යෙහෝවා දෙවිගේ සේවයෙහි අපි වෙහෙසෙන්නේ සතුටින්!
1 පාවුල් දේවසේවය සඳහා තමන්ව “සම්පූර්ණයෙන්ම වැය” කරන්න සතුටු වුණා. (2 කොරි. 12:15) අද දින බොහෝ ක්‍රිස්තියානීන්ද පුරෝගාමීන් ලෙස උද්යෝගයෙන් සේවයේ යෙදෙනවා. පවුල් වගකීම් තිබෙන වෙනත් අය කාර්යබහුල වුණත්, සෑම සතියකම දේවසේවයේ නියැලීමට වෙලාවක් වෙන් කරගෙන තිබෙනවා. බරපතළ අසනීප තිබෙන සමහරු උත්සාහ කරන්නේ හැකි අයුරකින් රාජ්‍යය ගැන අන් අයට කියා දීමටයි. යෙහෝවා දෙවිගේ සේවකයන් කුමන වයසක සිටියත්, කුමන තත්වයක සිටියත් මහත් වෙහෙසක් දරා ඔහුට සේවය කරනවා දැකීම මොන තරම් දිරිගන්වන්නක්ද!
2 අසල්වැසියන්ට ප්‍රේමය: දෙවිට හා අසල්වැසියන්ට ප්‍රේමය විදහාපාමින් යෙහෝවා දෙවිට හැකි උපරිමයෙන් අප සේවය කරනවා නම් අපේ හිත අපට වද දෙන්නේ නැහැ. ශුභාරංචිය බෙදාගැනීමෙහි සම්පූර්ණයෙන් හවුල් වූ පාවුල් සතුටෙන් පැවසුවේ මෙයයි. “මා සියල්ලන්ගේ ලෙයින් පවිත්‍ර බවට සාක්ෂි දැරීමට මම මේ දවසේදී ඔබට ආරාධනා කරමි.” (ක්‍රියා 20:24, 26; 1 තෙස. 2:8) හැකි උපරිමයෙන් අපි දේශනා සේවයෙහි හවුල් වෙනවා නම් ලේ වරදට හසු නොවී සිටීමට අපට හැකියි.—එස. 3:18-21.
3 අන් අයට උදව් කිරීමට අප වෙහෙසෙනවා නම් අපට ලැබෙන්නේ සතුටක්. (ක්‍රියා 20:35) සහෝදරයෙක් පැවසුවේ මෙවැනි දෙයක්. “දවස පුරා යෙහෝවා දෙවිට සේවය කරලා හවසට ගෙදර යද්දී වෙහෙසක් දැනුණත් මට හරි සතුටුයි. ඒ වගේ සතුටක් ලබා දෙන එක ගැන මම ඔහුට ස්තුතිවන්ත වෙනවා. කාටවත් බැහැ ඒ සතුට සොරාගන්න.”
4 දෙවිට ප්‍රේමය: අපි යෙහෝවා දෙවිගේ සේවය තුළ වෙහෙසීමට ප්‍රධානතම හේතුව එය ඔහුගේ සතුටට දායක වන කාරණයක් වීමයි. දෙවිට ප්‍රේම කරනවා නම් අප ඔහුගේ ආඥා පිළිපැදීමට පෙලඹෙනවා. ඉන් එකක් තමයි දේශනා කිරීම හා ගෝලයන් සෑදීම. (1 යොහ. 5:3) ජනයා උදාසීනබවක් පෙන්වුවත්, විරුද්ධත්වයක් පෑවත් අපි ප්‍රීතියෙන් යෙහෝවා දෙවිගේ සේවයේ නොකඩවා යෙදෙන්නෙමු.
5 මෙය ප්‍රමාද වීමට කාලයක් නොවෙයි. අප ඉන්නේ අස්වැන්න නෙළීමේ කාලපරිච්ඡේදයකයි. (මතෙ. 9:37) ගොවියෙකුට අස්වැන්න නෙළීමට තිබෙන්නේ සීමිත කාලපරිච්ඡේදයක්. ඒ කාලයේදී ඔහු අස්වැන්න අපතේ යෑම වළක්වාගැනීමට පැය ගණනාවක් යුහුසුලුව වැඩ කරනවා. අපටත් දේශනා සේවය හා ගෝලයන් සෑදීමේ වැඩයට තිබෙන්නේ සීමිත කාලයක්. අපි ජීවත් වන කාලය ගැන මතකයේ තබාගෙන අපි හැමෝම උද්යෝගයෙන් දේවසේවයේ හවුල් වෙමු.—ලූක් 13:24; 1 කොරි. 7:29-31.