-
යෙහෝවා දෙවි ගැන තියෙන විශ්වාසය නැති කරගන්න එපා!2015 මුරටැඹ | අප්‍රියෙල් 15
-
-
2 ඔය කාලෙදී තමයි පාවුල්ව රෝමයේදී දෙවෙනි වතාවටත් සිරගත කළේ. ඒ වෙලාවේ සහෝදරයන් තමන්ගේ උදව්වට එයිද කියලා ඔහු කල්පනා කරන්න ඇති. මොකද මීට කලින් සිරගත කරපු වෙලාවේ ඔහුගේ උදව්වට කවුරුත් ආවේ නැහැ. ඒත් ඒ වෙලාවේ ඔහුගේ උදව්වට යේසුස් හිටියා. ඒ ගැන ඔහු කිව්වේ මෙහෙමයි. ‘ස්වාමීන් මා ළඟ සිටිමින් මාව බලවත් කළේය. මාව සිංහයන්ගේ කටින්ද ගලවනු ලැබීය.’—2 තිමෝ. 4:16, 17.a
3 කලින් අවස්ථාවලදී යෙහෝවා දෙවි තමන්ට උදව් කරපු විදිහ පාවුල් මතක් කරගත්තා. ඒ නිසා මේ අවස්ථාවේදී විතරක් නෙමෙයි ඉදිරියේදී එන ඕනම අමාරු අවස්ථාවකට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය යෙහෝවා දෙවි දෙනවා කියලා පාවුල්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. “ස්වාමීන් මාව සෑම නපුරු දෙයකින්ම ගලවාගන්නවා” කියලා ස්ථිරව කියන්න ඔහුට පුළුවන් වුණේ ඒ නිසයි. (2 තිමෝ. 4:18) තමන්ට උදව් කරන්න සහෝදරයන්ට බැරි අවස්ථාවලදී වුණත් තමන්ගේ උදව්වට යෙහෝවා දෙවි සහ යේසුස් ඉන්නවා කියලා ඔහු අද්දැක්කා.
-
-
යෙහෝවා දෙවි ගැන තියෙන විශ්වාසය නැති කරගන්න එපා!2015 මුරටැඹ | අප්‍රියෙල් 15
-
-
“සිංහයන්ගේ කටින්”
10-12. (අ) පවුලේ කෙනෙක් අසනීප වුණාම එයාව බලාගන්න එක අමාරු වෙන්න පුළුවන් ඇයි? (ආ) අමාරු කාලෙදී යෙහෝවා දෙවිව විශ්වාස කරලා වැඩ කරන එකෙන් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? ලින්ඩාගේ අද්දැකීමෙන් ඒක පැහැදිලි වෙන්නේ කොහොමද?
10 ඔයා අද්දකින තත්වය අසීරු නම් පාවුල්ට හිතුණා වගේ ‘සිංහයන්ගේ කටේ’ ඉන්නවා කියලා ඔයාටත් දැනෙයි. (2 තිමෝ. 4:17) ඒ වගේ වෙලාවලදී යෙහෝවා දෙවිව විශ්වාස කරන එක හරිම වැදගත්. උදාහරණෙකට ඔයාගේ පවුලේ කෙනෙකුට දරුණු අසනීපයක් හැදුණා කියලා හිතමු. හොඳ තීරණ ගන්න, ශක්තිමත්ව ඉන්න උදව් ඉල්ලලා ඔයා යාච්ඤා කරනවා.b එතකොට ඔයා ඉන්න තත්වය යෙහෝවා දෙවි දන්නවා කියලත් ඔයාව දෙවි තේරුම්ගන්නවා කියලත් ඔයාට විශ්වාසයක් ඇති වෙනවා. ඒක ඔයාට ලොකු සහනයක්. ඒ තත්වය දරාගෙන දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න ඔහු ඔයාට උදව් කරයි.—ගීතා. 32:8.
-
-
යෙහෝවා දෙවි ගැන තියෙන විශ්වාසය නැති කරගන්න එපා!2015 මුරටැඹ | අප්‍රියෙල් 15
-
-
a සමහරවිට පාවුල්ව ඇත්තම සිංහයන්ගෙන් බේරගත්තා වෙන්න පුළුවන්. නැත්නම් ඒ හා සමාන අමාරු තත්වයන්ගෙන් බේරගත්තා වෙන්න ඇති.
-