‘ත්‍යාගශීලී වීමට හා බෙදා දීමට ලැදිව සිටින්න’
1 “යහපත කරන්ටත්, උතුම් ක්‍රියාවලින් ධනවත් වෙන්ටත්, ත්‍යාගිවන්තව, බෙදාදීමට ලැදිව සිටින්ටත්” සෙසු ඇදහිලිවන්තයන්ව දිරිමත් කරන්න කියා සියවස් ගණනාවකට කලින් ප්‍රේරිත පාවුල් තිමෝතිට උපදෙස් දුන්නා. (1 තිමෝ. 6:18) “යහපත්කම්කරන්ටත් අනුන්ට බෙදාදෙන්ටත්” අමතක නොකරන්න කියා පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ටද මතක් කළා. (හෙබ්‍රෙ. 13:16) ඔහු මේ විදිහට උපදෙස් දුන්නේ ඇයි? “යහපත්කම් කරන්නාවූ සියලු මනුෂ්‍යයන්ට . . . මහිමයත් ගෞරවයත් සමාදානයත් [ලැබෙන]” බව දැනගෙන සිටි නිසයි, ඔහු එසේ උපදෙස් දුන්නේ.—රෝම 2:10.
2 සෑම දෙයක්ම මැව්වේ යෙහෝවා දෙවි නිසා සෑම දෙයකම අයිතිකරු ඔහුයි. (එළි. 4:11) ඇත්තෙන්ම යෙහෝවා ඔහු සතු දේවල් යොදාගනිමින් අපේ යහපත සඳහා කරන දේවල් අපි අගය කරනවා. අද ලෝකයේ බොහෝදෙනෙක් ස්තුතිවන්ත නොවුණත්, මහෝත්තමයා දිගටම මිනිසුන්ගේ ජීවිත රැකගැනීමට අවශ්‍ය දේවල් නොමසුරුව සපයනවා. (මතෙ. 5:45) අපිට සදාකාල ජීවනය ලබාගැනීමේ මාර්ගය සලසා දීම සඳහා ඔහු බෙහෙවින් ප්‍රේම කරන තම පුත්‍රයාව පූජාවක් හැටියට ඔප්පු කළා. අපට පෙන්වා තිබෙන එම ප්‍රේමයට අපේ ස්තුතිය පළ කිරීමක් හැටියට සෙසු මිනිසුන්ට ත්‍යාගශීලී වීමට අප තුළ පෙලඹවීමක් ඇති වන්නේ නැද්ද?—2 කොරි. 5:14, 15.
3 අපිට බෙදා දිය හැක්කේ මොනවාද? අපි සතු ඕනෑම දෙයක් දෙවිට ප්‍රසන්න වෙන විදිහට භාවිත කිරීම සුදුසුයි. ලෝක ව්‍යාප්ත රාජ්‍ය වැඩයට ද්‍රව්‍යමය මෙන්ම ආත්මික පැත්තෙන් සහයෝගය දෙන්න අපි කැමැත්තෙන් සිටින බවට කිසිම සැකයක් නැහැ. ශුභාරංචිය ‘ගැළවීම පිණිස දෙවිගේ බලයව’ තිබෙන නිසා යමෙකුට තිබෙන වටිනාම වස්තුව එයයි. (රෝම 1:16) දේශනා කිරීමේ හා ඉගැන්වීමේ වැඩයෙහි සෑම මාසයකම හවුල් වීම සඳහා අපේ කාලය හා සම්පත් ත්‍යාගශීලීව යෙදවීමෙන්, එම ආත්මික වස්තුව අනිත් අය සමඟ බෙදාගන්න අපිට පුළුවන්. මෙය ඔවුන්ව සදාකාල ජීවනයට මඟ පෙන්වන්න පුළුවන්.
4 අගහිඟකම්වලින් පෙළෙන අයට අපි උපකාර කරන විට යෙහෝවා ඒ ගැන හුඟාක් සන්තෝෂ වෙනවා. මෙවන් ක්‍රියාවලට ආශීර්වාද කරන බවට ඔහු පොරොන්දු වෙනවා. ඔහු අපිට මෙයත් මතක් කර දෙනවා. “උදහස් දවසේදී සම්පතෙන් උපකාර නොලැබේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් ගළවයි.” (හිතෝ. 11:4; 19:17) රාජ්‍ය වැඩයට ද්‍රව්‍යමය වශයෙන් සහයෝගය දීම හා ශුභාරංචිය දේශනා කිරීමේ පූර්ණ ලෙස හවුල් වීම, අපි ඇත්තෙන්ම ත්‍යාගශීලී වෙන්නත් බෙදා දෙන්නත් ලැදිව සිටින බව පෙන්වීමට කදිම මාර්ග වෙනවා.