ඇදහිල්ල අපව ක්‍රියාවලට පොලඹවයි!
“[ආබ්‍රහම්ගේ] ඇදහිල්ල ඔහුගේ ක්‍රියා සමඟ ක්‍රියා කළ බවත් ඔහුගේ ක්‍රියාවලින් ඔහුගේ ඇදහිල්ල සම්පූර්ණ වූ බවත් ඔබට පෙනේ.”—යාකොබ් 2:22, NW.
1, 2. අපට ඇදහිල්ල තිබෙනවා නම්, අප ක්‍රියා කරන්න යන්නේ කෙසේද?
තමන්ට දෙවි කෙරෙහි ඇදහිල්ල තිබෙනවා කියා බොහෝදෙනෙක් කියා සිටිනවා. එහෙත් නාමික ඇදහිල්ල මළ සිරුරක් මෙන් ජීවයෙන් තොරයි. “ඇදහිල්ල ක්‍රියා නැතුව තනියම තිබේ නම් මැරිලා” කියා ශ්‍රාවක යාකොබ් ලිව්වා. දේවභයැති ආබ්‍රහම් සතුව තිබූ ඇදහිල්ල “ඔහුගේ ක්‍රියා සමඟ ක්‍රියා කළ” බවත් ඔහු ප්‍රකාශ කළා. (යාකොබ් 2:17, 22) එවැනි වදන්වලින් අපට ඇති වැදගත්කම කුමක්ද?
2 අප හට සැබෑ ඇදහිල්ලක් තිබෙනවා නම්, ක්‍රිස්තියානි රැස්වීම්වලදී අප අසන දේවල් නිකම්ම විශ්වාස කරන්න යන්නේ නැහැ. අප යෙහෝවාගේ ක්‍රියාශීලී සාක්ෂිකාරයන් බැවින් ඇදහිල්ලේ සාක්ෂි ඉදිරිපත් කරන්න යනවා. ඔව්, දෙවිගේ වචනය ජීවිතයට අදාළ කරගැනීම සඳහා ඇදහිල්ල අපව උනන්දු කරවන්න යන අතර, ක්‍රියා කරන්න එය අපව පොලඹවන්නත් යනවා.
අනිසි අනුග්‍රහය ඇදහිල්ල හා අනුකූල නොවේ
3, 4. අප එකිනෙකාට සලකන ආකාරය කෙරෙහි ඇදහිල්ල බලපෑම් කරන්නේ කෙසේද?
3 දෙවි සහ යේසුස් කෙරෙහි අපට අව්‍යාජ ඇදහිල්ල තිබෙනවා නම්, අප අනිසි අනුග්‍රහයක් දක්වන්න යන්නේ නැහැ. (යාකොබ් 2:1-4, NW) යාකොබ් මෙය ලියූ අයගෙන් සමහරෙකු, සැබෑ ක්‍රිස්තියානීන්ගෙන් ඕනෑ කළාවූ අපක්ෂග්රාහිත්වය විදහපෑවේ නැහැ. (රෝම 2:11) එමනිසා යාකොබ් මෙසේ අසනවා: “අපගේ තේජවත් ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්ගේ ඇදහිල්ල දරන්නේ අනිසි අනුග්රහයේ ක්‍රියා සමඟින්ද?” රන් මුදුවක් සහ අලංකාර ඇඳුම් ඇඳ රැස්වීමට පැමිණෙන නොඇදහිලිකාර ධනවතෙක් සහ “කිලුටු ඇඳුම් ඇඳගන ඉන්න නොඇදහිලිකාර දිළින්දෙක්” යන දෙදෙනාවම හොඳින් පිළිගත යුතුව තිබුණත්, ධනවතාට විශේෂ අවධානය යොමු කරමින් සිටියා. ඔවුන්ට “හොඳ තැනක” ආසන දෙද්දී, නොඇදහිලිකාර දිළින්දාට හිටගෙන සිටින්න කියා හෝ කාගේ හරි පාද ළඟ වාඩි වෙන්න කියා හෝ කිව්වා.
4 යෙහෝවා යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාව සැපයුවේ ධනවතුන්ට සහ දිළිඳුන්ට එක සමාන ලෙසයි. (2 කොරින්ති 5:14) මෙලෙස අපි ධනවතුන්ගේ අවධානය ලබන්න යනවා නම්, ‘තම දිළිඳුකම කරණකොටගෙන අප ධනවත් වන පිණිස, අප උදෙසා දිළිඳු වූ’ ක්‍රිස්තුස්ගේ ඇදහිල්ලෙන් අප ඉවත් වෙන්න යනවා. (2 කොරින්ති 8:9) අපි කිසිදා ඒ ආකාරයට ජනයාව විනිශ්චය නොකරමු—ඒ කියන්නේ, අපේ පෞද්ගලික වාසි ප්‍රයෝජන තකා. දෙවි පක්ෂග්රාහී නැහැ, නමුත් අප පක්ෂග්‍රාහීත්වය පෙන්වූවොත්, අප “නපුරු සිතිවිලිවලින් යුක්ත” වෙන්න යනවා. (යෝබ් 34:19) දෙවිව ප්‍රසන්න කිරීමේ ආශාවක් තිබෙන විට, අප අනිසි අනුග්‍රහය දැක්වීමේ පරීක්ෂාවට යටත් වෙන්න යන්නේවත් ‘අපේ පෞද්ගලික වාසි ප්‍රයෝජන තකා පෞද්ගලිකත්වයන් උසස්’ කර දක්වන්න යන්නේවත් නැති බව නිසැකයි.—යූද් 4, 16.
5. ‘ඇදහිල්ලේ ධනවත් වීමට’ දෙවි තෝරාගෙන ඇත්තේ කාවද? එමෙන්ම ද්‍රව්‍යමය ලෙස ධනවත් අය බොහෝවිට ක්‍රියා කරන්නේ කෙසේද?
5 යාකොබ් සැබෑ ධනවතුන්ව හඳුන්වා දෙන අතර, අපක්ෂග්රාහීව සියලුදෙනාටම ප්‍රේමය පෙන්විය යුතු බව බලවත් ඕනෑකමින් කියා සිටිනවා. (යාකොබ් 2:5-9, NW) ‘ඇදහිල්ලේ ධනවත් වන පිණිසත් රාජ්‍යයේ උරුමක්කාරයන් වන පිණිසත්, දෙවි ලෝකයේ දිළින්දන් තෝරාගත්තා.’ මෙය මෙසේ වන්නේ, බොහෝවිට දිළිඳුන් ශුභාරංචියට වැඩියෙන් ප්‍රතිචාරය දක්වන නිසයි. (1 කොරින්ති 1:26-29) ද්‍රව්‍යමය ලෙස ධනවත් අය පංතියක් හැටියට, ණය, වැටුප් සහ නීත්‍යනුකූල ක්‍රියා සම්බන්ධයෙන් අනිත් අයව පෙළීමට ලක් කරනවා. ඔවුන් ක්‍රිස්තුස්ට විරුද්ධව කතා කරන අතර, අප ඔහුගේ නාමය දරන නිසා අපට පීඩා කරනවා. නමුත් අසල්වැසියන්ට ප්‍රේම කිරීම අවශ්‍ය කරන්නාවූ ‘රාජකීය ව්‍යවස්ථාවට’ කීකරු වීම, අපේ අධිෂ්ඨානය කරගනිමු—ඒ, ධනවතුන්ටත් දිළිඳුන්ටත් එක හා සමානව ප්‍රේම කිරීමෙන්. (ලෙවී කථාව 19:18; මතෙව් 22:37-40) එසේ කිරීම දෙවිට ඕනෑ කරන නිසා, අනිසි අනුග්‍රහය දැක්වීම “පාපයක්.”
‘දයාව විනිශ්චයට එරෙහිව ජය නාද කරයි’
6. අප අන් අය සමඟ දයාන්විත ලෙස ක්‍රියා කරන්නේ නැත්නම්, අප නීති කඩකරන්නන් වෙන්න යන්නේ කෙසේද?
6 අප දයාවිරහිත ආකාරයෙන් අනිසි අනුග්‍රහය දක්වනවා නම්, අප නීති කඩකරන්නන් වෙනවා. (යාකොබ් 2:10-13, NW) මේ කාරණය සම්බන්ධයෙන් වැරදි පියවරක් ගැනීමෙන්, අප දෙවිගේ මුළු ව්‍යවස්ථාවේම විරුද්ධකාරයන් බවට පත් වෙනවා. කාමමිථ්‍යාචාරය නොකළත් සොරුන් වූ ඉශ්‍රායෙලිතයන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව උල්ලංගනය කරන්නන් බවට පත් වුණා. ක්‍රිස්තියානීන් හැටියට අපව විනිශ්චය කරන්නේ, “නිදහස් ජනතාවකගේ ව්‍යවස්ථාවෙන්”—ඒ කියන්නේ, අලුත් ගිවිසුමේ ආත්මික ඉශ්‍රායෙල්ගේ හෘදවල ලියා ඇති ව්‍යවස්ථාවෙන්.—යෙරෙමියා 31:31-33.
7. දිගින් දිගටම අනිසි අනුග්‍රහය දක්වන අයට දෙවිගෙන් දයාව අපේක්ෂා කළ නොහැක්කේ මන්ද?
7 අපට ඇදහිල්ල තිබෙනවායයි කියමින් දිගින් දිගටම අනිසි අනුග්‍රහය දක්වනවා නම්, අප සිටින්නේ අනතුරේ. ප්‍රේමය සහ දයාව නැති අයට දයාවිරහිත විනිශ්චයක් ලැබෙන්න යනවා. (මතෙව් 7:1, 2) යාකොබ් මෙසේ කියනවා: “දයාව වනාහි විනිශ්චයට එරෙහිව ජයනාද කරන්නේය.” අප සියලු කටයුතුවලදී දයාව පෙන්වීමෙන් යෙහෝවාගේ ශුද්ධාත්මයේ මඟ පෙන්වීම පිළිගන්නවා නම්, අපව විනිශ්චය කරන විට දෝෂාරෝපණයට ලක් වෙන්න යන්නේ නැහැ. ඒ වෙනුවට, දයාව අද්දකින්න යන අතර, බුරුලක් නැති යුක්තිය හෝ අහිතකර විනිශ්චයට එරෙහිව ජය නාද කරන්න යනවා.
ඇදහිල්ල යහපත් ක්‍රියා උපදවයි
8. තමාට ඇදහිල්ල තිබෙනවා කියා කිව්වත්, ක්‍රියාවලින් ඌන කෙනෙකුගේ තත්වය කුමක්ද?
8 අපව ප්‍රේමනීය සහ දයාන්විත කරනවාට අමතරව, ඇදහිල්ල වෙනත් යහපත් ක්‍රියාත් උපදවනවා. (යාකොබ් 2:14-26, NW) ඇත්තවශයෙන්ම, ක්‍රියා නැති නාමික ඇදහිල්ල අපව ගළවාගන්න යන්නේ නැහැ. ව්‍යවස්ථාවේ ක්‍රියා මගින් දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ ස්ථාවරයක් උපයාගන්න බැරි බව ඇත්තයි. (රෝම 4:2-5) යාකොබ් කතා කරන්නේ ව්‍යවස්ථා සංග්‍රහයකින් නොව ඇදහිල්ලෙන් සහ ප්‍රේමයෙන් පොලඹවන්නාවූ ක්‍රියා ගැනයි. අප එවැනි ගුණාංග මගින් පෙලඹී සිටිනවා නම්, අවශ්‍යතා තිබෙන සෙසු නමස්කාරකයන්ට හුදු කාරුණික වචන පමණක්ම අප කතා කරන්න යන්නේ නැහැ. ඇඳුම් පැළඳුම් නැති හෝ බඩගින්නේ සිටින සහෝදරයෙකුට හෝ සහෝදරියකට අප ද්‍රව්‍යමය ආධාර ලබා දෙන්න යනවා. යාකොබ් මෙසේ අසනවා: ‘ඔබගෙන් යමෙක් අවශ්‍යතා තිබෙන සහෝදරයෙකුට: “සමාදානයෙන් යන්න, උණුහුම් වෙන්න, කෑම කා තෘප්තියට පැමිණෙන්න” කියා ඔවුන්ට කියනවා මිස ශරීරයට ඕනෑ දේවල් නොදෙනවා නම්, මොන ප්‍රයෝජනයක්ද?’ කිසිත් නැහැ. (යෝබ් 31:16-22) එවන් “ඇදහිල්ල” ජීවයෙන් තොරයි!
9. අපට ඇදහිල්ල තිබෙන බව කුමකින් පෙන්වයිද?
9 අප යම් ප්‍රමාණයකට දෙවිගේ සෙනඟ සමඟ ආශ්‍රය කරමින් සිටිනවා විය හැකි මුත් අපට ඇදහිල්ල තිබේය යන කාරණයට අනුබල දිය හැකි වන්නේ, හෘද පූර්ණ ක්‍රියාවලට පමණයි. අප ත්‍රිත්ව මූලධර්මය ප්‍රතික්ෂේප කර, ඇත්තේ එක දෙවිකෙනෙක් පමණයි කියා විශ්වාස කරනවා නම්, ඒක හොඳයි. නමුත්, හුදු විශ්වාසය කියන්නේ ඇදහිල්ල නෙවෙයි. විනාශය ඔවුන් එන තුරු මඟ බලා සිටින නිසා “යක්ෂයොත් විශ්වාස කර” භයෙන් “වෙවුලයි.” අපට සැබවින්ම ඇදහිල්ල තිබෙනවා නම්, ශුභාරංචිය දේශනා කිරීම සහ අවශ්‍යතාව ඇති සෙසු ඇදහිලිවන්තයන්ට කෑම සහ ඇඳුම් සැපයීම වැනි ක්‍රියා නිපදවන්න එය අපව පොලඹවන්න යනවා. යාකොබ් මෙසේ අසනවා: “හිස් වූ මනුෂ්‍යය [දෙවි පිළිබඳ නිවැරදි දැනුමෙන් නොපිරුණු], ක්‍රියා නැති ඇදහිල්ල නිෂ්ඵල බව ඔබ දැනගන්ට කැමතිද?” ඔව්, ඇදහිල්ල ක්‍රියා අපේක්ෂා කරයි.
10. “අදහන්නාවූ සියල්ලන්ගේ පියා” හැටියට ආබ්‍රහම්ව හැඳින්වූයේ මන්ද?
10 දේවභක්තික පිතෘමූලික ආබ්‍රහම්ගේ ඇදහිල්ල ඔහුව ක්‍රියාවට පෙලඹුවා. “අදහන්නාවූ සියල්ලන්ගේ පියා” හැටියට, ඔහු “තමාගේ පුත්‍ර වූ ඊසාක් පූජාසනය පිට ඔප්පු කළ විට ක්‍රියාවලින් ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලැබුවා.” (රෝම 4:11, 12; උත්පත්ති 22:1-14) දෙවි ඊසාක්ව නැවත නැඟුටුවා ඔහු තුළින් වංශය පිළිබඳ දෙවිගේ පොරොන්දුව ඉටු කිරීම සම්බන්ධයෙන් ආබ්‍රහම් ඇදහිල්ලේ ඌනතාවකින් පෙළෙමින් සිටියා නම්, තත්වය කුමක් විය හැකිව තිබුණාද? එසේ වූවා නම්, ආබ්‍රහම් ඔහුගේ පුත්‍රයාව කොහෙත්ම ඔප්පු නොකරන්න ඉඩ තිබුණා. (හෙබ්‍රෙව් 11:19) “ඔහුගේ ඇදහිල්ල සම්පූර්ණ” හෝ පූර්ණ වුණේ ආබ්‍රහම්ගේ කීකරු ක්‍රියා මගින්. මෙසේ “‘ආබ්‍රහම් යෙහෝවාව විශ්වාස කළේය, දෙවි එය ඔහු සඳහා ධර්මිෂ්ඨකම කොට ගණන් ගනු ලැබුවේය’ කියා තිබෙන ලියවිල්ල [උත්පත්ති 15:6] සම්පූර්ණ වුණේය.” ධර්මිෂ්ඨයයි දෙවි ආබ්‍රහම් ගැන කලින් ප්‍රකාශ කළ දෙය, ඊසාක්ව ඔප්පු කිරීමට උත්සාහ කිරීමේ ආබ්‍රහම්ගේ ක්‍රියා තුළින් තහවුරු වුණා. ඇදහිල්ලේ ක්‍රියා තුළින්, දෙවි සඳහා ඔහුගේ ප්‍රේමය පෙන්වූ අතර, “යෙහෝවාගේ මිතුරා” ලෙස හඳුන්වනු ලැබුවා.
11. රාහබ්ගේ සිද්ධියේදී, අපට ඇත්තේ ඇදහිල්ල පිළිබඳ කිනම් සාක්ෂිද?
11 “මනුෂ්‍යයෙක් ඇදහිල්ල පමණකින් නොව ක්‍රියාවලිනුත් ධර්මිෂ්ඨ කරනු ලබන බව” ආබ්‍රහම් ඔප්පු කළා. යෙරිකෝවේ සිටි වේශ්‍යාවක් වූ රාහබ් සම්බන්ධයෙනුත් මෙය සැබෑවක් වුණා. “[ඉශ්රායෙල්] පණිවිඩකාරයන් පිළිගෙන අන් මගකින් පිටත් කර ඇරිය කල, ක්‍රියාවලින් ඈ ධර්මිෂ්ඨ කරනු” ලැබුවා; ඇය නිසා ඔවුන්ට තම සතුරු කානානීවරුන්ව මඟහැර පලා යන්න හැකි වුණා. ඉශ්රායෙල් ඔත්තුකාරයන්ව හමුවීමට කලින් යෙහෝවා සැබෑ දෙවි බව ඇය හඳුනාගෙන සිටි අතර, ඇය පසුව කී දේවලිනුත්, ගණිකා වෘත්තිය නවතා දැමීමෙනුත් ඇගේ ඇදහිල්ල සඳහා සාක්ෂි ඉදිරිපත් කළා. (යෝෂුවා 2:9-11; හෙබ්‍රෙව් 11:31) ක්‍රියාවෙන් පෙන්වූ ඇදහිල්ල පිළිබඳ මේ දෙවන ආදර්ශයෙන් පසුව, යාකොබ් මෙසේ කියනවා: “ආත්මය නැති ශරීරය මැරී තිබෙන්නාක් මෙන්ම ක්‍රියාවලින් වෙන් වූ ඇදහිල්ලද මැරී තිබේ.” පුද්ගලයෙක් මියගියාම, ජීව බලය නැත්නම් ඔහු තුළ ඇති “ආත්මය” නැති වී යන අතර, කිසිවක් කරන්න ඔහුට බැහැ. හරියට මළ සිරුරක් මෙන්, හුදු නාමික ඇදහිල්ලත් ජීවයෙන් තොරයි, කිසිම පලක් නැහැ. කෙසේවෙතත්, අපට නියම ඇදහිල්ල තිබෙනවා නම්, එය අපව දේවභක්තික ක්‍රියාවලට පොලඹවන්න යනවා.
ඔබේ දිව පාලනය කරගන්න!
12. සභාවල සිටින වැඩිමහල්ලන් සලකා බැලිය යුතුව ඇත්තේ කුමක්ද?
12 කතා කිරීමෙන් සහ ඉගැන්වීමෙන්, ඇදහිල්ලේ සාක්ෂි සැපයීමට හැකි වුවත්, පාලනයක් අවශ්‍ය වෙනවා. (යාකොබ් 3:1-4, NW) වැඩිමහල්ලන් සභාවේ ගුරුවරුන් හැටියට බැරෑරුම් වගකීමක් දරන අතර, දෙවි ඉදිරියේ මහත් ගණන් දීමකට යටත්. මේ නිසා, තමන්ගේ ආකල්ප සහ සුදුසුකම් සම්බන්ධයෙන් ඔවුන් නිහතමානි ලෙස තමන්ව පරීක්ෂා කර බැලිය යුතුයි. දැනුම සහ හැකියාවට අමතරව, මේ මනුෂ්‍යයන් තුළ සෙසු ඇදහිලිවන්තයන් සහ දෙවි සඳහා ගැඹුරු ප්‍රේමයක් තිබිය යුතුයි. (රෝම 12:3, 16; 1 කොරින්ති 13:3, 4) වැඩිමහල්ලන් තම උපදෙස් ශුද්ධ ලියවිලි මත පදනම් කරගත යුතුයි. ඉගැන්වීමේදී වැඩිමහල්ලෙක් වැරදි උපදෙස් දෙනවා නම්, එය අන් අයට ගැටලු ඇතිවීමට මඟ පාදනවා නම්, ක්‍රිස්තුස් තුළින් දෙවි ඔහුව අහිතකර ලෙස විනිශ්චය කරන්න යනවා. එමනිසා, වැඩිමහල්ලන් නිහතමානි සහ ඉගෙනගැනීමේ උත්සාහවන්ත විය යුතු අතර, දෙවිගේ වචනයට විශ්වාසවන්ත ලෙස ඇලී සිටිය යුතුයි.
13. අප වචනය සම්බන්ධයෙන් පැකිලෙන්නේ මන්ද?
13 ඉතා හොඳ ගුරුවරුන් පවා—ඇත්තවශයෙන්ම, අප සියලුදෙනාම—අසම්පූර්ණකම නිසා “බොහෝ වර පැකිලෙයි.” බොහෝවිට නිතර නිතර සිදු වන සහ හානිවීමට බොහෝ ඉඩ කඩ ඇති අඩුලුහුඬුකමකි, වචනයෙන් පැකිලවීම. යාකොබ් මෙසේ කියනවා: “යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනය කරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය.” යේසුස් ක්‍රිස්තුස් මෙන් නොව, දිවෙහි පූර්ණ පාලනයක් අපට නැහැ. අපට එසේ කළ හැකි නම්, අපේ අනිත් ශරීරාංග පවා පාලනය කරන්න අපට හැකි වෙනවා. මොනවා වුණත්, අශ්වයන්ව අපට වුවමනා දෙසට ගෙනයන්න කටකලියා පාවිච්චි කරනවා වගේම, කුඩා සුක්කානමක ආධාරයෙන් චණ්ඩ මාරුත හමුවේ වුණත් විශාල බෝට්ටුවක් පවා තමාට රිසි සේ හසුරුවන්න සුක්කානම්කරුට හැකියි.
14. දිව පාලනය කිරීම සඳහා අවශ්‍ය වෑයම යාකොබ් කෙසේ කාවද්දයිද?
14 දිව පාලනය කරගැනීමට සැබෑ වෑයමක් අවශ්‍ය බව අප සියලුදෙනාම අවංකවම පිළිගත යුතුයි. (යාකොබ් 3:5-12, NW) අශ්වයෙක් සමඟ සසඳද්දී, කටකලියාව කුඩායි; නැවක් සමඟ සසඳද්දී සුක්කානමකුත් ඒ වගේමයි. එමෙන්ම මිනිස් සිරුර සමඟ දිව සසඳද්දී එය කුඩා “නමුත් ලොකුවට පාරට්ටු කරයි.” පුරසාරම් දෙඩීම දෙවිට අප්‍රසන්න බව බයිබලයේ පැහැදිලිව පවසන නිසා, ඉන් වැළකී සිටීමට අපි ඔහුගේ උපකාරය පතමු. (ගීතාවලිය 12:3, 4; 1 කොරින්ති 4:7) වනාන්තරයක් පත්තු වෙන්න අවශ්‍ය කරන්නේ ගිනි පුපුරක් පමණයි කියා මතකයේ තබාගෙන කෝප වූ විට පවා අපි අපේ දිව පාලනය කරගනිමු. යාකොබ් අඟවන්නේ, මහත් හානි පැමිණවීමට හැකියාව ඇති “දිව ගින්නක්” කියායි. (හිතෝපදේශ 18:21) ඇයි, නොහික්මුණු දිව “අධර්මිෂ්ඨකමේ ලෝකයක්”! මේ අභක්තික ලෝකයේ සෑම නපුරු ලක්ෂණයක්ම, පාලනයෙන් තොර දිව හා සම්බන්ධව පවතිනවා. නින්දාව සහ බොරු ඉගැන්වීම වැනි හානිකර දේවල් සඳහා දිව වගකීම දරනවා. (ලෙවී කථාව 19:16; 2 පේතෘස් 2:1) ඔබ සිතන්නේ කුමක්ද? අපේ දිව පාලනය කරගැනීම සඳහා දැඩි වෑයමක් දැරීමට අපේ ඇදහිල්ල අපව පෙලඹවිය යුතු නැද්ද?
15. දමනය කර නොගත් දිව කිනම් හානි පමුණුවන්ට ඉඩ තිබේද?
15 දමනය නොකළ දිවක් සම්පූර්ණයෙන්ම ‘අපව කිලුටු’ කරනවා. උදාහරණයක් හැටියට, නැවත නැවත බොරුකීමේ වරදට අපව හසු වුණොත්, අප බොරුකාරයන් ලෙස හඳුන්වනු ලබන්න ඉඩ තිබෙනවා. එහෙත් නොහික්මුණු දිව ‘සකල ලෝකයට ගිනි අවුළවන්නේ’ කෙසේද? ඊට හසු වී ඇති ජීවිතය එයින් මුදවාගැනීමට නොහැකි වීමෙන්. පාලනයෙන් තොර එක දිවක් නිසා මුළු සභාවක්ම කරදරයට පත් වෙන්න ඉඩ තිබෙනවා. හින්නොම් මිටියාවතේ තිබූ “ගෙහෙන්නාව” ගැන යාකොබ් සඳහන් කරනවා. කලින් එය ළමුන්ව පූජා කිරීමට පාවිච්චි කළත්, යෙරුසලමෙන් විසි කරන අපද්‍රව්‍ය පිලිස්සීමට පසුව භාවිත වුණා. (යෙරෙමියා 7:31) එබැවින් ගෙහෙන්නාව පූර්ණ විනාශයේ සංකේතයක්. එක් අර්ථයකින්, නොහික්මුණු දිව සඳහා ගෙහෙන්නාවේ විනාශකාරි බලය අදාළ වෙනවා. අපි අපේ දිව දමනය කරගන්නේ නැත්නම්, වතාවක් අපම ඇවිළවූ ගින්නේ ගොදුරු බවට පත් වෙන්න ඉඩ තිබෙනවා. (මතෙව් 5:22) කෙනෙකුට අපහාස කිරීම හේතුවෙන් අපව සභා ඇසුරෙන් කපාහරින්නත් ඉඩ තිබෙනවා.—1 කොරින්ති 5:11-13.
16. නොහික්මුණු දිවකින් සිදු කළ හැකි හානිය සලකා බලද්දී, අප ඒ ගැන කුමක් කළ යුතුද?
16 දෙවිගේ වචනය කියවීමෙන් ඔබ දැනගෙන ඇති පරිදි, මිනිසා විසින් සත්ව මැවිල්ල යටත් කරගත යුතු බව යෙහෝවා ප්‍රකාශ කළා. (උත්පත්ති 1:28) සියලුම වර්ගවල ජීවීන්ව හීලෑ කරගෙන තිබෙනවා. නිදසුනක් වශයෙන්, පුහුණු කරන ලද රාජාලීන්ව දඩයම් කිරීම සඳහා යොදාගෙන තිබෙනවා. යාකොබ් සඳහන් කරන ‘බඩගායන ජාතීන්ට’ සර්පයන් ඇතුළත් විය හැකි අතර, නයි නටවන්නන් උන්ව පාලනය කරනවා. (ගීතාවලිය 58:4, 5) මිනිසාට තල්මසුන්ව පවා පාලනය කළ හැකි වුවත්, අසම්පූර්ණ මනුෂ්‍යයන් හැටියට අපේ දිව සම්පූර්ණයෙන්ම හීලෑ කරගන්න අපට බැහැ. ඒ කෙසේවෙතත්, අනිසි, කැපෙනසුලු හෝ නින්දාසහගත කතාබහෙන් අප වැළකී සිටිය යුතුයි. නොහික්මුණු දිව, මාරාන්තික විෂ පිරුණු අන්තරාදායක උපකරණයක් විය හැකියි. (රෝම 3:13) කනගාටුදායක ලෙස, බොරු ගුරුවරුන්ගේ දිව් ඇතැම් මුල් ක්‍රිස්තියානීන්ව දෙවි වෙතින් වෙනතකට හැරෙව්වා. එමනිසා ලිඛිත වේවා, වාචික වේවා, විසකුරු වූ ඇදහිල්ල අතහැර ගිය අයගේ ප්රකාශයන්වලට අපව ජයගන්න අපි කිසිදා ඉඩ නාරිමු.—1 තිමෝති 1:18-20; 2 පේතෘස් 2:1-3.
17, 18. යාකොබ් 3:9-12, NWහි යොමු දක්වන චපලකම කුමක්ද? එමෙන්ම අප මේ සම්බන්ධයෙන් කුමක් කළ යුතුද?
17 දෙවි කෙරෙහි ඇදහිල්ල සහ ඔහුව සතුටු කිරීමට ආශාවක් ඇතුව සිටීම අපව ඇදහිල්ල අතහැර යෑමෙන් ආරක්ෂා කරන අතර, දිව චපල ලෙස පාවිච්චි කිරීමෙන් වළක්වනවා. ඇතමෙකුගේ චපලකමට යොමු දක්වමින් යාකොබ් කියන්නේ, ‘පිය වූ යෙහෝවාට අපි දිවෙන් ප්‍රශංසා කරමුව; එයින්ම දෙවිගේ සමානත්වයට පැමිණ සිටින මනුෂ්‍යයන්ට අපි ශාප කරමුව’ කියායි. (උත්පත්ති 1:26) යෙහෝවා අපේ පියා වන අතර, ඔහු ‘සියල්ලන්ට ජීවිතයද හුස්මද සියලු දේවල්ද දෙන්නේය.’ (ක්‍රියා 17:24, 25) ආත්මික ආකාරයකින් ඔහු අභිෂේක ලත් ක්රිස්තියානීන්ගේද පියායි. සතුන්ගෙන් අපව වෙන් කර දක්වන ප්‍රේමය, යුක්තිය සහ ප්‍රඥාව ඇතුළු මානසික සහ සදාචාර ගුණාංග ගත් කල අප සියලුදෙනාම “දෙවිගේ සමානත්වය” ලෙස මවා තිබෙනවා. මෙසේ, යෙහෝවා කෙරෙහි අපට ඇදහිල්ල තිබෙනවා නම්, අප ක්‍රියා කළ යුත්තේ කෙසේද?
18 අප මනුෂ්‍යයන්ට ශාප කරනවා නම්, ඉන් අදහස් කරන්නේ අප ඔවුන් කෙරෙහි නපුරු දේ යදිනවා කියන එකයි. කිසිවෙක් කෙරෙහි නපුරු දේ යදින්න දිව්‍යානුභාවය ලත් දිවැස්වරුන් ලෙස අපව පත් කර නැති නිසා, එවැනි කතා වෛරයේ සාක්ෂි වන අතර, දෙවිට කරන අපේ නමස්කාරය නිෂ්ඵල කරවනවා. “ප්‍රශංසාවත් ශාපයත්” එකම මුඛයෙන් නික්මීම සුදුසු නැහැ. (ලූක් 6:27, 28; රෝම 12:14, 17-21; යූද් 9) රැස්වීමේදී දෙවිට ප්‍රශංසා ගීතිකා ගායනා කර, පසුව සෙසු ඇදහිලිවන්තයන් ගැන නපුරු දේ කතා කරනවා නම් එය මොනතරම් පාපිෂ්ඨ දෙයක් වෙන්න යනවාද! මිහිරි දියත් තිත්ත දියත් යන දෙකම එක උල්පතෙන් නිකුත් වෙන්න බැහැ. ‘අත්තික්කා ගහේ ඔලීව ඵලවත්, මුද්‍රික ඵලවත් හටගන්නේ නැතුවා’ මෙන්ම කරදියෙන් මිරිදිය නික්මෙන්නේද නැහැ. අපි හොඳ දේ කතා කරන ගමන්ම, නොකඩවා තික්ත වචන පාවිච්චි කරනවා නම්, ආත්මික ලෙස අපට යමක් වැරදී තිබෙනවා. අපි එම පුරුද්දට වැටී තිබෙනවා නම්, එවැනි ආකාරයට කතා කිරීම නවත්වන්න යෙහෝවාගේ උපකාරය ඉල්ලා යාච්ඤා කරමු.—ගීතාවලිය 39:1.
ඉහළින් පැමිණෙන ප්‍රඥාව සමඟ ක්‍රියා කිරීම
19. අපව ස්වර්ගීය ප්‍රඥාවෙන් මඟ පෙන්වා තිබෙනවා නම්, අන් අය කෙරෙහි අපේ බලපෑම කෙබඳු එකක් වේවිද?
19 ඇදහිල්ල ඇත්තන්ට ගැළපෙන අයුරින් කතා කරන්න සහ ක්‍රියා කරන්න අප සියලුදෙනාටම ප්‍රඥාව අවශ්‍යයි. (යාකොබ් 3:13-18, NW) අපට දෙවි කෙරෙහි ගෞරවාන්විත භයක් තිබෙනවා නම්, ඔහු අපට ස්වර්ගීය ප්‍රඥාව දෙනවා වගේම දැනුම නිවැරදි ලෙස පාවිච්චි කරන්න හැකියාවත් ලබා දෙනවා. (හිතෝපදේශ 9:10; හෙබ්‍රෙව් 5:14) “ප්‍රඥාවට අයත් මෘදුකම” විදහාපාන්නේ කෙසේද කියා ඔහුගේ වචනය අපට උගන්වනවා. එමෙන්ම අප මෘදු නිසා, සභාව තුළ සාමයට අප අනුබල දෙනවා. (1 කොරින්ති 8:1, 2) තමන් සෙසු ඇදහිලිවන්තයන්ගේ උත්කෘෂ්ට ගුරුවරුන්ය කියා පුරසාරම් දොඩන්නාවූ කෙනෙක් සිටී නම්, ඔවුන් ‘ක්‍රිස්තියානි සත්‍යයට විරුද්ධව බොරු කියමින්’ සිටින අතර, එය මමත්වය හෙළා දකියි. (ගලාති 5:25) ඔවුන්ගේ ‘ප්‍රඥාව භූමිකයි’—ඒ කියන්නේ, දෙවිගෙන් විදේශී වූ පාපතර මිනිස් ස්වභාවයයි. එය ‘සත්වාකාරව,’ එනම් මාංශික නැඹුරුවාවේ ඵලයක්ව පවතියි. ඇයි, ඒක “යක්ෂාකාරව” තිබෙයි; මන්ද, දුෂ්ටාත්ම උඩඟුයි! (1 තිමෝති 3:6) එමනිසා නින්දා කිරීම සහ අනිසි අනුග්‍රහය දැක්වීම වැනි ‘නීච දේවල්’ වැජඹීමට හැකි කිසිම ආකාරයක වටපිටාවක් සකස් නොකිරීම සඳහා, අපි ප්‍රඥාව සහ නිහතමානිකම ඇතුව ක්‍රියා කරමු.
20. ඔබ ස්වර්ගීය ප්‍රඥාව විස්තර කරන්නේ කෙසේද?
20 “ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට පිරිසිදුය,” එය අපව සදාචාරව සහ ආත්මිකව පිරිසිදු කරනවා. (2 කොරින්ති 7:11) එය “සාමකාමීය,” සාමය ලුහුබැඳීමට අපව පොලඹවනවා. (හෙබ්‍රෙව් 12:14) ස්වර්ගීය ප්‍රඥාව, අපව තම මතයේ එල්බගෙන සිටින සහ කටයුතු කිරීමට දුෂ්කර අය නොව “සාධාරණ” අය කරවනවා. (පිලිප්පි 4:5) ඉහළින් පැමිණෙන ප්‍රඥාව “කීකරු වීමට සූදානම්ය,” දිව්‍ය ඉගැන්වීමට කීකරු වීම සඳහා අනුබල දෙන අතර, යෙහෝවාගේ සංවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා. (රෝම 6:17) ඉහළින් පැමිණෙන ප්‍රඥාව අපව දයාන්විත සහ අනුකම්පාසහගත අය බවටත් පත් කරවනවා. (යූද් 22, 23) ‘යහපත් ඵලවලින්’ පූර්ණව සිටීම, අන් අය ගැන සලකන්නත්, යහපත්කමට, ධර්මිෂ්ඨකමට සහ සැබෑවට එකඟව ක්‍රියා කරන්නත් පොලඹවනවා. (එපීස 5:9) සාමදූතයන් හැටියට, සාමකාමී තත්වයන් යටතේ සඵල වන “ධර්මිෂ්ඨකමේ ඵලය” අප භුක්ති විඳිනවා.
21. යාකොබ් 2:1–3:18ට අනුව, දෙවි කෙරෙහි ඇදහිල්ල අපව කිනම් ක්‍රියාවලට පොලඹවයිද?
21 එසේනම් පැහැදිලිවම, ඇදහිල්ල අපව ක්‍රියාවලට පොලඹවනවා. එය අපව අපක්ෂග්‍රාහී, දයාවන්ත මෙන්ම යහපත් වැඩවලට ක්‍රියාශීලී කරවනවා. දිව පාලනය කරගන්නත්, ස්වර්ගීය ප්‍රඥාව සමඟ ක්‍රියා කරන්නත් ඇදහිල්ල අපට උපකාර කරනවා. නමුත් මේ ලිපියෙන් අපට ඉගෙනගත හැක්කේ එපමණක් නෙවෙයි. අප යෙහෝවා කෙරෙහි ඇදහිල්ල ඇත්තන්ට ගැළපෙන අයුරින් හැසිරීම සඳහා, අපට උපකාර කළ හැකි තවත් උපදෙස් යාකොබ් සතුව තිබෙනවා.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻ අනිසි අනුග්‍රහය දැක්වීමේ ඇති වරද කුමක්ද?
◻ ඇදහිල්ල සහ ක්‍රියා අතර ඇති නෑකම කුමක්ද?
◻ දිව පාලනය කිරීම එතරම්ම වැදගත් මන්ද?
◻ ස්වර්ගීය ප්‍රඥාව මොන වගේද?