේ දීමනා” ලැබුණා. (1 කොරින්ති 14:12, 32, NW) මෙසේ ඔවුන්ව ආත්මයෙන්-උත්පාදනය කර තිබෙන බවට, මේ අයට පැහැදිලි සාක්ෂි තිබුණා. නමුත්, තමන්ව ආත්මයෙන්-උත්පාදනය කර තිබෙනවාද, නැද්ද කියා පසුව පැමිණෙන ක්‍රිස්තියානීන් දැනගන්න යන්නේ කොහොමද?
ශුද්ධාත්මයේ සාක්ෂිය
10, 11. රෝම 8:15-17හි පදනම මත, ආත්මය ක්‍රිස්තුස්ගේ හවුල් උරුමක්කාරයන් හා එක්ව සාක්ෂි දෙනවා යන්න ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?
10 ඔවුන්ට දෙවිගේ ශුද්ධාත්මය තිබෙනවා කියා ආලේප ලත් ක්‍රිස්තියානීන් 1,44,000දෙනාටම නියත සාක්ෂි තිබී ඇත. මේ කාරණය සම්බන්ධයෙන් පාවුල් මෙසේ ලිව්වා: ‘නුඹලා පුත්‍රකමේ ආත්මය ලබාගත්තහුය; එයින් අපි: අබ්බා, පියාණනි කියා හඬගසමුව. අපි දෙවිගේ දරුවෝයයි ආත්මයම අපේ ආත්මය එක්ව සාක්ෂි දෙන්නේය. තවද දරුවෝ නම් උරුමක්කාරයෝය; දෙවිගේ උරුමක්කාරයෝය, ක්‍රිස්තුස් හා සමඟ හවුල් උරුමක්කාරයෝය. ඔහු හා සමඟ මහිමය ලබන පිණිස, ඔහු සමඟ දුක් විඳිමු නම්, මෙසේ වන්නේය.’ (රෝම 8:15-17) ආලේප ලත් ක්‍රිස්තියානීන්ට ඔවුන්ගේ ස්වර්ගීය පියා සඳහා පුත්‍රකම පිළිබඳ විශේෂ හැඟීමක්, පුත්‍රකම පිළිබඳ බලපවත්වන හැඟීමක් තිබෙනවා. (ගලාති 4:6, 7) ස්වර්ග රාජ්‍යයේ ක්‍රිස්තුස් සමඟ හවුල් උරුමක්කාරයන් හැටියට හවුල් වීමට, දෙවි විසින් ඔවුන්ව ආත්මික පුත්‍රකමට උත්පාදනය කර තිබෙන බවට ඔවුන්ට කිසිම සැකයකින් තොරව ස්ථිරයි. මේ සම්බන්ධයෙන් යෙහෝවාගේ ශුද්ධාත්මය නිශ්චිත කාර්යභාරයක් රඟ දක්වනවා.
11 ආලේප ලත් අය පිළිබඳ දෙවිගේ ශුද්ධාත්මයේ, ඒ කියන්නේ ආත්මයේ, නැත්නම් බලපවත්වන ආකල්පයේ බලපෑම යටතේ ඔවුන් ස්වර්ගීය බලාපොරොත්තුව ගැන දෙවිගේ වචනය කියන්නේ කුමක්ද යන්නට ඒකාන්ත ආකාරයකින් ප්‍රතිචාරය දක්වන්න පෙලඹෙනවා. උදාහරණයක් හැටියට, යෙහෝවාගේ ආත්මික දරුවන් ගැන ශුද්ධ ලියවිල්ලේ කියන දේ ඔවුන් කියවද්දී, එබඳු වචන අදාළ වන්නේ ඔවුන්ට බව ඔවුන් ක්ෂණිකව ඒත්තුගන්නවා. (1 යොහන් 3:2) ඔවුන් “ක්‍රිස්තුස් [යේසුස්] තුළට” සහ ඔහුගේ මරණය තුළට ‘බව්තීස්ම ලැබ’ තිබෙන බව ඔවුන් දන්නවා. (රෝම 6:3) ඔවුන්ගේ දැඩි නිසැකකම වන්නේ, ඔවුනුත්, යේසුස් මෙන්, මැරී ස්වර්ගීය තේජසට නැවත නැඟිටවනු ලබන දෙවිගේ ආත්මික පුත්‍රයන් වීමයි.
12. දෙවිගේ ආත්මය ආලේප ලත් ක්‍රිස්තියානීන් තුළ නිපදවා තිබෙන්නේ මොනවාද?
12 ආත්මික පුත්‍රකමට උත්පාදනය වීම වගා කරගත් ආශාවක් නෙවෙයි. පොළොව මත වර්තමාන දුෂ්කරතා හේතුවෙන් කනස්සල්ලට පත්වීම නිසා ස්වර්ගයට යෑමට, ආත්මයෙන්-උත්පාදනය වූ අයට ඕනෑකමක් නැහැ. (යෝබ් 14:1) ඒ වෙනුවට, යෙහෝවාගේ ආත්මය අව්‍යාජ ආලේප ලත් අය තුළ පොදුවේ මනුෂ්‍යවර්ගයාට දුර්ලභ වූ අපේක්ෂාවක් සහ ආශාවක් නිපදවා තිබෙනවා. සන්තෝෂවත් පවුල් සහ හිතමිතුරන්ගෙන් වට වූ මිනිස් පරිපූර්ණත්වය පවතින පාරාදීස පොළොවක් මත සදාකාල ජීවනය ලැබීම මවිතාකාර දෙයක් බව උත්පාදනය වූ එවැනි අය දන්නවා. කෙසේවෙතත්, ඔවුන්ගේ හෘදයේ මූලික ආශාව, එවැනි ජීවිතයක් පිළිබඳව නෙවෙයි. ආලේප ලත් අයට කොතරම් ශක්තිමත් ස්වර්ගීය අපේක්ෂාවක් තිබෙනවාද කියා කිව්වොත්, සියලුම භූමික බලාපොරොත්තු සහ බැඳීම්, ඔවුන් කැමැත්තෙන්ම පූජා කරනවා.—2 පේතෘස් 1:13, 14.
13. දෙවන කොරින්ති 5:1-5ට එකඟව, පාවුල්ගේ ‘අවංක ආශාව’ වුණේ කුමක්ද? එමෙන්ම ආත්මයෙන්-උත්පාදනය වූ අයට මෙය අඟවන්නේ කුමක්ද?
13 එවැනි අය තුළ දෙවිගෙන් ලද ස්වර්ගීය ජීවිතය පිළිබඳ අපේක්ෂාව කොතරම් ශක්තිමත්ව තිබෙනවාද කිව්වොත්, ඔවුන්ගේ හැඟීම් මෙසේ ලිවූ පාවුල්ගේ ඒවාට සමානයි: “කූඩාරමක්වූ අපේ භූමික ගෙය කඩාවැටුණත් [දෙවිගෙන්] වූ ගොඩනැගිල්ලක් වන අතින් නොසෑදුවාවූ සදාකාලිකවූ ගෘහයක් ස්වර්ගවල අපට ඇති බව දනිමුව. මක්නිසාද මේකේදී අපි කෙඳිරිගාමින් අපගේ ස්වර්ගීය වාසස්ථානය පැළඳගන්ට ආශාවමුව. මෙසේ වූ කල්හි අපි පළඳනලදුව, නග්නව සිටිනවා දකිනු නොලබමුව. එසේය, මේ කූඩාරමේ සිටින්නාවූ අපි බර උසුලමින් කෙඳිරිගාමුව; මක්නිසාද පැළඳීම අහක දමන්ට නොව මරණීයවූ එක ජීවනයෙන් ගිලිනු ලබන පිණිස, අපි පළඳිනු ලබන්ට කැමැත්තෙමුව. ඉදින් මේ පිණිසම අප පිළියෙළකළේ [දෙවිය, ඔහු ආත්මය] නැමති [බාහිර ලකුණ, NW] අපට [දුන්නේය].” (2 කොරින්ති 5:1-5) පාවුල්ගේ ‘අවංක ආශාව’ වුණේ, අමරණීය ආත්ම මැවිල්ලක් හැටියට, ස්වර්ගයට නැවත නැඟිටිනු ලැබීමටයි. ගොඩනැඟිල්ලක් සමඟ සසඳන කල, කඩා වැටෙන කූඩාරමකට, ඒ කියන්නේ කැඩෙනසුලු, තාවකාලික වාසස්ථානයකට ඔහු මිනිස් ශරීරය උපමාලංකාර ලෙස යොමු දක්වනවා. පොළොව මත මරණීය, මාංසික ශරීරයක් ඇතුව සිටියත්, පැමිණෙන්නාවූ ස්වර්ගීය ජීවිතය පිළිබඳ බාහිර ලකුණක් හැටියට ශුද්ධාත්මය ඇති ක්‍රිස්තියානීන්, ‘දෙවිගෙන් වූ ගොඩනැඟිල්ල,’ ඒ කියන්නේ අමරණීය, දූෂිත නොවූ ආත්ම ශරීරයක් දෙස බලා සිටිනවා. (1 කොරින්ති 15:50-53) පාවුල් මෙන්, ඔවුන්ට අවංකවම මෙසේ කීමට හැකියි: “අපි ධෛර්යවත්ව, [මිනිස්] ශරීරයෙන් ඈත්ව [ස්වාමීන්] සමඟ [ස්වර්ගයෙහි] සිටින්ට වඩා කැමතිවෙමුව.”—2 කොරින්ති 5:8.
විශේෂ ගිවිසුම්වලට ගනු ලැබ
14. මරණය සිහි කිරීම පිහිටුවීමේදී, යේසුස් මුලින්ම සඳහන් කළ ගිවිසුම කුමක්ද? එමෙන්ම ආත්මික ඉශ්රායෙල් සම්බන්ධයෙන් එය රඟන්නේ කිනම් කාර්යභාරයක්ද?
14 තමන්ව විශේෂ ගිවිසුම් දෙකකට ගෙන ඇති බවට ආත්මයෙන්-උත්පාදනය වූ ක්‍රිස්තියානීන්ට ස්ථිරයි. ඔහුගේ පැමිණෙමින් තිබූ මරණය පිළිබඳ සිහි කිරීම පිහිටුවීමට මුහුන් නොමුසු රොටි සහ මුද්‍රිකපානය පාවිච්චි කරද්දී, මුද්‍රිකපාන කුසලානය ගැන කියද්දී, යේසුස් මින් එකක් ගැන සඳහන් කළා: “මේ කුසලාන නුඹලා උදෙසා වගුරුවන මාගේ ලෙයෙහි අලුත් ගිවිසුමය.” (ලූක් 22:20; 1 කොරින්ති 11:25) අලුත් ගිවිසුමට අයත් පක්ෂ දෙක කවුරුන්ද? ඒ යෙහෝවා දෙවි සහ ස්වර්ගීය තේජසට ගෙන ඒමට යෙහෝවා අරමුණු කර ඇති ආත්මික ඉශ්‍රායෙල්ගේ සාමාජිකයන්ය. (යෙරෙමියා 31:31-34; ගලාති 6:15, 16; හෙබ්‍රෙව් 12:22-24) යේසුස්ගේ වැගිරූ ලෙය කරණකොටගෙන ක්‍රියාත්මක වී තිබෙන අලුත් ගිවිසුම යෙහෝවාගේ නාමය සඳහා ජාතීන්ගෙන් සෙනඟක් ලබාගන්නා අතර, මෙම ආත්මයෙන්-උත්පාදනය කළ ක්‍රිස්තියානීන්ව ආබ්‍රහම්ගේ ‘වංශයේ’ කොටසක් බවට පත් කරනවා. (ගලාති 3:26-29; ක්‍රියා 15:14) ස්වර්ගයේ අමරණීය ජීවිතයට නැවත නැඟිටවීමෙන් තේජසට ගෙන ඒමට සියලුම ආත්මික ඉශ්රායෙල් සඳහා අලුත් ගිවිසුම සැපයුමක් කරනවා. එය ‘සදාකාල ගිවිසුමක්’ නිසා, එහි ප්‍රයෝජන සදාකාලික වෙන්න යනවා. අවුරුදු දහස අතරතුරේදී සහ ඉන්පසුව මෙම ගිවිසුම වෙනත් ආකාරවලින් කාර්යභාරයක් ඉටු කිරීමට යෑම සම්බන්ධයෙන් අනාගතය හෙළි කරාවි.—හෙබ්‍රෙව් 13:20.
15. ලූක් 22:28-30ට එකඟව, යේසුස්ගේ ආලේප ලත් අනුගාමිකයන්ව ගැනීමට පටන්ගත්තේ වෙන කිනම් ගිවිසුම්වලටද? එමෙන්ම කවදාද?
15 ‘තේජසට ගෙන ඒමට’ යෙහෝවා අරමුණු කළ ‘බොහෝ පුත්‍රයන්,’ ස්වර්ගීය රාජ්‍යයක ගිවිසුමකට පෞද්ගලිකවම රැගෙන තිබෙනවා. ඔහු සහ ඔහුගේ අඩිපාරේ යන්නන් අතර පවතින මෙම ගිවිසුම සම්බන්ධයෙන් යේසුස් මෙසේ කිව්වා: “මාගේ පරීක්ෂාවලදී මා සමඟම සිටි අය නම් නුඹලාය. එබැවින් මාගේ [පියා] මට රාජ්‍යයක් නියම කළාක්මෙන්ම, මාගේ රාජ්‍යයෙහිදී මාගේ මේසයේ කන්ටද බොන්ටද නුඹලාට රාජ්‍යයක් නියමකරමි; නුඹලා ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින් සිංහාසනවල හිඳින්නහුය.” (ලූක් 22:28-30) පොදු යුගයේ 33 පෙන්තකොස්ත දිනයේදී, යේසුස්ගේ ගෝලයන්ව ශුද්ධාත්මයෙන් ආලේප කළ විට, රාජ්‍ය ගිවිසුම ආරම්භ වුණා. ක්‍රිස්තුස් සහ ඔහුගේ සහකාර රජවරුන් සමඟ එම ගිවිසුම සදාකාලයටම පවතිනවා. (එළිදරව් 22:5) එබැවින්, තමන් අලුත් ගිවිසුම තුළ සහ රාජ්‍යය සඳහා ගිවිසුම තුළ සිටින බවට ආත්මයෙන්-උත්පාදනය වූ ක්‍රිස්තියානීන්ට සහතිකයි. එමනිසා, ස්වාමීන්ගේ රාත්‍රි භෝජන උත්සවයේදී, යේසුස්ගේ පාප විරහිත මිනිස් ශරීරය නියෝජනය කරන රොටි මෙන්ම මරණයේදී වැගිරෙවූ පරිපූර්ණ ලෙය අඟවන සහ අලුත් ගිවිසුම වලංගු කරන මුද්‍රිකපානයෙහි කොටස්කරුවන් වන්නේ, පොළොව මත සිටින සාපේක්ෂ වශයෙන් සුළුතරයක් වන ආලේප ලත් අයගේ ඉතිරි කොටස පමණයි.—1 කොරින්ති 11:23-26; මුරටැඹ (ඉංග්‍රීසියෙන්), 1989 පෙබරවාරි 1, 17-20 දක්වා පිටු බලන්න.
කැඳවාගත්, තෝරාගත් සහ විශ්වාසවන්ත
16, 17. (අ) තේජසට ගෙන ඒම සඳහා, 1,44,000ට අයත් සියලුදෙනා සම්බන්ධයෙන් කුමක් සැබෑ විය යුතුද? (ආ) ‘රජවරු දසදෙනා’ කවුද? එමෙන්ම ක්‍රිස්තුස්ගේ ‘සහෝදරයන්ගේ’ පොළොවේ සිටින ඉතිරි කොටසට ඔවුන් සලකන්නේ කෙසේද?
16 යේසුස්ගේ මිදීමේ පූජාවේ පළමු අදාළ වීම, 1,44,000දෙනාව ස්වර්ගීය ජීවිතයට කැඳවාගත් සහ දෙවිගේ ආත්මයෙන්-උත්පාදනය කිරීමෙන් තෝරාගත් අය බවට පත්වීමට හැකියාව ලබා දෙනවා. ඇත්තවශයෙන්ම, තේජසට ගෙන ඒම සඳහා ඔවුන්ට ‘ඔවුන්ගේ කැඳවීමද තෝරාගැනීමද ස්ථිර කරගැනීමට’ මරණය තෙක් විශ්වාසවන්ත බව ඔප්පු කළ යුතුයි. (2 පේතෘස් 1:10; එපීස 1:3-7; එළිදරව් 2:10) සියලුම දේශපාලන බලවේගයන් පෙන්නුම් කරන ‘රජවරු දසදෙනාගේ’ විරෝධතා මධ්‍යයෙහිත් පොළොව මත සිටින ආලේප ලත් අයගේ කුඩා ඉතිරි කොටස ඔවුන්ගේ අඛණ්ඩතාව පවත්වාගනිමින් සිටිනවා. “මොව්හු [බැටළුපැටවාට] විරුද්ධව යුද්ධකරන්නෝය” කියා දේවදූතයෙක් කී අතර, ‘බැටළුපැටවා ඔවුන් පරාජය කරන්නේය, මක්නිසාද ඔහු ස්වාමිවරුන්ගේ ස්වාමීන්ය, රජවරුන්ගේ රජ්ජුරුවෝය; ඔහු සමඟ සිටින්නෝද කැඳවාගත් තෝරාගත් විශ්වාසවන්ත තැනැත්තෝයයි කීවේය.’—එළිදරව් 17:12-14.
17 ඔහු ස්වර්ගයේ සිටින නිසා “රජවරුන්ගේ රජ්ජුරුවෝ” වන යේසුස්ට කිසිවක් කරන්න මිනිස් පාලකයන්ට බැහැ. නමුත් තවමත් පොළොවේ සිටින ඔහුගේ ‘සහෝදරයන්ගේ’ ඉතිරි කොටස කෙරෙහි වෛරය විදහාපෙන්වනවා. (එළිදරව් 12:16) “රජවරුන්ගේ රජ්ජුරුවෝ” සහ ඔහුගේ “සහෝදරයන්,” එනම් ‘කැඳවාගත් තෝරාගත් විශ්වාසවන්ත තැනැත්තන්ට’ ජයග්‍රහණය සහතික වෙමින්, දෙවිගේ අර්මගෙදොන් යුද්ධයේදී, එය අවසන් වෙන්න යනවා. (එළිදරව් 16:14, 16) මේ අතරතුරේදී, ආත්මයෙන්-උත්පාදනය කරන ලද ක්‍රිස්තියානීන් ඉතා කාර්ය බහුලව සිටිනවා. යෙහෝවා විසින් තේජසට ගැනීමට පෙර, දැන් ඔවුන් කරමින් සිටින්නේ කුමක්ද?
ඔබේ පිළිතුර කුමක්ද?
◻ දෙවි ‘ස්වර්ගීය තේජසට ගෙන එන්නේ’ කාවද?
◻ ‘දෙවිගෙන් ඉපදී සිටීම’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
◻ සමහර ක්‍රිස්තියානීන් හා එක්ව ‘ආත්මය සාක්ෂි දෙන්නේ’ කෙසේද?
◻ ආත්මයෙන්-උත්පාදනය කළ අයව ගෙන ඇත්තේ කිනම් ගිවිසුම් තුළටද?
[15වන පිටුවේ පින්තූරය]
ස්වර්ගීය තේජසට මඟ විවර කර ඇති බවට පො.යු. 33 පෙන්තකොස්ත දිනයේදී සාක්ෂි දෙනු ලැබුවා