බයිබල් පොත් අංකය 59—යාකොබ්
ලේඛකයා: යාකොබ්
ලියූ ස්ථානය: යෙරුසලම
ලිවීම සම්පූර්ණ කළේ: පො.යු. 62ට පෙර
‘ඔහුට ඔල්මාද.’ යේසුගේ ඥාතීන් ඔහුව සැලකුවේ එලෙසය. ඔහු තම භූමික දේවසේවයේ නියැලෙමින් සිටි කාලයේදී, ‘ඔහුගේ සහෝදරයන් ඔහු කෙරෙහි ඇදහිල්ල තැබුවේ නැත.’ එමෙන්ම යාකොබ් ඇතුළු යෝසෙප්, සීමොන් හා යූදස් යන අයව යේසුගේ මුල් ගෝලයන් ලෙස ගණන්ගනු ලැබුවේ නැත. (මාර්ක් 3:21; යොහන් 7:5; මතෙ. 13:55) යාකොබ් යන නම දරන බයිබලයේ අඩංගු පොත යේසුගේ අර්ධ සහෝදරයා වන යාකොබ් ලියූ බව පැවසිය හැක්කේ කිනම් පදනමක් මතද?
2 නැවත නැඟිටුවනු ලැබූ යේසු යාකොබ් ඉදිරියෙහි පෙනී සිටි බව වාර්තාව පැහැදිලි කරන අතර, යේසුස් මෙසියස් බවට කිසිඳු ප්‍රශ්නයකින් තොරව ඒත්තුගැනීමට එය ඔහුට මඟ පෑදූ බවට කිසිම සැකයක් නොමැත. (1 කොරි. 15:7) පෙන්තකොස්ත දවසටත් කලින්, මරියා සහ යේසුගේ සහෝදරයන් යාච්ඤා කිරීම සඳහා යෙරුසලමෙහි ඉහළ මහලයක එක්රැස්ව සිටි බව ක්‍රියා 1:12-14හි පැවසෙයි. නමුත් යාකොබ් යනුවෙන් හඳුන්වන ප්‍රේරිතයන්ගෙන් කෙනෙකු විසින් මෙම ලිපිය ලියනු ලැබුවා විය නොහැකිද? නොහැක; මන්ද ප්‍රේරිතයෙකු හැටියට නොව, ‘යේසුස් ක්‍රිස්තුස්ගේ දාසයෙකු’ ලෙස මෙහි ලේඛකයා ආරම්භයේදීම තමාව හඳුන්වා දෙන බැවිනි. තවදුරටත්, යාකොබ්ගේ හැඳින්වීමට සමානව යූද් (හෝ යූදස්) ඔහුගේ හැඳින්වීමෙහි යොදාගත් වචනවල සඳහන් වන්නේ, ඔහු ‘යේසුස් ක්‍රිස්තුස්ගේ දාසයෙකු හා යාකොබ්ගේ සහෝදරයෙකු’ ලෙසය. (යාකො. 1:1; යූද් 1) මේ අනුව යේසුගේ මාංසික අර්ධ සහෝදරයන් වන යාකොබ් සහ යූද් ඔවුන්ගේ නම් දරන බයිබලයේ පොත් ලියූ බව අපට නිසැකවම නිගමනය කළ හැක.
3 ක්‍රිස්තියානි සභාවට උපදෙස් ඇතුළත් ලිපියක් ලිවීමට යාකොබ් මනා සුදුසුකම් අත් කරගෙන සිටියේය. යෙරුසලමෙහි පිහිටි සභාවේ අවේක්ෂකයෙකු වශයෙන් ඔහු මහත් ගෞරවයට පාත්‍ර වූ කෙනෙකු විය. කේපස් සහ යොහන්ට සමානව ‘ස්වාමින්ගේ සහෝදරයා වන යාකොබ්ද’ සභාවේ ‘කණුවලින්’ එකක් බව පාවුල් පවසයි. (ගලා. 1:19; 2:9) සිරෙන් නිදහස් වීමෙන් පසුව, පේතෘස් විගස “යාකොබ්ටද සහෝදරයන්ටද” පණිවිඩයක් යැවීමෙන් යාකොබ්ට හිමිව තිබූ ප්‍රමුඛත්වය ඇඟවෙයි. චර්මච්ඡේදනය සම්බන්ධයෙන් තීරණයක් ඉල්ලා සිටිමින් පාවුල් හා බාර්ණබස් යෙරුසලමට ගිය අවස්ථාවේදී, ‘ප්‍රේරිතයන්ව හා වැඩිමහල්ලන්ව’ නියෝජනය කරමින් කතා කළ තැනැත්තා වූයේ යාකොබ් නොවේද? තවද, මෙම තීරණය දැනුම් දෙමින් ලියන ලද ලිපියෙහි මෙන්ම ඔහුගේ ලිපියෙහිද ‘ශුභ සිද්ධ වේවා!’ යනුවෙන් සමාන ආචාර කිරීමක් යාකොබ් යොදාගනියි; එකම ලේඛකයෙකු විසින් ඒවා ලියනු ලැබූ බවට මෙය තවත් ඉඟියක් සපයයි.—ක්‍රියා 12:17; 15:13, 22, 23; යාකො. 1:1.
4 ගල් ගසා යාකොබ්ව මරණයට පත් කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ සද්දුසිවරයෙකු වන උත්තම පූජකයා වූ අනනස් (අනනියස්) බව ඉතිහාසඥ ජොසීෆස් පවසයි. මෙය සිදු වූයේ, රෝම ආණ්ඩුකාර පෙස්තුස්ගේ මරණයට පසුව හා ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ඇල්බීනස් එම නිලයට පත්වීමට පෙරය;a එනම් පො.යු. 62දී පමණය. නමුත් යාකොබ් තම ලිපිය ලිව්වේ කවදාද? යාකොබ් යෙරුසලමෙහි සිට මෙම ලිපිය මගින් අමතනු ලැබුවේ, ‘විසිරී සිටින ගෝත්‍ර දොළොසටය,’ එනම් සැබවින්ම “පැතිරෙමින් සිටි (අයටය).” (යාකො. 1:1, NW, පාදසටහන) පොදු යුගයේ 33දී ශුද්ධාත්මය වැගිරීමෙන් පසු ක්‍රිස්තියානි ධර්මය ව්‍යාප්ත වීමට යම් කාලයක් ගතවීම අවශ්‍ය විය; එමෙන්ම මෙම ලිපියෙහි සඳහන් තැතිගන්වන තත්වයන් වර්ධනය වීමටද යම් කාලයක් ගත විය යුතුව තිබිණ. ක්‍රිස්තියානීන් තවදුරටත් කුඩා කණ්ඩායම් හැටියට නොව, නමුත් දුර්වලයන් වෙනුවෙන් යාච්ඤා කරමින් ඔවුන්ට සහය වන “වැඩිමහල්ලන්” සිටිය සභා හැටියට සංවිධානය වී තිබූ බව මෙම ලිපියෙන් ඇඟවෙයි. මීට අමතරව, යම් ප්‍රමාණයකට ව්‍යාජ ආත්ම-තෘප්තිය හා බාහිර අලංකාරයෙන් යුත් භක්තිය ක්‍රමානුකූලව ඇතුල් වීමට තරම් ප්‍රමාණවත් කාලයක් ගත වී තිබිණ. (2:1-4; 4:1-3; 5:14; 1:26, 27) එමනිසා බොහෝදුරට යාකොබ් තම ලිපිය ලියන්න ඇත්තේ, පො.යු. 62ට ටික කලකට කලින් විය හැක; යාකොබ් තම ලිපිය ලියූ කාලය හැටියට මෙය දැක්විය හැක්කේ, පෙස්තුස්ගේ මරණයට පෙර හා පසු සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් ජොසීෆස්ගේ වාර්තාවත් පෙස්තුස් මියගියේ පො.යු. 62දී කියා සඳහන් මූලාශ්‍රත් නිවැරදි නම් පමණි.
5 යාකොබ්ගේ ලිපියේ නිරවද්‍යතාව සම්බන්ධයෙන් ගත් කල, එය වැටිකන් අංක 1209හි, සයිනඉටික්හි හා ඇලෙක්සැන්ඩ්‍රීන් යන අත්පිටපත්වල ඇතුළත් වී තිබේ. පොදු යුගයේ 397දී පැවැත්වූ කාතේජ්හි මන්ත්‍රණ සභාවට කලින් සකස් කර තිබූ පැරණි නාමාවලි අඩුම තරමින් දහයකවත් එය ඇතුළත් වේ.b එය මුල් කාලයේ විසූ සභා ලේඛකයන් විසින් පුළුල් ලෙස උපුටා දක්වන ලදි. ශුද්ධ ලියවිල්ලේ සෙසු පොත් සමඟ ගැඹුරු අභ්‍යන්තර එකඟතාවක් යාකොබ්ගේ ලියවිල්ලේ ඉතා පැහැදිලිව දක්නට තිබේ.
6 යාකොබ් මෙම ලිපිය ලිව්වේ මන්ද? අභ්‍යන්තර තත්වයන් හේතුවෙන් සහෝදරයන් අතර ගැටලු ඇති වෙමින් පැවති බව මෙම ලිපිය පරෙස්සමින් සලකා බලන විට අනාවරණය වේ. ක්‍රිස්තියානි ප්‍රමිති සුළු කොට සලකමින් තිබිණ; ඔව්, ඇත්තෙන්ම ඒවා නොසලකා හරිමින් තිබිණ. එහි ප්‍රතිඵලයක් හැටියට සමහරු ලෝකය සමඟ මිත්‍රකම් ඇති කරගැනීමෙන් ආත්මික කාමමිථ්‍යාචාරිකයන් බවට පත් වූහ. ක්‍රියාවලින් ඇදහිල්ල විදහාපෙන්වීම දිරිමත් කරන යාකොබ්ගේ ලිපිය, ක්‍රියාවලින් නොව ඇදහිල්ල මගින් ගැළවීම අත්වීම හා සම්බන්ධ පාවුල්ගේ ලියවිලි නිෂ්ප්‍රභ කරනවා කියා, අනුමාන සිතුවිලි මත පරස්පර විරෝධතාවන් ඇති කිරීමට මාන බලන සමහරුන් පවසා තිබේ. කෙසේවෙතත්, යාකොබ් යොමු දක්වන්නේ හුදෙක් වචනවලින් නොව ක්‍රියාවලින් අනුබලය ලබන ඇදහිල්ලට වන අතර, ක්‍රියාවලින් පාවුල් පැහැදිලිවම අදහස් කරන්නේ ව්‍යවස්ථාවේ ක්‍රියා බව පාඨ සම්බන්ධයෙන් අනාවරණය වේ. ඇත්තෙන්ම, යාකොබ් තවත් පියවරක් ඉදිරියට තබමින් ඇදහිල්ල විදහාපෙන්වන ආකාරය විග්රහ කරමින් හා පාවුල්ගේ තර්කයට අමතර යමක් එක් කරමින් එය වඩාත් තහවුරු කරයි. ක්‍රිස්තියානි ජීවිතයේ එදිනෙදා මුහුණ දෙන ගැටලු සඳහන් කරමින් යාකොබ් සපයන උපදෙස් ඉතාමත් ප්‍රායෝගිකය.
7 සතුන්, නැව්, ගොවීන් හා ගස්වැල් ඇතුළු එදිනෙදා ජීවිතය හා සම්බන්ධ දේවල් උපයෝගි කරගෙන යාකොබ් උපහැරණ මගින් ඇදහිල්ල, ඉවසීම හා විඳදරාගැනීම පිළිබඳ තමාගේ තර්කයට සපයන අනුබලය විචිත්‍රවත් ස්වරූපයක් ගනියි. යේසුගේ සාර්ථක ඉගැන්වීමේ ක්‍රම මෙසේ අනුකරණය කිරීම මගින් ඔහු තමාගේ උපදෙස්වලට ප්‍රබල බලයක් එක් කරයි. පුද්ගලයන්ව පොලඹවන චේතනාවන් පිළිබඳව යාකොබ් සතු තියුණු අවබෝධය මෙම ලිපිය මගින් කාවද්දවයි.
ප්‍රයෝජනවත් වීමට හේතු
15 යාකොබ් යේසුගේ නම සඳහන් කරන්නේ දෙවතාවක් පමණක් වූවත් (1:1; 2:1), ඔහු අතිදක්ෂ ගුරුවරයාගේ ඉගැන්වීම්වල ප්‍රායෝගික අදාළ කිරීම් බොහොමයක් යොදාගන්න බව, යාකොබ්ගේ ලිපිය සහ කන්ද උඩ දේශනාව සසඳා බැලීමෙන් අනාවරණය වේ. එමෙන්ම, යෙහෝවාගේ නම 13 වතාවක් (ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනයෙහි, ඉංග්‍රීසියෙන්) සඳහන් වන අතර, ඇදහිල්ල රක්ෂා කරන ක්‍රිස්තියානීන් උදෙසා තිබෙන යහපත් විපාක හා සම්බන්ධ ඔහුගේ පොරොන්දු අවධාරණය කෙරෙයි. (4:10; 5:11) තමා සපයන ප්‍රායෝගික උපදෙස් හොඳින් ගොඩනැංවීම සඳහා උපහැරණ හා යෝග්‍ය උපුටා දැක්වීම් ඉදිරිපත් කිරීමට ඔහු කිහිප වතාවක්ම හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවලට යොමු වෙයි. “ලියවිල්ලේ හැටියට,” “ලියවිල්ල සම්පූර්ණවුණේය” හා ‘ලියවිල්ල කතා කරන්නේය’ යන ප්‍රකාශයන් යොදාගනිමින් ඔහු තම මූලාශ්‍රය හඳුන්වා දෙන අතර, එම ශුද්ධ ලියවිලි ක්‍රිස්තියානි ජීවිතයට අදාළ කර දක්වයි. (2:8, 23; 4:5) සරලව උපදෙස් සපයමින් හා දේවවචනය සම්පූර්ණ එකඟතාවකින් යුත් බවට ඇදහිල්ල ගොඩනංවමින්, යාකොබ් ඇදහිල්ල හා සම්බන්ධ ආබ්‍රහම්ගේ ක්‍රියාවලටද ක්‍රියා මගින් රාහබ් පෙන්වූ ඇදහිල්ලටද යෝබ්ගේ ඇදහිලිවන්ත විඳදරාගැනීමටද එලියා යාච්ඤාව කෙරෙහි විශ්වාසය තැබීමටද යෝග්‍ය ලෙස යොමු දක්වයි.—යාකො. 2:21-25; 5:11, 17, 18; උත්. 22:9-12; යෝෂු. 2:1-21; යෝබ් 1:20-22; 42:10; 1 රාජා. 17:1; 18:41-45.
16 නිකම්ම වචනය අසන්නන් නොවී එය පිළිපදින්නන් වීම, ධර්මිෂ්ඨකමේ ක්‍රියා මගින් ඇදහිල්ල තහවුරු කිරීම, අනේකාකාර පරීක්ෂාවන් විඳදරාගැනීමේදී ප්‍රීතිවීම, දෙවිගෙන් දිගටම ප්‍රඥාව ඉල්ලමින් සිටීම, යාච්ඤාවෙන් නිතරම ඔහුට සමීප වීම හා “නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව” යන රාජකීය ආඥාව පැවැත්වීම යනාදි දේවලදී යාකොබ් සපයන උපදෙස්වල වටිනාකම කියා නිම කළ නොහැක. (යාකො. 1:22; 2:24; 1:3, 5; 4:8; 5:13-18; 2:8) වැරදි දේවල් ඉගැන්වීම, දිව හානිකර ලෙස යොදාගැනීම, සභාව තුළ පන්ති භේද ඇති කිරීම, රාගාධික වින්දනයට ලොල්බවක් දැක්වීම හා පහ වී යන වස්තුව කෙරෙහි විශ්වාසය තැබීම යනාදියට එරෙහිව ඔහු සපයන අනතුරු ඇඟවීම් ප්රබලය. (3:1, 8; 2:4; 4:3; 5:1, 5) ලෝකය සමඟ මිත්‍රකම ආත්මික කාමමිථ්‍යාචාරයට හා දෙවි සමඟ සතුරු වීමට සමාන වන බව යාකොබ් ඉතාමත් පැහැදිලිව පෙන්වා දෙන අතර, ‘මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගැනීම හා ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාවම ආරක්ෂා කරගැනීම’ ඇතුළත් දෙවි ඉදිරියෙහි පිරිසිදු නමස්කාරයේ ප්‍රායෝගික ස්වරූපය ඔහු විග්රහ කරයි. (4:4; 1:27) ඉතාමත් ප්‍රායෝගික හා වඩා පහසුවෙන් තේරුම්ගත හැකි මේ උපදෙස් සියල්ලම, මුල් ක්‍රිස්තියානි සභාවේ ‘කණුවක්’ බඳු මෙම පුද්ගලයාගෙන් අපේක්ෂා කළ හැකි දෙයකි. (ගලා. 2:9) මෙහි අඩංගු කාරුණික පණිවිඩය අප ජීවත් වන කැලඹිලි සහිත කාලවලදී ක්‍රිස්තියානීන් සඳහා මාර්ග දර්ශකයක් හැටියට දිගටම ක්‍රියා කරයි; මන්ද “ධර්මිෂ්ඨකමේ ඵලය” උපදවන්නේ “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” මගින් වන බැවිනි.—3:17, 18.
17 දේවරාජ්‍යයේ ජීවනය නමැති ඉලක්කය අත් කරගැනීමට යාකොබ් තම සහෝදරයන්ට උපකාර කරන්න උත්සුක වෙයි. එමනිසා ඔහු ඔවුන්ගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටියි: “නුඹලාත් ඉවසිල්ලෙන් සිටින්න; [ස්වාමින්ගේ පැමිණ සිටීම, NW] ළංව තිබෙන බැවින් නුඹලාගේ සිත් ස්ථිරකරගන්න.” ඔවුන් පරීක්ෂාවන් යටතේ දිගටම විඳදරාගන්නේ නම් ඔවුහු සන්තෝෂවත් වන්නෝය; මන්ද දෙවිගේ අනුමැතිය ලැබීමෙන් ඔවුන් ‘තමන්ට ප්‍රේම කරන අයට යෙහෝවා පොරොන්දු වූ ජීවනයේ ඔටුන්න’ ලබන බැවිනි. (5:8; 1:12) මෙසේ ඇදහිල්ලේ ක්‍රියා සමඟින් විඳදරාගැනීමට ප්‍රබල හේතුවක් වශයෙන් ජීවනයේ එනම්, ස්වර්ගයේ අමරණීය ජීවනයේ හෝ පොළොවේ සදාකාල ජීවනයේ ඔටුන්න නමැති දෙවිගේ පොරොන්දුව අවධාරණය කරනු ලබයි. ස්වර්ගයේ හෝ රාජ්‍යයේ වංශය වන අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්ගේ පාලනය යටතේ පවතින යෙහෝවාගේ නව ලොවෙහි හෝ භුක්ති විඳින සදාකාල ජීවිතය අත් පත් කරගැනීම සඳහා වෑයම් කිරීමට, මෙම අපූර්ව ලිපිය සියලුදෙනාවම දිරිගන්වන බවට නිසැකය.—2:5.
[පාදසටහන්වල]
a යුදෙව් පුරාතනය (ඉංග්‍රීසියෙන්), XX, 197-200 (IX, 1); වෙබ්ස්ට’ස් නව ජීවිත චරිත කතා ශබ්දකෝෂය (ඉංග්‍රීසියෙන්), 1983, 350 පිටුව.
b 303වන පිටුවේ සටහන බලන්න.