-
ඔබ දැන සිටියාද?2010 මුරටැඹ | අගෝස්තු 1
-
-
▪ එක් අවස්ථාවකදී පාවුල් මෙසේ පැවසුවා. ‘දෙවි අපව ක්‍රිස්තුස් සමඟ නිතරම ජය පෙරහැරකින් ගෙන යන අතර තමන් පිළිබඳ දැනුම නමැති සුවඳ අප මාර්ගයෙන් සෑම තැනම පතුරුවයි. දෙවි ඉදිරියෙහි ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචිය රැගෙන යන අප, ගලවනු ලබන අය අතරත් විනාශ වන අය අතරත් විහිදෙන මිහිරි සුවඳක් හා සමානය. විනාශ වන අයට නම් එය මරණය ගෙන දෙන මරණීය සුවඳකි. නමුත් ගලවනු ලබන අයට එය ජීවනය ගෙන දෙන ජීවනදායක සුවඳකි.’—2 කොරින්ති 2:14-16.
-
-
ඔබ දැන සිටියාද?2010 මුරටැඹ | අගෝස්තු 1
-
-
පාවුල් පැවසූ දේ ගැන එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වුණා. “ගලවනු ලබන අය අතරත් විනාශ වන අය අතරත් විහිදෙන මිහිරි සුවඳ ගැන සඳහන් කළ විට පාවුල්ගේ මතකයට නැඟෙන්න ඇත්තේ රෝමවරුන් සුවඳ ද්‍රව්‍ය දල්වමින් යුධ ජයග්‍රහණය සැමරූ ආකාරය විය හැකියි. ජයග්‍රහණය ලැබූ අයට මිහිරි සුවඳින් ජය සිහිපත් කෙරුණත් වහලුන්ට එම මිහිරි සුවඳින් සිහිපත් කෙරුණේ මරණයයි.”a—The International Standard Bible Encyclopedia.
-