-
ප්රයෝජන ලැබෙන විදිහට බයිබලය කියවන්නහැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
-
-
3. බයිබලය කියවන්න කාලේ හොයාගන්න ඔයාට පුළුවන් කොහොමද?
බයිබලය කියවන්න කාලේ හොයාගන්න ඔයාට අමාරුද? ඔයාට විතරක් නෙමෙයි හුඟදෙනෙක්ට ඒ ප්රශ්නේ තියෙනවා. ඒත් තියෙන කාලයෙන් ඔයා ‘උපරිම ප්රයෝජන ගත්තොත්’ ඔයාට ඒක කරන්න පුළුවන්. (එෆීස 5:16) ඒකට බයිබලය කියවන්න හැම දවසකම වෙලාවක් වෙන් කරගන්න. සමහරු උදේ පාන්දර බයිබලය කියවනවා. තවත් සමහරු ඒක කියවන්නේ දවල් කෑම පැයේ. තවත් අය රෑ නිදාගන්න කලින් බයිබලය කියවනවා. බයිබලය කියවන්න ඔයාට හොඳම වෙලාව මොකක්ද?
-
-
හරි තීරණ ගන්නේ කොහොමද?හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
-
-
3. බයිබලයේ තියෙන මඟ පෙන්වීම් හොයලා බලන්න
තීරණ ගද්දී බයිබල් ප්රතිපත්ති අපිට උදව් වෙන්නේ කොහොමද? වීඩියෝ එක බලලා මේ ප්රශ්න ගැන කතා කරන්න.
තීරණ ගැනීමේ නිදහස කියන්නේ මොකක්ද?
තීරණ ගන්න නිදහස යෙහෝවා අපිට දුන්නේ ඇයි?
ඒ නිදහස හරි විදිහට පාවිච්චි කරන්න උදව්වක් විදිහට යෙහෝවා දීලා තියෙන්නේ මොනවාද?
බයිබල් ප්රතිපත්තියක් කියන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න එෆීස 5:15, 16 කියවන්න. ඊටපස්සේ ‘ඔයාට තියෙන කාලයෙන් උපරිම ප්රයෝජන අරන්’ මේ දේවල් කරන්නේ කොහොමද කියලා කතා කරන්න.
හැමදාම බයිබලය කියවන එක.
හොඳ සැමියෙක්, බිරිඳක්, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, දුවෙක්, පුතෙක් වෙන එක.
හැම සතියකම රැස්වීම්වලට සහභාගි වෙන එක.
-
-
ඔයා විනෝදයට තෝරගන්න දේවල් ගැන යෙහෝවා සතුටු වෙනවාද?හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
-
-
2. විනෝද වෙන්න කොච්චර කාලයක් වෙන් කරගන්නවාද කියලා හිතලා බලන්න ඕනෙ ඇයි?
සමහර වෙලාවට විනෝද වෙන්න අපි තෝරගන්න දේවල කිසි වරදක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙනුවෙන් අපි කොච්චර කාලයක් වැය කරනවාද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. විනෝද වෙන්න අපි ඕනෑවට වඩා වැඩි කාලයක් වැය කළොත් වඩා වැදගත් දේවල් කරන්න අපිට කාලේ මදි වෙයි. බයිබලයේ කියන්නේ අපිට “තියෙන කාලයෙන් උපරිම ප්රයෝජන ගන්න” කියලයි.—එෆීස 5:15, 16 කියවන්න.
-
-
ඔයා විනෝදයට තෝරගන්න දේවල් ගැන යෙහෝවා සතුටු වෙනවාද?හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
-
-
අනතුරක් වෙන්න පුළුවන් දේකින් ආරක්ෂා වෙන්න නම් ඒකෙන් පුළුවන් තරම් ඈත් වෙන එක තමයි හොඳම දේ. විනෝදයට තෝරගන්න දෙයක් ගැන අපිට පුංචිම හරි සැකයක් තියෙනවා නම් අපි ඒකෙන් සම්පූර්ණයෙන්ම වැළකිලා ඉන්න ඕනෙ ඒ නිසයි
4. කාලය හොඳින් පාවිච්චි කරන්න
වීඩියෝ එක බලලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
වීඩියෝ එකේ ඉන්න සහෝදරයා විනෝදයට බලපු දේවල් වැරදි නැති වුණත් ඒකෙන් එයාගේ කාලය නාස්ති වුණේ කොහොමද?
ෆිලිප්පි 1:10 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
-