අතීත වැරදිවලින් ඉගෙනගැනීම
අපේ මැවුම්කරුගේ සදාචාරාත්මක නීති සදාකාලිකයි, නොවෙනස්වනසුලුයි. මේ හේතුව නිසා ගලාති 6:7හි සඳහන් මෙම ප්‍රතිපත්තිය අද කාලයට අදාළ වෙනවා: “මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය.” ඇත්තයි, දෙවිට ගණන් දිය යුතු බව පුද්ගලයෙක් ප්‍රතික්ෂේප කළ හැකියි; ඒ වුණත්, දිව්‍ය නීතිය නිරතුරුවම නොවෙනස්ව පවතිනවා. අන්තිමේදී, කිසිම මිනිසෙක් තමාගේ ක්‍රියාවල ප්රතිවිපාකවලින් නිදහස් වෙන්නේ නැහැ.
හිතුවක්කාර ජීවිතයක් ගත කර, පසු කලෙක වෙනස් වී දෙවිගේ සේවකයෙක් බවට පත් වන තැනැත්තෙක් ගැන කුමක් කිව හැකිද? තම අතීත ජීවන රටාවේ ප්‍රතිවිපාක සමඟ ඔහුට තවමත් ජීවත් වීමට සිදු විය හැකියි. කෙසේවෙතත්, දෙවි ඔහුට සමාව දී නැති බව එයින් අදහස් වන්නේ නැහැ. දාවිත් රජ බැත්-ෂෙබා සමඟ කළ කාමමිථ්‍යාචාරය හේතුවෙන් ඔහුගේ ජීවිතයට මහත් විපත් පැමිණියා. ඔහුට ඒවායින් පලා යන්න නොහැකි වුණා. නමුත් ඔහු පසුතැවිලි වී දෙවිගෙන් සමාව ලබාගත්තා.—2 සාමුවෙල් 12:13-19; 13:1-31.
ඔබ කළ වැරදිවල ප්‍රතිවිපාක අද්දකින විට ඔබට කවදා හෝ කලකිරුණු හැඟීමක් දැනී තිබෙනවාද? නිවැරදිව සැලකිල්ලට ගන්නවා නම්, කනගාටුව දැනීම ‘වේදනාකාරි දේවලට අප හවුල් නොවන පිණිස අපේ ආරක්ෂාව සඳහා’ සිහිගැන්වීමක් ලෙස කටයුතු කරනවා. (යෝබ් 36:21, NW) ඔව්, කනගාටුවක් දැනීම වැරැද්දක් නැවත නැවත කිරීමෙන් වැළකී සිටීමට අපට උපකාරවත් වෙනවා. වඩාත් යහපත් දෙය නම්, තමා කළ පාපයෙන් ලැබූ අද්දැකීම දාවිත් තමාගේම ප්‍රයෝජනය සඳහා පමණක් නොව, නමුත් වෙනත් අයගේ ප්‍රයෝජනය සඳහාත් යොදාගැනීමයි. ඔහු මෙසේ පැවසුවා: “මම අපරාධකාරයන්ට ඔබගේ මාර්ග උගන්වන්නෙමි; පව්කාරයෝද ඔබ වෙතට හරවනු ලබන්නෝය.”—ගීතාවලිය 51:13.
[7වන පිටුවේ පින්තූරය]
දාවිත් බැත්-ෂෙබා සමඟ කළ පාපයෙන් යමක් ඉගෙනගත්තා