-
ප්‍රේමණීය එඬේරුන්ට කැමැත්තෙන්ම යටත් වීම2007 මුරටැඹ | අප්‍රියෙල් 1
-
-
7. ක්‍රිස්තියානි වැඩිමහල්ලන් කෙරෙහි අපිට තිබෙන්න අවශ්‍ය ආකල්පය ගැන පාවුල් පැවසුවේ කුමක්ද?
7 සභාව තුළ වගකීම් දැරීමට පත් කර ඇති එඬේරුන්ට කීකරුකම සහ යටත්කම දැක්වීම, ස්වර්ගයේ සිටින එඬේරුන් වන යෙහෝවා දෙවි සහ යේසුස් අපගෙන් බලාපොරොත්තු වෙනවා. (1 පේතෘස් 5:5) දෙවිගේ බලයෙන් පෙලඹුණු පාවුල් මෙසේ ලිව්වා. “දෙවිගේ වචනය ඔබට පැවසුවාවූ, ඔබ අතරේ පෙරමුණ ගන්නාවූ අයව සිහි කරන්න. ඔවුන්ගේ හැසිරීමෙන් අත් වන ප්‍රතිඵලය දෙස හොඳින් බලා ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරන්න. ඔබ අතරේ පෙරමුණ ගන්නාවූ අයට කීකරුව සිටින්න. යටත්ව සිටින්න. මන්ද ඔවුහු ඔබ ගැන ගණන් දිය යුතු අය හැටියට ඔබව රැකබලා ගන්නෝය. එවිට ඔවුන්ට එය සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් කිරීමට හැකි වන්නේය. මන්ද, ඔවුන් එය සුසුම්ලමින් කළොත් ඔබට හානිදායක වන්නේය.”—හෙබ්‍රෙව් 13:7, 17.
8. ‘හොඳින් බලන්න’ කියා පාවුල් අපෙන් ඉල්ලා සිටින්නේ කුමක් දෙසද? අප “කීකරු” විය යුත්තේ කෙසේද?
8 එහිදී පාවුල් අපෙන් ඉල්ලා සිටින්නේ විශ්වාසවන්ත වැඩිමහල්ලන්ගේ හැසිරීමෙන් අත් වන ප්‍රතිඵල දෙස ‘හොඳින් බලන්න’ නැතිනම් ඒ කෙරෙහි හොඳ අවධානයක් දී ඔවුන්ව අනුකරණය කරන්න කියායි. ඒ වගේම පත් කර ඇති වැඩිමහල්ලන් දෙන මඟ පෙන්වීම්වලට කීකරුව යටත් වන්න කියාද ඔහු තවදුරටත් උපදෙස් දෙනවා. බයිබල් විශාරදයෙක් වන ආර්. ටී ෆ්රාන්ස් විස්තර කරන්නේ “කීකරුව සිටින්න” කියා මෙහි පරිවර්තනය කර ඇති ග්‍රීක වචනය, “සාමාන්‍යයෙන් ‘කීකරුකම’ විස්තර කිරීමට යොදාගන්නා වචනය නොවෙයි. ඒ වෙනුවට එහි යොදාගෙන තිබෙන වචනය පරිවර්තනය කළ විට එහි තේරුම වෙන්නේ, කෙනෙක් කීකරු වීමට ‘පෙලඹෙනවා’ යන්නයි. ඉන් අදහස් කරන්නේ ඔහු ඔවුන්ගේ නායකත්වය කැමැත්තෙන්ම පිළිගන්නා බවයි.” වැඩිමහල්ලන්ට කීකරු වෙන්න කියා දෙවි ඔහුගේ වචනය තුළින් මඟ පෙන්වා තිබෙනවා. ඒ වගේම දේවරාජ්‍යය හා සම්බන්ධ කටයුතුවලට ඔවුන් දක්වන උනන්දුවත් අප සෑම කෙනෙකුගේම යහපත වෙනුවෙන් ඔවුන් දක්වන පෞද්ගලික සැලකිල්ලත් නිසා අපි ඔවුන්ට කීකරුකම දැක්වීමට පෙලඹෙනවා. ඇත්තෙන්ම ඔවුන්ගේ මඟ පෙන්වීම්වලට කැමැත්තෙන්ම කීකරු වෙනවා නම් අපි ඉන් ප්‍රීතිය අද්දකිනවා.
9. කීකරු වෙනවාට අමතරව ‘යටත් වීම’ අවශ්‍ය ඇයි?
9 යම් කාරණාවලදී වැඩිමහල්ලන් අපිට ලබා දෙන මඟ පෙන්වීම් පිළිගැනීමට අමාරුයි කියා සිතෙන විට අපි කුමක් කළ යුතුද? යටත්කම අවශ්‍ය වන්නේ එවැනි අවස්ථාවලදීයි. ලබා දෙන මඟ පෙන්වීම්වලට එකඟ වීමට හැකි නම්, ඒවා අපිට පිළිගත හැකි තත්වයක තිබෙනවා නම් ඊට කීකරු වෙන එක අපහසු දෙයක් නොවෙයි. නමුත් යම් මඟ පෙන්වීමක් දුන්නේ ඇයි කියා හරියටම තේරුම්ගැනීමට අපිට නොහැකි අවස්ථාවලදී පවා අපි එය පිළිගන්නවා නම් ඉන් පෙන්වන්නේ අපි ඇත්තටම යටත් වෙන බවයි. පේතෘස් පවා එක් අවස්ථාවකදී එවැනිම යටත්කමක් පෙන්වුවා.—ලූක් 5:4,5.
-
-
ප්‍රේමණීය එඬේරුන්ට කැමැත්තෙන්ම යටත් වීම2007 මුරටැඹ | අප්‍රියෙල් 1
-
-
12. වැඩිමහල්ලන් ‘අපව රැකබලා ගන්නේ’ කෙසේද?
12 ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට අපගේ සහයෝගය දැක්විය යුතු දෙවන හේතුව නම් ‘ඔවුන් අපව රැකබලා ගැනීමයි.’ දෙවි සමඟ ඇති අපගේ මිත්‍රත්වයට හානි පමුණුවන ආකාරයේ ආකල්පයක් හෝ හැසිරීමක් අප තුළ දුටු විගස අවශ්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා දීමට ඔවුන් නිතරම සූදානම්. (ගලාති 6:1) “රැකබලා ගැනීම” යන්නට ඇති ග්‍රීක වචනය පරිවර්තනය කළ විට එහි තේරුම් වන්නේ “නිදා නොගෙන සිටීම” යන්නයි. එක් බයිබල් විශාරදයෙකුට අනුව ඉන් “අදහස් වන්නේ එඬේරාගේ නිරන්තර අවධානයයි.” අපගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට උපකාර කරනවාට අමතරව අපගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමේදී ඔවුන්ට සමහරවිට නිදිමැරීමට පවා සිදුවිය හැකියි. ඒ නිසා “බැටළුවන්ගේ උතුම් එඬේරා” වන යේසුස් මෙන් අප කෙරෙහි ප්‍රේමණීය සැලකිල්ලක් දැක්වීමට තම උපරිමයෙන් වෙහෙස වන වැඩිමහල්ලන් සමඟ අපි සහයෝගයෙන් කටයුතු කළ යුතු නොවේද?—හෙබ්‍රෙව් 13:20.
13. වැඩිමහල්ලන් සහ සියලුම ක්‍රිස්තියානීන් ගණන් දිය යුත්තේ කාටද? එමෙන්ම කුමන ආකාරවලින්ද?
13 අපි ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට සහයෝගය දැක්විය යුතු තුන්වන හේතුව වන්නේ ඔවුන් අපි ගැන “ගණන් දිය යුතු අය හැටියට” අපව රැකබලා ගැනීමයි. තමුන් සේවය කරන්නේ ස්වර්ගික එඬේරුන් වන යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් යටතේ බව මෙම වැඩිමහල්ලන් මතක තබාගන්නවා. (එසකියෙල් 34:22-24) බැටළුවන්ගේ හෙවත් සෙනඟගේ අයිතිකරු යෙහෝවා දෙවි වන අතර ඔවුන්ට “ආදරෙන්” සැලකීම දෙවි වැඩිමහල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනවා. එමෙන්ම දෙවි තම සේවකයන්ව “තමාගේම පුත්‍රයාගේ ලෙයින් මිලට ගත්” නිසා, ඔවුන්ට සලකන ආකාරය ගැන වැඩිමහල්ලන් දෙවිට ගණන් දිය යුතුයි. (ක්‍රියා 20:28, 29) ඒ අනුව බලන විට අප සියලුදෙනාම යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්වලට දක්වන ප්‍රතිචාරය ගැන ඔහුට ගණන් දිය යුතුයි. (රෝම 14:10-12) අපි වැඩිමහල්ලන්ට කීකරු වීමෙන් පෙන්වන්නේ සභාවේ හිස වන ක්‍රිස්තුස්ට යටත් වන බවයි.—කොලොස්සි 2:19.
14. ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට “සුසුම්ලමින්” සේවය කිරීමට හේතු විය හැක්කේ කුමක්ද? එහි ප්‍රතිඵල කුමක් විය හැකිද?
14 අපි වැඩිමහල්ලන්ට කැමැත්තෙන්ම යටත් විය යුතු හතරවන හේතුව පාවුල් මෙසේ ගෙනහැර දක්වනවා. “ඔවුන්ට එය සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් කිරීමට හැකි වන්නේය. මන්ද, ඔවුන් එය සුසුම්ලමින් කළොත් ඔබට හානිදායක වන්නේය.” (හෙබ්‍රෙව් 13:17) ඉගැන්වීම, එඬේර බැහැදැකීම්, දේවසේවයේ පෙරමුණ ගැනීම, තමන්ගේම පවුලේ අයගේ අවශ්‍යතාවන් පිරිමැසීම, සභාවේ ප්‍රශ්න ගැටලු හැසිරවීම වැනි බරපතළ වගකීම් දැරීමෙන් විශාල කාර්යභාරයක් මෙම වැඩිමහල්ලන් ඉටු කරනවා. (2 කොරින්ති 11:28, 29) අපි ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු නොකළොත් ඉන් අමතර බරක් ඔවුන් පිට පැටවෙනවා. එය ඔවුන්ගේ ‘සුසුම්ලෑමට’ හේතු විය හැකියි. එපමණක් නොවෙයි, යෙහෝවා දෙවිද ඒ ගැන අසතුටු වන අතර එය අපටද හානිදායක විය හැකියි. නමුත් අනෙක් අතට අපි ඔවුන්ට නිසි ගෞරවය සහ සහයෝගය දැක්වීම, ඔවුන්ට ප්‍රීතියෙන් රැළ රැකබලා ගැනීමට හැකි කරවයි. ඒ මගින් සභාව තුළ ඇති එක්සත්කම වැඩි වන අතර ප්‍රීතියෙන් යුතුව ශුභාරංචිය දේශනා කිරීමටද හැකි වෙයි.—රෝම 15:5, 6.
-