මෙය ගැළවීමේ දවසයි!
“මෙන්න, දැන් [විශේෂයෙන්ම, Nw] පිළිගත යුතුවූ කාලයය; මෙන්න, දැන් ගැළවීමේ දවසය.”—2 කොරින්ති 6:2.
1. දෙවි සහ ක්‍රිස්තුස් සමඟ අනුමැතිය ලත් ස්ථාවරයක සිටීම සඳහා අවශ්‍ය වන්නේ කුමක්ද?
යෙහෝවා සියලු මනුෂ්‍යවර්ගයා සඳහා විනිශ්චය කිරීමේ දවසක් නියම කර තිබෙනවා. (ක්‍රියා 17:31) එය අප සඳහා ගැළවීමේ දවසක් වීමට නම්, අප ඔහු සමඟත්, ඔහුගේ පත් කළ විනිශ්චයකරු වන යේසුස් ක්‍රිස්තුස් සමඟත් අනුමැතිය ලත් ස්ථාවරයක සිටීම අවශ්‍ය වෙනවා. (යොහන් 5:23) එවැනි ස්ථාවරයක් සඳහා, දෙවිගේ වචනයට එකඟව හැසිරීමත් අන් අයට යේසුගේ සැබෑ ගෝලයන් වීමට උපකාර කරන්න අපව පොලඹවන ඇදහිල්ලත් අවශ්‍ය කරනවා.
2. මනුෂ්‍යවර්ගයාගෙන් සමන්විත ලෝකය දෙවිගෙන් විදේශීව සිටින්නේ ඇයි?
2 උරුම වූ පාපය නිසා, මනුෂ්‍යවර්ගයාගෙන් සමන්විත ලෝකය දෙවිගෙන් විදේශීව සිටිනවා. (රෝම 5:12; එපීස 4:17, 18) එමනිසා, අප විසින් දේශනා කරන අයට ගැළවීම අත් කරගන්න හැකි වන්නේ ඔවුන් දෙවිත් සමඟ සමගි වූවොත් පමණයි. ප්‍රේරිත පාවුල් කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ට ලියන විටදී මෙය පැහැදිලි කළා. විනිශ්චය ගැන, දෙවිත් සමඟ සමගි වීම ගැන සහ ගැළවීම සම්බන්ධයෙන් පාවුල් පැවසුවේ කුමක්ද කියාත් අපි 2 කොරින්ති 5:10-6:10 දක්වා සෝදිසි කිරීමෙන් බලමු.
‘අපි මනුෂ්‍යයන්ව පොලඹවමින් සිටින්නෙමු’
3. පාවුල් ‘මනුෂ්‍යයන්ව පොලඹවමින්’ සිටියේ කොහොමද සහ අදදින අප මෙය කළ යුත්තේ ඇයි?
3 පාවුල් මෙසේ ලියන විටදී, ඔහු විනිශ්චය දේශනා කිරීමත් සමඟ සම්බන්ධ කළා: ‘එකිනෙකා තම තමාගේ ශරීරයේදී කළාවූ දේවල ඵල, ඒ දේ යහපත් වූවත් අයහපත් වූවත්, කළ දේවල් හැටියට ලබන පිණිස, අප සියල්ලෝම ක්‍රිස්තුස්ගේ විනිශ්චයාසනය ඉදිරියෙහි ප්‍රකාශ වෙන්ට ඕනෑය. එබැවින් ස්වාමීන් කෙරෙහි භයවීම කිමෙක්දැයි දන්නාවූ අපි මනුෂ්‍යයන්ව පොලඹවමින් සිටින්නෙමු.’ (2 කොරින්ති 5:10, 11) ප්‍රේරිතයා ශුභාරංචිය දේශනා කිරීම තුළින් ‘මනුෂ්‍යයන්ව පොලඹවමින් සිටියා.’ අප ගැන කුමක් කියන්න පුළුවන්ද? අප මේ දුෂ්ට දේවල පිළිවෙළ නිමාවට මුහුණ දෙමින් සිටින නිසා, යේසුගේ හිතකර විනිශ්චය සහ ගැළවීමේ උල්පත වන යෙහෝවා දෙවිගේ අනුමැතිය අත් කරගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා අනිත් අයව පෙලඹවීමට අපේ උපරිමය කළ යුතුයි.
4, 5. (අ) යෙහෝවාගේ සේවය තුළ අප ඉටු කර ඇති දේවල් සම්බන්ධයෙන් අප පාරට්ටු කර නොගත යුත්තේ ඇයි? (ආ) පාවුල් ‘දෙවි උදෙසා’ පාරට්ටු කරගත්තේ කොහොමද?
4 කෙසේවුණත්, දෙවි අපේ සේවයට ආශීර්වාද කර තිබෙනවා නම්, ඒ ගැන අප පාරට්ටු කරගත යුතු නැහැ. කොරින්තියේ සිටි සමහර අය, තමන් ගැනම හෝ අනිත් මනුෂ්‍යයන් සම්බන්ධයෙන් උඩඟුකමින් පිරී සිටිය අතර, එමගින් සභාව තුළ භේද ඇතිවීමට සැලැස්වූවා. (1 කොරින්ති 1:10-13; 3:3, 4) මේ තත්වයට යොමු දක්වමින් පාවුල් මෙසේ ලිව්වා: “අපි නැවත අප ගැනම නුඹලාට සාක්ෂි නොදෙමුව, නුමුත් හිතෙන් නොව පෙනීමෙන් පාරට්ටුකරගන්නන්ට උත්තරදෙන්ට නුඹලාට පුළුවන්වන පිණිස අප ගැන පාරට්ටුකරන්ට අපි නුඹලාට කාරණා දෙමුව. මක්නිසාද අපට ඔල්මාද නම් ඒ [දෙවි] උදෙසාය. අපි සිහි ඇත්තෝ නම් ඒ නුඹලා උදෙසාය.” (2 කොරින්ති 5:12, 13) උඩඟු අය, සභාවේ එක්සත්කම ගැනවත් ආත්මික ශුභසිද්ධිය ගැනවත් උනන්දුවක් දැක්වූයේ නැහැ. ඔවුන්ට අවශ්‍යව තිබුණේ බාහිර පෙනුම ගැන පාරට්ටු කරගන්න විනා, සෙසු ඇදහිලිවන්තයන්ට දෙවි ඉදිරියේ නිර්මල හෘදයක් ගොඩනඟාගන්න උපකාර කරන්න නොවෙයි. එමනිසා පාවුල් සභාවට තරවටු කළ අතර, පසුව මෙසේ සඳහන් කළා: “නුමුත් පාරට්ටුකරගන්නා [ස්වාමින්] තුළ පාරට්ටුකරගනීවා.”—2 කොරින්ති 10:17.
5 පාවුල් තමා ගැනම පාරට්ටු කරගත්තේ නැද්ද? තමා ප්‍රේරිතයෙක් වීම ගැන ඔහු පැවසූ දේ නිසා, සමහර අය එසේ සිතන්න ඇති. නමුත් ඔහුට ‘දෙවි උදෙසා’ පාරට්ටු කරගන්න අවශ්‍ය වුණා. ප්‍රේරිතයෙක් වීම සම්බන්ධයෙන් ඔහුට තිබූ සුදුසුකම් ගැන ඔහු පාරට්ටු කරගත්තේ කොරින්තිවරුන් යෙහෝවාව අත් නොහරින පිණිසයි. බොරු ප්‍රොපේතවරුන් ඔවුන්ව වැරදි මාර්ගයට හරවමින් තිබූ නිසා, ඔවුන්ව නැවත දෙවි වෙතට ගෙන ඒමට පාවුල් මෙය කළා. (2 කොරින්ති 11:16-21; 12:11, 12, 19-21; 13:10) එසේවුණත්, පාවුල් තමා ඉටු කර තිබූ දේවල් සෑම කෙනෙකුගේම සිතට කාවද්දවන්න නිරතුරුවම උත්සාහ කරමින් සිටියේ නැහැ.—හිතෝපදේශ 21:4.
ක්‍රිස්තුස්ගේ ප්‍රේමය ඔබ කෙරෙහි බලපවත්වනවාද?
6. ක්‍රිස්තුස්ගේ ප්‍රේමය අපට බලපෑ යුත්තේ කෙසේද?
6 පාවුල් සැබෑ ප්‍රේරිතයෙක් හැටියට, යේසුගේ මිදීමේ මිල පූජාව ගැන අනිත් අයට ඉගැන්නුවා. එය පාවුල්ගේ ජීවිතයට ප්‍රබල බලපෑමක් කර තිබූ නිසා ඔහු මෙසේ ලිව්වා: “[ක්‍රිස්තුස්ගේ] ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේය; එසේය, එක් කෙනෙක් සියල්ලන් වෙනුවට මැරුණේය කියාත්, එබැවින් සියල්ලෝම මැරුණෝය කියාත්, [ඔහු] සියල්ලන් වෙනුවට මැරුණේ, ජීවත්වන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවී, ඔවුන් වෙනුවට මැරී නැවත නැගුටුණාවූ [තැනැත්තා] උදෙසා ජීවත්වන පිණිසය කියාත්, අපි නිශ්චයකොට කියමුව.” (2 කොරින්ති 5:14, 15) යේසු තම ජීවිතය අප වෙනුවෙන් දීමෙන් පෙන්වා ඇත්තේ මොනතරම් ප්‍රේමයක්ද! නිසැකවම එය අපේ ජීවිත තුළ බලපවත්වන බලයක් විය යුතුයි. අප වෙනුවෙන් තම ජීවිතය දීම සම්බන්ධයෙන් යේසුට දක්වන කෘතඥතාව, යෙහෝවා තම ආදරණීය පුත්‍රයා තුළින් සපයා දුන් ගැළවීමේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ ජ්වලිත ක්‍රියාව සඳහා අපව පෙලඹවිය යුතුයි. (යොහන් 3:16; සසඳන්න ගීතාවලිය 96:2.) ‘ක්‍රිස්තුස්ගේ ප්‍රේමය’ රාජ්‍ය දේශනා කිරීමේ සහ ගෝලයන් සෑදීමේ කාර්යය තුළ ජ්වලිතව සහභාගි වීම සඳහා ඔබ කෙරෙහි බලපවත්වනවද?—මතෙව් 28:19, 20.
7. “මාංසාකාරයෙන් කිසිවෙකු දැන නොගනිමුව” කියා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
7 ක්‍රිස්තුස් තමන් වෙනුවෙන් කළ දෙයට කෘතඥතාව පෙන්වන ආකාරයකට තම ජීවිත යෙදවීම මගින්, ආලේප ලත් අය ‘තවත් තමන් උදෙසා ජීවත් නොවී ඔහු උදෙසා ජීවත් වෙනවා.’ පාවුල් මෙසේ පැවසුවා: “එහෙයින් මෙතැන් පටන් අපි මාංසාකාරයෙන් කිසිවෙකු දැන නොගනිමුව. මාංසාකාරයෙන් [ක්‍රිස්තුස්ව] දැනගන සිටිය නුමුත් අපි දැන් තවත් එසේ දැන නොගනිමුව.” (2 කොරින්ති 5:16) සමහරවිට අන්‍යජාතීන්ට වඩා යුදෙව්වන්ට හෝ දුප්පතුන්ට වඩා ධනවත් අයට අනුග්‍රහය දැක්වීම තුළින්, ක්‍රිස්තියානීන් මනුෂ්‍යයන් දෙස මාංසාකාරයෙන් නොබැලිය යුතුයි. ආලේප ලත් අය ‘මාංසාකාරයෙන් කිසිවෙකු දැන නොගනී.’ මන්දයත් වැදගත් වන්නේ සෙසු ඇදහිලිවන්තයන් සමඟ තිබෙන ඔවුන්ගේ ආත්මික සම්බන්ධතාවයි. ‘මාංසාකාරයෙන් ක්‍රිස්තුස්ව දැන සිටිය’ අය වූයේ, යේසු මේ පොළොවේ සිටියදී ඔහුව නිකම්ම භෞතික ඇස්වලින් දැකපු මනුෂ්‍යයන් නොවෙයි. මෙසියස් කෙරෙහි බලාපොරොත්තු තැබූ සමහර අය, ඔහුව හුදෙක් මනුෂ්‍යයෙක් හැටියට පමණක් සැලකුවත්, තවදුරටත් ඔවුන් එසේ නොකළ යුතුව තිබුණා. ඔහු තම ශරීරය මිදීමේ මිලයක් හැටියට දුන් අතර, ඔහුව ජීවනදායක ආත්මයක් හැටියට නැවත නැඟිටුවනු ලැබුවා. තවත් අය යේසුස් ක්‍රිස්තුස්ව කවදාවත් මාංසාකාරයෙන් දකින්නේවත් නැතුව තමන්ගේ මාංසික ශරීර අතහරින අතර, ස්වර්ගික ජීවිතයකට නැඟිටුවනු ලබනවා.—1 කොරින්ති 15:45, 50; 2 කොරින්ති 5:1-5.
8. පුද්ගලයන් ‘ක්‍රිස්තුස් තුළ සිටීම’ කරා පැමිණ තිබෙන්නේ කෙසේද?
8 පාවුල් තවදුරටත් ආලේප ලත් අයව අමතමින්, ඔහු මෙසේද එකතු කරනවා: “යමෙක් [ක්‍රිස්තුස්] තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ.” (2 කොරින්ති 5:17) ‘ක්‍රිස්තුස් තුළ සිටීම’ යන්නෙන්, ඔහුත් සමඟ ඒකත්වයක් භුක්ති විඳීම අදහස් වෙනවා. (යොහන් 17:21) පුද්ගලයෙක් සම්බන්ධයෙන් මෙම සම්බන්ධතාව ඇති වුණේ යෙහෝවා එම තැනැත්තාව තම පුත්‍රයා වෙතට ඇදගත් විට සහ ඔහුව ශුද්ධාත්මයෙන් උත්පාදනය කළ අවස්ථාවේදීයි. ආත්මයෙන් උත්පාදනය කළ දෙවිගේ පුත්‍රයෙක් හැටියට, ඔහු යේසුස් සමඟ ස්වර්ගික රාජ්‍යයේ හවුල් වීමේ අපේක්ෂාව ඇති වූ “අලුත් මැවිල්ලක්” බවට පත් වෙනවා. (යොහන් 3:3-8; 6:44; ගලාති 4:6, 7) එවැනි ආලේප ලත් ක්‍රිස්තියානීන්ට, සේවය සම්බන්ධයෙන් මහත් වරප්‍රසාදයක් දී තිබෙනවා.
‘දෙවි හා සමගි වෙන්න’
9. දෙවි තමාත් සමඟ සමගි වීම හැකි කරවීමට කර තිබෙන්නේ කුමක්ද?
9 ‘අලුත් මැවිල්ලට’ යෙහෝවා මොනතරම් අනුග්‍රහයක් දක්වා තිබෙනවද! පාවුල් මෙසේ පවසනවා: ‘සියල්ල පැමිණෙන්නේ දෙවිගෙන්ය; ඔහු ක්‍රිස්තුස් කරණකොටගෙන තමන්ට අප සමගි කරගන, සමගි කිරීමේ සේවය අපට දුන්නේය. එනම්, දෙවි මනුෂ්‍යයන්ගේ වරදවල් ඔවුන්ගේ ගණනට නොතබා, ක්‍රිස්තුස් කරණකොටගෙන ලෝකයා තමන්ට සමගි කරගනිමින් සිටියේය, සමගි කිරීමේ වචනයද අපට භාර දුන්නේය.’ (2 කොරින්ති 5:18, 19) ආදම් පව් කළ දා පටන් මනුෂ්‍යවර්ගයා දෙවිගෙන් විදේශීව සිටිනවා. නමුත්, යේසුගේ පූජාව තුළින් සමගි කිරීමේ මාවත විවර කිරීමෙන් යෙහෝවා ප්‍රේමනීය ලෙස මුල් පියවර ගත්තා.—රෝම 5:6-12.
10. සමගි කිරීමේ සේවය යෙහෝවා දුන්නේ කාටද? එමෙන්ම එය ඉටු කිරීම සඳහා ඔවුන් කර තිබෙන්නේ කුමක්ද?
10 යෙහෝවා සමගි කිරීම උදෙසා වූ සේවය ආලේප ලත් අයට භාර දී තිබෙන නිසා, පාවුල්ට මෙසේ කීමට හැකි වුණා: ‘දෙවි අප ලවා ඉල්ලන්නාක් මෙන් අපි ක්‍රිස්තුස් වෙනුවෙන් තානාපතියෝව සිට: දෙවි හා සමගි වෙන්නැයි ක්‍රිස්තුස් වෙනුවෙන් නුඹලාගෙන් ඉල්ලමුව.’ (2 කොරින්ති 5:20) පුරාණ කාලයේ, තානාපතිවරුන්ව විශේෂයෙන්ම යවනු ලැබුවේ යුද්ධ කාලවලදී යුද්ධ වළක්වන්න පුළුවන්දැයි බැලීම සඳහායි. (ලූක් 14:31, 32) මනුෂ්‍යවර්ගයාගෙන් සමන්විත පාපතර ලෝකය දෙවිගෙන් විදේශීව සිටින හෙයින් ඔහු තම ආලේප ලත් තානාපතිවරුන්ව සමගි කිරීම සඳහා වූ ඔහුගේ කොන්දේසි ජනයාට දැනුම් දීමට යවා තිබෙනවා. ක්‍රිස්තුස් වෙනුවෙන් ආලේප ලත් අය, ‘දෙවි හා සමගි වෙන්නැයි’ යටහත් ලෙස ඉල්ලනවා. මෙම ආයාචනය, දෙවි සමඟ සාමය ඇති කරගැනීමටත්, ඔහු යේසුස් ක්‍රිස්තුස් තුළින් හැකි කරවා තිබෙන ගැළවීම පිළිගැනීමටත් කරන දයාන්විත ඉල්ලීමක්.
11. මිදීමේ මිලය කෙරෙහි ඇදහිල්ල දැක්වීම තුළින්, අවසානයේදී දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ ස්ථාවරයක් අත් කරගන්නේ කවුද?
11 මිදීමේ මිලය කෙරෙහි ඇදහිල්ල දක්වන සියලුම මනුෂ්‍යයන්ට දෙවිත් සමඟ සමගි වීමට පුළුවන්. (යොහන් 3:36) පාවුල් මෙසේ පවසනවා: ‘අප ඔහු තුළ දෙවිගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ ඔහු [යේසු] අප වෙනුවට පාපය වෙන්ට [යෙහෝවා] සැලැස්සුවේය.’ (2 කොරින්ති 5:21) උරුම වූ පව්කාර තත්වයෙන් ගළවනු ලබන ආදම්ගෙන් පැවතෙන සියල්ලන් සඳහා දෙන පාප පූජාව වුණේ පරිපූර්ණ මනුෂ්‍යයා වන යේසුයි. ඔවුන් යේසු මාර්ගයෙන් ‘දෙවිගේ ධර්මිෂ්ඨකමට’ පැමිණියා. මෙම ධර්මිෂ්ඨකම, නැතිනම් දෙවි ඉදිරියේ තිබෙන ධර්මිෂ්ඨ ස්ථාවරය පළමුවෙන්ම ලැබෙන්නේ ක්‍රිස්තුස්ගේ හවුල් උරුමක්කරුවන් වන 1,44,000ටයි. ඔහුගේ දහස් අවුරුදු පාලනය තුළදී, සදාකාල පියාණන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ භූමික දරුවන්ට පරිපූර්ණ මනුෂ්‍යයන් ලෙස ධර්මිෂ්ඨ ස්ථාවරයක් ලැබෙන්න යනවා. ඔවුන්ට දෙවි කෙරෙහි විශ්වාසවන්තකම ඔප්පු කිරීමට හා සදාකාල ජීවනයේ ත්‍යාගය ලැබීමට හැකි වන පිණිස ඔහු ඔවුන්ව පරිපූර්ණත්වයේ ධර්මිෂ්ඨ ස්ථාවරයකට උසස් කරන්න යනවා.—යෙසායා 9:6; එළිදරව් 14:1; 20:4-6, 11-15.
‘විශේෂයෙන්ම පිළිගත යුතු වූ කාලය’
12. යෙහෝවාගේ තානාපතිවරුන් සහ නියෝජිතයන් කරමින් සිටින්නේ කුමන වැදගත් සේවයද?
12 ගැළවීම සඳහා අප පාවුල්ගේ මෙම වචනවලට එකඟව ක්‍රියා කළ යුතුයි: “අපි ඔහුගේ [යෙහෝවාගේ] හවුල් වැඩකරන්නන් හැටියට දෙවිගේ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාවේ අරමුණ වරදවා වටහා නොගන්නා හැටියට ඔබෙන් ඉල්ලා සිටිමු.” මක්නිසාද ‘පිළිගත යුතු වූ කාලයකදී ඔබට ඇහුම්කන් දුනිමි, ගැළවීමේ දවසකදී ඔබට පිහිට වුණෙමියි ඔහු කියන්නේය. මෙන්න, දැන් [විශේෂයෙන්ම, NW] පිළිගත යුතු වූ කාලයය; මෙන්න, දැන් ගැළවීමේ දවසය.’ (2 කොරින්ති 6:1, NW, 2) යෙහෝවාගේ ආලේප ලත් තානාපතිවරුන් සහ ඔහුගේ නියෝජිතයන් වන ‘වෙනත් බැටළුවන්’ තම ස්වර්ගික පියාණන්ගේ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාවේ අරමුණ වරදවා වටහාගන්නේ නැහැ. (යොහන් 10:16) මෙම ‘පිළිගත යුතු වූ කාලයේ’ තම නිර්දෝෂ හැසිරීම සහ ජ්වලිතව කරන සේවය තුළින් ඔවුන් දිව්‍ය අනුග්‍රහය සොයන අතර, පොළොවේ වැසියන්ට මෙය “ගැළවීමේ දවස” බව දැනුම් දෙමින් සිටිනවා.
13. යෙසායා 49:8හි සාරය කුමක්ද? එය පළමු වරට ඉෂ්ට වුණේ කොහොමද?
13 යෙසායා 49:8 පාවුල් උපුටා දක්වනවා. එහි මෙසේ සඳහන් වෙනවා: ‘යෙහෝවා මෙසේ කියන්නේය: පිළිගත [අනුග්‍රහයෙන්, NW] යුතු වූ කාලයකදී මම නුඹට උත්තර දී, ගැළවීමේ දවසකදී නුඹට උපකාර කළෙමි. දේශය ප්‍රකෘතිමත් කිරීමටත් පාළු වූ උරුමවල් ඔවුන්ට හිමි කර දීමටත් . . . මම නුඹ ආරක්ෂා කොට සෙනඟට ගිවිසුමක් කොට දෙන්නෙමි.’ මෙම අනාවැකිය පළමුවෙන්ම ඉෂ්ට වුණේ, ඉශ්රායෙල්වරුන් බබිලෝනීය වහල්භාවයෙන් මුදනු ලැබූ විට සහ පසුව ඔවුන් තම පාළු වූ මව්බිම කරා ආපසු පැමිණි විටයි.—යෙසායා 49:3, 9.
14. යේසුස් සම්බන්ධයෙන් යෙසායා 49:8 ඉෂ්ට වුණේ කොහොමද?
14 යෙසායාගේ අනාවැකියේ වැඩිදුර ඉෂ්ට වීමක් වශයෙන්, යෙහෝවා තම “සේවකයා” එනම් යේසුව ‘පොළොවේ කෙළවර දක්වා [දෙවිගේ] ගැළවීම වන පිණිස අන්‍ය ජාතීන්ට එළියක් කොට’ දුන්නා. (යෙසායා 49:6, 8; සසඳන්න යෙසායා 42:1-4, 6, 7; මතෙව් 12:18-21.) ‘අනුග්‍රහයෙන් යුතු වූ කාලය’ හෝ “පිළිගත යුතු වූ කාලය” පැහැදිලිවම, යේසු පොළොව මත සිටියදී ඔහුට අදාළ වුණා. ඔහු යාච්ඤා කළ අතර දෙවිගෙන් ‘උත්තර ලැබුවා.’ ඔහු පරිපූර්ණ අඛණ්ඩතාව පැවැත්වූ අතර, එමගින් ‘තමන්ට කීකරු වෙන්නාවූ සියල්ලන්ටම සදාකාල ගැළවීමේ කර්තෘ’ බවට පත් වූ නිසා, එය යේසු සඳහා ‘ගැළවීමේ දවසක්’ බව ඔප්පු වුණා.—හෙබ්‍රෙව් 5:7, 10; යොහන් 12:27, 28.
15. ආත්මික ඉශ්‍රායෙලිතයන්, දෙවිගේ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව ලබන්න තමන් යෝග්‍ය බව ඔප්පු කරන්න උත්සාහ කර තිබෙන්නේ කවදා සිටද? එමෙන්ම කුමන අරමුණක් ඇතුවද?
15 දෙවි සපයා දෙන “පිළිගත යුතු වූ කාලය” සහ “ගැළවීමේ දවස” තුළදී ඔහුගේ අනුග්‍රහය සෙවීමට අසමත් වීමෙන් “දෙවිගේ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාවේ අරමුණ වරදවා වටහා නොගන්නා හැටියට” අයැදිමින් පාවුල් යෙසායා 49:8 ආලේප ලත් අයට අදාළ කරනවා. පාවුල් එයට මෙසේද එකතු කරනවා: “මෙන්න, දැන් [විශේෂයෙන්ම, NW] පිළිගත යුතුවූ කාලයය; මෙන්න, දැන් ගැළවීමේ දවසය.” (2 කොරින්ති 6:2) පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේ පටන් ආත්මික ඉශ්‍රායෙලිතයන් දෙවිගේ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව ලබන්න තමන් යෝග්‍යයි කියා ඔප්පු කිරීමට උත්සාහ කර තිබෙනවා. එසේ කර ඇත්තේ “පිළිගත යුතු වූ කාලය” ඔවුන් සඳහා ‘ගැළවීමේ දවසක්’ වන පිණිසයි.
‘දෙවිගේ සේවකයන් ලෙස අපවම නිර්දේශ කරගැනීම’
16. පාවුල් දෙවිගේ සේවකයෙක් හැටියට තමාවම නිර්දේශ කරගත්තේ කුමන අසීරු තත්වයන් යටතේද?
16 කොරින්ති සභාවත් සමඟ ඇසුරු කළ සමහර මනුෂ්‍යයන් දෙවිගේ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව ලබන්න තමන් සුදුසු බව ඔප්පු කරමින් සිටියේ නැහැ. පාවුල් “බාධාවට කිසි ප්‍රස්තාවක් නොදී” සිටියත් ඔවුන් ඔහුගේ ප්‍රේරිත අධිකාරිය බිඳ දැමීමේ අටියෙන් ඔහුට ද්වේෂසහගත ලෙස නින්දා කළා. “බොහෝ ඉවසීමෙන්ද පීඩාවලින්ද හිඟකම්වලින්ද විපත්තිවලින්ද, පහරකෑම්වලින්ද හිරඅඩස්සිවීම්වලින්ද කෝලාහලවලින්ද වෙහෙසවලින්ද නිදිමැරීම්වලින්ද නිරාහාරව සිටීම්වලින්ද” නිසැකවම ඔහු තමාව දෙවිගේ සේවකයා හැටියට නිර්දේශ කරගත්තා. (2 කොරින්ති 6:3-5) ඔහුගේ විරුද්ධකාරයන් සේවකයන් වී සිටියා නම්, ඔහු සිරගත වීම්, තැළුම්කෑම්, උපද්‍රවවලට ලක්වීම් සහ අගහිඟකම්වලින් වැඩි වශයෙන් පීඩා වින්ද නිසා, තමා ‘ඊටත් වැඩියෙන් දෙවිගේ සේවකයෙක්’ වී සිටිය බවට පාවුල් පසුව හේතු දැක්වූවා.—2 කොරින්ති 11:23-27.
17. (අ) අපට දෙවිගේ සේවකයන් හැටියට අපවම නිර්දේශ කරගත හැක්කේ කුමන ගුණාංග විදහාපෙන්වීමෙන්ද? (ආ) “ධර්මිෂ්ඨකමේ ආයුධ” මොනවාද?
17 පාවුල් සහ ඔහුගේ හවුල්කරුවන් මෙන් අපට දෙවිගේ සේවකයන් හැටියට අපවම නිර්දේශ කරගන්න පුළුවන්. ඒ කොහොමද? “පිරිසිදුකමින්” නැතිනම් නිර්මලකමින් සහ නිවැරදි බයිබල් දැනුමට එකඟව ක්‍රියා කිරීමෙන් එය කරන්න පුළුවන්. “දීර්ඝ ඉවසීමෙන්” එනම්, වැරදි දේවල් හෝ නුරුස්සන දේවල් ඉවසිලිවන්තව විඳදරාගැනීමෙන් සහ අනිත් අයට උපකාරවත් දේවල් කරද්දී “කරුණාවන්තකම දැක්වීමෙන්” අපට අපවම නිර්දේශ කරගන්න පුළුවන්. තවදුරටත්, දෙවිගේ ශුද්ධාත්මයෙන් දෙනු ලබන මඟ පෙන්වීම පිළිගැනීමෙන්, “කුහකකමින් තොර ප්‍රේමයක්” විදහාපෙන්වීමෙන්, සත්‍යය කතා කිරීමෙන් සහ සේවය කරගෙන යෑමට අවශ්‍ය බලය සඳහා ඔහු මත රඳාපැවතීමෙන්, අපට දෙවිගේ සේවකයන් හැටියට අපවම නිර්දේශ කරගන්න පුළුවන්. සිත්ගන්නාසුලු ලෙස “දකුණෙහිත් වමෙහිත් තිබෙන ධර්මිෂ්ඨකමේ ආයුධ කරණකොටගෙනත්” පාවුල් තම සේවක තත්වය ඔප්පු කළා. පුරාණ යුද්ධවලදී සාමාන්‍යයෙන් වම් අතින් පලිහ අල්ලගන්න අතරතුර, දකුණතින් කඩුව හැසිරෙව්වා. පාවුල් බොරු ගුරුවරුන්ට එරෙහිව ආත්මික යුද්ධයේ නියැලී සිටින විටදී, වංචාව, ප්‍රෝඩාව, රැවටිලිකාරකම ආදී පව්කාර මාංසයේ ආයුධ යොදාගත්තේ නැහැ. (2 කොරින්ති 6:6, 7, NW; 11:12-14; හිතෝපදේශ 3:32) ඔහු සත්‍ය නමස්කාරයේ දියුණුව සඳහා ධර්මිෂ්ඨ “ආයුධ” හෝ ක්‍රම යොදාගත්තා. අපත් එසේම කළ යුතුයි.
18. අප දෙවිගේ සේවකයන් නම්, අප අපවම යෝග්‍ය ලෙස හසුරුවාගන්නේ කොහොමද?
18 අප දෙවිගේ සේවකයන් නම්, පාවුල් සහ ඔහුගේ සෙසු සේවකයන් කළාක් මෙන්, අපත් අපව යෝග්‍ය ලෙස හසුරුවාගන්න යනවා. අපට ගෞරවය කළත් අගෞරවය කළත් අප ක්‍රිස්තියානීන් මෙන් ක්‍රියා කරන්න යනවා. අප ගැන පැමිණෙන අශුභ වාර්තාවන් නිසා, අපි අපේ දේශනා සේවය නවත්වන්න යන්නේ නැති අතර, හිතකර වාර්තාවන් ලැබුණොත් අප අහංකාර වෙන්න යන්නෙත් නැහැ. අප සත්‍යය කතා කරන්න යන අතර, දේවභක්තික ක්‍රියා නිසා පිළිගැනීමක් ලැබිය හැකියි. සතුරන්ගේ ප්‍රහාර යටතේ ජීවිත අනතුරේ වැටෙන තත්වයක සිටිද්දී, අප යෙහෝවා මත විශ්වාසය තබන්න යනවා. ඒ වගේම, අප හික්මවීම කෘතඥපූර්වකව පිළිගන්න යනවා.—2 කොරින්ති 6:8, 9.
19. ආත්මිකව ‘බොහෝදෙනෙක්ව ධනවත් කරන්න’ හැකි වන්නේ කොහොමද?
19 සමගි කිරීමේ සේවය සම්බන්ධ ඔහුගේ සාකච්ඡාව නිමා කරමින් පාවුල් තමා ගැන සහ තම ආශ්‍රිතයන් ගැන පවසද්දී ඔවුන්, “ශෝකවෙන්නන් මෙන් පෙනෙන නුමුත් නිතර ප්‍රීතිවෙන්නන් මෙන්ද, දිළින්දන් මෙන් පෙනෙන නුමුත් බොහෝ දෙනෙක් ධනවන්ත කරන්නන් මෙන්ද, කිසිවක් නැත්තන්මෙන් පෙනෙන නුමුත් සියල්ල ඇත්තවුන් මෙන්ද” සිටින බව ප්‍රකාශ කළා. (2 කොරින්ති 6:10) එම සේවකයන්ට ඔවුන්ගේ හිංසා පීඩා සම්බන්ධයෙන් දුක් වීමට හේතු තිබුණත් ඔවුන්ට අභ්‍යන්තර ප්‍රීතිය තිබුණා. ඔවුන් ද්‍රව්‍යමය ලෙස දුප්පත්ව සිටියත් ආත්මිකව ‘බොහෝදෙනෙක්ව ධනවත් කළා.’ සැබවින්ම දෙවිගේ ස්වර්ගික පුත්‍රයන් වීමේ අපේක්ෂාවද ඇතුළත්ව තම ඇදහිල්ල ඔවුන්ට ආත්මික ධනවත්කම ගෙනා නිසා ‘ඔවුන්ට සියලු දේවල් තිබුණා.’ ඒ වගේම ක්‍රිස්තියානි සේවකයන් හැටියට ඔවුන්ට ධනවත් සහ ප්‍රීතිමත් ජීවිතයක් තිබුණා. (ක්‍රියා 20:35) දැන්ම, එනම් මෙම ගැළවීමේ දවසේදී, සමගි කිරීමේ සේවයේ හවුල් වීමෙන් ඔවුන් වගේ අපටත් ‘බොහෝදෙනෙක්ව ධනවත් කරන්න’ පුළුවන්.
යෙහෝවාගේ ගැළවීම කෙරෙහි විශ්වාසය තබන්න
20. (අ) පාවුල්ගේ අව්‍යාජ ආශාව වුණේ කුමක්ද? එමෙන්ම නාස්ති කිරීමට කාලයක් නොතිබුණේ මන්ද? (ආ) දැන් අප ජීවත් වන කාලය ගැළවීමේ දවස බවට සනිටුහන් කරන්නේ කුමකින්ද?
20 පොදු යුගයේ 55දී පමණ පාවුල් කොරින්තිවරුන්ට තම දෙවන ලිපිය ලියූ විට, යුදෙව් දේවල පිළිවෙළ සඳහා ඉතිරිව තිබුණේ තව අවුරුදු 15ක් පමණයි. යුදෙව්වන් සහ අන්‍යජාතීන් ක්‍රිස්තුස් තුළින් දෙවිත් සමඟ සමගි වෙනවා දකින්න ප්‍රේරිතයා තුළ අව්‍යාජ ආශාවක් තිබුණා. එය ගැළවීමේ දවසක් වුණ අතර, නාස්ති කිරීමට කාලයක් තිබුණේ නැහැ. ඒ හා සමානව, අපත් 1914 සිට, දේවල පිළිවෙළේ අවසානයකට පැමිණ තිබෙනවා. මෙය ගැළවීමේ දවස බවට සනිටුහන් කරමින් ලෝක ව්‍යාප්ත දේශනා කිරීමේ වැඩය දැන් ඉදිරියටම කෙරීගෙන යනවා.
21. (අ) එක්දාස් නවසිය අනූනවය සඳහා කුමන වාර්ෂික පදයද තෝරාගෙන තිබෙන්නේ? (ආ) අප මේ ගැළවීමේ දවසේදී කුමක් කරමින් සිටිය යුතුද?
21 දෙවිගේ සැපයුම වන යේසුස් ක්‍රිස්තුස් තුළින් ලැබෙන්න යන ගැළවීම ගැන සියලු ජාතීන් දැනගත යුතුයි. ප්‍රමාද වීමට කොහෙත්ම කාලයක් නෑ. එමනිසයි පාවුල් මෙසේ ලිව්වේ: “මෙන්න, දැන් ගැළවීමේ දවසය.” එක්දහස් නවසිය අනූනවය සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පදය වන්නේ 2 කොරින්ති 6:2හි සඳහන් එම වචනයි. යෙරුසලම සහ එහි දේවමාළිගාවේ විනාශයට වඩා භයංකර දෙයකට අප මුහුණ දෙන නිසා මෙය කොතරම් උචිතද! පොළොවේ සිටින සියලුදෙනාටම බලපාන මේ සමස්ථ දේවල පිළිවෙළේ අවසානය දැන් ඔන්න මෙන්නයි තිබෙන්නේ. ක්‍රියා කිරීමට කාලය දැන් මිසක්, හෙට නොවෙයි. ගැළවීම අයිති යෙහෝවාටයි කියා අප විශ්වාස කරනවා නම්, අප ඔහුට ප්‍රේම කරනවා නම් සහ අප සදාතනික ජීවිතය අගය කරනවා නම්, දෙවිගේ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාවේ අරමුණ වරදවා වටහාගන්නේ නැහැ. යෙහෝවාට ගෞරවය කිරීමට තිබෙන හෘදයාංගම ආශාව සමඟින් අප, “මෙන්න, දැන් ගැළවීමේ දවසය” කියා ප්‍රකාශ කරන විට, අප එය ඇත්තෙන්ම අදහස් කරන බව වචනයෙන් සහ ක්‍රියාවෙන් ඔප්පු කරන්න යනවා.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻ දෙවි හා සමගි වීම එතරම්ම වැදගත් වන්නේ ඇයි?
◻ සමගි වීමේ සේවය තුළ හවුල් වී සිටින තානාපතිවරු සහ නියෝජිතයන් කවුද?
◻ අපට දෙවිගේ සේවකයන් හැටියට අපවම නිර්දේශ කරගන්න පුළුවන් වන්නේ කොහොමද?
◻ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 1999 වාර්ෂික පදයෙන් ඔබට අදහස් වන්නේ කුමක්ද?
[17වන පිටුවේ පින්තූර]
පාවුල් මෙන් ඔබත් ජ්වලිතව දේශනා කරමින් දෙවිත් සමඟ සමගි වීමට අනිත් අයට උපකාර කරමින් සිටිනවාද?
එක්සත් ජනපදය
ප්‍රංශය
අයිවරි කෝස්ට්
[18වන පිටුවේ පින්තූරය]
මේ ගැළවීමේ දවසේදී, දෙවි යෙහෝවා හා සමගි වන ජන සමූහය අතර ඔබත් සිටිනවාද?