-
යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන සහන සේවා කටයුතුදෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
-
-
6. (අ) සහන සේවා කටයුතු අපි කරන නමස්කාරයට අයිතියි කියලා කියන්න පුළුවන් ඇයි? (ආ) ලෝකෙ පුරාම අපේ සහන සේවා කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න. (“හදිසි විපතක් සිද්ධ වුණාම කරන්න ඕන දේවල්” යන කොටුව බලන්න.)
6 සහන සේවා කටයුතු යෙහෝවා දෙවිට කරන නමස්කාරයට අයිති වෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න පාවුල් කොරින්තිවරුන්ට උදව් කළා. ඒක පැහැදිලි කරන්න ඔහු මෙහෙම කිව්වා. ක්‍රිස්තියානීන් අනිත් අයට සහන සේවා සපයන්නේ ඒ අය “ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචියට යටත්ව සිටින” නිසයි. (2 කොරි. 9:13) ක්‍රිස්තුස් උගන්වලා තියෙන දේවල් ඒ අය අදාළ කරගන්න නිසා අවශ්‍යතාව තියෙන සහෝදර සහෝදරියන්ට ඒ අය උදව් කරනවා. එහෙම කරන්න ඒ අය පෙලඹෙන්නේ “කිසිවකට සම කළ නොහැකි දෙවිගේ මහත් කරුණාව” නිසයි. (2 කොරි. 9:14; 1 පේතෘ. 4:10) සහෝදරයන්ට සහන සේවා සපයන එක ගැන 1975 ‘මුරටැඹ’ සඟරාවක මෙහෙම සඳහන් වුණා. “මේ විදිහට කරන කාරුණික ක්‍රියාවන් යෙහෝවා දෙවි සහ ක්‍රිස්තුස් හුඟක් අගය කරනවා කියලා අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ.” ඇත්තෙන්ම සහන සේවා කටයුතු අපේ පරිශුද්ධ සේවයට අයිති හුඟක් වැදගත් අංගයක්.—රෝම 12:1, 7; 2 කොරි. 8:7; හෙබ්‍රෙ. 13:16.
-
-
යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන සහන සේවා කටයුතුදෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
-
-
7, 8. අපි කරන සහන සේවා කටයුතුවල එක අරමුණක් මොකක්ද? පැහැදිලි කරන්න.
7 සහන සේවා සපයන එකේ අරමුණු ගැන පාවුල් කොරින්තිවරුන්ට ලියපු දෙවෙනි ලියුමේ සඳහන් කළා. (2 කොරින්ති 9:11-15 කියවන්න.) “බොහෝදෙනෙකුට ප්‍රයෝජනවත් වන සේවය” විදිහට හඳුන්වලා තියෙන සහන සේවයේ අරමුණු තුනක් ගැන ඒ ලියුමෙන් දැනගන්න පුළුවන්. ඒ ගැන අපි දැන් බලමු.
8 සහන සේවා කටයුතුවලින් යෙහෝවා දෙවිව ගෞරවයට පත් වෙනවා. කලින් ඡේදයේ සඳහන් වෙන බයිබල් පද පහේ පාවුල් කී වතාවක් සහෝදරයන්ට යෙහෝවා දෙවි ගැන සඳහන් කළාද කියලා ටිකකට හිතන්න. “දෙවිට ස්තුති දීම” සහ “දෙවිට බොහෝ සෙයින් ස්තුති කිරීම” ගැන පාවුල් ඒ අයට මතක් කළා. (2 කොරි. 9:11, 12) ඒ වගේම සහන සේවා නිසා “දෙවිට ප්‍රශංසාව හා ගෞරවය” දෙන්නත් “කිසිවකට සම කළ නොහැකි දෙවිගේ මහත් කරුණාව” අගය කරන්නත් ක්‍රිස්තියානීන් පෙලඹෙනවා කියලා පාවුල් සඳහන් කළා. (2 කොරි. 9:13, 14) සහන සේවා ගැන කරපු සාකච්ඡාව ඔහු අවසන් කළේ ‘දෙවිට ස්තුති වේවා’ කියලයි.—2 කොරි. 9:15; 1 පේතෘ. 4:11.
-