දෙමාපියෙනි, ඔබගේ දරුවන්ට සුවිශේෂී අවධානයක් අවශ්‍යය
“නුඹේ දරුවෝ නුඹේ මේසේ අවට ඔලීව පැළ මෙන් වන්නෝය.”—ගීතාවලිය 128:3.
1. පැළෑටිවලට සාත්තු කිරීම හා දරුවන් හදාවඩා ගැනීම සැසඳිය හැක්කේ කෙසේද?
බොහෝ ආකාරවලින් දරුවන් හැදී වැඩෙන්නේ පැළෑටි මෙන්ය. එමනිසා, බයිබලය, මිනිසෙකුගේ භාර්යාවක් “ඵල දෙන මිදිවැලක්” ලෙසට කථා කරමින්, ඔහුගේ දරුවන් “[ඔහුගේ] මේසේ අවට ඔලීව පැළ” හා සමාන කිරීම ගැන පුදුම විය යුතු නැත. (ගීතාවලිය 128:3) විශේෂයෙන්ම දේශගුණය හා පසේ තත්ත්වයන් අහිතකර වන විට කුඩා පැළෑටි වැඩීමට සැලැස්වීම එතරම් පහසු දෙයක් නොවේ යයි ගොවියෙක් ඔබට කියනු ඇත. ඒ හා සමානව, මෙම අර්බුදකාරී “අන්තිම දවස්වලදී,” දරුවන්ව හොඳින් සකස්වූ දේව භයැති වැඩිහිටියන් බවට හදාවඩා ගැනීම ඉතා දුෂ්කරය.—2 තිමෝති 3:1-5.
2. සාමාන්‍යයෙන් හොඳ සරු අස්වැන්නක් නිපදවීම සඳහා අවශ්‍ය වන්නේ කුමක්ද?
2 හොඳ අස්වැන්නක් නෙලා ගැනීමට, ගොවියෙකුට සාරවත් පසක්, උණුසුම් සූර්ය රශ්මිය සහ ජලය අවශ්‍යය. පැළ සිටුවීම හා වල්පැළ උදුරා දැමීමට අමතරව, පළිබෝධ නාශක හා අනෙකුත් ආරක්ෂිත සාත්තුවක් ඔහු ඒ සඳහා දැක්විය යුතුය. අස්වැන්න නෙලන අවස්ථාව තෙක් මෙම කාලය අතරතුර දුෂ්කරතා තිබිය හැක. අස්වැන්න නරක් වී තිබුණොත් එය කොතරම් කනගාටුදායකද! එහෙත්, වගාකරුවෙක් ඉතා වෙහෙස මහන්සි වී සරු අස්වැන්නක් නෙලන විට එය ඔහුට කොතරම් සෑහීමක් ගෙන දේද!—යෙසායා 60:20-22; 61:3.
3. වැදගත්කම අතින් පැළෑටි හා ළමුන් සැසඳෙන්නේ කෙසේද, තවද දරුවන් කුමනාකාරයේ අවධානයක් ලැබිය යුතුද?
3 සාර්ථක ඵලදායි මිනිස් ජීවිතයක් සහතිකවම ගොවියෙකුගේ අස්වැන්නකට වඩා අගනේය. එමනිසා, දරුවෙකුව සාර්ථකව හදාවඩා ගැනීමේදී, බහුල අස්වැන්නක් වර්ධනය කරනවාට වඩා, කාලයත් වෑයමත් අවශ්‍ය කරන බවට පුදුම විය යුතු නැත. (ද්විතීය කථාව 11:18-21) ජීවිතය නමැති උද්‍යානයේ පැළ කර සිටින කුඩා දරුවෙකුට ප්‍රේමය නමැති වතුර වත්කරනු ලැබ පෝෂණය දෙනු ලැබේ නම්, ඔහුට සුවදායක සීමාවන් තබනු ලැබේ නම්, පැළෑටිවලට වැළඳෙන කොලකොඩවීමේ රෝග මෙන් සාරධර්ම අතින් පිරිහුණු ලෝකයක පවා ආත්මිකව වැඩී මල් ඵල ගැන්විය හැකිය. එහෙත්, අනිසි ලෙස සලකනු ලැබේ නම්, නැත්නම් පීඩාවට ලක්කෙරේ නම්, දරුවා ඇතුළතින් මැලවී ගොස් ආත්මිකව මියයෑමටද පුළුවන. (කොලොස්සි 3:21; සසඳන්න යෙරෙමියා 2:21; 12:2.) ඇත්ත වශයෙන්ම, සියලු දරුවන්ට සුවිශේෂී අවධානයක් අවශ්‍යය.
ළදරු අවදියේ සිට දිනපතා අවධානය
4. දරුවන්ට “ළදරු අවදියේ” සිට කුමනාකාරයේ අවධානයක් අවශ්‍ය වේද?
4 අලුත උපන් ළදරුවෙකුට දෙමාපියන් සෑමවිටම පාහේ නිරන්තර අවධානයක් දිය යුතුය. කෙසේවුවද, දරුවාට දිනපතා පදනමක් මත අවශ්‍ය වන්නේ කායික හා ද්‍රව්‍යමය අවධානය පමණක්ද? දෙවියන්වහන්සේගේ සේවකයෙකුවූ තිමෝතිට ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “ගැළවීම පිණිස ඔබව නැණවත් කිරීමට හැකි ශුද්ධලියවිලි ඔබ ළදරු අවදියේ පටන් දැනගෙන සිටින්නෙහිය.” (2 තිමෝති 3:15, NW) මෙසේ, තිමෝති ළදරු අවදියේ පවා පටන් ලබා ගත්තාවූ දෙමාපිය අවධානය ආත්මික ආකාර එකක් වූයේය. එහෙත් ළදරු අවදිය පටන් ගන්නේ කවදාද?
5, 6. (අ) නූපන් දරුවන් සම්බන්ධව බයිබලය පවසන්නේ කුමක්ද? (ආ) නූපන් දරුවන්ගේ සුභසාධනය පිළිබඳව දෙමාපියන් සැලකිලිමත් විය යුතු බවට ඇඟවෙන්නේ කුමකින්ද?
5 පාවුල් මෙහි භාවිතා කළ ග්‍රීක් වචනය (බ්රේʹෆොස්), නූපන් දරුවෙකුටත් අදාළ වෙයි. යොහන් බව්තීස්තගේ මවවූ එලිසබෙත්, ඇගේ නෑදෑයා වූ මරියාට මෙසේ කීවාය: “නුඹේ ආචාර ශබ්දය මාගේ කන්වල වැටුණු කෙණෙහිම, මාගේ කුසෙහි දරුවා [ළදරුවා, NW] (බ්රේʹෆොස්), ප්‍රීතියෙන් පැන නැංගේය.” (ලූක් 1:44) මෙසේ, නූපන් දරුවෝද ළදරුවන් යයි හැඳින්වෙත්, තවද ගර්භාශයෙන් බාහිරව සිදුවෙන ක්‍රියාකාරකම් සඳහා ප්‍රතිචාර දැක්වීමට ඔවුන්ට හැකි බව බයිබලය පෙන්වයි. එසේ නම්, අදදින බොහෝ විට දිරිගන්වනු ලබන උපතට පෙර දෙනු ලබන සාත්තුවට, නූපන් ළදරුවාගේ ආත්මික සුභසාධනයටත් අවධානය දීම ඇතුළත් වේද?
6 මෙය සලකා බැලිය යුතු යමකි, මන්ද නූපන් දරුවන් තමන් අසන දේ මගින් ප්‍රයෝජන ලබන බව හෝ අහිතකර ලෙස බලපෑම් ලබන බව සාක්ෂිවලින් හෙළි වන හෙයිනි. එක් සංගීත අධ්‍යක්ෂකවරයෙක්, තමා පෙරහුරු කරමින් සිටි විවිධ සංගීත රචනාවල, විශේෂයෙන්ම රවිකිඤ්ඤ වාදනය වූ කොටසේ තමාට අපූර්ව හුරුපුරුදු හඬක් මතුවූ බව සොයා ගත්තේය. එම සංගීත කෘතිවල නම් ඔහු වෘත්තිමය රවිකිඤ්ඤ වාදකවරියක වූ තම මවට සඳහන් කළ විට, ඈ කියා සිටියේ තමා ඔහු සමඟින් ගැබ්ගෙන සිටි වකවාණුවේදී තමා පෙරහුරු කරමින් සිටි සංගීත සමායෝජනයන් හරියටම ඒවාම බවය. ඒ හා සමානව, නූපන් දරුවන්ගේ මව්වරුන් රූපවාහිනි වෘත්තාන්ත පුරුද්දක් වශයෙන් නරඹන විට එම නූපන් දරුවන්ද නරක ලෙස බලපෑමට හසු විය හැකිය. මේ අනුව, එක් වෛද්‍ය සඟරාවක්, “භෲණය සෝප් ඔපෙරාවලට ඇබ්බැහිවීම” පිළිබඳව කථා කළේය.
7. (අ) බොහෝ දෙමාපියන් තම නූපන් දරුවන්ගේ ආත්මික සුභසාධනය වෙත අවධානය දී ඇත්තේ කෙසේද? (ආ) දරුවෙකුට කිනම් හැකියාවන් තිබේද?
7 ළදරුවන්ට ඇති කළ හැකි ඒකාන්ත උත්තේජනයේ ප්‍රයෝජන අවබෝධ කර ගන්නා බොහෝ දෙමාපියෝ, දරුවා උපදින්නටත් පෙර ඔවුන්ට කියවීමට, කථා කිරීමට හා ගී ගැයීමට පටන් ගනිති. ඔබටත් එසේම කළ හැකියි. ඔබගේ ළදරුවා එම වචන අවබෝධ කර නොගන්නවා වුවත්, ඔබගේ නැළවිලි හඬින් හා සෙනෙහෙබර නාදයෙන් ඔහු හෝ ඈ ප්‍රයෝජන ගන්නා බවක් පෙනී යයි. උපතට පසු, ළදරුවා ඔබගේ වචන, සමහරවිට ඔබ සිතනවාටත් වඩා ඉක්මනින් අවබෝධ කර ගැනීමට පටන් ගනී. වසර දෙකක් හෝ තුනක් ගතවෙත්ම, ළදරුවා යම් සංකීර්ණ භාෂාවකට නිරාවරණය වීමෙන් පමණක් එය ඉගෙන ගනී. ළදරුවෙකුට බයිබල් සත්‍යය පිළිබඳ “නිර්මල භාෂාව”ද ඉගෙන ගැනීමට පටන් ගත හැකිය.—ශෙපනියා 3:9.
8. (අ) තිමෝති “ළදරු අවදියේ” පටන් ශුද්ධ ලියවිලි දැන සිටියා යයි පවසන විට පෙනෙන විදිහට බයිබලය ඉන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) තිමෝති සම්බන්ධව සත්‍යය බවට ඔප්පු වූයේ කුමක්ද?
8 තිමෝති ‘ළදරු අවදියේ පටන් ශුද්ධ ලියවිලි දැන සිටියේ, යයි පාවුල් පැවසූ විට ඔහු ඉන් අදහස් කළේ කුමක්ද? පෙනෙන විදිහට ඔහු ඉන් අදහස් කළේ, තිමෝති තම ආත්මික පුහුණුව ලැබ සිටියේ හුදෙක් ළමා වියේ සිට නොව නමුත් ළදරුවියේ සිට බවය. මෙය සාමාන්‍යයෙන් අලුත උපන් දරුවෙකුට යොමු දක්වන බ්රේʹෆොස් යන ග්‍රීක් වචනයේ අර්ථයට එකඟය. (ලූක් 2:12, 16; ක්‍රියා 7:19) තම මතකයේ දේවල් රඳවා ගැනීමට හැකිවූ එම කුඩාම අවදියේ පටන්, තිමෝති තම මව වූ එවුනීකි සහ ආච්චි වූ ලොයිස්ගෙන් ආත්මික උපදෙස් ලැබුවේය. (2 තිමෝති 1:5) ‘රිකිල්ල යන විදිහට ගහ වැඩෙයි’ යන කියමන ස්ථිර ලෙසම තිමෝතිට අදාළ විය. ඔහු ‘සුදුසු මාර්ගයේ පුහුණු කරනු’ ලැබ සිටියේය, එහි ප්‍රතිඵලයක් වූයේ, ඔහු දෙවියන්වහන්සේගේ කදිම සේවකයෙකු බවට පත්වීමයි.—හිතෝපදේශ 22:6; පිලිප්පි 2:19-22.
අවශ්‍ය වන්නාවූ සුවිශේෂී සැලකිල්ල
9. (අ) දෙමාපියන් කුමක් කිරීමෙන් වැළකී සිටිය යුතුද, තවද ඒ මන්ද? (ආ) දරුවෙකු වැඩෙනවාත් සමඟම, දෙමාපියන් කුමක් කළ යුතුද, ඔවුන් අවනත විය යුත්තේ කිනම් ආදර්ශයටද?
9 දරුවන් හරියටම පැළෑටි මෙනි, එනම් ඔවුන් සියල්ලන්ට එකම ගති ලක්ෂණ තිබෙනවා නොවේ, එලෙසම සාත්තු කිරීමේදී එකම ක්‍රමවලට ඔවුන් සියල්ලන්ම ප්‍රතිචාර දක්වන්නේද නැත. ඥානවන්ත දෙමාපියන් මෙම වෙනස්කම්වලට ගෞරව කරන අතර, එක් දරුවෙක් අනෙක් දරුවා සමඟ සැසඳීමෙන් වළකිනු ඇත. (ගලාති 6:4 සසඳන්න.) ඔබගේ දරුවන් යහපත් වැඩිහිටියන් බවට වර්ධනය වීමට නම්, ඔවුන්ට ආවේණිකවූ පෞද්ගලික ගති ලක්ෂණ නිරීක්ෂණය කරමින්, ඔවුන් තුළ හොඳ ගති ගුණ වගා කොට, නරක ගති උදුරා දැමිය යුතුය. යම් දුර්වලකමක් හෝ සමහරවිට වංකකම, ද්‍රව්‍යවාදය, හෝ ආත්මාර්ථය කෙරෙහි නුසුදුසු නැඹුරුවාවක් ඔබ විසින් සොයා ගතහොත් ඔබ කුමක් කළ යුතුද? එය කාරුණිකව නිවැරදි කරන්න, යේසුස්වහන්සේ තම ප්‍රේරිතයන්ගේ දුර්වලකම් සම්බන්ධයෙන් කළේද එයයි. (මාර්ක් 9:33-37) විශේෂයෙන්ම, එක් එක් දරුවාගේ ශක්තීන්ට හා හොඳ ගතිගුණවලට ඔහුට නිතිපතා ප්‍රශංසා කරන්න.
10. දරුවන්ට විශේෂයෙන් අවශ්‍ය වන්නේ කුමක්ද, තවද එය සැපයිය හැක්කේ කෙසේද?
10 දරුවන්ට විශේෂයෙන් අවශ්‍ය දේ නම් ප්‍රේමනීය පෞද්ගලික අවධානයයි. යේසුස්වහන්සේ සිය දේව සේවයේ අවසාන දවස්වල ඉතා කාර්ය බහුලව සිටි විට පවා කුඩා දරුවන් කෙරෙහි එවන් සුවිශේෂී අවධානයක් දීමට කාලය මිඩංගු කළ සේක. (මාර්ක් 10:13-16, 32) දෙමාපියෙනි, එම ආදර්ශය අනුගමනය කරන්න! ඔබගේ දරුවන් සමඟ සිටීමට කාලය ගැනීමට පරාර්ථකාමී වන්න. එමෙන්ම ඔවුන්ට අව්‍යාජ ප්‍රේමය පෙන්වීමට ලජ්ජා නොවන්න. යේසුස්වහන්සේ කළාක් මෙන්, ඔබගේ අත් ඔවුන්ගේ කර වටා යවන්න. ඔවුන්ව උණුසුම් ලෙස ස්නේහයෙන් වැළඳගෙන සිපගන්න. වෙනත් දෙමාපියන්ට තමන් දෙන්නේ කිනම් අවවාද දැයි, හොඳින් සකස් වී තිබූ යෞවන වැඩිහිටියන්ගේ දෙමාපියන්ගෙන් අසනු ලැබූ විට, වැඩියෙන්ම දෙන ලද ප්‍රතිචාර අතර මේවා විය: ‘බොහෝසෙයින් ප්‍රේම කරන්න,’ ‘එක්ව කාලය ගත කරන්න,’ ‘අන්‍යෝන්‍ය ගෞරව වර්ධනය කරන්න,’ ‘ඔවුන්ට ඇත්තටම සවන් දෙන්න,’ ‘දේශනාවක් දෙනවාට වඩා මඟ පෙන්වීම දෙන්න,’ එමෙන්ම, ‘යථාර්ථවාදී වන්න.’
11. (අ) දෙමාපියන් තම දරුවන්ට සුවිශේෂී අවධානයක් දීම කෙරෙහි බැලිය යුත්තේ කෙසේද? (ආ) දෙමාපියන්ට තම දරුවන් සමඟ සතුටින් අනගි අදහස් හුවමාරුවක් කරගත හැක්කේ කිනම් වේලාවන්හිදීද?
11 එවන් සුවිශේෂී අවධානයක් සැපයීම ප්‍රීතියක් විය හැකිය. එක් සාර්ථක දෙමාපියෙක් ලීවේ මෙසේයි: “අපගේ පුතුන් දෙදෙනා බාල අවදියේ සිටිද්දී, ඔවුන්ව නිදාගැනීමට සූදානම්කරවීම, ඔවුන්ට කියවීම, ඔවුන්ගේ පොරෝනා සකස්කරදීම ඔවුන් සමඟ යාච්ඤා කිරීම සතුටක් වූවා.” එලෙස එකට කාලය ගතකිරීම දරුවන් හා දෙමාපියන් යන දෙපාර්ශ්වයටම දිරිගැන්විය හැකි කථාබහ සඳහා ප්‍රස්තාව උදාකර දෙයි. (රෝම 1:11, 12 සසඳන්න.) එක් යුවළක්, තම අවුරුදු තුනක් වයසැති කුඩා දරුවා, “වොලීට” ආශීර්වාද කරන මෙන් දෙවියන්වහන්සේට යාච්ඤා කරන අවස්ථාවේ එය අසාගෙන සිටියේය. ඔහු ඉන්පසු රාත්රිවලදී “වොලී” සඳහා යාච්ඤා කළ අතර, ඔහු ඉන් අදහස් කළේ එවකට මලාවි රටේ පීඩා විඳිමින් සිටි සහෝදරයන් යයි මෙම දෙමාපියන් විසින් වටහා ගත් විට ඔවුහු ඉන් මහත් සේ ධෛර්යයට පත් වූහ. එක් කාන්තාවක් මෙසේ පැවසුවාය: ‘මා වයස අවුරුදු හතරක්ව සිටියදී, පුටුවක් මත සිටගෙන මගේ මව සෝදන දීසි පිස දමන විට ශුද්ධ ලියවිලි මතක තබා ගැනීමටත් රාජ්‍යය ගීතිකා ගායනා කිරීමටත් ඈ මට උපකාර කළා මතකයි.’ ඔබගේ කුඩා දරුවන් සමඟ වටිනා අදහස් සතුටින් හුවමාරු කර ගත හැකි අවස්ථා ගැන කල්පනා කිරීමට ඔබට හැකිද?
12. ක්‍රිස්තියානි දෙමාපියන් තම දරුවන්ට ඥානවන්ත ලෙස සපයනු ඇත්තේ කුමක්ද, තවද භාවිතා කළ හැක්කේ කිනම් ක්‍රමද?
12 ඥානවන්ත දෙමාපියෝ නිතිපතා අධ්‍යයන කාලසටහනක් පිළියෙළ කරති. ඔබ විධිමත් ලෙස ප්‍රශ්නෝත්තර ක්‍රමය යොදා ගත්තද, අධ්‍යයනය කෙරෙන දෙය අවස්ථාවට අනුව සකස් කිරීමෙන් විශේෂයෙන්ම ඔබගේ කුඩා දරුවන් සමඟ සතුට ගෙනදෙන අදහස් හුවමාරුවක් ඇති කරගැනීමට ඔබට හැකිද? බයිබල් ජවනිකාවල පින්තූරු ඇඳීම, බයිබල් කතන්දරකීම හෝ සූදානම් කරන ලෙස ඔබ දරුවාට පවසා ඇති වාර්තාවකට සවන්දීම මේ සඳහා ඔබට ඇතුළත් කළ හැකිය. ඔබට හැකි පරිද්දෙන් දේව වචනය ඔබගේ දරුවන් සඳහා රසවත් එකක් කරන්න, එවිට ඔවුහු එයට ආශාවක් වර්ධනය කර ගනිති. (1 පේතෘස් 2:2, 3) එක් පියෙක් මෙසේ පැවසුවේය: ‘අපගේ දරුවන් ඉතා බාල අවදියේ සිටි විට, අපි ඔවුන් සමඟ බිම ඉඳගෙන බඩගා යමින් ප්‍රසිද්ධ බයිබල් චරිත සම්බන්ධ යම් ඓතිහාසික සිද්ධීන් රඟපෑවා. දරුවන් එයට ගොඩාක් ආශා කළා.’
13. පෙරහුරු කිරීමේ සැසිවාරවල වටිනාකම කුමක්ද, මෙම වේලාවේදී ඔබට පෙරහුරු කළ හැක්කේ කුමක්ද?
13 පුහුණුවීමේ පෙරහුරු පැවැත්වීමද වටිනා අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථා උදාකරයි, මන්ද සැබෑ ජීවන තත්ත්වයන්ට සූදානම් වීමට ඒවා මගින් දරුවන්ට උපකාර කෙරෙන නිසාය. එක් කුසෙරෝ දැරියක්—ඔවුන් 11දෙනාම නාට්සි පීඩා යටතේ දෙවියන්වහන්සේට ඇදහිලිවන්තව සිටි ඇත—ඇගේ දෙමාපියන් ගැන මෙසේ කීවාය: “ක්‍රියා කළ යුතු ආකාරයත් බයිබලය සමඟින් අප අපගේ විශ්වාසවලට පක්ෂව කථා කරන ආකාරයත් ඔවුන් අපට පෙන්වූවා. [1 පේතෘස් 3:15] ප්‍රශ්න අසමින් හා පිළිතුරු දෙමින් බොහෝවිට අපි පුරුදුවීමේ සැසිවාර පැවැත්වූවා.” එම දෙයම නොකරන්නේ මන්ද? දෙමාපියෙක් ගෙවැසියෙකු ලෙස රඟපාමින් දේව සේවය සඳහා ඉදිරිපත් කිරීම්වලට පුරුදු කරවීමට ඔබට හැක. නොඑසේනම්, මෙම පුරුදුවීමේ පෙරහුරු සැබෑ ජීවිතයේ පරීක්ෂා සමඟ සම්බන්ධ කළ හැකිය. (හිතෝපදේශ 1:10-15) “අසීරු තත්ත්වයන් සඳහා පෙරහුරු කිරීම දරුවාගේ දක්ෂතා හා නිසැකකම වැඩි වර්ධනය කළ හැකියි,” යනුවෙන් එක් තැනැත්තියක් පැහැදිලි කළාය. “යම් මිත්‍රයෙක් ඔබගේ දරුවාට දුම්වැටියක්, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය ඉදිරිපත් කරන චරිතයක් රඟපෑම මෙම පෙරහුරුවට ඇතුළත් කළ හැකිය.” එවන් තත්ත්වයන්ට ඔබගේ දරුවා ප්‍රතිචාර දක්වන ආකාරය වටහා ගැනීමට මෙම පෙරහුරු ඔබට උපකාරවත් විය හැක.
14. ඔබගේ දරුවන් සමඟ කරන ප්‍රේමනීය හා දයානුකම්පිත සාකච්ඡා එතරම්ම වැදගත් වන්නේ මන්ද?
14 ඔබගේ දරුවා සමඟ අදහස් හුවමාරු කරගන්නා විට, මෙම වදන් පැවසූ ලේඛකයා කළාක් මෙන් එවැනිම දයානුකම්පිත ආකාරයකින් ඔහුගේ සිත් ඇදගන්නා අන්දමින් කථා කරන්න: “මාගේ පුත්‍රය, මාගේ උපදෙස් සිහි නැති නොකර, නුඹේ සිතින් [හදින්, NW] මාගේ ආඥා රක්ෂාකරපන්න. මක්නිසාද එයින් දවස් ගණනද ජීවිතයේ අවුරුදුද සමාදානයද නුඹට වැඩිවන්නේය.” (හිතෝපදේශ 3:1, 2) ඔබ ඔබේ දරුවාගෙන් කීකරුකම බලාපොරොත්තු වන්නේ, එසේ කිරීමෙන් ඔහුට සමාදානයත්, දීර්ඝායුෂත්,—ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ සාමකාමී නව ලෝකයේ සදාකාල ජීවනයත් ඉන් ප්‍රතිඵල කරවන නිසා යයි ඔබ ප්‍රේමනීය අන්දමින් පැහැදිලි කරන්නෙහි නම්, එය ඔබේ දරුවාගේ හෘදය ස්පර්ශ නොකරනු ඇත්ද? ඔබ දෙවියන්වහන්සේගේ වචනයෙන් කාරණා පහදා දෙනවාත් සමඟම, ඔබගේ දරුවාගේ පෞද්ගලිකත්වය සැලකිල්ලට ගන්න. මෙය යාච්ඤාපූර්වක ලෙස කරන්න, තවද යෙහෝවඃවහන්සේ ඔබගේ ප්‍රයත්නවලට ආශීර්වාද කරනවා ඇත. පෙනෙන හැටියට, එවන් ප්‍රේමනීය හා බයිබලය මත පදනම් වූ දයානුකම්පිත සාකච්ඡා කදිම ප්‍රතිඵල ඇති කරවා දිගුකාලීන ප්‍රයෝජන ගෙන දෙයි.—හිතෝපදේශ 22:6.
15. ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා තම දරුවන්ට උපකාර කිරීමට දෙමාපියන්ට හැක්කේ කෙසේද?
15 එවන් අදහස් හුවමාරුවක්, ඔබ විසින් සැලසුම් කරන ලද පාඩම් කාලයේදී සිදුනොවුවත්, වෙනත් කාරණා මගින් බාධාවට පත් නොවන්න. ඔබගේ දරුවා පවසන දේට පමණක් නොව නමුත් එම අදහස් පළකරනු ලබන ආකාරයටත් ප්‍රවේසමෙන් සවන් දෙන්න. එක් විශේෂඥයෙක් මෙසේ පැවසුවේය: “ඔබගේ දරුවා දෙස බලන්න, ඔහුට ඔබේ මුළු අවධානය දෙන්න. ඔබට අවශ්‍යවන්නේ තේරුම් ගැනීමයි, නිකම්ම සවන් දීම නොවේ. මෙම අමතර ප්රයත්නය සඳහා දැඩි පරිශ්‍රමයක් දරන දෙමාපියෝ තම දරුවන්ගේ ජීවිතවල විශාල වෙනසක් සිදු කරති.” අදදින දරුවෝ බොහෝවිට පාසලේදී හා වෙනත් ස්ථානවලදී බැරෑරුම් ගැටලුවලට මුහුණ දෙති. දෙමාපියෙකු වශයෙන් ඔබ, ඔහුගේ අදහස් ඉවතට ඇදගැනීමට උත්සාහ කරන්න, එමෙන්ම දෙවියන්වහන්සේගේ දෘෂ්ටි කෝණයෙන් කාරණා දෙස බැලීමට ඔහුට උපකාර කරන්න. යම් ගැටලුවක් විසඳා ගන්නා ආකාරය ඔබට ස්ථිර නැත්නම්, ශුද්ධ ලියවිලිවල සහ “විශ්වාස වූ නුවණ ඇති දාසයා” විසින් සපයන ලද ප්‍රකාශන තුළින් පර්යේෂණ කරන්න. (මතෙව් 24:45) හැම අතින්ම, එම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය වන සුවිශේෂී සියලු අවධානය ඔබගේ දරුවාට දෙන්න.
එකට ගත කරන කාලය අගය කරන්න
16, 17. (අ) අදදින යෞවනයන්ට සුවිශේෂී අවධානයක් හා උපදෙස් විශේෂයෙන්ම අවශ්‍ය වන්නේ මන්ද? (ආ) තම දෙමාපියන් විසින් හික්මවනු ලබන විට දරුවන් දැන ගත යුත්තේ කුමක්ද?
16 අප අද ජීවත්වෙමින් සිටින්නේ, “අන්තිම දවස්වල” බැවිනුත් තවද මේවා “අර්බුදකාරී කාලවල්” නිසාත් යෞවනයන්ට වෙන කවරදාටත් වඩා සුවිශේෂී අවධානයක් අවශ්‍යය. (2 තිමෝති 3:1-5, NW; මතෙව් 24:3-14) “එය ඇත්තාගේ ජීවිතය ආරක්ෂා කරන්නාවූ” සැබෑ ප්‍රඥාව විසින් දෙනු ලබන ආරක්ෂාව දෙමාපියන්ට හා දරුවන්ට එකසේ අවශ්‍යය. (දේශනාකාරයා 7:12) දිව්‍ය ප්‍රඥාවට, බයිබලය මත පදනම්වූ දැනුමේ නිසි අදාළ කිරීම අයත් වන හෙයින්, දේව වචනයේ නිතිපතා උපදෙස් දරුවන්ට අවශ්‍යය. එමනිසා, ඔබගේ යෞවන දරුවන් සමඟ ශුද්ධ ලියවිලි අධ්‍යයනය කරන්න. යෙහෝවඃවහන්සේ ගැන ඔවුන්ට පවසන්න, උන්වහන්සේගේ අවශ්‍යතාවන් ගැන ප්‍රවේසමෙන් ඔවුන්ට පහදා දෙන්න, එමෙන්ම උන්වහන්සේගේ උදාර පොරොන්දු ඉටුවීම කෙරෙහි ප්‍රීතිමත් අපේක්ෂාවක් උපදවන්න. නිවසේදී, ඔබ දරුවන් සමඟ ගමන් කරන විට, ඇත්තෙන්ම සුදුසු සෑම අවස්ථාවකදීම එවැනි දේවල් ගැන කථා කරන්න.—ද්විතීය කථාව 6:4-7.
17 සියලු පැළෑටි එකම තත්ත්වයන් යටතේ සරුවට නොවැඩෙන බව ගොවියෝ දනිති. පැළෑටිවලට සුවිශේෂී සාත්තුවක් අවශ්‍යය. ඒ හා සමානව, සෑම දරුවෙකුම වෙනස්ය, තවද සුවිශේෂී අවධානය, උපදෙස් හා හික්මවීම ඔවුන්ට අවශ්‍යය. නිදසුනක් වශයෙන්, ළමා වියේ පසුවන දරුවෙකුගේ වැරදිසහගත ක්‍රියා මාර්ගයක් නැවැත්වීමට දෙමාපියෙකුගේ අප්‍රසාදිත බැල්මක් ප්‍රමාණවත් වන අතරේදී, වෙනත් දරුවෙකුට වඩාත් දැඩි හික්මවීමක් අවශ්‍ය කර විය හැක. එහෙත් ඔබ එක්තරා වචනවලට හෝ ක්‍රියාවලට අප්‍රසන්නතාවක් දක්වන්නේ මන්දැයි ඔබගේ සියලු දරුවන් දැනගත යුතු අතර, හික්මවීම නොවෙනස්ව ලැබෙන පරිදි දෙමාපියන් දෙදෙනාම මේ සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියා කළ යුතුය. (එපීස 6:4) ක්‍රිස්තියානි දෙමාපියන්, ශුද්ධ ලියවිලි සමඟ අනුකූලවන පැහැදිලි මඟ පෙන්වීම දීම විශේෂයෙන්ම වැදගත්ය.
18, 19. ක්‍රිස්තියානි දෙමාපියන්ට තම දරුවන් සම්බන්ධව තිබෙන වගකීම කුමක්ද, තවද එම කාර්යය හොඳින් කරනු ලැබේ නම්, බලාපොරොත්තු විය හැකි ප්‍රතිඵලය කුමක්ද?
18 ගොවියෙක්, සිටුවීමේ හා වගාකිරීමේ වැඩය හරි වේලාවේදී කළ යුතුයි. ඔහු ප්‍රමාද වේ නම්, හෝ ඵලදාව ගැන නොසැලකිල්ලෙන් ක්‍රියා කරයි නම්, ඔහු නෙලා ගන්නේ අල්පයකි, නොඑසේනම් කිසිවක් නෙලා ගන්නේ නැත. ඇත්තෙන්ම, ඔබගේ යෞවන දරුවෝ වනාහි, ඊළඟ මාසයේදී හෝ ඊළඟ වසරේදී නොව දැන්මම සුවිශේෂී අවධානයක් අවශ්‍ය කරන වැඩෙන “පැළෑටි” වෙත්. දේව වචනයට අනුකූලව ඔවුන්ගේ ආත්මික වර්ධනය වැඩි දියුණු කිරීමට සහ ඔවුන් මැලවී ගොස් ආත්මිකව මියයෑමට තුඩු දෙන ලෞකික සිතිවිලි උදුරා දැමීමට ඔබට උදාවන අනගි ප්රස්තාවන්ගෙන් ප්‍රයෝජන නොගෙන ඒවා පසුකර යෑමට ඉඩ නොදෙන්න. ඔබගේ දරුවන් සමඟ ගත කිරීමට ඔබට උදාවන පැය හා දවස් බොහෝ සෙයින් අගය කරන්න, මන්ද මෙම කාලවල් ඉක්මනින් පහවී යන බැවිනි. සන්තෝෂවත් ජීවිතයක් සඳහා යෙහෝවඃවහන්සේගේ ඇදහිලිවන්ත සේවකයන් වශයෙන් ඔබගේ ජනිතයන්ට අවශ්‍ය කරන දේව ගුණාංග ඔවුන් තුළ වගා කිරීමට වෙහෙස මහන්සි වී ක්‍රියා කරන්න. (ගලාති 5:22, 23; කොලොස්සි 3:12-14) මෙය වෙනත් අයෙකුගේ වැඩක් නොවේ; එය ඔබගේ වැඩකි, එය කිරීම සඳහා ඔබට උපකාර කිරීමට දෙවියන්වහන්සේට හැකිය.
19 ඔබගේ දරුවන්ට මහඟු ආත්මික උරුමයක් දෙන්න. ඔවුන් සමඟ දේව වචනය අධ්‍යයනය කරන්න, ඔවුන් සමඟ එක්ව සුවදායී විවේකයේ විනෝදයේ යෙදෙන්න. ඔබගේ ළාබාල දරුවන්ව ක්‍රිස්තියානි රැස්වීම්වලට රැගෙන යන්න, රාජ්‍යය දේශනා කිරීමේ වැඩයේදී ඔවුන්ව ඔබ සමඟ ගෙනයන්න. යෙහෝවඃවහන්සේගේ අනුමැතිය ලැබෙන ආකාරයේ පෞරුෂත්වයක්, බොහෝකොට ජීවිතයේ පසුකාලවලදී ඔබට මහත් ප්‍රීතියක් ලබා දෙන පෞරුෂත්වයක් ඔබගේ ප්‍රිය ජනිතයන් තුළ ගොඩනංවන්න. ඇත්තෙන්ම, “ධර්මිෂ්ඨයාගේ පියා ඉතා ප්‍රීතිමත්වන්නේය; බුද්ධිමත් දරුවෙකු ජනිතකරන්නාද ඔහු නිසා ප්‍රීතිවන්නේය. නුඹේ පියාද මවුද සතුටුවෙත්වා, එසේය, නුඹ වැදූ තැනැත්තී ප්‍රීතිමත්වේවා.”—හිතෝපදේශ 23:24, 25.
මහඟු විපාකයක්
20. නහඹරයන්ගේ සාර්ථක දෙමාපියෙකු වීමේ යතුර කුමක්ද?
20 දරුවන්ව හදාවඩා ගැනීම සංකීර්ණ, දිගුකාලීන පැවරුමකි. ‘ඔබේ මේසය වටේ තිබෙන මෙම ඔලිව් පැළ,’ රාජ්‍යය ඵල දරන දේවභයැති වැඩිහිටියන් බවට පත්කරවීම පිණිස හදාවඩා ගැනීම, වසර 20ක ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා තිබේ. (ගීතාවලිය 128:3; යොහන් 15:8) දරුවන් මත ඇති වන පීඩන බොහෝවිට වැඩිවීමෙන් දෙමාපියන් තම ප්රයත්නයන් තීව්ර කිරීමට සිදුවෙන්නාවූ කාලය වන දරුවන්ගේ නහඹර අවදියේදී මෙම ව්‍යාපෘතිය සාමාන්‍යයෙන් වඩාත් අසීරු එකක් වෙයි. එහෙත් සාර්ථකත්වයේ යතුර නොවෙනස්ව තිබේ—එනම් අවධානය, උණුසුම් වීම හා අවබෝධයෙන් කටයුතු කිරීමය. ඔබගේ යෞවන දරුවන්ට පෞද්ගලික අවධානය සැබවින්ම අවශ්‍ය බව මතක තබාගන්න. ඔවුන්ගේ සුභසාධනය උදෙසා අව්‍යාජ ප්‍රේමනීය සැලකිල්ල යොමු කිරීමෙන් ඔබට එවන් අවධානයක් ඔවුන්ට පෙන්විය හැකිය. ඔවුන්ට උපකාර කිරීම සඳහා, ඔවුන්ට අවශ්‍ය කරන කාලය, ප්‍රේමය සහ සැලකිල්ල සැපයීමෙන් ඔවුන් සඳහා ඔබ ඔබවම වැය කළ යුතුය.
21. දරුවන්ට සුවිශේෂී අවධානයක් දීමෙන් ලැබෙන විපාකය කුමක් විය හැකිද?
21 යෙහෝවඃවහන්සේ ඔබට භාරදී ඇති අගනා ඵලදාව රැකබලා ගැනීම සඳහා ඔබ දරන පරිශ්රමයට ලැබෙන විපාකය, යම් ගොවියෙකු බහුල අස්වැන්නක් ලබාගැනීමෙන් භුක්තිවිඳින තෘප්තියකට වඩා බොහෝ සෙයින් වැඩි විය හැකියි. (ගීතාවලිය 127:3-5) එසේ නම්, දෙමාපියෙනි, ඔබගේ දරුවන්ට සුවිශේෂී අවධානයක් නිරතුරුවම ලබා දෙන්න. ඔවුන්ගේ යහපත සඳහාත් අපගේ ස්වර්ගීය පියාණන් වන යෙහෝවඃවහන්සේගේ මහිමය සඳහාත් එසේ කරන්න.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻ පැළෑටිවලට සාත්තු කිරීම හා දරුවන් හදාවඩා ගැනීම සැසඳිය හැක්කේ කෙසේද?
◻ ළදරු අවදියේ සිට දරුවෙකුට ලැබිය යුත්තේ කිනම් ආකාරයේ අවධානයක්ද?
◻ දරුවන්ට අවශ්‍ය වන සුවිශේෂී සාත්තුව කුමක්ද, තවද එය දෙනු ලැබිය හැක්කේ කෙසේද?
◻ ඔබගේ දරුවන්ට සුවිශේෂී අවධානයක් දිය යුත්තේ මන්ද?